05 April, 2017

අමෙරිකානු – චීන ජනපති හමුවට රතු එළියක් දල්වමින් උ. කොරියාව මිසයිලයක් අත්හදා බලයි

North Korea missile tests

උතුරු කොරියාව යළිත් වරක් යළි බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට නැගෙනහිර වරායෙන් ගුවන්ගත කළ මිසයිලය සැතපුම් 40ක් ඉහළට ගොස් ජපන් මුහුදට පතිත වී ඇති බවයි.

උතුරු කොරියාව මෙලසෙ මිසයිලයක් අත්හදා බලා ඇති බව නිවේදනය කරනු ලැබ ඇත්තේ, දකුණු කොරියානු සහ අමරිකානු ආරක්ෂක බලධාරීන් විසිනි.

මෙය උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදාබැලීම් මාලාවේ නවතම අත්හදාබැලීම වන අතර උතුරු කොරියාව පවසන්නේ, සිය අත්හදා බැලීම් සමාකාමී බවයි.

එහෙත් බටහිර රටවල් උතුරු කොරියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තැති ගැන්මකට ලක්ව සිටින අතර මෙය න්‍යෂ්ටික අවි භාවිතය වර්ධනය කර ගැනීමේ උත්සාහයක් බවට බටහිරින් චෝදනා එල්ල වේ.

අත්අහදා බැලීම සිදු වන්නේ, චීන ජනාධිපති ෂි ජින්පිං අමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියදී වීම විශේෂත්වයකි.

හමුවේදී චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් උතුරු කොරියානු න්‍යෂ්ටික සහ මිසයිල ක්‍රියාකාරම් පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව කිසිදු ආකාරයේ න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදාබැලීමක් සිදු කිරීම උතුරු කොරියාවට අවසර හිමි නොවේ.

කෙසේ වෙතත් මේ වනවිට උතුරු කොරියාව එකී තහනම නොතකමින් දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරමින් පවතී.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමෙරිකානු – චීන ජනපති හමුවට රතු එළියක් දල්වමින් උ. කොරියාව මිසයිලයක් අත්හදා බලයි"

    Post a Comment