05 April, 2017

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු...

Lady Dead Maranaya

1971 අප්‍රේල් අරගලය විසින් ඇතිකරනු ලැබූ සමාජය වඩා සාධනීය දිශානතියට හැරවීමේ චලනය පිළිබඳව සංවේදීව සිතීමට අප හට අවධාරණය කරයි.

අදත් හෙටත් මතු අනාගතයේදීත් ඒ අසමාන විරුවන් පිළිබඳව ඒ "ශ්‍රේෂ්ඨ පරාජය" පිළිබඳව වඩා ගැඹුරෙන් වඩා පුළුල්ව වඩා පරිණත දෘෂ්ටියකින් සිතිමට හැකිවෙනු ඇත.

අවනීතියෙන් අසාධාරණයෙන් පීඩා වින්ද සුවහසක්‌ මිනිසුන් උදෙසා වඩාත් යහපත් හෙට දිනක්‌ වෙනුවෙන් තම දිවි පුද දුන් ඒ අව්‍යාජ මිනිසුන් පිළිබඳ මතකය ඒ තුළින් ඔවුන් සදාකල් ජනතා සිත්සතන් පුබුදු කරනු ඇත.

මේ ඒ පිළිබඳ ලියැවුණ නන්දන වීරසිංහයන විසින් විරචිත "කිරි සුව`දැති රාත්‍රිය" නම් ග්‍රන්ථයේ දක්‌නට ලැබෙන "බක්‌මහේ කටහඬ” නම් අතිශය සංවේදී කවි පෙළයි මේ......

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන

ගඟබඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන

හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන

මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට

නුඹේ සිරස පාවී ආවා තොටට

තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට

ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු

හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු

ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු..."

    Post a Comment