05 April, 2017

'ග්‍රීස් යකා' යැයි සිතා සිත්පිත් නැතිව කඩු කිණිසි මන්නා වලින් පහර දුන් 'තලගල ගොන්නු' (Photos)

Man-beaten-Thalagala-1

‘ග්‍රීස් යකෙකු‘ යැයි සැක සිතා හොරණ තලගල මොරගහහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ගම් වාසීන් විසින් එක්ව කඩු මන්නා ඇතුලු තියුණු ආයුධ වලින් පහර දුන් පුවතක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ පුද්ගලයාගේ සහෝදරයෙකු යැයි කියන පුද්ගලයෙකු මේ පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබුණි.

මේ ඔහු විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබූ සටහනයි.

මේ ඉන්නෙ මගේ සහෝදරයා

මොරගහහේන පැත්තට පදිංචියට ගියේ මෑතකදි අහල පහල කාවවත් වැඩිය අදුනන්නෙ නෑ ඔය පැත්තෙ ග්‍රිස් යකා එනවා කියලා ගමේ මිනිස්සු මහ සදදෙන් කෑගහලා

මගේ සහෝදරයා නිදියන් ඉදලා මිනිස්සු කෑගහන සද්දෙ නිසා එලියට ඇවිත් තියනවා , එ එක්කම සද්දෙ තියන පැත්තට ගිහින් , අන්තිමට ග්‍රිස් යකා අහු උනා කියලා මගේ සහෝදරයට කඩු මන්න වලින් කොටලා ,

එයාගෙ වයිෆ් එත් එක්කම එතනට ඇවිත් බැලින්නම් ගමම කඩු වලින් කොටනවා , මගේ සහෝදරයට ,

කොච්චර කීවත් මෙයා නෙමෙයි කියලා මිනිස්සු අතහැරලා නෑ , අන්තිමට හොස්පිටල් එකට ගෙනියන්න කිසිම වාහනයක් ඇවිත් නෑ ,ගමේ මිනිස්සු ගෙනියන්න දීලත් නෑ ..

කොහොම හරි හොස්පිටල් එකට කතා කරලා එම්බියුලන්ස් ගෙන්නගෙන තමා එයාගෙ වයිෆ් මෙයාවත් දාගෙන හොස්පිටල් එකට අරගෙන ගිහින් තියෙන්නෙ , ටික දුරක් යනකොට එයාගෙ වයිෆ්ටත් සිහිය නැති වෙලා ,

මේ වෙනකොට හොරණ හොස්පිටල් එකේ 7 වෙනි වාට්ටුවෙ 18 වෙනි ඇදේ ඉන්නවා , අතේ ඇගිලි දෙකක් ඉවත් ‍කරන්න වෙනවලු , ඔලුවට කඩු පහර , සහ අත් දෙකටම කඩු පහරවල් ගහලා , එ වගේම මිනිස්සු වට වෙලා පහර දීලා , එ වෙලාවෙ එතන මොරගහ හේන පොලිසියෙ දෙන්නෙක් ඉදලා තියනවා , නමුත් කිසිම කෙනෙක් මේ වෙනකල් අත්අඩංගුවට අරගෙන නෑ ,

ගමේ මිනිස්සු මරණ තරජන කරනවා ගෙදරට ඇවිත්

කොහොමින් හරි දැන් ගමේ මිනිස්සු වරද පිලි අරන් තියනවා.එත් එක්දරු පියෙක් වෙච්ච මගේ සහෝදරයට දීර්ඝකාලයක් රැකියාවක් කිරීමට නොහැකි , පොඩි ළමයට පාසල් යන්න බෑ තාත්තා ග්‍රිස් යකා කියලා ළමයි කියන නිසා ඉස්කෝලෙ යන්න බෑ කියනවලු ,

තමන්ගෙ පවුල නඩත්තු කරන්න විදිහක් නෑ , රියදුරු බලපත්‍රය අලුත් කරනකොට ගැටලු එනවා ,

හොරෙක් මිනීමරුවෙක් හෝ වේවා කිසිම අයිතියක් නෑ වැරදිකරුවෙකුට වුවත් පහර දෙන්න කොටන්න මරන්න ,

නීතිය හරිහැටි ක්‍රියාත්ම වෙයි කියලා හිතනවා,
මාධ්‍ය වලින් මේ දේවල් අනාවරණය වෙන්න ඔනෙ

අනිවාර්යෙන් වැරදි කරපු එවුන්ට දඩුවම් ලැබෙන්න ඔනෙ ,

අනතුරුව අප ඔහු විසින් සඳහන් කර තිබූ දුරකථන අංකය ඔස්සේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සම්බන්ධ කරගත් අතර එහිදී ඇය පැවසුවේ මෙම සිදුවීම සත්‍යයක් බවය.

මේසේ පහරකෑමට ලක්වී ඇත්තේ නො258/කන්දෙවත්ත පාර/තලගල/තොරණගල ලිපිනයේ පදිංචි ජී.සි ශාන්ත මධුෂාන් නම් පුද්ගලයෙකි.මේ ඇගේ බිරිඳ අප වෙත කී කතාවයි.

‘‘ඔව් මේ කතාව ඇත්ත.පහරකෑමට ලක්වුනේ මගේ මහත්තයා ඔහුගේ නම ජී.සි ශාන්ත මධුෂාන්.මේ සිද්ධිය වුනේ පසුගිය 01 අලුයම 1.15 විතර.හොරා අල්ලගත්තා හොරා අල්ලගත්තා යැයි කෑගසිමේ ශබ්දයක් අපට ඇසුණා.මහත්තයයි මායි දරුවයි නිදාගෙන හිටියේ.මම මහත්තයාට කීවා ගිහින් බලන්න කියලා.පස්සේ මහත්තයා සද්දේ ඇහුණ පැත්තට ගියා බලන්න.ගෙදර තාත්තත් හිටියා තාත්තා කීවා පුතේ මං එනකනං ඉන්න යන්න කියලා ඒත් එයා ගියා..ටික වෙලාවකින් මගේ තාත්තාත් සිද්ධිය වුණ පැත්තට ගියා.ටික වෙලාවකින් තාත්තා අඩාගෙන ආවා පුතාට කොටලා කියලා..මම දුවගෙන එතැනට ගියා.යද්දි එයාට හොඳටම ගහලා ඇඟ පුරාම ලේ මස් කෑලි එල්ලෙනවා..එයාව කන්දෙවත්ත පාලම ළග ඉන්දවලා තිබුනේ.

මම යද්දි පොලීසියත් ඇවිත් හිටියා.පොලීසියත් ඒ වෙලාවේ කිසිම උදව්වක් කලේ නෑ.මම යනකොටත් මූළු මරලා හිරේ ගියත් කමක් නෑ කියලා ගම්මු මහත්තයාට තවත් පහරදෙන්න හදනවා.පස්සේ මම මහත්තයාව අපේ වත්තට අරන් ආවා.මහත්තයාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නෑ.පස්සේ ළඟ ගෙදර පොලීසියේ මහත්තයෙක් රෝහලට කතා කරලා ගිලන් රථයක් ගෙන්වලා දුන්නා.

පහුගිය මාසේක විතර කාලේ ඉඳලා ග්‍රීස් යකා කියලා හොරෙක් ගෙවල් වලට පනිනවා.අපි හැමෝම මේ ගැන බයවෙලා හිටියේ.මේ ග්‍රීස් යකා කියන කෙනා කිසිම ඇඳුමක් නැතිව එනවා කියලයි කියන්නේ ඒත් මගේ මහත්තයා එදා ගෙදරින් එළියට ගියේ කලිසමයි ෂර්ට් එකයි හොඳට ඇඳලා.

ගමේ තුනෙන් දෙකක්ම පිළිගන්නවා අපි නිර්දෝශයි කියලා සමහරු ඇවිත් කියනවා අපිව අඳුරන්නෑ කියලා.අපි කලින් හිටියේ මහරගම මෙහෙට ඇවිත් අවුරුදු එක හමාරක් විතර ඇති.මහත්තයාගේ රැකියාව එක්ක එයාට ගමේ අය ආශ්‍රිය කරන්න වෙලාව නැහැ.සමහර වෙලාවට එයාට අපි එක්කත් ඉන්න වෙලාව නැහැ.එයා පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

ඒත් ගමේ සමහර අය අපට තවමත් මරණ තර්ජනය කරනවා.අපිට ගමෙන් යන්න කියනවා.පැමිණිලි අයින් කරගන්න කියනවා.ඒ නිසා පොලීසියේ අය නිතරම ගෙදරට ඇවිත් යනවා මේ තර්ජන නිසා .නමුත් තවමත් අපට සාධාරණය ඉටුවෙලා නැහැ. මේ වෙනකං කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ.පහරදීමෙන් මගේ මහත්තයාට ගොඩක් අමාරුයි.අතේ ඇඟිලි වලට බරපතළ හානි වෙලා කියලා දොස්තරලා කියනවා..මේ ගැන කියන්න අපට කවුරුත් නෑ.අපිට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්න කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නේ‘‘..

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'ග්‍රීස් යකා' යැයි සිතා සිත්පිත් නැතිව කඩු කිණිසි මන්නා වලින් පහර දුන් 'තලගල ගොන්නු' (Photos)"

    Post a Comment