
නිධානයකින් ගොඩ ගන්නට ඇතැයි සැක කෙරෙන ප්‍රතිමා කිහිපයක් සහ කඩුවක් කින්නියා සුරංගල් ප්‍රදේශයේ පාසලක ළිඳක තිබී පෙරේදා (03දා) හමු වූ බව කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
අඟල් 12ක් උසැති - අඟල් අටක් පළලැති බුද්ධ ප්‍රතිමාවක් හා එම උස හා පළලැති සීවලි ප්‍රතිමාවක්, ගවයන් දෙදෙනකු, ඇතෙකු සහ කඩුවක් මෙසේ හමු වූ බව පොලිසිය
පවසයි.
කින්නියා අල් ඉර්ෆාන් විදුහල භූමියේ පිහිටි ළිඳක් පිරිසුදු කිරීමට ජලය ඉසිමින් සිටි අවස්ථාවේ මේ ප්‍රතිමා හමු වූ බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිසිය දැනුවත් කර තිබේ.
සොයාගත් සියලුම ප්‍රතිමා සහ භාණ්ඩ ලෝහමය ඒවා වන අතර එම භාණ්ඩවල ලෝහ වර්ගය හා පෞරාණික බව පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ.
කින්නියා අල් ඉර්ෆාන් විදුහල භූමියේ පිහිටි ළිඳක් පිරිසුදු කිරීමට ජලය ඉසිමින් සිටි අවස්ථාවේ මේ ප්‍රතිමා හමු වූ බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිසිය දැනුවත් කර තිබේ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රතිමා සියල්ල කින්නියා පොලිසිය භාරයට ගෙන ඇති අතර කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි.
ත්‍රිකුණාමලය _ ලක්මාල් කේ. බදුගේ (මව්බිම)
Share this
|
|
0 Comment to "කින්නියාවේ ළිඳකින් මතුවුණේ නිධානයක්ද? "
Post a Comment