05 April, 2017

කිරිකැටියා බිම තබා නංගිගේ සැමියා සමඟ හෝටල් කාමරයේ යහන්ගත වූ නිකවැරටියේ මව

Sex couple with Child baby

අවුරුදු 36 ක් වුනාට මේ කියන අම්මන්ඩිට තියෙන්නේ 26 ක වගේ සුන්දර පෙනුමක්. එකපාරක් බැලූවොත් දෙපාරක් බලන්න හිතෙන තරමට මේ අම්මන්ඩි ලස්සනයි. බැදලා ඉන්නේ අහිංසක මනුස්සයෙක්. ඒ මනුස්සයා දුක් වින්දේ මේ අම්මන්ඩිට සැප සම්පත් දෙන්න හම්බකරන්න. ඒ වුනාට මේ අම්මන්ඩිට කන්න බොන්න විතරක් තිබිලා මදි වුනා. ඒ හින්දම මේ අම්මන්ඩිගේ නංගිගේ මිනිහත් එක්ක හොර රහසේ හාද වුනා.

නංගිගේ මිනිහට අවුරුදු 48 යි. හැබැයි ඉතින් පේ‍්‍රම කුරුල්ලා මේ අනියම් සැමියා මේ අම්මන්ඩිට තෑගි බෝග එහෙම මදි නොකියන්නම ගෙනත් දුන්නා. මේ අතරේ මේ කියන කතා නායිකාවට පුංචි පුතෙකුත් හම්බ වුනා. පුතාට මාස 04 ක් වෙනකොට මේ අම්මන්ඩිගේ කසාද මනුස්සයා තව තවත් මහන්සි වුනේ දරුවෙකුත් ඉන්න නිසා හුගක් හම්බ කරන්න. 

මේ අපූරු අම්මන්ඩිට අමතකයි දැන් තමන් මාස 04 ක දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දවසක් හොර මනුස්සයා කෝල් එකක් දෙනවා වෙනසකටත් එක්ක අද අපි හෝටල් කාමරේකට යමුද කියලා. අම්මන්ඩිට හරි සතුටුයි. ඒත් ප‍්‍රශ්නයක් තියනවා මාස 04 රේ දරුවා තියලා යන්න කෙනෙකුත් නෑ. පැය දෙක තුනේ වැඬේ නේ කියලා හිතලා 38 හැවරිදි අම්මන්ඩි 48 පෙම්වතත් එක්ක ජීවිතය විදින්න හෝටල් කාමරයකට යනවා අර පුංචි දරුවත් අරං.

හෝටල් කාමරේ බිම පුංචි එකාට සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම්බඩුවක් දීලා අම්මන්ඩියි සොර සැමියයි යහන් ගත වුනා. ටික වේලාවක් යද්දි පුංචි එකා බඩගින්නටයි අම්මගේ උණුහුමයි නැතුව අඩනවා. නංගිගේ මිනිහත් එක්ක උණුහුම හොයන අම්මන්ඩිට දරුවගේ ඇඩිල්ල ගානක්වත් නෑ. මේ හෝටලයේ අයිතිකාරය දරුවගේ ඇඩිල්ල ඇහුනම කෙරුවේ පොලිසියට කෝල් කරන එක. කොහොම හරි තුන්දෙනාම පොලිසියට අරගෙන ගියා.

තමන්ගේ මොහොතක සුවය වෙනුවෙන් අහිංසක දරුවා නොතකා හැරීම පාපයක් අපරාධයක් කියලා පොලිසියේ මහත්වරු මේ අම්මන්ඩිට තරයේ අවවාද කලා. අවසානයේ 48 හැවරදි හොර සැමියයි 36 යේ අම්මන්ඩියි පාරවල් දෙකකින් පොලිසියෙන් පිට වෙලා යනවා.

මේ සිද්ධිය වුනේ නිකවැරටිය පොලිස් වසමේ. නිකවැරටියේ පුංචි දරුවා අරගෙන ගෙදර ගියපු මේ අම්මන්ඩි මේ සිද්ධියෙන් පස්සෙවත් තමන්ගේ දරුවා ගැන හිතුවොත් හොදයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිරිකැටියා බිම තබා නංගිගේ සැමියා සමඟ හෝටල් කාමරයේ යහන්ගත වූ නිකවැරටියේ මව "

    Post a Comment