05 April, 2017

මුදලට බිරිඳ විකිණූ සැමියා අවසන් ගමන් ගිය හැටි

Mudered body found toilet pit

තිස්සමහාරාම යෝධකණ්ඩිය උද්දකන්දර ප්‍රදේශයේ තරුණ බිරියක් සැමියා මරා දමා සිය නිවෙසේ වැසිකිළි වළේ සඟවා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති හෙයින් ඒ සම්බන්ධ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහතා පැවැසීය.

පසුගිය පෙබරවාරි මස 16 වැනි දින නිවෙසින් පිටව ගිය තම ස්වාමිපුරුෂයා ආපසු නිවෙසට පැමිණ නැති බව පවසා සැකකාරිය තිස්සමහාරාම පොලිසියට මාර්තු මස 18 දින පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් මංජුල (44974) මහතාට ලද තොරතුරු මත සිදු කෙරුණු පරීක්ෂණ අනුව සැමියා බීමත්කමින් නිවෙසට පැමිණ උදේ ආහාර ඉල්ලූ විට දෙදෙනා අතර දබරයක් ඇති වී සැමියා තල්ලු කර දැමීමෙන් පසු අසල ටැංකියේ වැදී බිම පතිත වීමෙන් පසු නිවෙසේ තිබූ කිතුල් පොල්ලකින් පහරදී මිය ගිය පසු අලුත කපන ලද වැසිකිළි වළට දමා පස්වලින් වසා දැමූ බවට බිරිය පාපෝච්චාරණය කර ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වීරසිංහ ආරච්චිගේ ප්‍රියන්ත නොහොත් මිල්ගොයා (35) නමැති අයෙකි. මරා වැසිකිළි වළේ සඟවා ඇතැයි කියන සිරුර තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී ගොඩගැනීමට නියමිත බවද ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. සැකකාර බිරිය තිස්සමහාරාම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

බාල වයස්කාරියක් ලෙස ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟාගෙන ඇති කරගත් විවාහයක් මත දරුවන් සිවු දෙනකු සිටින මෙම අඹු සැමි යුවළ සිය සැමියාගේ දැනුවත්කම මත, බිරිය වෙනත් අය සඳහා ලබාදී මුදල් උපයාගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහතාගේ උපදෙස් මත හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් මංජුල (44974) පොලිස් සැරයන් සුමනසිරි (22789) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුදලට බිරිඳ විකිණූ සැමියා අවසන් ගමන් ගිය හැටි"

    Post a Comment