30 June, 2017

ජනප්‍රියම නළුවා වූ රුවන් කියන දේ

Ruwan Perera

මේ වනවිට විකාශය වන "මුතු කුඩ" හා "හාර කෝටිය" යන ටෙලි නාට්‍යයවල රංගයෙන් දායක වන ඔහු "හාර කෝටිය" ටෙලි නාට්‍යයේ &ඩින්කා* චරිතයට දායක වීමෙන් මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේය. ඔහු නමින් රුවන් පෙරේරාය.

රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමටත්, ඒ ගැන හදාරන්නටත් ඉඩක් ලැබෙන්නේ මොන විදියටද?

2006 වර්ෂයේ දී %අසුරාවේශය^ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒක මගේ පළමු ටෙලි නාට්‍යය. පසුව %උතුවන්කන්දේ සරදියෙල්^, %ජීවිතේ ලස්සනයි^ වැනි නාට්‍යයවලට දායක වුණා. 2007 දී මට ජැක්සන් ඇන්තනී සර් හමුවුණා. ඔහුගේ %අබා^ චිත්‍රපටයට මට දායක වෙන්න ලැබුණා. එය දින 74ක් අනුරාධපුරේ රූගත කිරීම් සිදු කළා. ඒ කාලෙදි ජැක්සන් ඇන්තනී සර් ඇසුරු කරන්න ලැබුණා. රංගනය ගැන සහ මේ අංශයේ බොහෝ දැනුමක්, අත්දැකීමක් ලබාගත්තා. පසුව අනෝජා වීරසිංහ මහත්මියගේ, රෝහණ දේව පෙරේරා මහත්මයාගෙන් මේ ගැන ඉගෙන ගත්තා. ඒ අතර %සුජාතා^, %සකි^, %අනන්තා^, %බිනරමලී^ , %දස්කොන්^ වැනි ටෙලි නාට්‍යය කලා. %දස්කොන්^ ටෙලි නාට්‍යය මගේ ජීවිතේ වෙනස් කළ ටෙලි නාට්‍යයක්. ඒ නාට්‍යයෙන් පසුගිය වසරේ නැගී එන හොඳම නළුවා සම්මාන දෙකක් හිමිකර ගත්තා. හොඳම සහය නළුවාට නිර්දේශ වුණා.

වේදිකාවට වැඩි ඉඩක් දෙන්නේ නැතුව ඇයි ඔබ ටෙලි නාට්‍යයවලට යොමු වෙන්නේ?

රෝහණ දේව පෙරේරා මහත්මාගේ "හුණුවටේ" නාටකය කියන වේදිකා නාට්‍යය කළා. දර්ශන කිහිපයක් පමණයි එහි ප්‍රදර්ශනය කිරීමට හැකි වුණේ. පසුව අනුර චන්ද්‍රසිරි මහත්මයාගේ "දෙයියෝ සාක්කි" වේදිකා නාට්‍යයට දායක වුණා. වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙන්න බලාගෙන හිටියා. ඒත් අපිට අවස්ථාවක් ලැබුණෙ නෑ. වේදිකා නාට්‍යයට මාව ගන්න කියලත් කිහිප දෙනෙකුටම කිව්වා. ඒත් අවස්ථාවක් ලැබුණෙ නෑ. පසුව ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යොමු වෙන්න සිදු වුණා.

ඒ යොමුවීමෙන් පසු දායක වෙන්න ලැබුණ "හාර කොටිය" ටෙලි නාට්‍යයත් ඔබට විශේෂ ටෙලි නාට්‍යයක් බවට පත්වෙනවා?

තරංග නිරිඇල්ල කියන සහය අධ්‍යක්ෂකවරයා මුලින්ම මට කතා කළා. ඔහු නිසා මට සද්දාමංගල සූරිය බණ්ණාර මහත්මයයි, ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්මයයි මුණගැසුණා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් එක්ක වැඩ කරන්න මට කැමැත්තක් තිබුණා. ඔහු කළ ගොඩක් නිර්මාණ ජනප්‍රිය හොඳ නිර්මාණ. ඒ වෙලාවෙම ජයප්‍රකාෂ් මහත්තයා කිව්වා මල්ලි මේ චරිතය හිනාවෙන චරිතයක් නෙමෙයි, සීරියස් කරන්න වෙනවා කියලා. ඩින්කා කියන්නේ වැඩක් කරන්න පුළුවන් චරිතයක්. සෙනාලි, සාරංග දෙන්නගෙන්ම මට ලොකු සහයෝගයක් මේ චරිතය කරන්න ලැබෙනවා. %ඩින්කා^ කියන චරිතය පිටපතෙන් ඇදලා අරන් පණ දෙන්නේ ශිවගුරුනාදන් මහත්තයා. සද්දා අයියටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි. ඩින්කා චරිතය බිහි කළ ඔවුන්ට අද සතුටු වෙන්න පුළුවන්.

වර්තමාන ටෙලි නාට්‍යය නිර්මාණ තුළ එහෙම වැඩක් කරන්න පුළුවන් චරිත ලියැවෙන්නේ හරි අඩුවෙන් කියලා සමහර අවස්ථාවල කතිකාවතක් ඇති වෙනවා?

ඔව්. ඒත් %හාර කෝටිය^ ටෙලි නාට්‍ය මට රඟපාන්න තියෙන්නේ ටිකක් අසීරු චරිතයක්. එයට හිතුමතේ රංගනයේ යෙදෙන්න බෑ. කෝටි හතරක් අතේ තියන්, එය පරිස්සම් කරන්න, ඒ වෙනුවෙන් මානසික පීඩනයට බය රංගනයක් තුළින් කරන්න ඕන. එය සෑබෑ ජීවිතයේ වූ සිදුවීමක් ලෙස රූපවාහිනී තිරයට ගේන එක ලේසි නෑ. එයට හොඳ අධ්‍යක්ෂක කෙනෙක් ඉන්න ඕන. සියුම් හැඟීම් ප්‍රකාශනය ගෙන එන්නේ කොහොමද කියන අවබෝධය තියන අධ්‍යක්ෂක කෙනෙක් සිටිය යුතුයි. හොඳ වැඩ කියන්නේ රඟපාන්න, දෙයක් කරන්න පුළුවන්නම් හොඳයි. මම %දස්කොන්^ නාට්‍යයට දායක වුණා. පසුගිය වසරේ එයට සම්මා 43ක් පමණ ලැබීමෙන්ම එය හොඳ වැඩක් ලෙස යම් නිර්දේශයක් ලැබුණා. ජනප්‍රියම නළුවා වෙන්න, නැගී එන හොඳම නළුවා වෙන්න ප්‍රධාන චරිතයම රඟපාන්න ඕන නෑ කියන එක මම ඔප්පු කළා. කරන දේ නිවැරදිව ප්‍රේක්ෂකයාට දැනෙන්න සිදු කරනවා නම්, අපේ ඇගයීම් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු හා මතක් කළ යුතු පිරිසක් ඇති. ඒ ගැන සඳහන් කළොත්?

ඉදිරියේ දී ඉනෝකා සත්‍යාංගනීගේ සහ ජැක්සන් ඇන්තනී සර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ටෙලි නාට්‍යය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. මේ දේවල් තමයි. ඒ වගේම රයිගම් සම්මාන උලෙළෙ දී ප්‍රකාශ කළා ලක්ෂ 25කට අධික එස්.එම්.එස්. ප්‍රමාණයක් හිමිවෙලා තියනවා කියලා. ඒ සෑම දෙනාටමත්, විදේශ ගතව ඉන්න ස්වර්ණා එස් පෙරේරා කියන අක්කවත්, මගේ සහෝදරිය දිනුෂා රාජපතිරන, ආනන්ද ජයනාත්, අම්මා තාත්තා, මල්ලි හැමදෙනාවමත් මතක් කරනවා. රවින්ද්‍ර විජේරත්න, ජනක චමින්ද, ටිකිරි රත්නායක යන සැම දෙනාවම මතක් කළ යුතුමයි.

Ruwan Perera - 02

Ruwan Perera - 03

නිදුක් මදුෂික (saaravita)

"තවදුරටත් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ - ගොඩක් දේවල් ඉවසුවා" - විවාහය දෙදරීම ගැන සාරංග කට අරි

Saranga - Umali - 02

සාරංගගේත් උමාලිගේත් විරසකය දවසින් දවස අලුත් ආරංචි අරගෙන එන කතාවක් වෙලා. පවුල් අවුල් ගැන මාධ්‍යයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු සාරංග ඒ නිහඬබව බිඳිමින් අවසන සියල්ල මාධ්‍යයට හෙළි කළේ මෙහෙමයි.

දවසේ කාටූන් – 2017.06.30

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.






















http://www.island.lk/modules/modpicturegallery/gallery_pictures/1498751734cartoon.jpg





ජර්මනියත් සමරිසි විවාහ නීතිගත කරයි

gay-rights-03

සමලිංගික විවාහය නීතිගත කිරීමේ කෙටුම්පතකට ජර්මානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.

සමරිසි විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට චාන්සලර් අන්ගෙලා මර්කල් මීට ඉහතදී විරෝධය පළ කළ අතර, ඡන්ද විමසීමා පැවැත්වුණේ ඡන්සලර්වරිය එම විරෝධය ඉවත්කරගැනීමෙන් දින කිහිපයකට පසුවය.

නව නීතිය අනුව සමලිංගිකයන්ටත් දරුවන් හදා වඩා ගැනීම ඇතුළු විවාහක යුවලකට හිමි සියලු වරප්‍රසාද හිමි වේ.

අන්ගෙලා මර්කල් ගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ දෙනා සමලිංගික විවාහය නීතිගත කිරීමට පක්ෂ වූ නමුත් චාන්සලර්වරිය එයට එරෙහිව සිය ඡන්දය භාවිත කළාය.

ඒ අනුව නව නීතියට පක්ෂව මන්ත්‍රීවරු 393 දෙනෙකු ඡන්දය දුන් අතර, 226 දෙනෙක් එරෙහිව ඡන්දය දුන්හ.

ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වූ චාන්සලර්වරිය කියා සිටියේ විවාහය යනු කාන්තාවක සහ පුරුෂයෙකු අතර සිදුවන්නක්ය යන්න තමන් විශ්වාස කරන බවය.

දරුවන්ගේ සුබසාධනය උදෙසා සමලිංගික විවාහයට එරෙහි විය යුතු බව 2013 මහ මැතිවරණය අවස්ථාවේ ඇගේ ස්ථාවරය විය.

එහෙත් අනෙක් දේශපාලන පක්ෂ සිය ස්ථාවරයට එරෙහි බැවින් අනාගතයේදී ඒ සම්බන්ධයෙන් නිදහස් ඡ්හඬ විමසීමකට ඉඩ සලසන බව ඇය පසුගිය 26 වැනි දා සඳහන් කළේ ජර්මනියේ බොහෝ මාධ්‍ය විමතියට පත්කරමිනි.

නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය (ෆරෝ දූපත් හැරුණු විට), ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය, ලක්සෙම්බර්ග්, ප්‍රංශය,අයර්ලන්ත ජනරජය සහ බ්‍රිතාන්‍යය යන යුරෝපා රටවල් මේ වනවිටත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගෙන තිබේ. (බීබීසී)

දුම්රියේ දී තරුණ නීතිඥවරියට අමුතු වැඩක් කළ විවාහකයාට අද උසාවියේ දී වෙච්ච දේ

Lady Lawyer

57 හැවිරිදි විවාහක පුද්ගලයෙකු තරුණ නීතිඥවරියකට වැඳ සමාව ගත් පුවතක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වනවා.

සිද්ධිය මෙසේයි.

දුම්රියේ ගමන් ගන්නා අවස්ථාවේ සිය ජංගම දුරකතනයෙන් තරුණ නීතිඥවරියකගේ ඡායාරුප ගැනීම ගැන ඔහුට විරුද්ධව ඇය පැමිණිලි කර තිබුනා.

පසුව අධිකරණය විත්තිකරුට අවුරුදු 5කට අත්හිටුවූ වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක් නියම කළා.

පසුව අද (30) විවෘත අධිකරණයේදී තරුණ නීතිඥවරියට වැඳ සමාව ගත්තා. (hiru)

6 ශ්‍රේණියේ අවුරුදු 10 දැරියන්ට ගැබ් ගෙල පිළිකා වළකන එන්නත්

vaccine for girls

හය වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන්ට ගැබ් ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලබන සඳුදා (3දා) ඇරැඹේ.

ගැබ් ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරීමේ අපේක්ෂාවෙන් එම පිළිකාව වැළැක්වීමේ හියුමන් පැපිලෝමා, වෛරස (ඩ්ර්ථීඍ) එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දෙන්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්නගේ තීරණයකට අනුවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මෙම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට මෙම එන්නත හඳුන්වා දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව සංකූලතාවන්ට පත්වූ ගැබ්ගෙල පිළිකා රෝග තත්ත්වයට ගොදුරු වන බව රෝහල් සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වෙයි.

ලොව පුරා ගැබ් ගෙල පිළිකා වැළැක්වීමේ මූලික ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වේ. එකක් නම් එම පිළිකා මූලික අවස්ථාවේ හඳුනා ගැනීමය.

දෙවැනි ක්‍රමවේදය ඩ්ර්ථීඍ එන්නත හඳුන්වා දීමයි.

ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 සිට මෙරට සුවනාරී සායන මඟින් අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් සඳහා සිදුකරනු ලබයි.

දයා පෙරේරා (mawbima)

අනියම් අඹුසැමියන් අතර අපරාධ බහුල ඇයි?

Couple fight - beaten - crime

අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.

ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.

එහෙත් අනියම් අඹුසැමියන් අතර මෙවන් සාපරාධී ක්‍රියා බහුල වීමට බලපාන මනෝ විද්‍යාත්මක හේතූන් පිළිබඳව මෙතෙක් විවෘත කතිකාවක් හටගෙන නැත. ‍‍

කවර හෝ සමාජ සංස්කෘතික පසුබිමක් තුළ සම්මත සදාචාරයට එරෙහි අනියම් සබඳතා වලට කිසිදු පිළිගැනීමක් හිමි නොවේ. ලොව සෑම ආගමකින්ම පාහේ ද අනියම් සබඳතා තරයේ ප්‍රතික්ෂේප කෙරේ. එවන් සමාජ සංස්කෘතික පසුබිම තුළ හටගන්නා මානසික ගැටුම්කාරී තත්ත්වයන් මූලික වශයෙන් මානසික සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. එමෙන්ම සාමාන්‍ය විවාහ ජීවිතයක පවත්නා සහනශීලී ස්වභාවය අනියම් සබඳතා තුළදී ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වීමට පුළුවන.

සාමාන්‍යයෙන් විවාහයක දී මෙන් නොව අනියම් සබඳතාවයක දී ලිංගිකත්වය ප්‍රධාන තැනට පත්වීම බොහෝ විට සිදුවෙයි. නොඑසේ නම් බොහෝ අනියම් හාදකම් පවත්වනුයේ ලිංගිකත්වය කේන්ද්‍ර කර ගනිමිනි. එමෙන්ම අප ජීවත්වන සමාජ සංස්කෘතික රටාව තුළ අනියම් සබඳතා සඳහා සමාජීය වරප්‍රසාදයන් හිමිනොවන තරම්ය. එනිසා අනියම් සබඳතාවය යනු එක්තරා අන්දමක ‘සංස්කෘතිකමය සොරා කෑමකි’. මේ තත්ත්වය යටතේද කෙනෙකු තුළ තිබිය හැකි මානසික සහනශීලිත්වය අවප්‍රමාණ වීමට බොහෝ ඉඩකඩ තිබේ.

අනියම් සබඳතා පවත්වන්නවුන් තුළ මානසික ව්‍යාකූලතා ඇතිවීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ඔවුන් තුළ පහසුවෙන් රෝපණය වීමට ඇති ලිංගික ඊෂ්‍යාවයි. තමන් ඇසුරුකරන අනියම් බිරිඳ හෝ සැමියා පූර්ණ ව‍ශයෙන් තමන්ට අයත් නොවන බවත් ඔහු හෝ ඇය සම්බන්ධ තවත් ලිංගික හිමිකරුවෙකු, හිමිකාරියක හිඳින බවත් හැඟීයාම මෙම ලිංගික ඊෂ්‍යාවට පදනම් විය හැක.

එමෙන්ම සෑම විටකම අනියම් සබඳතාවයක් ගොඩනැගෙනුයේ සම්මත නීතිය සහ සදාචාරය උල්ලංඝනය කරමිනි. එනිසාම එවන් සබඳතා‍ පවත්වන සෑම කෙනෙකු තුළම කිසියම් වරදකාරී හැඟීමක් ඇති වීමේ පහසු අවකාශයක් තිබේ. මෙය තවදුරටත් වර්ධනය වීමෙන් අනියම් සැමියා හෝ බිරිඳ පිළිබඳව අනෙකා තුළ ලිංගික ඊෂ්‍යාවක් සහ සැකයක් හටගැනීමට පුළුවන. තම අනියම් සැමියා හෝ බිරිඳ තමන් වෙතට පැමිණ ඇත්තේ සිය නීත්‍යානුකූල සහකරු හෝ සහකාරිය සිටිය දී බව අනෙකා දනී. 

මේ තත්ත්වය යටතේ තමන්ට වඩා ගැලපෙන වෙනත් සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමෙන් පසු ඔහු හෝ ඇය තමන් හැර යනු ඇතැයි යන සැකය මෙවන් අනියම් සබඳතා පවත්වන අඹුසැමියන් අතර බහුලවම හට ගනී. ඒ අනුව තම අනියම් සහකරු හෝ සහකාරිය වෙනත් කාන්තාවක හෝ පිරිමියකු දෙස බැලීම කතා කිරීම මුල‍්කොට පවා අනිකා තුළ ලිංගික ද්වේශයක් ඇතිවීම ස්වභාවිකය. එවන් ලිංගික ද්වේශයක් පිබිදීම අපරාධ වලට පහසු ඉඩකඩක් සලසයි.

සාමාන්‍යයෙන් අනියම් සබඳතා‍වයක් ගොඩ නැගෙනුයේ යුග ජීවිතය තුළ පවත්නා කිසියම් අඩුවක් අතෘප්තියක් නිසා බව පොදු පිළිගැනීමකි. එහෙත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විමසා බැලීමේ දී පෙනී යන්නේ එය පිළියම් යොදා නැවත සකස් කළ හැකි තත්ත්වයක් බවය.

එවන් පසුබිමක් තුළ මානසික සෞඛ්‍යය කෙරෙහි අයහපත් ලෙස බලපාන අනියම් සබඳතා ප්‍රවර්ධනය වීම පුද්ගල, පවුල් සහ සමාජමය වශයෙන්ද අහිතකර ප්‍රතිඵල ‍ගෙන එන්නක් බව මනෝවෛද්‍යවරුන්ගේත්, පවුල් උපදේශකයන්ගේත්, මනෝවිද්‍යාඥයන්ගේත්, සමාජවිද්‍යාඥයන්ගේත් පොදු අදහස වී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ (lakbima)

පාසල් සිසුවියන් එක්ක එන ගුරුවරුන්ට රූම් දුන්න තරුණයෙක් මාට්ටු

Rape-School Girl-02

පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ටයි, තරුණයන්ටයි කාමර පහසුකම් සපයලා දීපු සංචාරක නිකේතනයක තරුණයෙකු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සිද්ධිය අපිට ආරංචි වුණේ කළුතර නාගොඩ ප්‍රදේශයෙන්.

මෙහෙම අත්අඩංගුවට ගත් තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මේ සංචාරක නිකේතනයට අරන් ගිය 15 හැවිරිදි ශිෂ්‍යාවක් ගුරුවරයෙක් අතින් ගැබිනියක් වෙලා තියෙනවා.

මේ දැරිය පොලිසියට කරපු ප්‍රකාශයකින් පසුව තමයි මේ සංචාරක නිකේතනය වටලලා අදාළ තරුණයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ.

කොහොමවුනත් මේවගේ දේවල්වලට අනුබල දෙන හැමෝටම මේවා හොඳ පාඩම්.

නුවන් කුලසේකර පොඩි කෙල්ලෙක් එක්ක දැම්ම ඇඟ හිරි වැටෙන ඩාන්ස් එක (Video)

Nuwan Kulasekara - Dance

අපේ ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් ආදරය කරන සුපිරි තරුවක් තමයි නුවන් කුලසේකර කියන්නේ.

ඔහුගේ නිහතමානීකම සහ අචාරශීලී භාවය ලොව වටා ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ගේ සේම විචාරකයින්ගේ ද අවධානයට පාත්‍ර වනවා.

නුවන් කුලසේකර පසුගිය දවසක සහභාගී වුණු මංගල උත්සවයකදි දාපු ඩාන්ස් එකක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.

පොලිසීයට පිහියක් රැගෙන පැමිණි පුද්ගලයා පොලිසිය මෙල්ල කල අපූරුව...!!! (Video)

Thailand Bangkok Police

තායිලන්තයේ බැංකොක් නුවර පොලීසියක සිදු වූ සිදුවීමක් මුලු ලොවෙහිව අවධානයට ලක් ව තිබෙනවා.

මානසිකව දුර්වල වූ පුද්ගලයෙකු බැංකොක් පොලිසීයට පිහියක්ද ගෙන ඇතුලු වනවා.

එම අවස්තාවේ පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිළධාරීයා ඔහුට ප්‍රතිචාර දැක්වූ අන්දම මුලු ලොවෙහිම වර්ණනාවට ලක් වෙමින් තිබෙනවා.

මානූෂීය හැගීමෙන් මිනිසුන් දෙස බලා රාජකාරීයේ යෙදෙන එම පොලිස් නිළධාරීන්ට අන්තර්ජාතීක මාධ්‍ය මගින්ද විශාල ප්‍රචාරණයක් ලබා දෙමින් සිටිනු දැක ගත හැකියි.

සිදුවීමට අදාල විඩියෝව පහතින්.


(neth)

අඟහරු ග්‍රහයා තුළ පිටසක්‌වල යානාවක්‌?

alien plane on Mars

අඟහරු ලෝකය තුළ පිටසක්‌වල ජීවීන්ගේ යානාවක්‌ ඇති බව දක්‌වන ඡායාරූපයක්‌ රෝවර් යානාවක්‌ විසින් පාලන මැදිරියට එවා ඇත.

එහෙත් මෙය නාසා ආයතනයේ චන්ද්‍රිකාවක සුන්බුන් බවට සැකකෙරේ. 

මේ අභිරහස්‌ යානාව ගැන ඇමරිකානු නාසා ආයතනය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. 

රෝවර් යානාව විසින් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී බව වාර්තා වේ. (divaina)

සුද්දි වෙනුවෙන් මම නිරුවත් වුණේ නෑ

Semini Iddamalgoda - 2017-06-30_8-35-19

මේ දවස්වල විසි අට වෙනුවෙන් කාර්යබහුල වෙලාද?

28 චිත්‍රපටය නිසා ටිකක් කාර්යබහුල වුණා. මේ දිනවල චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.

ප්‍රසන්න ජයකොඩි සමඟ මේ විදියට නිර්මාණ කාර්යයක නිරත වෙන්නේ කී වැනි වතාවටද?

'විසි අට' කියන්නේ ප්‍රසන්න ජයකොඩි සමඟ කරපු පළමු චිත්‍රපටය. මීට පෙර ඔහුගේ පෝය නාට්‍යයක රඟපෑවා. ඒ නාට්‍යයේ මගේ චරිතයට එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඒ චරිතය රඟපාන්න මට අමාරු වුණා. මේ චරිතය ඒ වගේ ලක්ෂ වාරයක් අමාරු චරිතයක්. ප්‍රසන්න ජයකොඩි කියන්නේ වෙනස්ම අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ සිත තුළ තිබෙන චරිතය ඔහු කොහොමහරි අපෙන් මතුකර ගන්නවා.

28 කියන්නේ චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි. ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක්. එහෙම නේද?

ඔව්, අපේ සිනමාවට මේ වගේ චිත්‍රපට අලුත් අත්දැකීමක්. ලෝක සිනමාවේ මෙවැනි චිත්‍රපට ඕන තරම් තියෙනවා. නමුත් අපි මෙවැනි චිත්‍රපටයක් දකින පළමුවැනි වතාව තමයි මේ. මේ චිත්‍රපටය වගේම එහි සිදුවීම්, ඒ චරිත පවා හරිම බැරෑරුම් ඒවා. ඒ හැම චරිතයක්ම කතා කරනවා.

'සුද්දී', ඒ බැරෑරුම් බව තුළ ඔබට අභියෝගයක් වුණාද?

ඔව්, ඇත්තටම සුද්දි කියන්නේ අභියෝගයක්. සුද්දී කතාකරන විට සුද්දිට විරුද්ධ චරිතයක් තිබුණේ නැහැ. සුද්දී කතා කළේ ප්‍රේක්ෂකයාට. ඒත්, රූගත කරන මොහොතේ එතන ප්‍රේක්ෂකයා නෑ. ඉතින් ඒකම මට චරිත නිරූපණයේදී අභියෝගයක් වුණා.

සුද්දී තුළින් මේ රටේ සමස්ත කාන්තා පරපුරම නියෝජනය වෙනවා කියලා ඔබ හිතනවද?

සියයට සියයක්ම එහෙම නොවුණත්, මේ රටේ හැම ගැහැනියක්ම සුද්දී තුළින් නියෝජනය වුණා. සුද්දීගේ දෙබස් හරහා ඒ හැම ගැහැනියකටම තමන්ගේ ජීවිතේ මොකක් හරි තැනක් මතක් වෙන්න ඇති.

" නවය වසරේ අලුත් අච්චු පොත් ලැබුණාම අපි කියෙව්වේ විද්‍යාව අච්චු පොතේ අන්තිමට තියන ප්‍රජනනය පාඩම." කියන දෙබසම කීදෙනකුට පෞද්ගලික වුණු අත්දැකීමක්ද.

ලිංගිකත්වය කියන්නෙම අපේ රටේ කුණුහරුපයක්. තාක්ෂණය තුළ වුණත් වඳුරට දැළි පිහිය අහුවුණා වගේ අපේ අය හැසිරෙන්නේ ඒ නිසා.

සුද්දීගේ දෙබස් තුළ මේ රටේ කැකෑරෙන තැන් රැසක් එළියට අදිනවා නේද? විශේෂයෙන් අපේ රටේ තිබෙන ලිංගික අසහනය පිළිබඳව සුද්දී සෘජුව කතා කරනවා නේද?

ඔව්, මේ චිත්‍රපටයේ කියවෙන "අබසිරි උන්ට කියාපන් මැරුණු ගෑනු විතරක් නෙවෙයි උන් මරපු පිරිමිත් පව්" කියලා කියන දෙබස ඔය කියන යටි පෙළ අරුත සැඟවුණු දෙබසක්. මේ කියන ලිංගික අධ්‍යාපනය හරි ආකාරව නොලැබීමේ ගැටලුව තුළ පිරිමිත් අසරණයි. මේ සංස්කෘතික හිරවීම තුළ පිරිමින් අසහනයට පත් වෙනවා. ඒ තුළ ඔවුන් ගෑනියෙක් දූෂණය කරලා මරලා හරි ඒ අසහනය පිටකර ගන්නවා. අපිට පිරිමින්ට ඇඟිල්ල දික් කරන්න බෑ. පිරිමිත් පව්.

අව්‍යාජව සත්‍ය කතා කරන සුද්දී තුළින් නියෝජනය වෙන්නේ සමස්ත කාන්තාව නම්, ඒ තුළ ඔබත් ඉන්නවා නේද?

ඔව්, අපේ ජීවිත කාලය පුරාවටම, අපි නොයෙකුත් සිදුවීම්වලට මුහුණ දෙනවා. ඒවා හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපිට ජීවත් වෙලා ඉන්න කාලය තුළ විවෘතව ඒවා කතා කරන්න බැහැ. නමුත් මැරුණු සුද්දී නිරුවතින් ඉන්නවා වගේ ඒ සියල්ල කියනවා.

ඔබ නිරුවත් දර්ශන සඳහා දායක නොවන රංගන ශිල්පිනියක් වුණත්, අවස්ථා දෙකකදී ඔබ චිත්‍රපටයේදී අඩ නිරුවත් වෙනවා?

මේ චිත්‍රපටයේ පිට පෙන්වීම අත්‍යවශ්‍ය දර්ශනයක්. මළමිනියක පිටිපස්සට ඇඳුම් අන්දන්නේ නෑනේ. මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා. නමුත් මම අමුවෙන් නිරුවත් වුණේ නෑ. මම අවශ්‍ය තැන්වලට ඇඳුම් ඇඳලා හිටියේ. ඒ දර්ශන දෙකම පිටපතේ තියෙන බව මම දන්නවා. දැනගෙනයි චරිතය භාරගත්තේ. කවුරුත් මට බලෙන් ඒවා රඟපාන්න කිව්වේ නැහැ.

මිනී පෙට්ටියක සිට රඟපාන හැඟීම ඔබට ගෙන ආවේ මොන වගේ අත්දැකීමක්ද?

මිනී පෙට්ටියක ඉඳන් මම රඟපාපු දෙවැනි අවස්ථාව තමයි මේක. මුලින්ම මම ස්වයංජාත ටෙලි නාට්‍යයේ එහෙම දර්ශනයක් රඟපෑවා. මිනී පෙට්ටිය ඇතුළේ හරිබරි ගැහෙන්න බෑ. තිබ්බ විදියටම ඉන්න ඕන. ස්වයංජාත රඟපාන වෙලාවේ මිනී පෙට්ටියේ ඉද්දී ගෙදර අය මතක් වෙලා මම ඇඬුවා. නමුත් මේ චරිතයේදී ඒක මට විශේෂ වුණේ නැහැ. මේක හොඳ සුවපහසු මිනී පෙට්ටියක්. මොනතරම් සුවපහසුද කියනවා නම් මට හොඳට ගොරවා ගොරවා නින්ද ගියා.

සුද්දීගේ චරිතයට සාධාරණයක් කළා කියලා ඔබ විශ්වාස කරනවද?

ඔව්, අනිවාර්යයෙන්ම. මම දැනට චිත්‍රපටය හත් වතාවක් නැරැඹුවා. තවත් මට ඒ චිත්‍රපටය බලන්න ආසයි. ඒක බලන්න හිතේ පොඩි ලෝබකමක් තියෙනවා. තව අවුරුදු හත අටක් ගියත් මට 'මේ චරිතය මීට වඩා හොඳට කරන්න තිබුණා' කියලා හිතෙන්නේ නෑ. මොකද මම චරිතයට උපරිම සාධාරණයක් කරලා උපරිමයෙන් රඟපෑවා. මට ඒ ගැන නැවත හිතන්න යමක් නෑ.

චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. චිත්‍රපටයට සම්මාන කීපයක් ලැබුණා. හොඳම තිරපිටපතට සහ හොඳම නළුවාට හිමි සම්මාන සඳහා චිත්‍රපටය නිර්දේශ වුණා. අපි චිත්‍රපටය ඇතුළේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කතා කරනවා. නමුත් චිත්‍රපටයේ කොහෙවත් ලිංගික දර්ශන අඩංගු නැහැ. ඒ නිසා චිත්‍රපටය ඕනම කෙනකුට නරඹන්න පුළුවන්. විශේෂයෙන් මාත් අම්මා කෙනෙක් විදියට කියන්නේ, මේ චිත්‍රපටය වැඩිවියට පත්වුණු හැම ගැහැනු දරුවෙක්ම නැරැඹිය යුතුයි.

ටෙලි නාට්‍ය අමතක කළේ මේ විදියට චිත්‍රපට තුළින් වෙනසක් කරන්නද?

ටෙලි නාට්‍ය අමතක කළා නෙවෙයි. මට හොඳ නිර්මාණ ලැබුණේ නැහැ. මේ දවස්වල හොඳ ටෙලි නාට්‍යවලට නිෂ්පාදකවරු වියදම් කරන්නේ නැහැ. ලාභ ලබන්නත් අමාරුයි. ඒ නිසාම ටෙලි නාට්‍යවලින් අයින් වුණා. ඒ ඉවත්වීම වෙනත් පැත්තකින් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න හේතුවක් වුණා.

හංසි ආටිගල (MB WEB)

හුරුබුහුටි නිමාවකට ඇතුළත් කළ ප්‍රබල වර්ක්ස්ටේෂන් පරිගණකයක්

Lenovo ThinkStation P320 Tiny - 01

කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් ප්‍රබලත්වයෙන් වැඩිවන්නා හාම ඒ සමානුපාතිකව ප්‍රමාණයෙන්ද වඩාත් කුඩා සහ සංයුක්ත වීම පරිගණක බලයක් සහිත සියලුම උපාංගයන්ට පොදු වූ පරිණාමීය ලක්ෂණයක් යැයි පැවසීම සාවද්‍ය නොවේ. පුද්ගල පරිගණක, නෝට්බුක්, ටැබ්ලට් මෙන්ම ස්මාට්ෆෝන් දශක කිහිපයක් තුළ පැමිණි ගමන් මග දෙස බලන විට එය මොනවට පැහැදිලි වනු ඇත.

වර්ක්ස්ටේෂන් පරිගණක ලෙසින් හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගල පරිගණකයකට වඩා වැඩි බලයක් සහිත, වඩාත් වෘත්තිමය වැඩකටයුතු සඳහා යොදාගත හැකි පරිගණක යැයි කිව හැක.

සාමාන්‍යයෙන් අතීතයේ පැවති වර්ක්ස්ටේෂන් පරිගණක තුළ වඩාත් ඉහළ තිබූ දෘඩාංග බලයක් සහ එම ප්‍රබල දෘඩාංගයන්ගෙන් සුමට ක්‍රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා එකලස් කර ඇති සිසිලන උපක්‍රමයන් වැඩි උපකාරක අංගයන් යන සියල්ලම එකලස් වූ විට විශාල, හැඩිදැඩි යන්ත්‍රයක් නිර්මාණය විණි.

කෙසේ නමුත් වර්තමානය වන විට මෙම වර්ක්ස්ටේෂන් පරිගණකයන්ද වඩාත් හුරුබුහුටි ප්‍රමාණයට අඩු කිරීම සඳහා පරිගණක නිෂ්පාදකයින් මහත් උත්සාහ දරමින් සිටී. හඳුන්වා දෙන Lenovo ThinkStation P320 Tiny යනු එම උත්සාහයන්ගේ එක් ප්‍රතිඵලයක් ලෙසින් හැඳින්විය හැක.

වර්තමානයේ දක්නට ඇති සාමාන්‍ය ඩෙක්ස්ටොප් පුද්ගල පරිගණකයකටත් වඩා ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය Lenovo සමාගම විසින් හඳුන්වන්නේ ISV සහතිකය ලබා ඇති ලොව කුඩාම වර්ක්ස්ටේෂන් පරිගණකය ලෙසිනි.

වෘත්තිය ක්‍රියාකාරකම් සඳහාම විශේෂිතව නිර්මාණය කර ඇති මෙම Lenovo ThinkStation P320 Tiny සංයුක්ත වර්ක්ස්ටේෂන් පරිගණකය ඔබට සාමාන්‍ය ඩෙක්ස්ටොප් ටවර් පරිගණකයක් සේම උස අතට මේසය මත පිහි‍ටුවීමට නැතිනම් තිරස් අතට පිහි‍ටුවීමට හැකියාව තිබෙනා අතර, මෙහි ප්‍රමාණය සලකා බලන විට ඔබට වැඩ කරන්නට සිදුවන්නේ කෙතරම් කුඩා ඉඩක වුවත් මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය එතැනට මනාව ගැලපෙනු ඇත.

මෙහි මානයන් ගත් විට පිළිවෙලින් උසින්, ගැඹුරින් හා පළලින් අඟල් 7.1 X 7.1 X 1.4 ක ප්‍රමාණය වෙයි. එසේම රාත්තල් 2.9 කට නොවැඩි බරක් ඇති මෙය ඔබ භාවිත කරනා මොනිටරය පසුපස කුඩා ඉඩක වුවත් සම්පූර්ණයෙන්ම සැඟවීමට හැකියාව ඇත.

මෙහි ප්‍රමාණය එලෙසින් කුඩා වුවත්, ThinkStation P320 Tiny උපාංගයේ එම කුඩා ටවර් කේසිනය තුළ රඳවා ඇති පරිගණක බලය වර්ක්ස්ටේෂන් උපාංග සම්මතයන්ට අනුව වුවත් කිසිසේත්ම සුළු කොට තැකිය හැකි නොවේ.

මෙහි 7th Generation Intel® Core™ i7-7700T vPro™ ප්‍රොසෙසරයක් සහ NVIDIA® Quadro® P600 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර, ‍ DDR4 රැම් මතකය ගිගාබයිට් 32 දක්වා ඉහළ අගයක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබේ. එසේම මෙහි ටෙරාබයිට් 2 ක් දක්වා වූ සමස්ත මතක ධාරිතාවක් ලබාදෙන සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (SSD) දෙකක් ස්ථාපනය කර ඇත.

මෙම ප්‍රබල දෘඩාංගයන් සමගින් ඔබට මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය භාවිත කරමින් 3D Max, CAD හෝ වෙනත් නවීනතම වීඩියෝ සංස්කරණ, සජීවීකරණ, සැලසුම් නිර්මාණ මෘදුකාංගයන් කිසිදු අපහසුවකින් තොරව භාවිත කිරීමට හැකිවනු ඇත.

මීට අමතරව මෙහි Intel® Dual Band Wireless ac 8265 වයි-ෆයි සහ ‍ Bluetooth 4.1 රැහැන් රහිත සම්බන්ධතාවයන් තිබේ. Windows 10 Pro (64 bit)දක්වා වූ මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙය මනාව ක්‍රියාත්මක වනු ඇත.

මෙම වර්ක්ස්ටේෂන් පරිගණක ටවර් කේසිනයේ ඉදිරිපස USB 3.0 පෝට් දෙකක්, මයික්‍රෆෝන් ජැක් එකක් සහ ඕඩියෝ ජැක් එකක් ස්ථාපනය කොට ඇත. එසේම පසුපස mini DisplayPorts 4 ක් සහ DisplayPorts 2 ක් පිහි‍ටුවා ඇති අතර, එම නිසා මෙයට උපරිම මොනිටර තිරයන් හයක් සමගින් එක්වර ක්‍රියාත්මක වීමට හැකිවනු ඇත.

ඊට අමතරව පසුපස Security lock ස්ලොට් එකක්, Ethernet පෝට් එකක්, Wi-Fi antenna ස්ලොට් එකක්, විදුලි බල ඇඩැප්ටරය සම්බන්ධ කෙරෙනා ස්ලොට් එක සහ තවත් USB 3.0 පෝට් තුනක් තිබේ.

එසේම මෙය යතුරක් හෝ ඉස්කුරුප්පු නියනක් වැනි මෙවලමකින් තොරව විවෘත කිරීමට හෝ වසා දැමීමට හැකිවන පරිද්දෙන් නිර්මාණය කර ඇති අතර, වඩාත් රළු භාවිතයට පවා මැනවින් ඔරොත්තු දෙන ලෙසින් නිමා කර ඇත.

Lenovo ThinkStation P320 Tiny - 02

( පැතුම් පුංචිහේවා - ada) 

ලෝගන් හි රඟපෑ හියු ජැක්මන් ෂෝ මෑන් වෙයි (Video)

Hugh Jackman - The Greatest Showman

වුල්වරින් , ලෝගන් සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් හියු ජැක්මන් ගේ නවතම සිනමාපටයේ ට්‍රේලර්පටය නිකුත් වී තිබේ.

සිනමාපටය හැඳින්වෙන්නේ The Great Showman නමිනි.

ගීතමය, නාට්‍යමය චරිත කතාවක් ලෙසින් මෙය නම් කර ඇත.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ මයිකල් ග්‍රේසි විසිනි.

හියු ජැක්මන්, රෙබෙකා ෆර්ගසන්, සැක් එෆ්රොන්, මිචෙල් විලියම්ස්, පෝල් ස්පාර්ක් ඇතුළු ප්‍රකට නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයයි.

The Great Showman දෙසැම්බර් 25 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී තිරගත වීමට නියමිතය.


(mirrorarts)

යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව

Asians in Australia

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සංගණනයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ අංශ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මේ ප්‍රතිඵල මගින් ගම්‍ය වන අතර, ඕස්ට්‍රේලියාවේ ජනගහනය යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් සමන්විත බව එම සංගණනය මගින් අනාවරණය වූ එක් ප්‍රධාන කරුණකි.

සංක්‍රමණිකයන් ගෙන් සැදුම්ලත් නූතන ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 49% ක්ම විදේශයන්හි උපත ලැබූවන් හෝ විදේශයන්හි උපත ලැබූ එක් දෙමාපියකුගේවත් දරුවෙකි.

1979 දක්වා බලපැවැත්වුනු "සුදු ඕස්ට්‍රේලියාව" ප්‍රතිපත්තිය ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් බහුතරය යුරෝපා වැසියන් වුවත් අලුත්ම සංගණනය අනුව වර්තමානයේ එහි වෙසෙන සංක්‍රමණිකයන් අතරින් බහුතරය යුරෝපීයයන් නොවේ.

විදේශයන්හි උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 40% ක් ආසියාවේ උපත් ලැබූවන් බව සංගණනයෙන් හෙළි විය.

2001 දී විදේශයන්හි උපත ලැබූවන් අතරින් ආසියානුවන් සිටියේ 24%කි. ඒ අතර යුරෝපයේ උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් පිරිස 52% සිට 34% දක්වා පහල වැටී තිබේ. Image copyright Getty Images Image caption ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මුහුණුවර

රටවල් වෙන් වෙන්ව සලකා බලන විට විදේශයන්හි උපත ලැබූවන් අතරින් වැඩිම පිරිස, එනම් 15% ක් සංක්‍රමණය වී තිබෙන්නේ එංගලන්තයෙනි. චීනයේ සිට 8.3%ක් සහ ඉන්දියාවේ සිට 7.4% ක් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

පහත දැක්වෙන්නේ සංගණනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි:

'ආගමක් නෑ'

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පුරවැසියන් පිරිසක් (29.6%)ක් තමන්ට ආගමක් නොමැති බව පවසා තිබේ.

එය 2001 සංගණනයට වඩා 16% කින් වැඩිවීමකි.

ඉන් අනතුරුව ආගම අනුව සලකා බලන විට වැඩිම පිරිස කතෝලිකයෝය. එය 22.6% කි.

එංගලන්ත සභාවේ භක්තිකයන් 13.3% ක්, කිසිවක් සඳහන් නොකළ 9.6% ක්, ඉස්ලාම් භක්තිකයන් 2.6% ක්, බෞද්ධයන් 2.4% ක් සහ හින්දු භක්තිකයන් 1.9% ක් ද එරට වෙසෙන බව සංගණනයෙන් හෙළිවිය.

මෙල්බෝර්න් 'විශාලම නගරය වේවි'

ජනගහනය සලකා බලන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම නගරය වන සිඩ්නි නුවරට වඩා ඉතා ඉක්මනින්ම මෙල්බෝර්න් නගරයේ ජනගහනය ඉහල යාමේ හැඩක් දක්නට ලැබේ.

මේ වනවිට සිඩ්නි නුවර ලක්ෂ 48 ක ජනකායක් වෙසෙන අතර ලක්ෂ 44 ක් වෙසෙන මෙල්බෝර්න් නුවර ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනයවෙමින් පවතී.

සිඩ්නි නුවරට වඩා මෙල්බෝර්න් නුවර නිවාස කුලියට ගැනීම ලාභදායක වීම එයට එක් හේතුවක් විය හැකිය.

භාෂා 300 ක්

ඕස්ට්‍රේලියාවේ නිවාස තුල 300 කට වැඩි විවිධ භාෂා භාවිතවන බව ද සංගණනයෙන් හෙළි වී තිබේ.

ඒ අනුව රටවැසියන්ගෙන් විශාල පිරිසක් (22.2% ක්) සිය නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අතර, රටේ බහුලවම භාවිත වන විදේශීය භාෂාව (2.5% ක්) මැන්ඩරීන්ය.

අරාබි භාෂාව රටවැසියන්ගෙන් 1.4% ක් භාවිත කරන අතර, කැන්ටනීස්, වියට්නාම සහ ඉතාලි භාෂා රටවැසියන් අතරින් 1.2% බැගින් සිය නිවෙස් තුළ භාවිත කරති.  (බීබීසී )

ස්මිත් නීතිය හමුවේ අසරණ වේ

steven smith - girl

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් තමන්ගේ ජීවිතයේ මෙතෙක් පොඩි හරි නිදහසක් තිබුනානම් ඔන්න එකත් නැති කරගත්ත කියල ආරංචි වෙනවා.

ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට ඔලුවට තියන පීඩනය බෙදාගන්න කියල හිතාගෙන ස්මිත් සහකාරියක් සොයාගෙන.සහකාරිය සොයාගෙන තියෙන්නේ නම් අද ඊයෙක නෙවෙයි හැබැයි මේ සොයාගත්ත සහකාරිය නීත්‍යානුකූලව ස්මිත්ගේ වෙලා තියෙන්නේ ජුනි මාසයේ 29 වෙනිදා.

මේ විදියට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් නායකයා නීත්‍යානුකූලව තමන්ගේ කරගෙන තියෙන්නේ නීති ශිෂ්‍යවක් වන ඩනී විල්ස් කියන කාන්තාව.

දැන් ඉතින් ස්මිත්ට ලේසි වෙන්නේ නෑ,හැමදේම නීතියට නැති වුනොත් අපිට බලාගන්න පුළුවන් වෙයි කොහොමද ස්මිත් නීතිය හමුවේ අසරණ වෙන්නේ කියල. (cricketlanka)

මුදල් ඇමති වෙළද සංගම් හමුවේ

Mangala Samarweera-09

බදු ගණනයේදී සහ ගෙවීම් වලදී තමන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය වෙළඳ සංගම් නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය මංගල සමරවීර හමුවුණා.

වෙළඳ සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළු සඳහා ඉදිරි අයවැය මගින් විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකගතාවය පළ කර ඇති බව සඳහන්. (hiru)

29 June, 2017

සංචාරක කර්මාන්තය අනතුරේ - ත්‍රීරෝද රථවල ගමන් කරන්න එපා. ඇමෙරිකාව කාන්තා සංචාරකයන්ට අනතුරු අගවයි !

america warns three-wheeler rides

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන කාන්තා ඇමෙරිකානු පුරවැසියන්ට කොළඹ නගරය තුලදී ත්‍රීරෝද රථ වලින් ගමන් කි‍රීමෙන් වලකින්නැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය අනතුරු අගවා තිබෙනවා.

ඒ වර්තමාන තත්ව සලකා බැලීමෙන් අනතුරුවයි.

ත්‍රීරෝද රථ රියදුරන් එරට කාන්තා සංචාරකයන්ගේ ශරීරය ස්පර්ශ කල සිදුවීම් වාර්තා වූ නිසා මෙම පියවර ගෙන ඇති බව ඔහුන්ගේ නිළ වෙබ් අඩවියේ සදහන්ව තිබෙනවා.

ඔහුන් වැඩිදුරටත් සදහන් කරන්නේ ත්‍රීරෝද රථ වල ගමන් නොකොට සංචාරක ප්‍රවාහන ආයතනයකින් ලබා ගත් වාහනයක් සිය ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන ලෙසයි.

කෙසේ වෙතත් ඇමෙරිකානූ තානාපති කාර්යාලය මෙලෙස සිය ශ්‍රී ලංකාවේ සංචාරය කරනා පුරවැසියන්ට අනතුරු ඇගවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපෑ හැකි බවට සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිස් පවසනවා.

ඇමෙරිකානූ තානාපති කාර්‍යාලයේ නිළ වෙබ් අඩවිය අනතුරු අගවා තිබු අයුරු පහතින්.

america warns three-wheeler rides - 02

ලිංගික සංසර්ගය LIVE පෙන්නලා පැය භාගෙන් 10,000 හොයන්න – ලංකාවේ Couple 18 සක්‍රීයයි! (Exclusive)

Sex-06

සිය බිරිඳ හෝ පෙම්වතිය සමඟ සිදුකරන ලිංගික සංසර්ගය ෆේස්බුක්, Watsapp හෝ ස්කයිප් තාක්ෂණයන් හරහා සජිවීව ලෝකයේ අදාළ සේවය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකුට පෙන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වී තිබේ.

දැනට මෙම සේවාව සැපයීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ සාමාජිකයින් 18 දෙනෙකු (ජෝඩූ) එම තැරැව්කරු සමඟ ලියාපදිංචි වී ඇති බවටද අනාවරණය වී තිබේ.

පැය බාගයක කාලයක් මෙලෙස එක් ලිංගික දර්ශණයක් සජීවීව විකාශය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30 – 50 (රුපියල් 4500 – 7500) අතර මුදලක් අය කෙරෙන අතර තැරැව්කරු විසින් කොමිස් මුදලක් ලබාගෙන පාර්ශ්වයන් සම්බන්ධකරනු ලබයි. එලෙස සම්බන්ධ කිරීමෙන් පසුව තැරැව්කරුගේ සහයෝගයකින් තොරව අදාළ පාර්ශවයන් ද්විත්වය සෘජුව ගණුදෙනු කරන බවත් වෙස්ටර්න් යූනියන් වැනි මාධ්‍යයන් හරහා මුදල් මෙරටට ගෙන්වා ගන්නා බවටද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම සේවය සපයන පුද්ගලයින් ආසන්න වශයෙන් මසකට ලක්ෂයක පමණ ආදායමක් උපයන බවත් සමහරක් රටවල මෙය ඉතා සුලභව සිදුවෙමින් පවතින බවත් වාර්තා වී ඇත.

වයස්ගත යුරෝපානු ජාතිකයින් දකුණු ආසියාතික රටවල කාන්තාවන්ගේ සමේ පැහැයට රුචිකත්වය දැක්වීම නිසා මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර අදාළ මුදල් ගෙවීම් සහ සේවා සැපයීම් ඉතාම රහසිගතව සහ විශ්වාසනීයත්වයකින් යුතුව සිදුවීම නිසා මෙය ක්‍රමිකව වර්ධනය වෙමින් තිබේ.

අදාළ සේවාව සපයන අවස්ථාවේදී විශේෂිත මුහුණු ආවරණ පැළදීමට අවකාශය ලබා දෙන නිසා බොහෝ දෙනෙකු මේ සඳහා පෙළඹී ඇත.

ලිංගික දර්ශණ පටිගත කිරීම සහ ලගතබා ගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව බරපතල වරදක් වන අතර මෙවන් ජාවාරම් හසුවුවහොත් දැඩි දඩුවම් හිමිවනු ඇත.

දවසේ කාටූන් – 2017.06.29

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.
























මාලිංග ක්‍රීඩා මාධ්‍යවේදීන්ට බඩ පෙන්වයි - ඡායාරූප මාධ්‍යවේදීන්ටත් ඇනුම්පද කියයි

Malinga poses stomachs - 01

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (29) පැවැති පුහුණුවීම් අතරතුර දී ලසිත් මාලිංග විසින් ඡායාරූප මාධ්‍යවේදීන් වෙත උපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

ලසිත් මාලිංග එහිදී පවසා ඇත්තේ "ක්‍රිකට් ආයතනය මගේ බඩේ ෆොටෝ ගන්න කට්ටිය එවලා තියෙනවා" යනුවෙනි.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර හෙට (30) ආරම්භ වෙන එක්දින තරගාවලිය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන් දෙස බලමින් ලසිත් මාලිංග මේ බව පවසා තිබෙනවා.

Malinga poses stomachs - 02