30 June, 2017

ජනප්‍රියම නළුවා වූ රුවන් කියන දේ

Ruwan Perera

මේ වනවිට විකාශය වන "මුතු කුඩ" හා "හාර කෝටිය" යන ටෙලි නාට්‍යයවල රංගයෙන් දායක වන ඔහු "හාර කෝටිය" ටෙලි නාට්‍යයේ &ඩින්කා* චරිතයට දායක වීමෙන් මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේය. ඔහු නමින් රුවන් පෙරේරාය.

රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමටත්, ඒ ගැන හදාරන්නටත් ඉඩක් ලැබෙන්නේ මොන විදියටද?

2006 වර්ෂයේ දී %අසුරාවේශය^ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒක මගේ පළමු ටෙලි නාට්‍යය. පසුව %උතුවන්කන්දේ සරදියෙල්^, %ජීවිතේ ලස්සනයි^ වැනි නාට්‍යයවලට දායක වුණා. 2007 දී මට ජැක්සන් ඇන්තනී සර් හමුවුණා. ඔහුගේ %අබා^ චිත්‍රපටයට මට දායක වෙන්න ලැබුණා. එය දින 74ක් අනුරාධපුරේ රූගත කිරීම් සිදු කළා. ඒ කාලෙදි ජැක්සන් ඇන්තනී සර් ඇසුරු කරන්න ලැබුණා. රංගනය ගැන සහ මේ අංශයේ බොහෝ දැනුමක්, අත්දැකීමක් ලබාගත්තා. පසුව අනෝජා වීරසිංහ මහත්මියගේ, රෝහණ දේව පෙරේරා මහත්මයාගෙන් මේ ගැන ඉගෙන ගත්තා. ඒ අතර %සුජාතා^, %සකි^, %අනන්තා^, %බිනරමලී^ , %දස්කොන්^ වැනි ටෙලි නාට්‍යය කලා. %දස්කොන්^ ටෙලි නාට්‍යය මගේ ජීවිතේ වෙනස් කළ ටෙලි නාට්‍යයක්. ඒ නාට්‍යයෙන් පසුගිය වසරේ නැගී එන හොඳම නළුවා සම්මාන දෙකක් හිමිකර ගත්තා. හොඳම සහය නළුවාට නිර්දේශ වුණා.

වේදිකාවට වැඩි ඉඩක් දෙන්නේ නැතුව ඇයි ඔබ ටෙලි නාට්‍යයවලට යොමු වෙන්නේ?

රෝහණ දේව පෙරේරා මහත්මාගේ "හුණුවටේ" නාටකය කියන වේදිකා නාට්‍යය කළා. දර්ශන කිහිපයක් පමණයි එහි ප්‍රදර්ශනය කිරීමට හැකි වුණේ. පසුව අනුර චන්ද්‍රසිරි මහත්මයාගේ "දෙයියෝ සාක්කි" වේදිකා නාට්‍යයට දායක වුණා. වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙන්න බලාගෙන හිටියා. ඒත් අපිට අවස්ථාවක් ලැබුණෙ නෑ. වේදිකා නාට්‍යයට මාව ගන්න කියලත් කිහිප දෙනෙකුටම කිව්වා. ඒත් අවස්ථාවක් ලැබුණෙ නෑ. පසුව ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යොමු වෙන්න සිදු වුණා.

ඒ යොමුවීමෙන් පසු දායක වෙන්න ලැබුණ "හාර කොටිය" ටෙලි නාට්‍යයත් ඔබට විශේෂ ටෙලි නාට්‍යයක් බවට පත්වෙනවා?

තරංග නිරිඇල්ල කියන සහය අධ්‍යක්ෂකවරයා මුලින්ම මට කතා කළා. ඔහු නිසා මට සද්දාමංගල සූරිය බණ්ණාර මහත්මයයි, ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්මයයි මුණගැසුණා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් එක්ක වැඩ කරන්න මට කැමැත්තක් තිබුණා. ඔහු කළ ගොඩක් නිර්මාණ ජනප්‍රිය හොඳ නිර්මාණ. ඒ වෙලාවෙම ජයප්‍රකාෂ් මහත්තයා කිව්වා මල්ලි මේ චරිතය හිනාවෙන චරිතයක් නෙමෙයි, සීරියස් කරන්න වෙනවා කියලා. ඩින්කා කියන්නේ වැඩක් කරන්න පුළුවන් චරිතයක්. සෙනාලි, සාරංග දෙන්නගෙන්ම මට ලොකු සහයෝගයක් මේ චරිතය කරන්න ලැබෙනවා. %ඩින්කා^ කියන චරිතය පිටපතෙන් ඇදලා අරන් පණ දෙන්නේ ශිවගුරුනාදන් මහත්තයා. සද්දා අයියටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි. ඩින්කා චරිතය බිහි කළ ඔවුන්ට අද සතුටු වෙන්න පුළුවන්.

වර්තමාන ටෙලි නාට්‍යය නිර්මාණ තුළ එහෙම වැඩක් කරන්න පුළුවන් චරිත ලියැවෙන්නේ හරි අඩුවෙන් කියලා සමහර අවස්ථාවල කතිකාවතක් ඇති වෙනවා?

ඔව්. ඒත් %හාර කෝටිය^ ටෙලි නාට්‍ය මට රඟපාන්න තියෙන්නේ ටිකක් අසීරු චරිතයක්. එයට හිතුමතේ රංගනයේ යෙදෙන්න බෑ. කෝටි හතරක් අතේ තියන්, එය පරිස්සම් කරන්න, ඒ වෙනුවෙන් මානසික පීඩනයට බය රංගනයක් තුළින් කරන්න ඕන. එය සෑබෑ ජීවිතයේ වූ සිදුවීමක් ලෙස රූපවාහිනී තිරයට ගේන එක ලේසි නෑ. එයට හොඳ අධ්‍යක්ෂක කෙනෙක් ඉන්න ඕන. සියුම් හැඟීම් ප්‍රකාශනය ගෙන එන්නේ කොහොමද කියන අවබෝධය තියන අධ්‍යක්ෂක කෙනෙක් සිටිය යුතුයි. හොඳ වැඩ කියන්නේ රඟපාන්න, දෙයක් කරන්න පුළුවන්නම් හොඳයි. මම %දස්කොන්^ නාට්‍යයට දායක වුණා. පසුගිය වසරේ එයට සම්මා 43ක් පමණ ලැබීමෙන්ම එය හොඳ වැඩක් ලෙස යම් නිර්දේශයක් ලැබුණා. ජනප්‍රියම නළුවා වෙන්න, නැගී එන හොඳම නළුවා වෙන්න ප්‍රධාන චරිතයම රඟපාන්න ඕන නෑ කියන එක මම ඔප්පු කළා. කරන දේ නිවැරදිව ප්‍රේක්ෂකයාට දැනෙන්න සිදු කරනවා නම්, අපේ ඇගයීම් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු හා මතක් කළ යුතු පිරිසක් ඇති. ඒ ගැන සඳහන් කළොත්?

ඉදිරියේ දී ඉනෝකා සත්‍යාංගනීගේ සහ ජැක්සන් ඇන්තනී සර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ටෙලි නාට්‍යය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. මේ දේවල් තමයි. ඒ වගේම රයිගම් සම්මාන උලෙළෙ දී ප්‍රකාශ කළා ලක්ෂ 25කට අධික එස්.එම්.එස්. ප්‍රමාණයක් හිමිවෙලා තියනවා කියලා. ඒ සෑම දෙනාටමත්, විදේශ ගතව ඉන්න ස්වර්ණා එස් පෙරේරා කියන අක්කවත්, මගේ සහෝදරිය දිනුෂා රාජපතිරන, ආනන්ද ජයනාත්, අම්මා තාත්තා, මල්ලි හැමදෙනාවමත් මතක් කරනවා. රවින්ද්‍ර විජේරත්න, ජනක චමින්ද, ටිකිරි රත්නායක යන සැම දෙනාවම මතක් කළ යුතුමයි.

Ruwan Perera - 02

Ruwan Perera - 03

නිදුක් මදුෂික (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනප්‍රියම නළුවා වූ රුවන් කියන දේ"

    Post a Comment