30 June, 2017

"තවදුරටත් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ - ගොඩක් දේවල් ඉවසුවා" - විවාහය දෙදරීම ගැන සාරංග කට අරි

Saranga - Umali - 02

සාරංගගේත් උමාලිගේත් විරසකය දවසින් දවස අලුත් ආරංචි අරගෙන එන කතාවක් වෙලා. පවුල් අවුල් ගැන මාධ්‍යයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු සාරංග ඒ නිහඬබව බිඳිමින් අවසන සියල්ල මාධ්‍යයට හෙළි කළේ මෙහෙමයි.


රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී සාරංගගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ නැද්ද?
මම කාලයක් තිස්සේ ගොඩක් දේවල් ඉවසුවා. සමහර දේවල් මගේ ළඟම තියාගන්න මට ඕන වෙලා තිබුණා. ඒත් මගේ ඉවසීමෙන් අයුතු වාසි ලබා ගන්න අනෙක් අය උත්සාහ කරනවා නම් මම තව දුරටත් ඉවසන එක තේරුමක් නැහැ කියලා මට හිතුණා.

ඒ කියන්නේ හංගගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් සාරංගගේ පුද්ගලික ජීවිතේ තියෙනවා?

තවදුරටත් මේ දේවල් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනෑ වුණේ ඒ ප්‍රශ්නය මේ රටේ තියෙන නීතියේ හැටියට විසඳා ගන්නයි.ඒත් අනෙක් පාර්ශ්වය ඒකට කැමති වුණේ නැහැ. අකමැති වුණා විතරක් නමෛයි මම ඉවසන්න ඉවසන්න මගේ ඔලුවට අත හෝදන්න ආවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්නත් හැදුවා. මමත් උමාලිත් දෙන්නම ප්‍රසිද්ධ නිසා මේ සිදුවීම හංගන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ වුණත් අපේ පුද්ගලික ප්‍රශ්නය ඕනෑවටත් වඩා ‍පොදු කරගෙන ප්‍රසිද්ධියක් දෙන එකටත් මම කැමති නැහැ.

වසරේ හොඳම නිළිය ඇත්තටම හොඳ රඟපෑමක් කළා කියලද කියන්නේ?
ඒක තීරණය කරන්න ඕන බලාගෙන ඉන්න අය.

සාරංගට වැරදුණා ද?
මට වරද්දවන්න හැදුවා. තවමත් වරද්දවන්න හදනවා. ඒත් මට වැරදෙන්නේ නැහැ. මට වරද්දවන්නත් බැහැ.

සාරංගගේ නමට ඈදුණු නිළියගේ නමේ කතාවත් වරද්දවන්න හැදීමක්ද?
මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම මගේ නමට එක එක නම් ඈඳුණා. ඒක මට අමුතු දෙයක් නමෛයි. මගේ පුද්ගලික ජීවිතේ තීරණ මම වෙලාවට වෙනස් කරාවි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""තවදුරටත් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ - ගොඩක් දේවල් ඉවසුවා" - විවාහය දෙදරීම ගැන සාරංග කට අරි"

    Post a Comment