01 July, 2017

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නම පිරිසිදු කර ගත හැක්‌කේ කොමිසමට පැමිණ සාක්‍ෂි දීමෙන්

Wasantha Alwis - perpetual treasuries
වසන්ත අල්විස්‌ මහතා සාක්‌ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අයුරු

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ නම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ කොමිසම හමුවට පැමිණ සාක්‌ෂි ඉදිරිපත් කිරීමෙන් යයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාට කීවේය.

එම සමාගමේ නම ශුද්ධ කර ගැනීමට මහ බැංකුවේ සාක්‌ෂිකරු යොදාගත නොහැකි බවද ඒ සඳහා සමාගමේ සාක්‌ෂිකරුවන් කොමිසම හමුවට කැඳවිය යුතු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතාට කීවේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ පැවසුවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂක වසන්ත අල්විස්‌ මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටියදීය.

වසන්ත අල්විස්‌ මහතා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ගණනය කිරීම් ගැන ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රශ්න කළ අවස්‌ථාවේදී නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කියා සිටියේ එම ගණනය කිරීම් ගැන යම් ප්‍රශ්නයක්‌ ඇත්නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට සිය සාක්‌ෂිකරුවන් මගින් විමසීම් කළ හැකි බවත් මෙම තොරතුරු අදාළ ඉලෙක්‌ට්‍රොනික තොරතුරු පද්ධතියේ අන්තර්ගත වන ඉලක්‌කම් බවත්ය.

ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) සාක්‌ෂිකරු (අල්විස්‌ මහතා) ඉලක්‌කම් ගණනය කළ ආකාරය කිව්වා. ඔබ (නිහාල් ප්‍රනාන්දු මහතාට) ඒවා වැරදියි කියනවා. අප ඒ කාරණාව ගැනත් අවධානය යොමු කරනවා.

ශ්‍රේ‍රaෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් වසන්ත අල්විස්‌ මහතා කොමිසමට කීවේ තමාගේ ගණනය කිරීම් නිවැරදිය යන ස්‌ථාවරයේ තමා දැඩිව සිටින බවයි.

නිහාල් ප්‍රනාන්දු මහතා සාක්‌ෂිකාර වසන්ත අල්විස්‌ මහතාගෙන් අසන ලද ඇතැම් ප්‍රශ්නවලට නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ගුණතිලක මහතා විරෝධය පළ කළ එක්‌ අවස්‌ථාවක ප්‍රනාන්දු මහතා ගුණතිලක මහතාට කීවේ ඔබ මෙහි නාට්‍යයක්‌ රඟදක්‌වන බවයි. එසේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළ තවත් අවස්‌ථාවකදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කීවේ මේ සියල්ල කරන්නේ මාධ්‍යයෙන් ප්‍රචාරයක්‌ ලබා ගැනීමට බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අතර අවස්‌ථා ගණනාවකදීම උණුසුම් වචන හුවමාරුවීම් ද සිදුවිය. එවැනි එක්‌ අවස්‌ථාවක කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් නීතිඥවරුන් දෙදෙනාටම අවවාද කරන ලදී.

කොමිසම අද (30 දා) උදේ 10.00 ට යළි රැස්‌වේ. මහ බැංකු නිලධාරීන් වන ස්‌ටෙµනි ප්‍රනාන්දු මහත්මිය සහ සුලෝචන මහතා අද සාක්‌ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන,
ඡායාරූපය- සමන් රණවීර (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නම පිරිසිදු කර ගත හැක්‌කේ කොමිසමට පැමිණ සාක්‍ෂි දීමෙන්"

    Post a Comment