01 July, 2017

මාලිංග ගැන මන්ත්‍රී නිරෝෂන් කණගාටුවෙයි

Niroshan Premaratne

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කරන ආකාරය පිලිබද කණගාටුවට පත්වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.


අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සදහන් කලේ ක්‍රීඩකයන් සම්බන්ධ ගැටලුවලදී බලධාරීන් වඩාත් විධිමත් ලෙස කටයුතු කල බවයි. ක්‍රීඩකයන්ට ඇති ගැටලු හදුනාගැනීම සදහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කල යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.



මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහල නැංවීම සදහා වන යෝජනා මාලාවක් ද මන්ත්‍රීවරයා මෙහිදී ඉදිරිපත් කලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල වුනා.



(newsradio)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාලිංග ගැන මන්ත්‍රී නිරෝෂන් කණගාටුවෙයි"

    Post a Comment