30 June, 2017

6 ශ්‍රේණියේ අවුරුදු 10 දැරියන්ට ගැබ් ගෙල පිළිකා වළකන එන්නත්

vaccine for girls

හය වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන්ට ගැබ් ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලබන සඳුදා (3දා) ඇරැඹේ.

ගැබ් ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරීමේ අපේක්ෂාවෙන් එම පිළිකාව වැළැක්වීමේ හියුමන් පැපිලෝමා, වෛරස (ඩ්ර්ථීඍ) එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දෙන්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්නගේ තීරණයකට අනුවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මෙම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට මෙම එන්නත හඳුන්වා දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව සංකූලතාවන්ට පත්වූ ගැබ්ගෙල පිළිකා රෝග තත්ත්වයට ගොදුරු වන බව රෝහල් සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වෙයි.

ලොව පුරා ගැබ් ගෙල පිළිකා වැළැක්වීමේ මූලික ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වේ. එකක් නම් එම පිළිකා මූලික අවස්ථාවේ හඳුනා ගැනීමය.

දෙවැනි ක්‍රමවේදය ඩ්ර්ථීඍ එන්නත හඳුන්වා දීමයි.

ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 සිට මෙරට සුවනාරී සායන මඟින් අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් සඳහා සිදුකරනු ලබයි.

දයා පෙරේරා (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "6 ශ්‍රේණියේ අවුරුදු 10 දැරියන්ට ගැබ් ගෙල පිළිකා වළකන එන්නත්"

    Post a Comment