29 November, 2016

ඉස්කෝලෙ යන ගැහැනු ළමයින් වෙනුවෙන්ම චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ

විශේෂයෙන්ම පාසල් සිසුවියන් ඉලක්ක කොට ගනිමින් මත්වන ටොෆි වර්ගයක් දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.

චීනයෙන් ආනයනය කරන ලදැයි පවසන එම ටොෆි වර්ගය මුඛය සුවඳ කිරීම සඳහා දිව යට තබා ගැනීමට උචිත අයුරින් නිපදවා ඇති නමුත් එමඟින් සිදුවන්නේ මත්වීමේ ස්වභාවයක් බවට තහවුරු වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

රුපියල් 150ක මිලකට දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින මේ මත් ටොෆිය ලෙමන්, ස්ට්‍රෝබෙරි වැනි විවිධ රසයන්ගෙන් නිපදවා ඇති බව පවසන අසේල සම්පත් මහතා, එම ටොෆිය කොළඹ පීපල්ස් පාක් ප්‍රදේශයේ යහමින් බෙදා හරින බවයි.

එම ටොෆි වර්ගයෙන් මත් නොවන බව කවුරු හෝ පවසනවා නම් එය ඔප්පු කළ යුතු බවටද ඒ මහතා අභියෝග කරයි.

විශේෂයෙන් පාසල් දරු දැරියන්ට අවදානම් සහිත මෙවැනි ආහාර මෙරටට ගෙන්වන, බෙදාහරින සහ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන ඒ මහතා තමා මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළ බව කීය.

drunk-women

අනුරාධා හේරත්_මව්බිම

28 November, 2016

සිල් මාතාවට අතවර කළ නරුමයා රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගරයට නුදුරින් පිහිටි අතුරු මාර්ගයක පිඬු සිඟා වඩිමින් සිටි දසසිල් මාතාවකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් නිල්මිණි කේ. වීරසිංහ මහත්මිය නියෝග කළාය.

ඇඹිලිපිටිය නගරයට ආසන්නයේ පටු මාර්ගයක ඉකුත් 18 දින 43 හැවිරිදි සිල් මාතාවකට අතවර කර ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුමනපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 


සිල් මාතාව අතුරු මාර්ගයක පිඬුසිඟා වඩින අතරතුර සැකකරු යතුරු පැදියකින් එම මාර්ගයේ පැමිණ ඇත. 

පසුව ඔහු විසින් එම මාර්ගයේම පාළු නිවෙසක් අසලදී සිල් මාතාවට අතවර කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

අතවරයට පත් සිල් මාතාව ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය පිළිබඳව ඇඹිලිපිටිය පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුමනපාල, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරි පො.පො. ශකිලා මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.


bhikkhunis

කහවත්ත - බුද්ධික කෝණාර_මව්බිම

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇතුළේ නොකියවෙන කතාව තමයි බීච් බෝයි සංස්කෘතිය - මමත් බීච් බෝයි කෙනෙක්!


ලංකාවේ බීච් බෝයිස්ලා කිව්ව ගමන් ඕන කෙනෙක්ගේ ඔලුවේ මැවෙන්නේ හොඳ චිත්‍රයක් නං නෙවෙයි. කුඩු විතරක් නෙවෙයි සුද්දෝ පාවිච්චි කරන හැම ජාතියකම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, සුද්දෝ සුද්දියෝ එක්ක නිදාගන්න, මේ දේවලින් එදා වේල හොයාගන්න බීච් එකේ ඉන්න කොල්ලො ටිකක් තමයි බීච් බෝයිස් කිව්ව ගමන් ඔලුවෙ මැවෙන්නේ! ඒක වැරදියි කියලමත් කියන්න බෑ. මමත් බීච් බෝයි කෙනෙක්!


1. වැල්ලේ වෙන මොනවද කරන්න පුලුවන්?



‘වැල්ලෙ ජීවිතේ ලේසි නෑ’ කියලා අපේ අම්මා නිතරම කියනවා මම අහලා තියෙනවා. අම්මා එහෙම කියන එක පුදුමයක් නෑ. හික්කා බීච් කියලා කිව්වට හික්කඩුවේ වැල්ලේ ඉපදුනහම තියෙන ප්‍රශ්න ගැන දන්නෙ වැල්ලෙ එකෙක්ම තමයි. මට තාත්තෙක් නෙවෙයි හිටියෙ, බාප්පෙක්. හැබැයි මං ගැනවත් අම්මා ගැනවත් පොරට ආදරයක් තිබ්බෙ නෑ. මං ගැන ආදරයක් තියෙන්න කොහොමටත් විදියක් නෑ, මොකද කළු හම තිබුණට මම කාගෙද කියන එක ඇස් දෙක දැක්ක ගමන් පේනවා. මට තිබුණේ බළල් ඇස්. අම්මා එක්ක එක රෑකට ලව් කරපු සුද්දෙක්ගෙන් හම්බුණු තෑග්ගක් තමයි මම. දැන් තේරෙනවනේ අම්මා කරපු රස්සාව මොකක්ද කියලා. අම්මා රස්සාවට ඒ වැඩේ කලත් සෑහෙන පරිස්සම්. ඒත් වෙලාව වළක්කන්න බෑ කියන්න වගේ මාව හම්බුනා. පස්සෙ පස්සෙ අම්මා රස්සාව අත ඇරියා. ඒත් වැල්ලේ තනියෙන් ගෑණියෙක්ට ඉන්න බැරි නිසාම තමයි බාප්පාව සෙට් කරගෙන තිබුණේ. පොර ‍ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. ‍ටුවරිස්ට් ගයිඩ් වුනාට කරන්නේ කැඩිච්ච ඉංගිරිසියෙන් කතා කර කර පස්සෙන් ගිහින් සුද්දෙක්ව අන්දලා ගාණ කපන එක තමයි ඉතින්.

2. එක්කෝ ඉගෙන ගෙන මේ බීච් එකෙන් යන්ඩෝනේ, නැත්තං මේකෙම මැරෙන්ඩෝනේ!



වැල්ලෙ ඉපදුනා නං කරන්න දේවල් ඕන තරමට තියෙනවා. එක්කෝ මාලු බිස්නස් එකටම සෙට් වෙන්න ඕන. හැබැයි ඉතින් මුදලාලි කෙනෙක් ගාව බෝට්‍ටුවක අත් උදවු දෙන්න පටන් අරගෙන ඔහොම තමයි වැඩේ ඉස්තිර කරගන්න ඕන. හැබැයි ලේසි වැඩක් නෙවෙයි. යමර කට්ටක්. කොහොමත් මගේ පෙනුම නිසා මට කට්ට සෙට් වෙන්නෙ ඩබල් වෙලා. එක දවසයි මාලු රස්සාවට ගියේ, බෑ කියල අතෑරලා දැම්මා. එහෙම නැත්තං ඉතින් ඉගෙන ගෙන වෙන කොහෙන් හරි රස්සාවක් හොයාගන්න ඕනේ. ඒකත් කේස් එකක්. මොකද පහේ පංතියෙන් පස්සේ ඉස්කෝලෙ යන එකත් වාත වැඩක් වුනු නිසා අත ඇරලා දැම්මා. ඉස්කෝලෙ ගුරුවරු තරව‍ටු කරපු හින්දවත් වෙන මොකක්වත් හින්ද නෙවෙයි. මට කොහොමත් ඉගෙන ගැනිල්ල මාර කම්මැලි වැඩක් වුනු හින්දා. මගේ පෙනුමයි ඇස් දෙකයි නිසා ඉස්කෝලේ සෑහෙන්න මට ආදරෙන් සැලකුවා. එහෙමට කරදරයක් තිබ්බෙ නෑ. පොත් පත් ඇඳුම් වලට කියලත් වැඩි වියදමක් ගියේ නෑ. මොකද අම්මා ඒ වෙනකොට ගෙදරක වැඩ කරන්න අල්ලගෙන තිබුණා. ඒ ගෙදරත් ඉස්කෝලෙ යන එකෙක් හිටපු නිසා මට ඔය පරණ ඇඳුම් එහෙම හම්බුනා. හැබැයි මට ඉගෙන ගැනිල්ලට වඩා කොල්ලො එක්ක බීච් එකේ ඇවිදින එක, කැඩිච්ච ඉංග්‍රීසියෙන් සුද්දො ටෝක් කරන එක ඊට වඩා ආතල් වැඩක් වෙලා තිබුණා. ඔහොම තමයි මේ රස්සාවට මුලින්ම සෙට් වුනේ.

3. පළවෙනි හරි හමන් ජොබ් එක



මුලින්ම මම බීච් එකේ ඇට මාල විකුණන්න පටන් ගන්නකොට වයස අවුරුදු දොළහක් විතර ඇති. කොළඹ-මාතර බස් පාර අයිනේ තිබුණා ‘කල්චරල් අයිටම්ස්’ කියලා පොඩි කඩයක්. ඕකෙ තිබුණේ අර ලී වලින් කපපු අලි, පොඩි පොඩි ඕනමන්ට්ස්, ඇට මාල එහෙම තමයි. ඕවට සුද්දන්ගෙන් හෙන ඉල්ලුම. ඔය කඩේ කරපු ඇන්ටන් අය්යා ඒ කාලේ ඉඳලම මගෙ ‍ෆිට් එක. පොර තමයි මට බිස්නස් එක සෙට් කරල දුන්නේ. උදෙන්ම මිනිහගේ ෂොප් එකට ගිහින් ඔය ඇට මාල, ඕනමන්ට්ස් ටිකක් අරගෙන ආවට පස්සෙ තියෙන්නේ ඇවිදිල්ලක් තමයි. හැබැයි සීසන් එකට බිස්නස් සරුයි. ගොඩක් වෙලාවට උදේ ගේන බඩු ටික දවල් වෙනකොට ඉවර වෙනවා. සුද්දෝ හෙන ආසයි ඔය වගේ අයිටම්ස් අරන් යන්න සිහිවටන විදියට. කොහොම හරි දවසට ඇති වෙන්න ගාණක් හම්බුකරගන්න වගේම සුද්දෙක් සුද්දියෙක් එක්ක ටෝක් එකක් දාන්නත් මේක මරු ජොබ් එක වුනා. මුලින් මුලින් ඉතින් මං කියන ඒවා උන්ටවත්, උන් කියන ඒවා මටවත් තේරුනෙ නෑ. හැබැයි මම අවුරුදු විස්ස විතර වෙනකොට ඉංග්‍රීසි කතා කරන්න විතරක් නෙවෙයි, ජර්මන් කතා කරන්නත් ඉගෙන ගත්තා සුද්දො පස්සෙ ගිහිල්ලම.

4. රූප් විශ්වනාත්!



වැල්ලේ ඉන්නවා හෙන ප්‍රසිද්ධ බුවෙක් රූපෙ අය්යා කියලා. පොර සුද්දන්ට තමන්ව අඳුන්වලා දුන්නේ ‘රූප් විශ්වනාත්’ කියලා. දවසක් මම ඇහුවම ඔය වගේ දිව උලුක්වෙන ඉන්දියන් නමක් සුද්දන්ට දෙන්නෙ මොකටද කියලා පොර කිව්වේ සුද්දෝ ඔය වගේ ඔරියන්ටල් සීන් එකට හෙන කැමතියි කියලා. රූපෙ අඳින්නෙත් කුර්තා එකක්. ඇට මාල අනන් මනන් විස්සක් තිහක් එල්ලෙනවා. කොණ්ඩේ වවලා උඩට කරලා බැඳලා. නියම හැන්ඩි තාපසයෙක් වගේ. රූපෙ අය්යා හෙන ලස්සනයි. පොර කියන්නේ තමන් හික්කා ‍ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් කියලා. හැබැයි අපි හැමෝම දන්නවා පොරගෙ හරි රස්සාව මොකක්ද කියලා. සුද්දෝ එක්ක නැත්තං සුද්දියෝ එක්ක බුදියන එක තමයි පොරගෙ ඇත්ත රස්සාව. හැබැයි මිනිහා ඒකෙන් සුපිරියට හම්බත් කරනවා.

මම රූපෙ අය්යා එක්ක පස්සෙන් යන එකට අම්මා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. මාව ගෙදරින් රෑ ගාණක් එලියට දාලා තියෙනවා ඕකට රණ්ඩු වෙලා. හැබැයි මට රූපෙ අය්යගෙ කිසිම වැ‍රැද්දක් පෙනිලා නෑ. අනික මිනිහා ආතල් බුවා. රට රටවල් ගැන විස්තර කියන්නේ හරියට පොර ගිහින් තියෙන ගාණට. හැබැයි එක දවසක් දේවල් ඔක්කොම වෙනස් වුනා.

රූපෙගෙ කාමරේ අපි කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් වෙනවා. ඔතනදී තමයි මම මුලින්ම මලක් ගැහුවෙත්. කුඩු එහෙම ඕන තරමට වැල්ලෙ හොයාගන්න පුලුවන් වුනත් මොකක්දෝ හේතුවකට මම මල් වලින් එහාට ගියේ නෑ. අදටත් මම සිගරට් එකක්වත් බොන්නෙ නෑ, මලක් ගැහුවොත් ඇරෙන්න. දවසක් රූපෙ අය්යයි මායි විතරක් කාමරේ ඉන්නකොට මිනිහා කේජී කෑල්ලක් හම්බෙලා එතුවා. දෙක වදිනකොට නාග සලං. මිනිහා මගෙ දිහා බලං ඉඳලා ‘කොල්ලා උඹේ ඇස් හෙන ලස්සනයි බං’ කිව්වා. එතනින් එහාට වෙච්ච දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

5. බීච් බෝයි ජීවිතේ ආරම්භය



මෙතනින් පස්සේ මගේ ජීවිතේ විනාස වුනා වගේ ටෝක් එකක් දෙන්න වුවමනාවක් නෑ මචං. ඒ වෙනකොටත් මම අහළ පහළ කඳක් දෙකක් තලලා තිබුණත් කවදාවත් සුද්දෙක් සුද්දියක් එක්ක එහෙම සීන් එකකට යන්න ගටක් තිබුණෙ නෑ. අනික හෙන බයයි ගෙදරට මාට්‍ටු වුනොත් කියලා. හැබැයි මම රූපෙ අය්යත් එක්ක වෙච්ච සීන් එකට හෙණට ආස වුනා. දිගටම ඇට මාල බිස්නස් එකෙන් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට මම රූපෙ අය්යා එක්ක සෙට් වෙන්න පටන් ගත්තා. රූපෙ අය්යා ලෝස් නැතුව මට අතමාරුත් දෙනවා. හැබැයි කොල්ලො සෙට් එක ඔක්කොම වගේ සතියෙන් දෙකෙන් සීන් එක දැනගත්තා.

කොල්ලො දැනගත්තට පස්සෙ අවුලක් වුනේ නෑ. මොකද උනුත් වැල්ලෙ සුද්දො පස්සෙ යන එවුන්නේ. හැබැයි ඇන්ටනියා මට බඩු දෙන එක නැවැත්තුවා. පොර අද වෙනකල් හේතුවක් කිව්වෙ නෑ. ඊට පස්සෙ ඉතින් ආයෙමත් හන්ටර්. ඒ පාර තමයි රූපෙයා කිව්වේ ඌත් එක්ක ‍ටුවර් ගයිඩ් වැඩේට සෙට් වෙමු කියලා. ඇත්තටම මගෙ බීච් බෝයි ජීවිතේ ගුරා රූපෙ. පොර මට ඉගැන්නුවා කොහොමද සුද්දන්ව සුද්දියන්ව ටැකල් කරන්නෙ කියලා. සමහර වෙලාවට උනුත් බයයි ඕන දේ ඉල්ලන්න. අන්න එතකොට අපි දැනගන්න ඕන ෆුල් ෆෝවඩ් වෙලා මුලින්ම මුට්ටිය දාල බලන්න. එතකොට බීච් බෝයි කෙනෙක් කියන්නේ සුද්දෙක් සුද්දියක් එක්ක බුදියන එකම නෙවෙයි, උන්ට පළාත ගැන විස්තර කියලා දෙන එක. සූස්තියක් ඕන්නං එහෙමයි, චාලි ටිකක් ඕන්නං එහෙමයි හොයල දෙන එක. ඔය වගේ ඕල් රවුන්ඩ් සේවා සැපයීමක් තියෙන්න ඕන බීච් බෝයි කෙනෙක් වුනහම. මේ හැමදේම රූපෙ තමයි ගුරු මුෂ්ටි නැතුව කියලා දුන්නෙ. ඔයින් මෙයින් මම හික්කා වැල්ලේ කෙළිකාරයන්ව විතරක් නෙවෙයි, වැලිගමට යනකල් හැම සීන් එකේම ඉන්න බුවාලව බුවීලව අඳුනගත්තා.

6. ආතල් රස්තා ජීවිතේ



රූපෙ ගෙනියන ඉන්දියන් ලයින් එක මට සෙට් වුනේ නෑ. ඒ හින්දම මම අනික් කොල්ලො වගේම බීච් ශෝටක් ඇඳලා, රස්තා පාටවල් තියෙන ස්කාෆ් එකක් කොණ්ඩේ වටේ බැඳලා, ඇට මාල දෙකතුනක් දාගෙන උඩට මොකුත් නැතුව බීච් එකේ ඉන්න පුරුදු වුනා. විස්ස පනිනකොට මට වැල්ලේ ගෑණුත් බැල්මට් එක දාන සයිස් එකට පෙනුම තිබුණා. ඇඟත් සුපිරියටම හැදිලා තිබුණා. කොහොමත් මගෙ කැරළි කොණ්ඩේ, කොළපාට ඇස් එක්ක කොල්ලොන්ව හොයන සුද්දෙක් විතරක් නෙවෙයි, සුද්දියෙක් වුනත් වචනෙන් දෙකෙන් නවාගන්න එක ගේමක් නැතුව ගිහින් තිබුණේ.

හැබැයි මේ වෙනකොට අම්මා මගෙන් ඈත් වෙලා තිබුණේ. අපි හිටපු රේල් පාර එහාපැත්තේ හදපු ලෑලි ගෙවල් පේලියේ ගෙදර පාලුවට ගියා. අම්මා වැඩකරන තැන ගොඩක් වෙලාවට නැවතුනු නිසා. මමත් ගෙදර එනවට වඩා එක්කෝ සුද්දෙක් එක්ක රූම් එකකට සෙට් වෙන එක හරි, ඔය කොල්ලෙක්ගේ පොට් එකක නිදාගන්න එක හරි ලේසියි කියලා හිතාගෙන හිටියේ මේ කාලේ. අදටත් අම්මා මාත් එක්ක කතා නෑ.

7. බීච් බෝයි ජීවිතේ ආතල්ම කාලේ!



මේ කාලේ මම ගත්තේ සුපිරිම ෆන් එකක්. උදේට බීච් එකට යනවා. පෙනුමට ඔය ඇට මාල දෙකතුනක් අතේ අරන් යනවා විකුණන්න වගේ. ඊට පස්සෙ ඉතින් සුද්දො සුද්දියො පස්සෙ තමයි. ගොඩක් වෙලාවට මට ටෝක් කර කර ඉන්න වුනෙත් නෑ. මාව දැක්කහම උන්ම ලඟට ඇවිත් සෙට් වෙනවා. සිරා ඩයල් එකක් සෙට් වුනාට පස්සෙ සමහරවිට උන් යනකල්ම මම උන්ගෙ ගයිඩ් සහ බෝයි විදියට ඉන්නවා. ගොඩක් වෙලාවට ඔය හික්කා ලොකු හොටෙල් වල ඉන්න සුද්දෝ සුද්දියෝ මාව උන් එක්කම කාමරේ නවත්තගන්නවා යනකල්ම. ආයි මොනාද, මලක් ගහලා නැත්තං ෂොට් එකක් දාලා සුදියෙ ඉන්න තමයි තියෙන්නේ. ඒ අතරෙම උන්ට බලන්න යන්න ලස්සන තැන්, බඩු ගන්න මරාගෙන කන්නෙ නැති පොට් එහෙමත් මම පෙන්නලා දෙනවා. බඩු ටිකක්, මලක් එහෙම ඕන නං ඒවත් සප්ලයි කරනවා. බීච් පාටි තියෙනකොට ගිහින් එළිවෙනකල් සුපිරි ෆන් එකක් ගන්නවා. ඔහොම තමයි කාලෙ ගෙවුනේ.

මුලදි මුලදි සුද්දො සුද්දියෝ එක්ක නිදාගන්නවනං කොන්ඩම් පාවිච්චි කරනවම තමයි. කොහොමත් හැම වෙලාවකම කොන්ඩම් පැක් එකක් සාක්කුවේ දාගෙන හිටියා. හැබැයි ඕක හැමදාම කරන්න බෑ. සමහර එවුන්ට මල පනිනවා කොන්ඩම් කිව්වහම. ඔයින් මෙයින් මාත් එක්ක ඉන්න එකෙක්ට ඕනැයි කිව්වොත් ඇරෙන්න කොන්ඩම් අනන් මනන් ගැන හිතුවේ නෑ. කොහොමත් ඒ කාලේ ගෙව්වේ හෙට මැරුණත් හිතට සැපයි අද සුදි කරලා ටයිප් එකේ ජීවිතයක්.

8. රූප් විශ්වනාත්ගේ සහ මගේ බීච් බෝයි ජීවිතේ අවසානය



එක දවසක් ආරංචියක් ආවා රූපෙ අය්යා වැල්ලෙ වැටිල ඉඳල හොස්පිටල් ගෙනිහින් කියලා. හැබැයි කොහේද කින්ද මන්ද මොකුත් දැනගන්න ලැබුණේ නෑ. ඒත් සතියක් යනකොට ආරංචිය ආවා රූපෙ අය්යා සමාජ රෝගයක් හදාගෙන, ඒක හංගගෙන ඉඳලා දැන් අන්තිමයි කියලා. පොර අන්තිම කාලේ බීච් බෝයි සීන් එකෙන් අයින් වෙලා හිටියේ. කොහොමත් අපිට පස්සෙ පස්සෙ එහෙම මුණගැහෙන්නවත් වුනේ නෑ. ඒ හින්දා මම වැඩි විස්තරයක් දැනගෙන හිටියෙත් නෑ. අදටත් මම දන්නෙත් නෑ පොරට හැදිලා තිබුණේ ඒඩ්ස්ද නැත්තං වෙන මොකක්හරි සමාජ රෝගයක්ද කියලත්. රූපෙ ඉස්පිරිතාලෙම මැරිලා තිබුණා.

රූපෙගෙ මරණේ එහෙම ලොකුවට දැනුණු සීන් එකක් වුනේ නෑ මට. හැබැයි මම සෑහෙන්න බය වුනා. මේ වෙනකොට මම ගේමක් නැතුව ඕනම සුද්දෙක් සුද්දියෙක් එක්ක නිදාගන්නවා කිසිම ආරක්ෂාවක් නැතුව. මට නිකම් දැනුනා මටත් මේකම වුනොත් මොකද වෙන්නෙ කියලා. ඉතින් හිතලා හිතලා මම තීරණේ කලා මේ වැල්ලෙ සුද්දො පස්සෙ යන ජීවිතේ ඇති කියලා.

මේ වෙනකොට මට බීච් බෝයි ජීවිතේ හින්දම සෑහෙන්න කන්ටැක්ට්ස් හැදිලා තිබුණා. උණව‍ටුනේ හිටියා බීච් පාටි කරන ක්ලබ් හවුස් එකක් අයිති පොරක්. මිනිහා මගෙ බොක්ක. මිනිහා මට ඇත්තටම කීප පාරක් අනතුරු අඟවලත් තිබුණා බීච් බෝයි වැඩේ නවත්තපං කියලා. මම කෙලින්ම ගිහින් පොරට කතා කලහම මිනිහා මට හෙට ඉඳන් රස්සාවට එන්න කිව්වා. පහුවදා ඉඳන් මම කල්බ් හවුස් එකේ බාර්ටෙන්ඩර්ට අත් උදවු දෙන්න පටන් ගත්තා.

9. මං තාමත් වැල්ලේ



අවුරුදු දෙකක් විතර කල්බ් හවුස් එකේ කට්ට කන්න වුනත් අවුලක් තිබ්බෙ නෑ. එකක් මට පුරුදු පරිසරේමයි, පුරුදු වැල්ලමයි. අනික සීසන් එකට හැමදාම වගේ බීච් පාටි සෙට් වෙනවා. අවුරුදු දෙකක් විතර ඕල් රවුන්ඩ් ක්ලබ් එකේ වැඩ කලාට පස්සෙ මගෙ යාලු බුවා මට බාර්ටෙන්ඩර් වැඩේ බාර දුන්නා. ඒ වෙනකොට මම බාර්ටෙන්ඩර් වැඩේ ඇල්පබට් එකම අල්ලගෙන තිබුණේ. හැබැයි මම ඇඳුම වෙනස් කලේ නෑ. උඩට පොඩි ටී ෂර්ට් කෑල්ලක් විතරයි පරණ ඇඳුමට එකතු වුනේ. ඒත් සුද්දො සුද්දියෝ එක්ක පස්සෙන් ගිහින් නිදාගන්න ජීවිතේ සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් රස්සාවක් තියෙන එකේ ඕක කරන්න ඕනමයි කියලා සීන් එකක් තිබ්බෙ නෑ.

තාමත් බීච් පාටියකදී සෙට් වෙන සුද්දෙක් නැත්තං සුද්දියෙක් එක්ක මම නිදාගන්නෙ නැතුව ඉන්නෙ නෑ. හැබැයි මට බොක්කෙන්ම සෙට් වෙන ඩයල් එකක් නං විතරයි. ඉස්සර මේක කලේ සල්ලි වලට වුනාට දැන් මම මේක කරන්නේ සතුටට. ඒකත් සල්ලි වලට නෙවෙයි. ආරක්ෂාව ඇතුව. එහෙම එකක් ඉතින් අවුරුද්දකට දෙක තුනක් තමයි සෙට් වෙන්නේ. හැබැයි ඒකට අවුලක් නෑ.

ඔහොම තමයි මචං මගේ බීච් බෝයි ජීවිතේ පටන් ගත්තෙත්, කෙළවර වුනෙත්. හැබැයි මං තාමත් වැල්ලේ. ඒක වෙනස් වෙන්නේ නෑ. මම ඉපදුනෙත් වැල්ලෙ. මම මැරෙන්නෙත් වැල්ලෙ.

(සත්‍ය ජීවිතයක් පාදක වී තිබෙන අතර නම් ගම් සියල්ල මනංකල්පිත වේ - aniwa.lk)

අලි පැටියා කියා චාටර් වෙච්ච තරුණිය සියල්ල වෙනස් කරගෙන සුන්දර යුවතියක් වූ හැටි



Maddy Ghorob අවුරුදු 29ක තරුණියක්. ඇය දැනට හරියටම අවුරුද්දකට කළින් අවුරුදු 28ක්ම ගෙවුවේ තරබාරු ජිවිතයක්. ඒ කියන්නේ හරියට ඇවිදගන්නවත් බැරි තරමට ඇය මහත් වෙලා ඉඳලා තියෙනවා.

පාසලේ ළමයි ඇයට අලි පැටියා කියලා නමකුත් දාලා. මේ නිසා ගොඩක් ලජ්ජාවට පත්වුණු ඇය කෙට්ටු වෙන්න විවිධ දේවල් කරලා තියෙනවා.

ඇය විදින මේ දුක ගැන තේරුම් ගත් ඇයගේ තාත්තා තීරණය කළා ඇයට සැත්කම් කරන්න.

මේ අනුව සැත්කමක් මඟින් ඇයගේ සිරුරට සිත් අදහාගත නොහැකි වෙනසක් කිරීමට වෛද්‍යවරුන්ට හැකිවෙලා තියෙනවා.

බලන්න මේ ඉස්සර ඇය.









මේ සැත්කම කළාට පසුව











මොන්ටිසෝරි වලියක් ගුරුවරිය විසඳපු හැටි මෙන්න

ළදරු පාසලක ළමුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එකතුකර තිබෙනවා.

මෙහි වැදගත්කම වනුයේ එම ළමුන් මෙහෙයවන ගුරුවරියගේ ක්‍රියා කළාපයයි.

ඇය ඉතාමත් සුපරික්ෂාකාරී අයුරින් බුද්ධිමත්ව හා කාරුණිකව අදාළ ගැටළුව විසඳන්නේ ළමුන්ටම හරි වැරැද්ද ඒත්තු ගැන්වීමෙනි.

ළමුන්ගේ අනන්‍යතාව හෙළිවුන ද මෙය හුදු විනෝදය පමණක් කැටිවුන වීඩියෝවක් නොවන නිසාත්, සමාජයට මෙයින් ආදර්ශයක් ගත හැකි නිසාත් අප වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කළා.

අදාළ වීඩියෝව පහතින්.

nursery-school-pre

27 November, 2016

පුංචි අමිමාගේ නොසැලකිල්ලෙන් සැණකෙළියකදි අතුරුදහන්වු දැරිය

ති‍්‍රරෝද රථයක දෙමාවිපියන් නොමැතිව තනිවම සිටි අවුරුදු දෙකක සිගිත්තියක් එම ති‍්‍රරෝද රථ හිමියා විසින් ඊයේ (26.11)රාති‍්‍ර හැටන් පොලිසියට භාර දි තිබෙනවා.

හැටන් ශ‍්‍රීපාද විද්‍යාල කි‍්‍රඩාංගණයේ සැණකෙළියක් නැරඹිමට ගිය හැටන් ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියදුරෙකු වශයෙන් කටයුතු කරන සුනිල් සිල්වා මහතා සැණකෙළිය නරඹා ආපසු තම ති‍්‍රරෝද රථය වෙත රාති‍්‍ර 8.30 ට පමණ පැමිණෙන අවස්ථාෙවි ති‍්‍රරෝද රථයේ පිටුපස අසුනේ අයිතිකරුවෙකු නොමැති කුඩා දැරියක් පිටු පස අසුනේ වාඩි වි සිටි බවයි. 

පසුව එම දැරියව හැටන් පොලිසිය වෙත ගෙනවිත් භාර දි තිබෙනවා.

හැටන් පොලිසිය මගින් සැණකෙළි භූමියේ සවිකර ඇති ශබිද විකාශන යන්ත‍්‍ර මගින් ළමයා පිළිබදව දැනුම් දුන්නත් ළමයාගේ හිමිකාරයෙක් ඉදිරිපත් වි නැහැ. 

පසුව රාති‍්‍ර 12.00 ට පමණ තම දරුවා සැණකෙළි භූමියෙදි අතුරුදහන් වි ඇතිබව එම දැරියගේ මව සහ ඥාතින් විසින් පැමිණීළි කිරිමට පැමිණි අවස්ථාෙවි එම දැරිය හැටන් පොලිසියේ නිළධාරින් භාරයේ සිටියදි හමුවි තිබෙනවා. 

සිය පුංචි අමිමා විසින් මෙම දැරියව රැුගෙන විත් ගාල්කර තිබු ති‍්‍රරෝද රථයක වාඩිකර සැණකෙළිය නරඹා පැමිණ බලන අවස්ථාෙවි එම ති‍්‍රරෝද රථය එම ස්ථානයේ නොතිබුණ නිසා ඔහුන් පදිංචි හැටන් වතුයායට ගොස් මේ පිළිබදව දැනම්දි මෙන් පසුකලබල වු දෙමවිපියන් හැටන් පොලිසියට පැමිණීළි කිරිමට පැමිණි අවස්ථාෙවි තම දරුවා පොලිසිය භාරයේ සිටි බවයි එම දැරියගේ මව පවසන්නේ.

දරුවන් පිළිබද මිට වඩා සැලකිලිමත් ලෙස කටයුතු කරන ලෙස හැටන් පොලිසියේ නිළධාරින් විසින් එම දැරියගේ මවට සහ ඥාතින්ට අවවාද කර දැරියව මවට භාරදෙනු ලැබුවා. 

මෙසේ පොලිසිය විසින් දෙමාවිපියන්ට භාරදෙනු ලැබුෙවි හැටන් වතුයායේ පදිංචි එස්. ජනර්තනි නැමති දැරියවයි.

aunt-thoughtlessly-girl-missing-at-carnival-2

aunt-thoughtlessly-girl-missing-at-carnival-1

-රූපවාහිනි

අනූජ නිළියෝ එක්ක ගන්න සෙල්ෆි එෆ් බී දාන්න බය ඇයි?

අනූජ් පහුගිය දවස්වල ඕස්‍ෙටි්‍රලියාවේ කරක් ගහනවා අපි දැක්කා.

ඔව්. පසුගියදා පටන්ගත්ත උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ වස්සානයේ සඳ චිත්‍රපටය සඳහා රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ සහාය අධ්‍යක්ෂ ඩොනල්්ඩ් ජයන්ත, අයේෂ්මන්ත වගේ අයවත් විශේෂයෙන් මතක් කළ යුතුමයි.

ඕස්ට්‍රේලියා ගමන හමාර කළා විතරයි අලුත් වැඩක් හම්බවුණාලු නේද?

මේ දවස්වල හැදෙන ගොඩක් චිත්‍රපට කමර්ෂල් ඒවනේ්. මට හම්බුවුණා සම්භාව්‍ය චිත්‍රපටයක රඟපාන්න. ඒ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ චිත්‍රපටයක. ඒකේ චරිතය නැෂනල් ඇඳපු අමුතු කැරැක්ට් එකක් කරනවා.

ඒ කියන්නේ මේ කාලේ අනූජගේ බඹරෙත් වැල්ලේ කැරකෙනවා එහෙමද?

මම කාලයක්ම හෙමින් ගමනක් ආපු කෙනෙක්. මුලින්ම චන්ද්‍රම් රත්නම් මහත්මයාගේ මේ වගේ ආදරයක් චිත්‍රපටයට කතා කළා එහි රඟපාලා ටික කාලයක් ගියා. ඔව්. මං හිතන්නේ දැන් හොඳම කාලේ.

ඇතැම් අයට රංගනයේ සුපිරි තැනකට එන්න රියැලිටි බලපෑවා නේද?

ඔව්. එක එක අයට ලැබෙන විදිහ. මට ඒ දවස්වල ඒ රියැලටි චාන්ස් වැදුණා නම් කලින්ම හිට් වෙන්න තිබුණා. ඒත් ළඟදිම හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි තරගයේදී මගේ වැඩ බලාගන්න පුළුවන්.

"මේ වගේ ආදරයක්" චිත්‍රපටයේ රඟපාපු දිනක්ෂි අනූජ්ට වඩා ගොඩක් ජනප්‍රිය හින්දා ඔබව යටපත් වුණා වගේද?

මම එහෙම හිතන්නේ නෑ. මොකද ඒ දවස්වලත් දිනක්ෂි ගොඩාක් ජනප්‍රියයි. අනෙක ඒක මගේ මුල්ම රංගනය. මුල්ම රංගනය ඇය වගේ කෙනෙක් එක්ක කරන්න ලැබීම සතුටක්.

නිරූපණයෙන් රංගනයට එන ගමන වේගවත් නොවුණත් හොඳ අධ්‍යක්ෂවරු ඔබට ලැබුණා.

ඔව්. මං ඉස්කෝලේ යන කාලේ ආසයි මං පියාඹන්න බලන්න ගිය වෙලාවක මටත් හිතුණා උදයකාන්ත අයියාගේ චිත්‍රපටයක රඟපාන්න. ඉතින් කාලෙකට පස්සේ ඒ අවස්ථාව මට ලැබුණා. බර්මින් ලයිලි මහත්තයාගේ නිර්මාණයට අවස්ථාව ලැබුණෙත් අන්න ඒ විදියටයි.

ඕනෑම අධ්‍යක්ෂවරයෙක් දෙන අභියෝගයක් සුටුස් කියලා භාරගන්නවා කියලයි අනූජ ප්‍රසිද්ධ.

මං උදයකාන්ත අයියාගේ චිත්‍රපටයේ රඟපාපු පැරලයිස් කැරැක්ට් එක රිදී තිරයේ ලොකු වෙනසක් කරයි කියලා හිතනවා. මං ඒ කැරැක්ට් එක කරන්න යූ ටියුබ් එකේ වීඩියෝ ගණනාවක් බැලුවා.

එහෙම කැපවීමක් තියෙන අනූජ බය දේවලුත් තියෙනවලු. අනූජ නිළියෝ එක්ක ගන්න සෙල්ෆි එෆ් බී දාන්න බය ඇයි?

anuj-ranasinghe-paper-article

නදිෂ් නිර්මාණ හේරත්-මව්බිම

26 November, 2016

බාල වයස්කාර දියණියන් දෙදෙනාට අතවර කළ පියා අත්අඩංගුවට

බාල වයස්කාර තම දියණියන් දෙදෙනා අස්වාභාවික ලිංගික ක්‍රියාවලට යොදාගත් බව කියන 36 හැවිරිදි පියකු වාද්දුව පොලිසිය මඟින් වාද්දුව වේරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක අනියම් කම්කරුවෙකි.

බාල වයස්කාරියන් දෙදෙනා අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන්ගේ මව විදෙස් රටක රැකියාව කරන්නියකි.

පියා පසුගිය අප්‍රේල් මාසයේ සිට තමන්ව මේ අසම්මත ලිංගික කටයුතුවල යොදාගත් බව එම බාලිකාවන් දෙදෙනා පොලිසියට පවසා තිබේ.

අතවරයට ලක්වූ බාලිකාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පානදුර කාන්තා රෝහලට ඇතුළත්කර තිබේ.

වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් මත වාද්දුව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

rape-case-meerigam

කළුතර _ රූපරත්න පියදාස_මව්බිම

බහුබාලි ලීක් වුණ වීඩියෝව මෙන්න

bahubali-2

බහුබාලි චිත්‍රපටය ගිය අවුරුද්දේ අදායම් වාර්තා අලුත් කරමින් සාර්ථකව තිරගත වුණා.

මේ චිත්‍රපටයේ දෙවැනි කොටසේ පුහුණු වන Graphic Designer කෙනෙක් වශයෙන් වැඩ කළ තරුණයෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුගේ නම Krishna Dayanand Chowdary.

බහුබාලි චිත්‍රපටයේ අධ්‍යක්ෂක විසින් හයිද්‍රාබාද් Cyber Crime පොලිසියට පැමිණිල්ලක් කරමින් කියලා තියෙනවා බහුබාලි 2 චිත්‍රපටයේ වීඩියෝ දර්ශන අවසරයකින් තොරව කිසියම් කෙනෙක් විසින් අන්තර්ජාලයට මුදා හැරලා කියලා.

මේ අනුව පරීක්ෂණ සිදුකළ ACP Cyber Crimes පොලිසිය සොයාගෙන තියෙනවා මේ වීඩියෝ දර්ශන සොරකම් කරලා තියෙන්නේ Krishna Dayanand Chowdary කියලා.

Annapurna studio එකේ තියෙනවා server එකට ලොග් වෙලා තමා මේ වීඩියෝ ඔහු අරගෙන තියෙන්නේ.

මේ පුද්ගලයා එම වීඩියෝ සිය ජංගම දුරකතනයට ලබා ගැනීමෙන් පසුව යාළුවෝ දෙන්නෙක්ට මේ වීඩියෝ ලබා දීලා. ඉන්පසුව ඔහු සිය ජංගම දුරකතනයෙන් මේ වීඩියෝ delete කරලා.

Krishnaගෙන් ලබා ගත් තොරතුරු අනුව මේ වීඩියෝ සියල්ල Youtube එකෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර අරගෙන තියෙනවා.

13 ශේ‍ර්ණියේ සිසුවාට පිහියෙන් ඇනපු 11 ශේ‍ර්ණියේ සිසුවා

තෙල්දෙණිය පාසලක 13 ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකුට එම විදුහලේ 11 ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු පෙරේදා (22දා) පාසල් කාලයේදී වම් අතට පිහියකින් ඇන බරපතළ ලෙස තුවාල සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම සිසුවා තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්. පරික්ඩීන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

පිහි ඇනුමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවා තෙල්දෙණිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

තුවාල ලැබූ එම ශිෂ්‍යයා තෙල්දෙණිය වේඬරුව පදිංචි අවුරුදු 17ක ශිෂ්‍යයෙකි.

තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

rajagiriya-royal-student-abused

තෙල්දෙණිය - කේ. නිශ්ශංක_මව්බිම

ලොව කඩවසම්ම නළුවන් අතර රිතික් තුන්වැනි තැන (Photos)

tom-cruise-robert-pattinson-hrithik-roshan

ලොව කඩවසම්ම නළුවන් දස දෙනා 
worldstopmost නැමැති ප්‍රසිද්ධ වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

ඉන්දියානු සුපිරි තරු රිතික් රෝෂන් මෙහි තෙවැනි ස්ථානයේ සිටීම විශේෂත්වයක්.


1. ටොම් කෘෘස් (Tom Cruise)

tom-cruise


අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්
උපන් දිනය - 1962 ජූලි 03
වයස - 54


2. රොබට් පැටින්සන්ස් (Robert Pattinson)

robert-pattinson-2


ඉංගීසි ජාතික රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1986 මැයි 16
වයස - 30

3. රිතික් රෝෂන් (Hrithik Roshan)


hrithik-roshan


ඉන්දියානු ජාතික රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1974 ජනවාර් 10
වයස - 42

4. ජොනී ඩෙප් (Johnny Depp)


johnny-depp

අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ සංගීතඥයෙක්.
උපන් දිනය - 1963 ජූනි 09

වයස - 53

5. ටොම් හිඩ්ල්ස්ටන් (Tom Hiddleston)

tom-hiddleston


අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ සංගීතඥයෙක්.
උපන් දිනය - 1981 පෙබරවාරි 09
වයස - 35

6. ඔමාර් බෝර්කන් අල් ගාලා (Omar Borkan Al Gala)

omar-borkan-al-gala


ඉරාක ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1989 සැප්තැම්බර් 23
වයස - 27

7. සල්මාන් කාන් (Salman Khan)

salman-khan


ඉන්දියානු ජාතික රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1965 දෙසැම්බර් 27
වයස - 50

8. බ්‍රෑඩ් පිට් (Brad Pitt)

brad-pitt


අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්.
උපන් දිනය - 1963 දෙසැම්බර් 18
වයස - 52

9. හියු ජැක්මන් (Hugh Jackman)

hugh-jackman


අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක්.
උපන් දිනය - 1968 ඔක්තෝබර් 12 
වයස - 48

10. බිලී අන්ගර් (Billy Unger)

billy-unger-2


අමෙරිකානු ජාතික රංගන ශිල්පියෙක්.
උපන් දිනය - 1995 ඔබ්තෝබර් 15 
වයස - 21