26 November, 2016

බාල වයස්කාර දියණියන් දෙදෙනාට අතවර කළ පියා අත්අඩංගුවට

බාල වයස්කාර තම දියණියන් දෙදෙනා අස්වාභාවික ලිංගික ක්‍රියාවලට යොදාගත් බව කියන 36 හැවිරිදි පියකු වාද්දුව පොලිසිය මඟින් වාද්දුව වේරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක අනියම් කම්කරුවෙකි.

බාල වයස්කාරියන් දෙදෙනා අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන්ගේ මව විදෙස් රටක රැකියාව කරන්නියකි.

පියා පසුගිය අප්‍රේල් මාසයේ සිට තමන්ව මේ අසම්මත ලිංගික කටයුතුවල යොදාගත් බව එම බාලිකාවන් දෙදෙනා පොලිසියට පවසා තිබේ.

අතවරයට ලක්වූ බාලිකාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පානදුර කාන්තා රෝහලට ඇතුළත්කර තිබේ.

වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් මත වාද්දුව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

rape-case-meerigam

කළුතර _ රූපරත්න පියදාස_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බාල වයස්කාර දියණියන් දෙදෙනාට අතවර කළ පියා අත්අඩංගුවට"

    Post a Comment