02 August, 2017

බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට පියවර

Rishad Bathiudeen - 02

පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ "නව නියාමන බද්ද" මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙරට පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය ජුලි මස පළවෙනිදා (01) සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට අපනයනය කරන බුලත් සදහා කිලෝ ග්රෑමයකට ශ්‍රී ලංකා රුපියල් 291 ක නව නියාමන බද්දක් පනවා ඇති අතර එම නිසා දේශිය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද තම නිෂ්පාදන අළෙවි කරගතනොහැකිව දුෂ්කරතාවයට පත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශිය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටඵ විසදා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවත්, මේ සදහා කඩිනම් සහනයක් තමා පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස්වරයා හරහා පාකිස්ථානු රජයෙන් බලාපොරොත්තු වන බවත්ය. මේ පිළිබදව විසඳුමක් බුලත් ගොවියාට ලැබෙනතුරු තමා මේ පිළිබදව පෞද්ගලිකවම සොයා බැලීමටද කටයුතු කරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසීය. මේ පිළිබදව සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පලකරන ලදි.

මෙම සාකච්ඡාව සදහා සහභාගීවූ පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා පවසා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දේශීය බුලත් ගොවියා හා බුලත් අපනයනකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වී මෙලෙස තමා හරහා තම රජයට කල ඉල්ලීම පිළිබදව ඉක්මන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් මේ අනුව ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ බුලත් ගොවියාට සතුටුදායක පිළිතුරක් ලබාදීමට හැකිවෙතයි තමා අපේක්ෂා කරන බවත් මෙහිදී නියෝජ්‍ය මහකොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසීය.

රංගන පසුකොට අශ්වින් ඉහළට

Ravindra Jadeja - Rangana Herath - Ravichandran Ashwin

ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ප්‍රථම ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා සිටියේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ය. ශ්‍රී ලංකාවේ රංගන හේරත් සහ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටියේය.

නමුත් ශ්‍රී ලංකාවට ලකුණු 304ක දැවැන්ත පරාජයක් සමඟින් පළමු ටෙස්ට් තරගය අවසන් වූ අතර එහි ඉනිම දෙකේ දී ම ජඩේජා විසින් දවා ගත් කඩුලු ගණන 6කි. රංගන විසින් තරගය තුළ දී දවා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණි. අශ්වින්ට කඩුලු 4ක් හිමි විය.

ඒත් සමඟින් රංගන පසුකොට ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණෙන්නට අශ්වින් සමත්වූ අතර ජඩේජාගේ ස්ථානය නොවෙනස්ව පවතී. පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ චේතේශ්වර් පුජාරා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සිටින තිදෙනාම සුදු ජාතිකයන් වන අතර පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ටත්, දෙවන ස්ථානය එංගලන්තයේ ජෝ රූට් හටත්, තෙවන ස්ථානය නවසීලන්තයේ කේන් විලියම්සන් හටත් අත්ව ඇත.

තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයන් අතුරින්ද දෙවන සහ තෙවන ස්ථාන ලබාගෙන ඇත්තේ ජඩේජා සහ අශ්වින් ය. පළමු ස්ථානයේ පසුවන ෂකීබ් අල් හසන්ගේ ස්ථානය නොවෙනස්ව පවතියි. (By Asanka Hadirampela​ - ද පපරේ)

01 August, 2017

"මට පාඩුවේ ඉන්න දෙන්න ජරා සෙල්ලම් වලට මගේ නම ගාවන්න එපා" PORN කතාවට හිරුණිකා පිළිතුරු දෙයි

Hirunika Premachandra - Porn Story

ගොසිප්වෙබ් අඩවි වල පළවන පුවතක් සම්න්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. තමා මාතෘ නිවාඩු ලබාගෙන සිටින බවත්, ගොසිප් වෙබ් අඩවිල පළවන කිසිදු පුවතක සත්‍යතාවක් නොමැති බවත් ඇය මෙහිදී කියා තිබුණා.

මේනකා පීරිස්වත්, දිනක්ෂිවත් විවාහ කරගන්න මම කැමති නැහැ – Exclusive

Dave Surendra
@දේව් සුරේන්ද්‍ර

මොනවද අලුත් විස්තර..?මේ දවස්වල දෙවැනි ඉනිම නාට්‍යයත් එක්ක ඉන්නේ.. ඉතිං ඒ රංගන කටයුතු කරගෙන යනවා.

දෙවැනි ඉනිමේ ධනුකගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?ධනුකට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා.. ඇත්තටම කියනවානම් ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා මේ කතාව නිසා. හැමෝම අදුරනවා.

මේ දවස්වල කරළියට ඇවිත් තියෙන නිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝ ගැන මොකද හිතන්නේ..?කළාට කමක් නෑ. ඒත් ගැලපෙන්නේ නැති විදිහට නිරුවත පෙන්වන එක හරියන්නේ නෑ. මොකද සිංදුවට ගැලපෙන්න ඕනේ.. වචනවලට කිසිම ගැලපිමක් නැතිව මියුසික් විඩියෝස් කරන එක මම හිතන්නේ හරියන්නේ නෑ කියලයි.

හරි ඔබටත් ඒ වගේ ආරාධනාවක් කළොත් බාරගන්නවද…?මම බාරගන්නේ නෑ.. මම මගේ නිරුවත පෙන්වන්න කැමති නෑ.

ඔබ ආදරවන්තයෙක්ද..?නැහැ.

පියුමි හංසමාලී, මේනකා පීරිස්, දිනක්ෂි ප්‍රියසාද්, අතරින් කෙනෙක් ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් කාටද කැමැත්ත දෙන්නේ…?පියුමි හංසමාලිටවත්, මේනකාවවත්, දිනක්ෂිටවත් විවාහ කරගන්න මම කැමති වෙන්නේ නෑ.

අද රංගන ක්ෂේත්‍රෙය් ඉන්න හුඟක් අයගේ විවාහ ජිවිත අවුල් වෙලා තියෙනවා.. ඔබ දකින්නේ මොකක්ද ඒකට හේතුව.. ?තේරුම් ගැනීම නැතිකම තමයි.. ආදරය කියන්නේ විශ්වාසය මත පවතින දෙයක්. අනිත් කෙනාව තේරුම් ගන්න ඕනේ.. ඒ තුලින් තමයි බැඳීමක් පවතින්නේ.

හරි ඔබ ආදරේ කරලා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ එකට ඉන්න බැරි වුණොත් අයින් වෙනවද..?
මම විවාහ වෙන්නේ අයින් වෙන්න බලාගෙන නෙවෙයි. මොකද මම හරි කෙනාව තමයි මගේ ජීවිතේට ළංකරගන්නේ. ඉන්නම බැරිනම් අයින් වෙන එක තමයි කරන්න ඕනේ.

Facebook එකෙන් ආදර යෝජනා එහෙම ඇවිත් නැද්ද..?අපෝ නැහැ..

ඉදිරි බලාපොරොත්තු මොනවද..?බලාපොරොත්තු රංගනයට දායක වෙලා හොද ගමනක් යන්න තමයි.. මිනිස්සු එක්ක ඉන්න.. හැමෝම එක්ක හොඳින් ඉන්න තමයි බලාපොරොත්තුව..

ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා දෙරණටත්.. සාරංග අයියවත් මතක් කරන්න ඕනේ අනිිවාර්යෙන්ම. අපි මේ හැමදේම පවුලක් වගේ එක කණ්ඩායමක් විදිහට එකට ඉඳගෙන කරනවා. ඒකයි හැමදේකම සාර්ථකත්වය.. තවත් හොඳ වැඩ බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

වයස යනු ඉල­ක්ක­මක් පමණි

Aged women - Age is only a number

ලෝපරසිඳු ලේඛක අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා හා මුහුද නවකතාවේ කතා නායකයා සංතියාගු. ඔහු වියපත් ධීවරයෙක්. එහෙත් මුහුදු රස්සාව අතහරින්නෙ නැහැ. දිනක් මුහුදෙදි ඔහුට යෝධ තල්මහෙක් අහු වෙනවා. තල්මහා ගොඩට අරන් එන්න ඔහු කරන අරගලය තමා නවකතාවට පසුබිම් වී තිබෙන්නේ. හෙමිංග්වේ මේ කතාව මගින් කියා පාන්නේ ආත්ම ශක්තියත් ශිල්ප ඥානයත් ඇති වියපත් මිනිසකුට යෝධ තල්මසකු වුවත් මෙල්ල කිරීම අසීරු නොවන බවයි. එහෙමත් නැත්නම් අධිෂ්ඨානශීලී මිනිසකුට වයස යනු ඉලක්කමක් පමණක් බවයි.

වියපත් විය යනු කඳුළේ සුසුමේ හා අසරණභාවයේ සිපිරි ගෙදර තුළ හුදකලාවේ ගෙවී යන දුක්බර සමයක් ලෙසයි අද වියපත් බොහෝ දනන්ගේ මතය වී තිබෙන්නේ. වැඩඩිහිටි පරපුරට අත් වී තිබෙන කනගාටුදායක ඉරණම පිළිබඳ අපේ රටද ඇතුළු බෙහොමයක් රටවලින් අහන්න ලැබෙන ඇතැම් දුක්බර පුවත් දිහා බලන කොට වැඩිහිටියන්ගේ සිත් තුළ මුල් බැස ඇති මේ සිතිවිල්ල සාධාරණය කියාත් හිතෙනවා.

ඒත් මේ වියපත් සමාජය පිළිබඳ කතාවේ එක පැත්තක් විතරයි. දුක වේදනාව හා අසුබවාදී පුවත්ම විකුණාගෙන කන තරමේ බාල තත්ත්වයකට ඇද වැටී තිබෙන වත්මන් ජනමාධ්‍යයට නොපෙනෙන සුබවාදී සිදුවීම් ලෝකයේ කොයි තරම් සිදුවෙමින් පවතිනවාද කියා දැන ගන්න නම් අපි මේ මාධ්‍ය විලංගුවෙන් මිදිලා සැබෑ ලෝකය දෙස දෑස් විවර කර බලන්න ඕනා.

‘වයස ඉලක්කමක් විතරයි’ කියන ආදර්ශ පාඨය වටා අද ලෝකයේ වැඩිහිටි ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් එක් රොක් වී සිටින බව වත්මන් වැඩිහිටි සමාජයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න අන්තර්ජාලය පැත්තේ පොඩි විපරමක යෙදුණොත් ඔබට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වේවි. ඒත් එක්කම ඔබට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිද්ධ වෙන අනිත් කාරණය තමා ලෝකය ඉතා වේගයෙන් වියපත් වෙමින් පවතින බව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීමට අනුව වසර 2050 වන විට අවුරුදු 60ට වැඩි ලෝක ජනගහනය බිලියන දෙකක් ඉක්මවනවා. එය 2000 වසරේ ලොව විසූ වැඩිහිටි ජනගහනය මෙන් තුන් ගුණයකටත් වැඩි බවයි ඔවුන් පවසන්නේ. ඉතිහාසයේ ප්‍රථම වරට 2050දී 60ට වැඩි ජනගහනය විසින් අවුරුදු 15ට අඩු ජනගහනය ඉක්මවනු ලබන බව වැඩි දුරටත් එම වාර්තාව පෙන්වා දෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසි, වියපත් හා වැඩිහිටි ආදි නානාප්‍රකාර ගෞරවනීය නාමයන්ගෙන් හඳුන්වනු ලබන මහලු සමාජයේ සුබසාධනය කෙරෙහි අද සමස්ත ලෝකයේම පාහේ අවධානය යොමු වී තිබෙන්නේ මෙවන් පසුබිමක් යටතේයි. අද ලෝක මට්ටමින් සලකා බලන විට වැඩිම වැඩිහිටි ජනගහනයක් වෙසෙන රට හැටියට පිළිගැනෙන්නේ ජපානය. ජපන් ජනගහනයෙන් සියයට විසිහතක් පමණ අවුරුදු 65ට වැඩි අය බවයි හෙළි වී තිබෙන්නේ. 2030 වන විට එය සියයට 32ක මට්ටමට ළඟා වන බවත් පැවසෙනවා. ඊට අමතරව වැඩිහිටි ජනයාට ඉහළින්ම සලකන රට හැටියට ප්‍රථම ස්ථානය දිනා සිටින්නේ ස්විඩනයයි. නරකම සැලකිල්ල සහිත රට බවට ඇෆ්ගන්ස්ථානය පත්ව තිබෙනවා.

මෙසේ වියපත් ජනගහනය මේ ආකාරයෙන් ලෝකය පුරා වර්ධනය වෙමින් සිටිය දී මිනිසකුගේ වයස යනු ඉලක්කමක් පමණක්ය යන තේමාව මුල් කර ගනිමින් ලෝකයේ රටවල් රැසක් විවිධ වැඩසටහන් පවත්වාගෙන යන බව අපට දැන් අසන්න දකින්න ලැබෙනවා. මෑතක දී චීනයේ තියාන්ජිං නගරයේ පවත්වපු The Grand Bikini Event තරගය මීට කදිම නිදසුනක්. අවුරුදු 55න් ඉහළ කාන්තාවන් සඳහා පවත්වපු මේ තරගයට ඉදිරිපත් වූ වයස්ගතම කාන්තාව වන 78ට හැවිරිදි මා ජිංග්. ඇය සිනහමුසු මුහුණින් යුතුව මෙසේ කියා තිබුණා. ‘‘ මා දෙවරක් පිළිකා රෝගය වැළඳුණු කෙනෙක්. ඒත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු අත හැර නැහැ.’’වැඩිහිටි කාන්තාවන් 400ක් සහභාගි වූ මේ තරගයේ අරමුණ වී තිබුණේ තම සිරුර පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම හා වියපත් වීම කෙරෙහි සුබවාදි ආකල්පයක් වර්ධනය කිරීම බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණා.

මෙවැනි දිරි ගැන්වීමේ තරග බහුල වශයෙන් කාන්තාවන් සඳහාම පැවැත්වීමද ලොව පුරා දැකිය හැකි සුලබ ලක්ෂණයක්. පිරිමියාට වඩා වේගයෙන් කාන්තා පක්ෂයේ ශාරිරික හා මානසික තත්ත්වයන් පිරිහීම මෙයට හේතුව විය හැකියි. ලොරේන් හර්ටන් නම් 73 හැවිරිදි අමෙරිකානු නිළිය හා නිරූපිකාව යට ඇඳුම් වෙළෙඳ දැන්වීමකට පෙනී සිටිම පිළිබඳ මතබේදාත්මක තත්ත්වයක්ද පසුගිය කාලයේ පැන නැඟුණා. එහෙත් ලෝක ප්‍රකට විලාසිතා සඟරාවක් වන ‘වෝග්’ ඇය හැඳින්වූයේ බාධක බිඳලූ නිරූපිකාවක් ලෙසයි.

අයිරින් අෆ්ෆෙල්ගේ වයස අවුරුදු 94යි. ඇය ඕස්ටේ‍්‍රලියන් කතක්. ඇය අදත් විවිධ වෙළෙඳ දැන්වීම් සඳහා ඇගේ රුව ඉදිරිපත් කරනවා. ඇයට තිබෙන ඉල්ලුම වියපත් වීම නිසා අඩු වී නැති බවයි ඇය පවසන්නේ. ඒ වගේම 63න් හැවිරිදි ක්‍රිස්ටි බින්ක්ලිද තරගකාරී වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටිමින් ඇගේ කීර්තිය ලොව පුරා පතුරුවන නිරූපිකාවක්. මෑතක දී ඇය Sports Illustrated නම් ප්‍රකට සඟරාවේ කවරය සරසන දැන්වීමකට පෙනී සිටීමට සමත් වීම වයස ඉලක්කමක් පමණය යන පාඨයේ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

මෙබඳු සුබවාදී සිදුවීම් ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැවතීම සතුටට කරුණක් බව සැබැයි. ඒත් සමස්තයක් හැටියට ගත්තහම ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් තවමත් වෙසෙන්නේ බිය සංකාව හා අසරණකම ආදි පීඩනයන්ගෙන් බැට කමිනුයි. එවැනි වැඩිහිටියන් කිහිප දෙනෙක් තම හැඟීම් ලොවට කියා පා ඇති සැටි පෙන්වා දීමත් අපේ වගකීමක්. මේ අය අයත් වන රටවල් සඳහන් වී තිබුණේ නැහැ. එහෙත් ඔවුන්ගේ මුහුණු හා ඇඳුම්වලින් ඔබට ඒ ගැන අනුමාන කර ගත හැකි වේවි. 80 හැවිරිදි පෙඩ්රෝ වේගා මෙහෙම කියනවා. ‘‘මට තියෙන ලොකුම බය මට කෑම හිඟ වී වැඩ කරන්න ශක්තිය නැති වෙයි කියලයි. අපේ ගම්වල මං වගේ වයසක මිනිස්සු කාගෙවත් හව්හරණකින් තොරව මැරී යනවා.

ඔබ වයසට යන විට කවුරුවත් ඔබව ගණන් ගන්නේ නැහැ.’’ මේ එවන් තවත් වියපත් කෙනෙක් කියන කතාවක්. ඇය 82 වියේ පසුවන ඉන්ගි‍්‍රඩ් ෆෝස්ටඩ් ‘‘මට බය මගේ මානසික හා ශාරිරික ශක්තිය පිරිහී එකතැන් වන තත්ත්වයකට පත් වෙයි කියලයි. වයසක අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමා හුදෙකලා ජීවිතයක් ගත කරන්න සිද්ධ වීම.’’ හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනවානෙ. අපි මේ සුබවාදී තොරතුරු දිහා වගේම අසුබවාදී තොරතුරු දිහාත් උපේක්ෂාවෙන් බලමු. (කමල් පෙරේරා - දිනමිණ)

ගාල්ලේ වැල්ලෙන් තවත් කවපෙත්තෙක් - මාලිංගගේ හිස්තැන පුරවන්න එන පොඩි මාලිංග ...!

Nuwan Thushara - Malinga Duplicate

වයස අවුරුදු 23න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එහිදි එක් යොවුන් වේග පන්දු යවන්නෙක් රටෙහිම අවදානය දිනා තිබෙනවා.

ඒ ඔහු ප්‍රවීන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වෙන් පන්දු යවන නිසා.

නමින් නුවන් තුෂාර වන මෙම ක්‍රීඩකයාගේද ගම් පළාත ගාල්ල දිස්ත්‍රීක්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ වේ.

තලාව කණිෂ්ඨ විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඇති නුවන් තුෂාරද ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ ටෙනිස් පන්දුවෙන්.

ක්‍රිකට් ක්ෂේත්‍රය ඔහු හදුන්වන්නේ "පොඩි මාලිංග" යන අන්වර්ථ නමින්.

නුවන් තුෂාර පන්දු යවන අයුරු පහත වීඩියෝවෙන්.



(දර්ශන අනුග්‍රහය Papare Cricket ෆේස්බුක් පිටුවෙන්)

ගාල්ලේ සුපිරි හෝටලයක පූල් එකක කෝලිගේ කොල්ලෝ ෆන් ගත්තු හැටි (Photo)

Virat Kohli- Yuvraj Singh - KL Rahul - 02

ලංකාවයි ඉන්දියාවයි මේ දවස් ටෙස්ට් තරඟාවලියක නිරතවනවා. ගාල්ලේ පැවැත්වුණු මේ තරඟාවලියේ පළමු තරඟයේ ජය හිමිවුනේ ඉන්දියාවට. තරඟ ජයග්‍රහණයෙන් පස්සේ ඉන්දියානු කණ්ඩායම මහත් උද්මාදයෙන් සිය සතුට සැමරුවා.

ඉන් පස්සේ ඉන්දියානු කණ්ඩායමට දින තුන හතරක විවේක කාලයක් හම්බුණා. මේ කාලෙදි ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි, කේ එල් රාහුල් යන ක්‍රීඩකයින් දකුණු පළාතේ සුපිරි හොටලයක පිහිනුම් තටාකයක විනෝදයෙන් කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා..

Virat Kohli- Yuvraj Singh - KL Rahul
Virat Kohli- KL Rahul
Virat Kohli- KL Rahul - 03
Virat Kohli- KL Rahul - 02

Sleep Aphoea තත්ත්වයෙන් ඔබ ගලවාගන්න Neogia

Neogia - Sleep Aphoea

ඉතා අනතුරුදායක හදිසි රෝගී තත්ත්වයක් වන නින්දේදී ශ්වසනය නතර වන "අප්නිය" තත්ත්වයෙන් රෝගීන් මුදවාලීමට උපකාරි වන ස්මාට් අත් ඔරලෝසුවක් "නියෝජියා" නමින් ලොවට හඳුන්වාදී තිබෙනවා. 

අප්නිය තත්ත්වය නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග, මොළයට හානි සිදුවීම, දියවැඩියාව සහ අධික නිද්‍රාව වැනි තත්ත්වයන් හට ගන්නවා. මෙම නියෝජියා අත් ඔරලෝසුවට එම තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. (මව්බිම)

බාල වයසේ විවාහවලින් 46% ක්ම දකුණු ආසියාවෙන්

බංග්ලාදේශයෙන් ළමා විවාහ තුරන් කර දැමීමේ ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇත.

කලින් පැවති තත්වය සමඟ සාපේක්ෂව බලන විට බංග්ලාදේශයේ ළමා විවාහ දර්ශකයේ අඩුවක් පෙන්නුම් කෙරුණත් එය දකුණු ආසියාවේ ළමා විවාහ වැඩියෙන්ම වාර්තා වෙන රටයි.

එම සමාජමය ප්‍රශ්නය අවසන් කිරීමේ අරමුණින් දියත් කෙරෙන ජාතික ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මගිනි.

එම ව්‍යාපෘතිය මගින් ගෙනයන පණිවුඩය ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පමණක් නොව ඩිජිටල් තාක්ෂණය ඔස්සේත් රටපුරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබ ඇත.

එසේම එම ව්‍යාපෘතිය යොවුන් දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් ක්‍රියාකාරිත්වයක් සම්බන්ධීකරණය කෙරෙන වැඩපිළිවෙලක් ද වෙයි.

මෙම අවුරුද්ද මුලදී බංග්ලාදේශ් පාර්ලිමේන්තුව රට තුළ මහත් විවාදයකට ලක් වූ නීතියක් සම්මත කරමින් ළමා විවාහ සීමා කිරීමට මුලපුරා ඇත.

එම නීතිය අනුව වයස අවුරුදු දහ අටට අඩු දැරියකට විවාහ විය හැක්කේ සුවිශේෂී තත්වයන් යටතේ පමණි.

එවැනි විවාහයක් සඳහා දෙමව්පියන්ගෙන් මෙන්ම උසාවියකින් ද අවසර ලබා ගත යුතුව ඇත.

Childhood bride - Bangladeshi girl
බාල වයසේ මනමාලියක් - බංග්ලාදේශ් දැරියක්

බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව ඇතැම්විට දෙමව්පියන් වයස අවුරුදු දහ අටට ඔවුන්ගේ අඩු දැරියක් විවාහ කර දීමට තැත් කරන්නේ නම්, දෙමව්පියන්ගේ එම තීන්දුවට එරෙහිව ක්‍රියා කිරීමට අද පරපුරේ ඇතැම් යොවුන් දැරියන් දැනුවත් භාවයක් ලැබ සිටිති.

කෙසේවුවද, දකුණු ආසියානු රටවල ළමා විවාහ අඩුවීමේ ප්‍රවණතාවක් ඇතත් එය සිදු වෙන්නේ මන්දගාමී ආකාරයකටයි.

කලින් පැවති තත්වයේ වෙනසක් පෙන්නුම් කරමින් අද බංගලාදේශයේ ළමා විවාහ අනුපාතය 50% කට මඳක් අඩුව ඇති බව අලුත්ම සංඛ්‍යා දත්ත තොරතුරු මගින් පෙන්නුම් කෙරෙයි.

බංගලාදේශ් නීතිය අනුව විවාහ වියහැකි වයස පිරිමියකුට අවුරුදු 21 ක් වන අතර කාන්තාවක් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු වෙයි.

එක්තරා කාල වකවානුවක බංග්ලාදේශයේ දැරියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් වයස අවුරුදු 15 ටත් පෙර විවාහ කෙරෙන තත්වයක් පැවතුනි.

බාල වයස්කරුවන්ගේ විවාහ නිසා සිදු වෙන පළමු සමාජමය ප්‍රශ්නය ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමයි.

ඒ සමඟම දරුවන්ගේ සමාජමය අන්තර් ක්‍රියාකාරිත්වය ද සීමා වෙයි.

'යුනිසෙෆ්' වාර්තාවන්ට අනුව බාල වයසේ විවාහ නිසා ගැහැණු දරුවන් කල් තබාම පාසල් අධ්‍යාපනයෙන් සමු ගන්නා අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔවුන්ගෙන් ඉතිරි වන්නේ අල්පයක් පමණි.

බාල වයසේ විවාහයත් සමඟ අලුත් මනමාලියන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ කුටුම්භයේ මෙහෙකාරියකගේ තත්වයට පත්වීමත් සුලභ වාර්තාවකි.

දැරියකගේ කල් තබා සිදු කෙරෙන විවාහයේ තවත් පලයක් වන්නේ කල් තබා ගැබ් ගැනීමයි.

වයස අවුරුදු 15-19 අතර යොවුන් මව්වරුන් නිසි වයස සම්පූර්ණ ව විදැහූ වෙන මව් වරුන්ට වඩා ප්‍රශූතියේ දී පීඩා විඳිති.

බංග්ලාදේශ් සමාජයේ දැරියක් බාල වයසේදීම විවාහ කර දීමට ඇතැම් දෙමව්පියන් යොමු වීමට හේතුවක් හැටියට බාල දියණිවරුන් සඳහා දෙනු ලබන දැවැද්ද අඩු වීමත් ඒක කරුණක් ලෙස දැක්වෙයි.

සමස්තයක් වශයෙන් ගත්විට , ලෝකයේ එම කලාපයේ දැරියන්ගෙන් 46% ක්ම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට විවාහ කර දෙති. නැත්නම් විවාහ වෙති.

දකුණු ආසියානු කලාපයේ බාල වයසේ විවාහ නතර කිරීම ඉලක්ක කරගත් කලාපීය සමුළුවක් ( (SAIEVAC) 2016 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනි.

'සාර්ක්' සංවිධානයට අයත් රටවල් හයක ඉහල මට්ටමේ සහ සිවිල් සංවිධානවල නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ කාන්තාවකට නීතිය අනුව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ක් වෙයි.

එහෙත් රට තුළ එක් ජන කොටසකට බල පැවැත්වෙන සුවිශේෂී ප්‍රජා නීතියක් වන මුස්ලිම් නීතිය අනුව එම වයසට අඩු දැරියකට විවාහ වීමට අවසර ලැබෙයි.

එහෙත් එම නීතියේ වෙනසක් සිදු කරන මෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇත.

ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ බාල වයස් විවාහය කලක් බහුල වශයෙන් දක්නට ලැබුණි. (බීබීසී)

අභියෝගය ජයග්‍රහණයට ශක්තියක්

Pathegama Gnanissara Thero - Venerable Professor
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

පාසල් අධ්‍යාපනයේ කඩඉම උසස් පෙළ විභාගයයි. එම විභාගය සඳහා දරුවකු නිරවුල් මනසින් යුතුව සූදානම් විය යුත්තේ කෙසේද? උසස් මතක ශක්තියක් ඇති කර ගන්නේ කෙළෙසද? ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව මුහුණ දීම සිදුකරන්නේ කොහොමද යන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට අප හා එක්වන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියි.

ළඟ එන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් ඒ සඳහා සූදානම් කළ යුත්තේ කෙසේද?
දරුවන් විභාග සඳහා මුහුණදීමට සූදානම් කරවීම දෙමව්පියන්ගේත්, ගුරුවරුන්ගේත් වගකීමක්. ඒ වගේම අධ්‍යාපනය හදාරණ දරුවන්ගේත් බරපතළ වගකීමක්. අධ්‍යාපනය ලැබීමට රුචිකත්වයක් දැක්වීමත් අධ්‍යාපනය ලැබීමත් දරුවන්ගේ එකම කාර්යභාරය විය යුතුයි. මව්පියන් දරුවන්ට සිවුපසයෙන් සලකනවිට දරුවන්ගේ එකම කාර්යභාරය හොඳින් අධ්‍යාපනය ලැබීමයි.

දරුවන්ට උගන්වනවාට ගුරුවරුන්ට රජයෙන් වැටුපක් ගෙවනවා වුණත් ගුරු වෘත්තියේ වටිනාකම එයින් තක්සේරු කරන්න බැහැ. ඊට අමතරව දෙමව්පියන් විසින් දරුවන්, යම් යම් උපකාරක පංතිවලට යොමුකරමින් ඔවුන්ගේ ඉගෙන ගැනීම් කටයුතුවලට සහාය දක්වනවා. දරුවන් හොඳින් අධ්‍යාපනය ලබනවා යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ විෂය නිර්දේශයට අදාළ වන්නා වූ විෂය කරුණු මතකයේ තබාගැනීමයි. මතකයේ තබාගැනීමත් විභාගය සඳහා සූදානම්වීමක්. මතකයේ තබාගත් කරුණු තුළින් ලිඛිතව පිළිතුරු ලිවීමේ හැකියාව ඇති කර ගැනීම දරුවාගේ දක්ෂතාවයයි. විභාගය යනු මතක ශක්තිය හා ලේඛන හැකියාව උරගා බලන එක්තරා පරීක්ෂණයක්.

මතක ශක්තිය වර්ධනය කරගත යුත්තේ කුමන ආකාරයෙන්ද?
පිරිසිදුව පිළිවෙළට පාඩම් කිරීම කෙටි සටහන් තබා එම පාඩම් මතකයේ තබා ගැනීම. නිරවුල් මනසක් තබාගැනීම සඳහා ආගමික වත්පිළිවෙත්වල යෙදීම ඉතාම හොඳයි.

එයින් මතක ශක්තිය වර්ධනය කරගත හැකි වෙනවා. මතක ශක්තිය වර්ධනය කර ගැනීමට මනස ඒකාග්‍රව තබාගැනීම ප්‍රයෝජනවත් වෙනවා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරගැනීම සඳහා රෙදිකඩක් අතගාමින් මනස එම කාරණාව කෙරෙහි යොමුකරවීම බුදුරජාණන් වහන්සේ ලබා දුන් අභ්‍යාසයයි. එයින් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මනස එකම අරමුණක පිහිටුවා ගන්න හැකිවුණා.

ඒ ආකාරයේ නිදහස් ක්‍රියාකාරකම්වල යෙදීම විභාග සඳහා පෙනී සිටීමට අපේක්ෂාවෙන් ඉන්න දරුවන්ට උපකාර වෙනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමත් වැදගත්. විෂය නිර්දේශයට අනුව පසුගිය විභාග සඳහා ප්‍රශ්න ගොඩ නඟා තිබෙන ආකාරය, ප්‍රශ්න සැකසීම සඳහා යොදාගත් පාඩම්, එම පාඩමට අනුව ප්‍රශ්නයක් යෙදෙන ආකාරය වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කරන්න ඕන.

එය මනාව හැදෑරීමෙන් දරුවන්ගේ ඉදිරි විභාග සඳහා ලැබෙන ප්‍රශ්න පිළිබඳ අනුමාන හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මෙබඳු කාර්යයන් සඳහා දරුවන් නැඹුරු කරවීම හා හැඩගැස්වීම ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ වගකීමක් හා යුතුකමක් වෙනවා.

මව්පියන් විසින් දරුවන් වෙත එල්ල කරන පීඩනය තුළ දරුවාගේ මානසිකත්වය සැකසෙන්නේ කුමන ආකාරයටද? එයින් ඇතිවන ප්‍රතිඵලය කෙබඳු එකක්ද?
වි‍ෙශ්ෂයෙන්ම මෙම ප්‍රශ්නය තුළ තිබෙන්නේ දෙමව්පියන්ට ආගම දහමෙන් ලබාදෙන පණිවුඩයයි. සෑම මව්පියකුම එවැනි ආකාරයෙන් බරපතළ පීඩනයක් දරුවන්ට එල්ල කරන්නේ නැහැ. මෝඩ අනුවන අඥාන දෙමව්පියන් බොහෝ අවස්ථාවල එවැනි ආකාරයේ පීඩනයන් දරුවන්ට ඇති කරනවා. දරුවන් පීඩනයෙන් තොරව කටයුතු කිරීමට හුරුපුරුදු වෙලා නැහැ. ඔවුන් පීඩනයත් සමඟම ක්‍රියාත්මකවීමේ පුරුද්දක් තිබෙනවා. ඇතැම් දරුවන් සරල ආකාරයෙන් රුචිකත්වයෙන් යුතුව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා.

මේ ගැටලුවේදී දෙමව්පියන් දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. තමා අනාගතයේදී කුමන ස්ථානයකට යා යුතුද යන අවබෝධය දරුවා තුළ තිබීම අවශ්‍යයි. එය පෙර පින් බලයත් සමඟම සිතෙන කාරණාවක්. අර්ථවත් ආකාරයෙන් කටයුතු කළ යුතු බවට හැඟීමක් වුවමනාවක් සෑම දෙනා තුළම පිහිටන්නේ නැහැ. කුමන ආකාරයෙන් හෝ පීඩනයක් ඇතිවීම නිසා දරුවාගේ උනන්දුව ඇතිවීම පාඩම් කටයුතු සඳහා ප්‍රයෝජනවත් වෙනවා. පීඩනයක් සහිතව අරමුණක් මනසෙහි දරාගෙන කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලබාගැනීම සඳහා හැකියාවක් ඇතිවීමට පුළුවන්.

ඒ වගේම සියලු කටයුතු අවුල්වී අපිළිවෙළක් තුළ අසාර්ථකභාවයට පත්වූ අවස්ථාවක දරුවන් සඳහා පීඩනය වගේම පෙළඹවීමද වැදගත් වෙනවා. පීඩනය සහ පෙළඹවීම වැදගත් කාරණාවන්. හැම පීඩනයක්ම අර්ථවත් පෙළඹවීමක් බවට පත්කරගත හැකි බව මනෝ විද්‍යාඥයන්ගේ චින්තනයයි. මෙම කාර්යයන් අවබෝධයෙන් කරගෙන යාම වඩාත් වැදගත් වෙනවා. විභාග ජයග්‍රහණය කරවීම සඳහා දරුවා ඒ මාවතට යොමුකරවීම වැදගත්. එහි සීමාවන් දෙමව්පියන් විසින්ම තීරණය කළ යුතුයි. එවැනි ආකාරයෙන් පීඩනයක් එල්ල නොකර අධ්‍යාපනය සඳහා උනන්දු නොකළහොත් අම්මා තාත්තා අපි පිළිබඳ සොයා නොබැලූ බවට දරුවන්ට අනාගතේ යම් දවසක චෝදනා කළ හැකියි.

දරුවන් තමන්ගේ මතකය ශක්තිමත් කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?
මොළය ආශ්‍රිත තත්ත්වයක් තුළ මතකය රැඳී පවතිනවා. මතකය තබාගැනීම නොහැකිවීම චුල්ලපන්තක හාමුදුරුවන්ටත් තිබුණ ප්‍රශ්නයක්. වචන හැටදහසක් එක් වතාවකින් කටපාඩම් කරගැනීමේ හැකියාව ආනන්ද හාමුදුරුවන් තුළ තිබුණ දක්ෂතාවයක්.

මතකය තබාගත යුත්තේ කුමන ආකාරයෙන්ද? යන කාරණා පිළිබඳ හැඟීමක් නොමැතිකමත්, අවධානය නිවැරැදිව යොමුකරමින් මැනවින් සවන් නොදීමත් මතක ශක්තිය අඩුවීමට හේතුවෙනවා. එකම අරමුණකට අවධානය යොමුකරවා ගැනීමට කෙතරම් උත්සාහ කළත් ඒ සඳහා අවධානය යොමුකර ගැනීමට නොහැකිවීම කිසියම් ආකාරයක රෝගී තත්ත්වයක්. දරුවාගේ එම ස්වභාවය දෙමව්පියන් විසින් හොඳින් හඳුනාගෙන දරුවා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු වෙනවා. එවැනි කාරණාවක් දෙමව්පියන් විසින් හඳුනා‍ නොගත හොත් දරුවා විශාල පීඩනයකට ලක්වෙනවා. මනෝ විද්‍යාත්මක බුදුදහම තුළ සාකච්ඡා වන ආකාරයට නිරෝගී මනසක් තිබෙන පුද්ගලයකු හොඳ මතකයක් තබාගත යුත්තේ කෙසේද? යන්න බුද්ධ දර්ශනය තුළ පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් හොඳයි නේද?
අධ්‍යයනය කරන විෂයන් මතකයේ රඳවා ගැනීමේ පළමු කාරණාව මැනවින් ශ්‍රවනය කිරීමයි. ඒ සඳහා අවධානයෙන් යුතුව හොඳින් කියවිය යුතුයි. වෙනත් කාරණාවන් මනස තුළ රඳවාගෙන පොත් කියවාගෙන ගියාට මතකයේ රැ‍ඳෙන්නේ නැහැ. තමන් ශ්‍රවණය කළ කරුණ වගේම කියවන ලද කාරණා ස්මරණය කිරීම දෙවන පියවරයි. තෙවන පියවර වශයෙන් තමා තනිවම හෝ කිසියම් පිරිසක් සමඟ එම කරුණු සාකච්ඡා කරමින් ගළපමින් නිරතවීමත් ඉතා වැදගත්. ඇතැම්විට එය තමා විසින් තනිවම කල්පනා කරමින් සිදුකළ හැකියි.

තර්කානුකූලව කතා කළ කාරණා නැවත නැවත ලිවීමෙන් මතකය ශක්තිය ගොඩනඟා ගත හැකි බව ‍මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. මතක ශක්තිය ගොඩනඟා ගැනීම විභාගයකදී අතිශයින් වැදගත් වෙනවා. මතක ශක්තිය තිබූ පමණින්ද විභාග ලිවිය නොහැකියි. ඒ සඳහා ලේඛන හැකියාවද තිබීම වැදගත්. ඇතැම් දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබුණත් ලේඛන හැකියාවේ පවතින දුර්වලතා නිසා තමාගේ අදහස් ලියා ගැනීමට නොහැකිවීම විභාග අසාර්ථකවීමට බලපානවා.

මතක ශක්තිය සහ ලේඛන හැකියාව යන අංශ දෙකම කෙරෙහි විභාගයකදී අවධානය යොමුවෙන්න ඕනෑ. මතක ශක්තිය පමණක් තිබෙන ලේඛන හැකියාවක් නොමැති දරුවන් අපේ රට තුළ බහුල වශයෙන් දක්නට ලැබෙනවා.

නිරවුල් මනසින් විභාගය සඳහා පෙළගැසිය යුතු ආකාරය පැහැදිලි කරන්න?
විභාගයකදී පමණක් නොවෙයි දෛනික ජීවිතයේදී වූවත් ප්‍රශ්නයක් ඇසූවිට ලිඛිතව හෝ වාචිකව පිළිතුරු ලබාදිය නොහැකි පුද්ගලයන් අපේ සමාජයේ කොතරම් සිටිනවාද? විභාගයේදීත් බලපානු ලබන්නේ එම කාරණාවයි. විභාගයකදී අසා තිබෙන ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගැනීම පළමු පියවරයි. අඩුම වශයෙන් ප්‍රශ්න කිහිප වතාවක් කියවීම වැදගත් වෙනවා. ඒ සඳහා ගත වෙන කාලය අපතේ යෑමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය නැවත නැවත තුන් වතාවක්වත් කියවිය යුතුයි. එසේ කියවීමේදී පාඩම් කළ දරුවකුට පිළිතුරු ගලාගෙන එන ස්වභාවයක් තිබෙනවා. මම පසුගිය උසස් පෙළ විභාග උත්තර පත්‍ර බලන අවස්ථාවක එක දරුවකු ප්‍රශ්නයක් සඳහා පිළිතුරු වශයෙන් ඉදිරිපත් කර තිබුණේ මෙවැනි දෙයක්

බී.සී. හොඳ විෂයකි‍.
ඒ කිසිත් මගේ මතකයේ නැති
මගේ ගුරුතුමී කරුණාවතී
මට දුන් දුක හොඳටම ඇති.

පාඩම් නොකළ දරුවන් විභාග ශාලාවලදී මෙවැනි ආකාරයේ කුරුටුගෑම් සිදුකරනවා. ගෙදරදී විභාගය සඳහා සූදානම් නොවීම එයට හේතුවයි. අසන ප්‍රශ්නය තේරුම් ගත්තාම පාඩම් කළ දරුවාගේ මනසට පිළිතුරු ගලාගෙන එනවා.

සටහන - හේමමාලා රන්දුනු (දිනමිණ)

ඇමරිකාවෙන් සංයුක්ත සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණුවට බිලියන 1.1 ක්

USA - Flag - City

ශ්‍රී ලංකාවේ සංයුක්ත සංවර්ධන ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 1.1 ක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

අදාළ මුදල ලබාදෙන්නේ ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මගින්.

පසුගිය 27 වනදා මෙම ආයතනයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වුණා.

මෙරට දරිද්‍රතාව අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට නව ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සමග එක්ව ක්‍රියාත්මක කරන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් සොයා බැලීමටයි ඔවුන් මෙලෙස මෙරටට පැමිණ තිබුණේ. (හිරු)

ක්‍රීඩකයන්ගේ වැසිකිළියත් පරීක්‍ෂාවට

Cricketers proglem - Question

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පැවැති එක්දින තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ක්‍රීඩකයන්ගේ කාමරයේ වැසිකිළියට කඩා වැදී තිබේ. මෙම නිලධාරීන් ක්‍රීඩකයන්ගේ කාමරයේ වැසිකිළියට කඩා වැදී ඇත්තේ නවීනතම ජංගම සන්නිවේදන උපකරණ දෙකක් සොයමින් බව දැනගන්නට ඇත.

දූෂණ මර්ධන නිලධාරීන් එවන් පියවරක් ගෙන ඇත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩයන් දෙදෙනකුගේ පැමිණිලි වලින් පසුව බවද කියැවේ. ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු කියා සිටියේ ක්‍රීඩකයන් දෙදෙනකුගේ හැසිරීම සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාට ඇතිවූ සැකය හේතුවෙන් ඔවුන් අදාළ බලධාරීන්ට පැමිණිළි කළ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිල හමුවේ දිගින් දිගටම පරාජයන් වැලකට මුහුණ දුන් අතර සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමටද සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

අන්තර්ජාතික කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ විවේක කාමරය කණ්ඩායමේ සාමාජිකයන්ට පමණක් සීමාවූ ප්‍රදේශයකි. ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් හැරුණු විට එහි යන කිසිවකු වේ නම් ඒ තේරීම් කමිටු නිලධාරියකු පමණි. එයද කණ්ඩායමේ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට මිස ක්‍රීඩකයන් සමග කාලය ගෙවා දමමින් තරග නැරඹීමට නොවේ. එහෙත් ක්‍රීඩකයන්ගේ කාමරයේදී ජංගම සන්නිවේදන උපකරණ භාවිතය සපුරා තහනම් වන අතර ඒ සඳහා අවස්ථාව ඇත්තේ කණ්ඩායමේ කළමණාකරුට පමණි.
ඕනෑම රටක ඕනෑම ජාතික ක්‍රීඩා සංගමයක සභාපති ලේකම්වරු පවා ක්‍රීඩකයන්ගේ කාමරය පැත්තේ රවුම් නොගැසීමට පරෙස්සම් වෙති.

වාර්තාවන පරිදි සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පත කළ විමසීමකදී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත්තේ “අපි නම් දන්න තරමට ඒ වගේ සිද්ධියක් වෙලා නෑ. ඒ මේ වගේ දේවල් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයෙන් කරන්නේ ඉතාමත් ස්වාධීන ආකාරයෙන් ” කියාය.

මේ අතරවාරයේ අදාළ පරීක්‍ෂණ පිළිබඳව තවත් නිලධාරියෙක් සංත්‍රාසයට පත්ව සිටී. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ඥාතිත්වයක් ඇතැයි කියැවෙන සම්පත් හෙට්ටිආරච්චි මහතාය.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය පැවැති දිනවලදී කණ්ඩායම් රැස්වීම් වලට පවා සහභාගි වී ඇති සම්පත් හෙට්ටිආරච්චි මහතාට ඒ සඳහා සහභාගි වීමට කිසිම සුදුසුකමක් නොතිබූ බැවින් පසුව ඔහුව කණ්ඩායම් රැස්වීම් වලින් පන්නා දමා තිබේ. එසේ වුවත් අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පවතින කතාබහ ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි

“සම්පත් හෙට්ටිආරච්චි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතාමත් ඉක්මනින්ම පිහිටුවන්න යන ‘බුද්ධි මධ්‍යස්ථානය’ බාරගන්න ඉන්නේ ඔහු තමා”
“ඒ නිසා තමන්ට බාරගන්න සිදුවන වගකීම්වල ස්වභාවය ගැන වැටහීමක් ලබාගන්න එයාට ඒ වගේ (කණ්ඩායම්) රැස්වීම් වලට සහභාගි වෙන්න වෙනවා. ඒ එක්කම කවුරුවත් එයාට කණ්ඩායම් රැස්වීම් වලට එන්න එපා කියලා නෑ” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මේ වසරේදී විමසිලිමත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. එහි පළමු අවස්ථාව වාර්තා වන්නේ මේ වසරේ මාර්තු මාසයේදී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පිල හමුවේ පරාජය වීමෙන් පසුවය. එවරත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයකු වෙත ප්‍රශ්න වැලක් මුදාහැර තිබේ.

මෙවැනි දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දුන් බරපතලම සිදුවීම වාර්තාවන්නේ 2010 දීය. ඒ දඹුල්ලේ පැවැති එක්දින තරගයකදී ඉන්දීය ආරම්භක පිතිකරු විරෙන්දර් සෙවැග්ට ශතකය අහිමි කිරීමට සුරාජ් රන්දිව් විසින් නිපන්දුවක් යවනු ලැබීමයි.

එම නිපන්දුව හේතුවෙන් රන්දිව්ට තරගයක තහනමක් පැනවූ අතර ඔහුට එසේ කරන්න’යි උපදෙස් දුන් තිලකරත්න ඩිල්ෂාන්ට දඩයක් පැනවන ලදි. ඒ සම්බන්ධයෙන් එවකට කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාරද ප්‍රශ්න කිරීම් වලට ලක්විය.

- ද සන්ඩේ ටයිම්ස් (එස්. ආර්. පතිරවිතාන - කෙළිමඩල)