01 August, 2017

ඇමරිකාවෙන් සංයුක්ත සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණුවට බිලියන 1.1 ක්

USA - Flag - City

ශ්‍රී ලංකාවේ සංයුක්ත සංවර්ධන ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 1.1 ක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

අදාළ මුදල
ලබාදෙන්නේ ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මගින්.

පසුගිය 27 වනදා මෙම ආයතනයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වුණා.

මෙරට දරිද්‍රතාව අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට නව ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සමග එක්ව ක්‍රියාත්මක කරන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් සොයා බැලීමටයි ඔවුන් මෙලෙස මෙරටට පැමිණ තිබුණේ. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමරිකාවෙන් සංයුක්ත සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණුවට බිලියන 1.1 ක් "

    Post a Comment