01 August, 2017

මේනකා පීරිස්වත්, දිනක්ෂිවත් විවාහ කරගන්න මම කැමති නැහැ – Exclusive

Dave Surendra
@දේව් සුරේන්ද්‍ර

මොනවද අලුත් විස්තර..?මේ දවස්වල දෙවැනි ඉනිම නාට්‍යයත් එක්ක ඉන්නේ.. ඉතිං ඒ රංගන කටයුතු කරගෙන යනවා.

දෙවැනි ඉනිමේ ධනුකගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?ධනුකට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා.. ඇත්තටම කියනවානම් ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා මේ කතාව නිසා. හැමෝම අදුරනවා.

මේ දවස්වල කරළියට ඇවිත් තියෙන නිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝ ගැන මොකද හිතන්නේ..?කළාට කමක් නෑ. ඒත් ගැලපෙන්නේ නැති විදිහට නිරුවත පෙන්වන එක හරියන්නේ නෑ. මොකද සිංදුවට ගැලපෙන්න ඕනේ.. වචනවලට කිසිම ගැලපිමක් නැතිව මියුසික් විඩියෝස් කරන එක මම හිතන්නේ හරියන්නේ නෑ කියලයි.

හරි ඔබටත් ඒ වගේ ආරාධනාවක් කළොත් බාරගන්නවද…?මම බාරගන්නේ නෑ.. මම මගේ නිරුවත පෙන්වන්න කැමති නෑ.

ඔබ ආදරවන්තයෙක්ද..?නැහැ.

පියුමි හංසමාලී, මේනකා පීරිස්, දිනක්ෂි ප්‍රියසාද්, අතරින් කෙනෙක් ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් කාටද කැමැත්ත දෙන්නේ…?පියුමි හංසමාලිටවත්, මේනකාවවත්, දිනක්ෂිටවත් විවාහ කරගන්න මම කැමති වෙන්නේ නෑ.

අද රංගන ක්ෂේත්‍රෙය් ඉන්න හුඟක් අයගේ විවාහ ජිවිත අවුල් වෙලා තියෙනවා.. ඔබ දකින්නේ මොකක්ද ඒකට හේතුව.. ?තේරුම් ගැනීම නැතිකම තමයි.. ආදරය කියන්නේ විශ්වාසය මත පවතින දෙයක්. අනිත් කෙනාව තේරුම් ගන්න ඕනේ.. ඒ තුලින් තමයි බැඳීමක් පවතින්නේ.

හරි ඔබ ආදරේ කරලා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ එකට ඉන්න බැරි වුණොත් අයින් වෙනවද..?
මම විවාහ වෙන්නේ අයින් වෙන්න බලාගෙන නෙවෙයි. මොකද මම හරි කෙනාව තමයි මගේ ජීවිතේට ළංකරගන්නේ. ඉන්නම බැරිනම් අයින් වෙන එක තමයි කරන්න ඕනේ.

Facebook එකෙන් ආදර යෝජනා එහෙම ඇවිත් නැද්ද..?අපෝ නැහැ..

ඉදිරි බලාපොරොත්තු මොනවද..?බලාපොරොත්තු රංගනයට දායක වෙලා හොද ගමනක් යන්න තමයි.. මිනිස්සු එක්ක ඉන්න.. හැමෝම එක්ක හොඳින් ඉන්න තමයි බලාපොරොත්තුව..

ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා දෙරණටත්.. සාරංග අයියවත් මතක් කරන්න ඕනේ අනිිවාර්යෙන්ම. අපි මේ හැමදේම පවුලක් වගේ එක කණ්ඩායමක් විදිහට එකට ඉඳගෙන කරනවා. ඒකයි හැමදේකම සාර්ථකත්වය.. තවත් හොඳ වැඩ බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මේනකා පීරිස්වත්, දිනක්ෂිවත් විවාහ කරගන්න මම කැමති නැහැ – Exclusive"

    Post a Comment