05 April, 2017

'ග්‍රීස් යකා' යැයි සිතා සිත්පිත් නැතිව කඩු කිණිසි මන්නා වලින් පහර දුන් 'තලගල ගොන්නු' (Photos)

Man-beaten-Thalagala-1

‘ග්‍රීස් යකෙකු‘ යැයි සැක සිතා හොරණ තලගල මොරගහහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ගම් වාසීන් විසින් එක්ව කඩු මන්නා ඇතුලු තියුණු ආයුධ වලින් පහර දුන් පුවතක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ පුද්ගලයාගේ සහෝදරයෙකු යැයි කියන පුද්ගලයෙකු මේ පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබුණි.

මේ ඔහු විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ පළකර තිබූ සටහනයි.

මේ ඉන්නෙ මගේ සහෝදරයා

මොරගහහේන පැත්තට පදිංචියට ගියේ මෑතකදි අහල පහල කාවවත් වැඩිය අදුනන්නෙ නෑ ඔය පැත්තෙ ග්‍රිස් යකා එනවා කියලා ගමේ මිනිස්සු මහ සදදෙන් කෑගහලා

මගේ සහෝදරයා නිදියන් ඉදලා මිනිස්සු කෑගහන සද්දෙ නිසා එලියට ඇවිත් තියනවා , එ එක්කම සද්දෙ තියන පැත්තට ගිහින් , අන්තිමට ග්‍රිස් යකා අහු උනා කියලා මගේ සහෝදරයට කඩු මන්න වලින් කොටලා ,

එයාගෙ වයිෆ් එත් එක්කම එතනට ඇවිත් බැලින්නම් ගමම කඩු වලින් කොටනවා , මගේ සහෝදරයට ,

කොච්චර කීවත් මෙයා නෙමෙයි කියලා මිනිස්සු අතහැරලා නෑ , අන්තිමට හොස්පිටල් එකට ගෙනියන්න කිසිම වාහනයක් ඇවිත් නෑ ,ගමේ මිනිස්සු ගෙනියන්න දීලත් නෑ ..

කොහොම හරි හොස්පිටල් එකට කතා කරලා එම්බියුලන්ස් ගෙන්නගෙන තමා එයාගෙ වයිෆ් මෙයාවත් දාගෙන හොස්පිටල් එකට අරගෙන ගිහින් තියෙන්නෙ , ටික දුරක් යනකොට එයාගෙ වයිෆ්ටත් සිහිය නැති වෙලා ,

මේ වෙනකොට හොරණ හොස්පිටල් එකේ 7 වෙනි වාට්ටුවෙ 18 වෙනි ඇදේ ඉන්නවා , අතේ ඇගිලි දෙකක් ඉවත් ‍කරන්න වෙනවලු , ඔලුවට කඩු පහර , සහ අත් දෙකටම කඩු පහරවල් ගහලා , එ වගේම මිනිස්සු වට වෙලා පහර දීලා , එ වෙලාවෙ එතන මොරගහ හේන පොලිසියෙ දෙන්නෙක් ඉදලා තියනවා , නමුත් කිසිම කෙනෙක් මේ වෙනකල් අත්අඩංගුවට අරගෙන නෑ ,

ගමේ මිනිස්සු මරණ තරජන කරනවා ගෙදරට ඇවිත්

කොහොමින් හරි දැන් ගමේ මිනිස්සු වරද පිලි අරන් තියනවා.එත් එක්දරු පියෙක් වෙච්ච මගේ සහෝදරයට දීර්ඝකාලයක් රැකියාවක් කිරීමට නොහැකි , පොඩි ළමයට පාසල් යන්න බෑ තාත්තා ග්‍රිස් යකා කියලා ළමයි කියන නිසා ඉස්කෝලෙ යන්න බෑ කියනවලු ,

තමන්ගෙ පවුල නඩත්තු කරන්න විදිහක් නෑ , රියදුරු බලපත්‍රය අලුත් කරනකොට ගැටලු එනවා ,

හොරෙක් මිනීමරුවෙක් හෝ වේවා කිසිම අයිතියක් නෑ වැරදිකරුවෙකුට වුවත් පහර දෙන්න කොටන්න මරන්න ,

නීතිය හරිහැටි ක්‍රියාත්ම වෙයි කියලා හිතනවා,
මාධ්‍ය වලින් මේ දේවල් අනාවරණය වෙන්න ඔනෙ

අනිවාර්යෙන් වැරදි කරපු එවුන්ට දඩුවම් ලැබෙන්න ඔනෙ ,

අනතුරුව අප ඔහු විසින් සඳහන් කර තිබූ දුරකථන අංකය ඔස්සේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සම්බන්ධ කරගත් අතර එහිදී ඇය පැවසුවේ මෙම සිදුවීම සත්‍යයක් බවය.

මේසේ පහරකෑමට ලක්වී ඇත්තේ නො258/කන්දෙවත්ත පාර/තලගල/තොරණගල ලිපිනයේ පදිංචි ජී.සි ශාන්ත මධුෂාන් නම් පුද්ගලයෙකි.මේ ඇගේ බිරිඳ අප වෙත කී කතාවයි.

‘‘ඔව් මේ කතාව ඇත්ත.පහරකෑමට ලක්වුනේ මගේ මහත්තයා ඔහුගේ නම ජී.සි ශාන්ත මධුෂාන්.මේ සිද්ධිය වුනේ පසුගිය 01 අලුයම 1.15 විතර.හොරා අල්ලගත්තා හොරා අල්ලගත්තා යැයි කෑගසිමේ ශබ්දයක් අපට ඇසුණා.මහත්තයයි මායි දරුවයි නිදාගෙන හිටියේ.මම මහත්තයාට කීවා ගිහින් බලන්න කියලා.පස්සේ මහත්තයා සද්දේ ඇහුණ පැත්තට ගියා බලන්න.ගෙදර තාත්තත් හිටියා තාත්තා කීවා පුතේ මං එනකනං ඉන්න යන්න කියලා ඒත් එයා ගියා..ටික වෙලාවකින් මගේ තාත්තාත් සිද්ධිය වුණ පැත්තට ගියා.ටික වෙලාවකින් තාත්තා අඩාගෙන ආවා පුතාට කොටලා කියලා..මම දුවගෙන එතැනට ගියා.යද්දි එයාට හොඳටම ගහලා ඇඟ පුරාම ලේ මස් කෑලි එල්ලෙනවා..එයාව කන්දෙවත්ත පාලම ළග ඉන්දවලා තිබුනේ.

මම යද්දි පොලීසියත් ඇවිත් හිටියා.පොලීසියත් ඒ වෙලාවේ කිසිම උදව්වක් කලේ නෑ.මම යනකොටත් මූළු මරලා හිරේ ගියත් කමක් නෑ කියලා ගම්මු මහත්තයාට තවත් පහරදෙන්න හදනවා.පස්සේ මම මහත්තයාව අපේ වත්තට අරන් ආවා.මහත්තයාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නෑ.පස්සේ ළඟ ගෙදර පොලීසියේ මහත්තයෙක් රෝහලට කතා කරලා ගිලන් රථයක් ගෙන්වලා දුන්නා.

පහුගිය මාසේක විතර කාලේ ඉඳලා ග්‍රීස් යකා කියලා හොරෙක් ගෙවල් වලට පනිනවා.අපි හැමෝම මේ ගැන බයවෙලා හිටියේ.මේ ග්‍රීස් යකා කියන කෙනා කිසිම ඇඳුමක් නැතිව එනවා කියලයි කියන්නේ ඒත් මගේ මහත්තයා එදා ගෙදරින් එළියට ගියේ කලිසමයි ෂර්ට් එකයි හොඳට ඇඳලා.

ගමේ තුනෙන් දෙකක්ම පිළිගන්නවා අපි නිර්දෝශයි කියලා සමහරු ඇවිත් කියනවා අපිව අඳුරන්නෑ කියලා.අපි කලින් හිටියේ මහරගම මෙහෙට ඇවිත් අවුරුදු එක හමාරක් විතර ඇති.මහත්තයාගේ රැකියාව එක්ක එයාට ගමේ අය ආශ්‍රිය කරන්න වෙලාව නැහැ.සමහර වෙලාවට එයාට අපි එක්කත් ඉන්න වෙලාව නැහැ.එයා පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

ඒත් ගමේ සමහර අය අපට තවමත් මරණ තර්ජනය කරනවා.අපිට ගමෙන් යන්න කියනවා.පැමිණිලි අයින් කරගන්න කියනවා.ඒ නිසා පොලීසියේ අය නිතරම ගෙදරට ඇවිත් යනවා මේ තර්ජන නිසා .නමුත් තවමත් අපට සාධාරණය ඉටුවෙලා නැහැ. මේ වෙනකං කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ.පහරදීමෙන් මගේ මහත්තයාට ගොඩක් අමාරුයි.අතේ ඇඟිලි වලට බරපතළ හානි වෙලා කියලා දොස්තරලා කියනවා..මේ ගැන කියන්න අපට කවුරුත් නෑ.අපිට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්න කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නේ‘‘..

04 April, 2017

දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට කෘතිය එළිදැක්වීම හා චිත්‍රපට උළෙල හෙට

Visual Anthropology Film-1

සුමින්ද කිත්සිරි ගුණරත්නගේ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සහ ශ්‍රී ලාංකේය මානවවංශලේඛ චිත්‍රපටය කෘතිය එළිදැක්වීම සහ දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට උළෙල අප්‍රේල් 05 වන බදාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

චිත්‍රපට උළෙල සමාරම්භය ප.ව 1.30 ට සිදුවන අතර කෘතිය එළිදැක්වීමේ -ප.ව 3.30ට සිදු කිරීමට නියමිතය.

සංවිධානය ජීවන මුද්‍රා සංස්කෘතික සාමූහිකය.

වැඩිවිස්තර පහතින්. 

Visual Anthropology Film-2

Visual Anthropology Film-3

Visual Anthropology Film-4

(mirrorarts)


සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Sachini Ayendra-2017.04.04

අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද?

ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

රංගනයට දිග විරාමයක් තිබ්බ සචිනි ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා කියලත් ආරංචියි?

ඔව්. මම ගිය සතියේම සේනක විජේසිංහගේ 'මේඝ' චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක හිටියේ. බුඩිගේ රූමස්සල කියන ටෙලි සීරිස් එකෙත් රූගත කිරීම් කළා.

කාලයක් හිනඬ වෙලා හිටියට අධ්‍යක්ෂවරුන්ට සචිනිව අමතක වෙලා නෑ වගේ?

මම ගෙදර හිටිය කාලෙත් මට ගොඩක් වැඩවලට ආරාධනා ලැබුණා. මම තමයි යන්නෙ නැතිව හිටියේ. ඉතිං මගේ දෙවැනි බබාටත් අවුරුදු තුනක් වෙන නිසා මට දැන් වැඩ කරන්න පුළුවන්.

ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තරයට ගිය නිසා දැන් සචිනිට ලැබෙන වටිනාකම වැඩි වෙලාද?

මම ජාත්‍යන්තර පැජන්ට් එකක් නියෝජනය කරන්න හොලිවුඩ් ගියේ. ඒක ලොකු චැලේන්ජ් එකක්. ගොඩක් අය ඒක ඇගයුවා. දැන් ජුනියර් අය මගෙන් උපදෙස් ගන්නවා වැඩියි. ප්‍රවීණ, තරුණ භේදයක් නැතිව මාව අගයන එක මට සතුටක්.

ජාත්‍යන්තරයට ගිය සමහරු අධිමානයක් ඇති කරගත්ත අවස්ථා අපි දැකල තියෙනවා. සචිනිත් එහෙමද?

නැහැ. මට දේවල් ලැබුණා කියලා මම ආඩම්බර වුණේ නැහැ. ආඩම්බර වුණා නම් මිනිස්සු මං ළඟට එන්න, මාත් එක්ක කතා කරන්න බය වෙනවා. ඒ නිසා මම ආඩම්බර නෑ වගේ පෙන්වන්න තමයි උත්සාහ කළේ.

ඇත්තටම සචිනි ආඩම්බර නැද්ද?

මම ඕනවට වඩා කතා කරන කෙනෙක් නෙමෙයි. සමීප නැති අය අතරෙදි මම නිශ්ශබ්දයි. හැබැයි මගේ යාළුවෝ අතරෙදි මම එහෙම නැහැ. වැඩිපුර කතා නොකරන නිසා මම ආඩම්බරයි කියලා සමහරු හිතනවා ඇති.

ඒ කියන්නේ නොදන්න අයට සචිනි ලොකු සීන් දානවද?

මම ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. මම පොඩි කාලෙ ඉඳන් එහෙමයි. මම සමහරු එක්ක මුහුවෙනවා අඩුයි. ඒ නිසා ලොකු සීන් කියලා සමහර අයට පේනවා ඇති.

සචිනි රිදී රැයක් ප්‍රසංගය එක්ක ලොකු කාලයක් ඉන්න කෙනෙක්. රිදී රැයක් තුළ චාන්ස් ලැබෙන්නේ යාළුකම්වලට කියලා සමහරු කියනවා සචිනිටත් එහෙම හිතෙනවද?

මම චිත්‍රපටවලින් සම්මාන ගත්ත කෙනෙක්. ඉතිං විශේෂ අයට රිදී රැයක් තුළ ඉඩ ලැබෙනවා. මම රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වුණේ ‍ෙදාළොස්වැනි වතාවට. දීර්ඝ කාලයක් එකට වැඩ කරද්දී යාළුකම් ඇති වෙනවා. නමුත් යාළුකම්වලට අවස්ථා ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට පසුගිය රිදී රැයක් ප්‍රසංගයේදී මට ප්‍රධාන නර්තනයක් ලැබුණේ නැහැ. මට තවත් ‍ෙදාළොස් දෙනෙක් එක්ක නර්තනයක් ඉදිරිපත් කරන්න ලැබුණේ. මම විතරයි තනි නර්තනයක් ඉදිරිපත් නොකළේ. මට නම් එහෙම හැඳුනුම්කම්වලට අවස්ථා ලැබිලා නැහැ.

කැපිලි එනවා කියලා සමහරු රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලත් තියෙනවා. සචිනිට මේ සිදුවුණේ කැපිල්ලක්ද?

ඕන තරම් නළු නිළියෝ රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලා තියෙනවා. එයාල හිතන්නේ ඉබචඨඥ ර්ථීඥපටධපථචදජඥ එක ගැන විතරයි. නමුත් මේ ප්‍රසංගයෙන් වෙන සේවය අමතක කරලා ඒ වගේ අයින් වෙලා යන්න තීරණ ගන්න මම ආත්මාර්ථකාමී නැහැ.

අවුරුදු ‍ෙදාළහක් රිදී රැයක් ප්‍රසංගයේ හිටපු සචිනිට රියැලිටි වැඩසටහන්වලට ආරාධනා නැද්ද?

ආරාධනා ලැබුණා. නමුත් ඒ වැඩසටහන්වල පළමුවැනි කොටස් ටික ෂූට් කරද්දි මම හිටියේ ඇමෙරිකාවේ. ඒ නිසා මට ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම රියැලිටිවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා තීරණය කරලා නැහැ. හිතුණොත් මම ඒවට සම්බන්ධ වෙනවා.

සචිනි බිරියක් මවක් වුණාට නිදහස නැති කරගෙන නැහැ. සචිනි ඒ නිදහස හදා ගත්තද? නැත්නම් ඒ නිදහස සැමියා ඔබට හදලා දුන්නද?

මම ඒ නිදහස හදාගත්තා. රංගනය කියන්නේ මම කැමැති දේ. ඕන කෙනෙක් තමන් කැමැති දේ කරන්න ඕන. විවාහ වුණා දරුවෝ හැදුවා කියලා රංගනය අතහැරල දාන්න මම කැමැති වුණේ නැහැ. ඒක ආත්මාර්ථකාමීකමක් නෙවෙයි. සැමියා වුණත් දරුවෝ වුණත් ඒක තේරුම් ගන්න ඕන. මම අවුරුදු දෙකක් ගෙදරටම වෙලා හිටියා. ඉතිං දැන් වුණත් මගේ වගකීම් ඉෂ්ට කරන ගමන් තමයි මම රංගන කටයුතුත් කරන්නේ. මම සතුටෙන් හිටියොත් තමයි මට හොඳ බිරියක් මවක් වෙන්න පුළුවන්. මගේ සැමියා මාව තේරුම් අරන් ඉන්නවා.

ඉදිරි වැඩ ගැනත් සැලසුම් ඇති?

ඔව්. මම මේ අවුරුද්දෙත් එධපතඤ ඛ්ඩචථනඪධද ඉඩඪන එකට යනවා. අංශ හයම සම්පූර්ණ කරන්න හිතාගෙන තමයි මම මේ සැරේ යන්නේ. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ රූගත කිරීම්වලටත් එකතු වෙන්න තියෙනවා. බබාලා දෙන්නගේ වැඩත්, රංගන කටයුතුත් කරගෙන ජීවත් වෙන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

‘හතර දෙනෙක් දම්මලා මහ පාරෙ රේප් කරවනවා’ – ඇමති හරීන්ව විවේචනය කළ තරුණිය ඉතිහාසය මතක් කරවයි

Harin-Suhara-Maduka

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් පසුගියදා පුවත්පත් කලාවේදිනියක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.

පසුව ඇගේ විවේචනය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මාධ්‍ය ඒකකයෙන් බව පවසමින් ලැබුණු ඇමතුමක් සහ ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාල අතර වඩාත් කතාබහට ලක්ව තිබෙනවා.



ඒ සම්බන්ධයෙන් සුහාරා පෙරේරා නම් අදාළ මාධ්‍යවේදිනිය ෆේස්බුක් වෙත සටහනක් එක්කරමින් ඉතිහාසයද සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ ‘මහින්ද ගෙදර ගිය දවසෙ උදෙත් සමනල්ලෙක් කෝල් කරලා කිව්ව හතර දෙනෙක් දම්මලා මහ පාරෙ රේප් කරවනවා කියල’ යනුවෙනුයි.

මේවන විට අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ඩිජිටල් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මධුක ටී ප්‍රනාන්දු සිය ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ ඇමතුම දුන් එම තරුණයා මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙකු නොවන බවයි.







03 April, 2017

ඔෆිස් එකේ ලවු නිසා ඇතිවන ප්‍රශ්න මෙන්න

office love couple

අලුතෙන් ඔෆිස් එකකට ගියත්, අලුතෙන් කවුරුහරි ඔෆිස් එකකට ආවත් ආදරයක් හොය හොය ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නෙ. ඒත් ඉතිං පුතෝ ඔෆිස් ලවු නං ඔය කියන තරං සුන්දර නෑ. ඔෆිස් ලවු එකක් කියන්නෙ ඒකත් නොදැනීම රාජකාරියෙ කොටසක් වෙන එක. එනිසා අපි නං කියන්නෙ ඔෆිස් එකේ ලවු කරන්න තියාගන්න එපා කියලයි. මේ කියන්න යන්නෙ එහෙම වෙද්දි එන ප්‍රශ්න ටිකක්.

එයාට බනිද්දි මෙයාට රිදෙනවා

ලොක්ක එයාට බනිද්දි මෙයාට ‍රිදෙන එක සහ මෙයාට බනිද්දි එයාට රිදෙන එක ඔටෝම සිද්ධ වෙන දෙයක්. ඕකට ඉතිං හිත් රිදිලි තියාගන්න වෙනවා හැම තිස්සෙම. මොකෝ ඉතිං මිනිස්සු අතින් වැරදි වෙනවා සහ ප්‍රෙෂර් පිට ඉන්න ලොක්කොත් ඒවට කෑගහනවනෙ. ඔය ප්‍රශ්න හිතේ ගතේ නැතුව තියාගන්න නං ඔෆිස් ලවුවලට වැට බඳින්න සිද්ධ වෙනවාමයි.

ලවු ප්‍රශ්න ඔෆිස් එකට එන එක

ඔන්න දැන් හිතන්නකො දෙන්න ලවු කරන අතරෙ තරහ වෙලා කියලා. ඔය කොයි කවුරුත් ලවු කරද්දි ලාවට හරි වලි යනවනෙ. සුපිරියට ඉවසන දනා ලවු කරන්නෙ නැහැනෙ. ඉතිං ඔහොම වුනාම දෙන්නට එක ඔෆිස් එක ඇතුළෙ වැඩ කරන්න අමාරු වෙනවා. නිකමට හරි දෙන්නටම තනි වැඩක් ලැබුනොත් ගහ මරාගැනිල්ලක් තමයි සෙට් වෙන්නෙ. නිකමට හිතන්නකො ලවු එක බ්‍රේකප් කියලා. ගිනි තියපංකො ඉතිං.

ඔෆිස් ප්‍රශ්න ලවු එකට බලපාන එක

ඉස්සෙල්ල එකේ අනිත් පැත්ත තමයි මේ. ඔෆිස් එකේදි ඇති වෙනවනෙ ප්‍රශ්න. ඔය ප්‍රශ්න ලවු ජීවිතේට ඇදගෙන යනව. වෙනදට ඉතිං ආදරෙන් කතා කර කර ඉඳලා, පොඩි ජඟිජිඟියකුත් දාලා හවසට වෙන්වෙච්ච ජෝඩුව දැන් හම්බුනු වෙලේ ඉඳන් ලොක්කට බනිනවයි, කේලං කියන උන්ට බනිනවයි ඇරෙන්න වෙනිං වැඩක් නෑ. ලවු එකේ නිදහසත් හබක්.

කුණු කතා

ඔෆිස් එකෙන් කෙල්ලෙක් සෙට් කරගත්තම බයි ඩිෆෝල්ට් සිද්ධ වෙන දෙයක් තමයි ඉරිසියාකාරයො ඇති වෙන එක. ඉතිං ඔය ඉරිසියාව එළියට එන්නෙ කුණු කතා විදියට. දෙන්න එකම දවසක නිවාඩු ගත්තොත්, ඔෆිස් එද්දි පහුවෙලා ආවොත් වගේ අවස්ථාවල කුණු කතා කියන්න ගන්නව. කොල්ලට නං අවුලක් නැහැනෙ. හැබැයි ඉතිං කෙල්ලෙකුට එහෙම කුණු කතා කියද්දි අහන් ඉන්න බැහැනෙ.

පොර කුකුල්ලු

පොර කුකුල්ලුත් නිකංම ගහගන්නෙ නැහැනෙ. රන් කරන මනුස්සයා තමයි කොටවන්නෙ. මෙතනත් එහෙමයි. අර මුලින් උපන් ඉරිසියාව හින්දම දෙන්නව කොටවන්න පොඩි පොඩි උත්සාහයන් කරනවා. කොල්ල ගැන කෙල්ලට නොදැනෙන්න අනිත් එවුන්ට ඇහෙන්න කතා කියනවා. උදාහරණෙකට ඊයෙ රෑ ඔෆිස් සෙට් එකත් එක්ක බීලා කබරයා දාපු හැටි වගේ කතා. ඊටපස්සෙ කොල්ලටත් නොදැනෙන්න කියනව එදා කොල්ල නැති වෙලාවෙ එහා පැත්තෙ සීට් එකෙ කොල්ලා කෙල්ලගෙ උකුළෙ අත තියාගෙන හිටපු හැටි. ඔවුව තමයි ඉතිං කෙටවිලි.

රැකියාවෙ නිදහස

කොල්ලගෙ ගෲප් එකේ කෙල්ලො සිටීම, කෙල්ලගෙ ගෲප් එකේ කොල්ලො සිටීම වගේ ප්‍රශ්න ‍වාතයක් වුනොත් එහෙම රස්සාවෙ නිදහසත් නැති වෙනවා. ලවුත් චොර වෙලා, රස්සාවත් හරියට කරගෙන යන්න බැරි වෙලා අවුල් වෙනවට වඩා හොඳයි ඔය අවුල් සීන් නැතුව ඉන්න එක.

හැම එකටම මුල

ඔෆිස් එකේ හැම වැරැද්දක්ම ලවු එක උඩින් යන්නට ඉඩ තියෙන එක තවත් හොඳ හේතුවක්. මොකද ලොක්ක වුනත් හිතන්න ගන්නව මුන් දෙන්නට හරියට වැඩක් කරගන්න නැත්තෙ ලවු උලවුව හින්දා තමයි කියලා. ඒ නිසා ලවු එක ප්‍රශ්නයක් නොවුනත් ඒක ඔටෝ වැරදිකාරයා බවට පත්වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි.

ස්වයං වින්දනයේ ඇත්ත කතාව

Sex Couple Mas Body

ස්වයං වින්දනය හෙවත් තමන්ම තමන් ස්පර්ශ කරගැනීමෙන් ලිංගික තෘප්තිය ලබාගැනීම ගැනද සමාජය තුළ පැතිර ඇත්තේ අමුතු මිත්‍යාවකි. ස්වයං වින්දනය, කර කර්මය, අත පාවිච්චිය, ඔය හැම හැටියටම හඳුන්වන යොවුන් වියට පත්වීමත් සමඟ නිසැකව මුහුණ දෙන මේ අත්දැකීම ගැන සමහරුන්ට ඇත්තේ භීතියකි.

තවත් අය වරදක් කළාය යන හැඟීමෙන් පෙළෙමින් මේ අත්දැකීම නිසා මානසිකව පසුබෑමකට පත්ව ලිංගික අප්‍රාණිකත්වයද ඇතිකරගැනීමට තරම් පසුබට වෙති. මේ ගැන ඇතිවන ලජ්ජාව නිසා හිතේ ඇතිවන වරදකාරී බව ගැන වූ අකුණු කෙටීම සාර්ථක ලිංගික ජීවිතයක්, සමාජ ජීවිතයක් පවා පවත්වාගන යාමට බාධකයක්ද කර ගනිති. ඉතින් මේ නිසාම ස්වයං වින්දනයේ ඇත්ත නැත්ත තේරැම් ගැනීම ඉතාමත් වැදගත් කාරණයකි.

පිරිමින් අතරින් සියයට 98ක් පමණත් කාන්තාවන් අතරින් සියයට 70ක් පමණත් ස්වයං වින්දනයේ යෙදෙන බව සමීක්ෂණ මගින් ඔප්පු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පෙන්වා දෙයි. ස්වයං වින්දනය සිත ප්‍රධාන කරගත් ලිංගික තෘප්තිය ලබන්නා වූ ක්‍රමයකි. 

එනම් සිතින් ලිංගික එක්වීමකට අදාළ අවස්ථා මවා ගැනීමෙන් සිදුකරන කායික ක්‍රියාවකි. මෙය කිසිසේත්ම අස්වාභාවික තත්ත්වයක් නොවේ. සැම පුරුෂයකුම වාගේ මේ අත්දැකීම ලබා ගැනීමට ජීවිතයේ එක්වරක් හෝ යොමුවෙති. එසේම සමහර කාන්තාවන්ද මේ අන්දමට වින්දනය ලබති. මෙසේ වින්දනය නොලබන කාන්තාවන්ද වෙති. එසේ කළත්, නොකළත් ඒ පෙළඹවීම් අස්වාභාවික තත්ත්වයක් නොවේ.

බොහෝ දෙනා තුළ මේ ක්‍රියාවලිය ගැන ඇත්තේ අනිසි භීතියකි. එමගින් ශරීරය කෙට්ටු වෙනවා, මානසික තත්ත්වය දුර්වල වෙනවා, මුහුණේ කුරුලෑ එනවා, අකලට මහලු වෙනවා, අදාළ අවයව විකෘති වෙනවා, අප්‍රාණිකත්වය හටගන්නවා ඔය ආදී මිත්‍යා මත රාශියක් මේ ස්වභාවික ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජය තුළ දක්නට ලැබෙයි.

මේ සියල්ල මිත්‍යාවන් බව කෙලින්ම කිවයුතුයි. ස්වයං වින්දනය ගැන බමුණු මත පතුරවන්නන් මේ මිථ්‍යා අදහස් තදින්ම තහවුරු කරන මත පතුරවන අතරම ඒවා දඩමීමා කර ගනිමින් විවිධ ව්‍යාජ ඖෂධ බේත් තෙල් අලෙවි කරගැනීමද දක්නට හැකිය. 

මේ නිසාම ඔය කියන දුර්මත ගැන ඉදිරියේදී එකින් එක ගැන කතා කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මිත්‍යාව පතුරවමින් නැති ලෙඩ ඇති කරවන ව්‍යාජ විශ්වකර්මයන්ගෙන් බේරී සිටීමට එමගින් මඟ පෙන්වීමක් ඔබට ලැබෙනු ඇත. අපි ස්වයං වින්දනයේ යෙදුනාම ඇඟ කෙට්ටු වෙනවාද යන්න ගැන ලබන සතියේ කතා කරමු.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ 

කොටුවක් පනින්න ගිය අනියම් පෙම්වතා නිරුවතින්ම කැමරාවකට මාට්ටු (Video)

Nude-Man-Caught-camera

මහල් නිවාස සංකීර්ණයක ජනේලයෙන් පිටත බැල්කනියේ නිරුවතින් සැඟවී සිටින පුද්ගලයකු වීඩියෝවකට හසුවී තිබෙනවා.

ඇමෙරිකාවේ  සිදුවී ඇති මෙම සිද්ධිය අසල්වැසි නිවසක පුද්ගලයකු විසින් මෙලෙස වීඩියෝගත කර ඇති අතර පසුව එය අන්තර්ජාලයට මුදාහැරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වී තිබෙනවා.

ශරීරයෙන් ලොවම වසගකල කායවර්ධන ශුරිය ජුලියා වින්ස්

Julia Vins

රුසියාවේ එංගල්ස් නගරයේ ජිවත් වන සුරූපි ජූලියා වින්ස් ලොවක් වසඟ කර ගත් බොඩි බිල්ඩින් සුරූපිනියක්.

1996 මැයි 21 වන දින උපත ලැබූ ජූලියා තවමත් 20 වන වියේ පසුවන යුවතියක්.

වසර 2012 සිට ඇය බොඩි බිල්ඩින් ව්‍යායම වල නිරත වන බවයි වාර්තා වන්නේ.

පහතින් දැක්වෙන්නේ ඇයගේ ෆේස්බුක් ගිණුමේ සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළවුනු පින්තූරයි.

Image may contain: 1 person

Image may contain: 1 person

Image may contain: 1 person

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, closeup

“සංගීතාව මගෙන් ඩැහැගත්තා - වෙන නළුවො කාලා දැම්ම - මම තවමත් සංගීතාට ආදරෙයි” - කමල්

Kamal - Sangeetha

කමල් අද්දරආරච්චි කියන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ කතාබහක්.

මුලින්ම කතා කරමුද ඔබ පෙම් කළ රංගන ශිල්පිනියක් ගැන
මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්.

ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද?
ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි තිබුණෙ.

ඇය තුළ තිබුණු විශේෂතා මොනවද?
රමණි ඉතාමත් හොඳ ධෛර්යක් තියෙන ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් බොහොම නිහතමානී, අවංක ප්‍රතිපත්තිගරුක කෙනෙක්, මට අසීමිතව ආදරය කළා

ඇය ජීවිතෙන් සමුගත් දවසෙ මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
ඒක කියලා වැඩක් නෑ. මුළු ලෝකෙම නැතිවුනා වගේ තමයි හැඟුණෙ. මොකද ලෝකයක් කඩාගෙන වැටුණා. මගෙ ජීවිතේ අරමුණක් නැතිව හිස් බවක් එක්ක කාලයක් යනතුරුම ගෙවුණෙ.

ඔය හදවතට තවම ඒ දුක දැනෙනවද?
ඔව්, ඉතින් එහෙමයි කියලා දුක කියන එක කාලයක් යද්දි තමන්ට දුකක් වෙන්නෙ නෑ. ඒ දුකට පුරුදු වුණාම ඒවගේ අවස්ථාවන්වලට මුහුණදෙන්න පුළුවන්වෙනවා. ඇයගෙ පොඩි අතපසුවීමක් නිසා තමයි ඇයට ජීවිතෙන් සමුගන්න වුණේ ඇයගෙම වැරදි අනවබෝධයක් නිසා.

ඔබ මේ ක්ෂේත්‍රයට ආවට පසුව වැඩිපුරම ආදරවන්තිය වුණේ කවුද?
වැඩිපුරම ආදරවන්තිය වුණේ සංගීතා වීරරත්න

ඇය සමග රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම?
අසනි වර්ෂා චිත්‍රපටයට ගොඩක් කැමතියි. වසන්ත ඔබේසේකරගෙ.

කමල් – සංගීතා කියලා යුගයක් පවා බිහිවුණා නේද?
ඒ යුගය වෙන වෙන නළුවො ඇවිල්ලා කාලා දැම්මනෙ. සංගීතාව මගෙන් ඩැහැගත්තා.

ඇයත් එක්ක රඟපාද්දි ඇයට ආදරයක් ඇතිවෙලා නැද්ද?
මොකද නැත්තෙ, ඇයට කොයිතරම් පිරිසක් ආදරේ කළාද? මම තවමත් ආදරෙයි.

වර්තමානයේ රංගන ශිල්පිනියො ගත්තම රුව ලස්සන අතින් කැමති අය ඉන්නවද?
රූපය පැත්තෙන් හොඳ පෙනුම තියෙන අය ගොඩක් ඉන්නවා ඒ අතරින් මහේෂි, නදීශා, තාරුකා එයාලට හොඳ පෙනුමක් තියෙනවා.

“මම මේනකාව බඳින්න සූදානම්” රනිල් කුලසිංහ පළමු වරට මේනකා හා බැඳි ආදර කතාව දිගහරියි

Menaka-Ranil-02

රනිල් කුලසිංහ කියන්නේ දැන් හැමෝම දන්න චරිතයක්. තමන්ටම ආවේණික වූ පෙනුම සහ අපූරු රංගන විලාසයත් එක්ක රනිල් ගැන බොහෝ අය කතා කරන්න පටන් ගත්තා. හැබැයි මේ දවස්වල නම් ඔහුගේ නම උණුසුම් මාතෘකාවක් වෙලා. ඒ රනිල්ගේ ආදරය හින්දා. රනිල්ගේ ආදරවන්තිය සම්මානනීය නිළියක්. ඇය මේනකා පීරිස්. රනිල් මේනකා පෙම් කතාව එළියට ආවේ හිටිහැටියේ. මේ රනිල් සමග කළ සංවාදයක්.

රනිල් ඔබ මේනකා පීරිස් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තක් ද?

ඔව්. ඒක ඇත්තක්.

කැමතිද ඒ ආදර කතාව හැමෝටම කියන්න?

කැමතියි.

මුලින්ම රනිල්ට මේනකා හමු වූ තැනින්ම මේ කතා බහ ආරම්භ කරමු.

මම කාලයක ඉඳන් මේනකාව දන්නවා. හැබැයි ඒ නිළියක් විදියට. මම ඇගේ කුසලතා අගය කළ කෙනෙක්. ඒ වුණත් කවමදාකවත් අපි හමුවෙලා තිබුණෙ නැහැ. අපි දෙන්නා හා හා පුරා හමුවුණේ අහම්බෙන්.

ඒ අහඹු සිදුවීම දෛවෝපගත සිදුවීමක්.

ඔව්. මම මගේ මිතුරෙක් රක්ක ගමනක් යන අතර මේනකා අහම්බෙන් හමුවුණා. මගේ මිතුරා ඇයව හඳුනනවා. එතැනදී අපි කතා බහ කළා. මම ඇගේ රඟපෑම් අගය කළා. ඇයත් මගේ රඟපෑම් අගය කළා. ඊට පස්සේ අපි වෙන්වෙලා ගිය.

ඊට පස්සේ දුරකථනයෙන් හමු වුණා?

නැහැ නැහැ. එදා අපි දුරකථන අංක හුවමාරු කරගත්තේ නැහැ. එදා කතා බහ කරලා වෙන් වුණා. ඊට පස්සේ බෙල්ලන්විල පන්සලේ උත්සවයකදී අපි හමුවුණා. එදාත් අපි කළින් දවසටත් වඩා සුහදව කතා කළා. ඊට පස්සේ තමයි දුරකථන අංක හුවමාරු කරගන්න තරම් හිතවත්කමක් ඇති වුණේ.

ඒ හිතවත්කම ප්‍රේමයක් බවට පත්වුණේ කොහොමද?

අපි යාළුවෝ විදියට ඇසුරු කළා. කාලයත් එක්ක යාළුකම නොදැනීම ආදරයකට හැරුණා.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ කවු ද?

සාමාන්‍ය සම්ප්‍රදායික පෙම්වතුන් විදියට අපි ආදරේ කළේ නැහැ. කාලයක් යද්දී නොදැනීම දෙන්නා ආදරවන්තයන් වෙලා. ඒක ඉබේම සිදු වූ දෙයක්.

රනිල් ඇයි මේනකාට ආදරේ කළේ?

මම කැමති සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න. මේනකාත් එහෙමයි. ඇයත් හරිම සාමාන්‍ය ගැහැනියක්. ඒ හින්දා මට හිතුණා ජීවිත කාලයම ඇයත් එක්ක ගෙවන එක පහසුවෙයි කියලා.

නිළියක් විවාහ වූ පසු ඒ අයගේ සැමියන් තමන්ගේ බිරිඳට රඟපෑම් තහංචි පනවනවා?

මම නම් කිසිම දාක එහෙම කරන්නේ නැහැ. මම මේනකාගේ රංගන කුසලතා දැක්කේ ඇයව හඳුනාගන්නත් කලින්. ඒ හින්දා මම කැමතියි දිගටම ඇය රඟපෑමේ යෙදෙනවට.

රනිල්ගෙ රඟපෑම්වලටත් මේනකාගේ තහංචියක් නැද්ද?

මම ක්‍ෂේත්‍රයට ආපු දවස්වලත් මං ගැන පත්තර සාකච්ඡා කරදීදී මම කිව්වේ කවදාහරි අධ්‍යක්‍ෂණයට පිවිසීම මගේ හීනයක් කියලා. දැනටත් මගෙ හීනය නළුකම නෙමෙයි අධ්‍යක්‍ෂණය. මේනකා මගේ කලා දිවියට හැමවෙලාවෙම සහය දෙන කෙනෙක්.

දෙදෙනෙකු අතර ආදරයක් ඇති වුණාම විවිධ බාධා එල්ල වීම සාමාන්‍ය දෙයක්?

අපිට කිසිම බාධාවක් නැහැ.

දෙපැත්තේ වැඩිහිටියේ මේ සම්බන්ධයට විරුද්ධ වුණේ නැද්ද?

නැහැ දෙන්නගෙම දෙමාපියෝ අපි දෙන්නගේ ආදරේට ආශිර්වාද කරලයි තියෙන්නේ.

කලින් වතාවක පුවත්පත් සාකච්ඡාවකදී රනිල් පැවසුවා පෙම්වතියක් ඉන්න බව. මේනකා හමු වූ පසු අතීත පෙම්වතියට සමු දුන්නාද?

එදා ඒ කතාබහේදී මම කිව්වා පෙම්වතියක් ඉන්නවා ඉදිරියේ දී නම හෙළි කරන්නම් කියලා. ඒ කිව්වේ මේනකා ගැන තමයි. ඒ වෙද්දිත් අපි අතර ආදර සම්බන්ධය තිබුණා. සුදුසු අවස්ථාව එනකල් හෙළි කළේ නැහැ.

එතකොට මේනකාගේ අතීතය?

අතීතය අතීතයක් විතරයි. දැන් සියල්ල හරි. දැන් තියෙන්නේ විවාහය ? නුදුරු දිනකදී එය සිදුවේවි.



Menaka-Ranil-03

Menaka-Ranil-04

02 April, 2017

"එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා" - ශලිනි තාරකා

Shalini Tharaka-02

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා.

ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ.

ඉතින් ඒ විදියට ජනප්‍රියවෙලා ඉන්න ශලනි තාරකාගේ කලා ජීවිතයේ අලුත් තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.

සම්මානයට තරග කළේ හුඟක් ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළියන් කීප දෙනෙක් එක්ක නේද?

ඔව්. ඒකනම් එහෙම තමයි. දුලීකා මාරපන, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න එක්ක තමයි මගේ නමත් නිර්දේශ වෙලා තිබුණේ. ඒ අය අතරින් මට සම්මානය ලැබුණාම හිතාගන්නවත් බැරි තරම් සතුටක් දැනුණා.

ප්‍රවීණයන්ගෙන් කැපිලි ඇති දැන් එහෙම නම්?

අ‍පෝ නැහැ. ඒ තුන් දෙනාම හොඳ අවබෝධයක් තියෙන අය. මම සම්මානය අරගෙන වේදිකාවෙන් බිමට බහිනකොටම මට මුලින්ම සුබපැතුවේ දමිතා අක්කා.

කවදා හරි හිතුවද ජනප්‍රිය නිළියක් වෙන්න?

පුංචි කා‍ලේ 3 වසරේ දී මගේ බලා‍පොරොත්තු ගැන රචනාවක් ලියන්න දුන්නම මම ලිව්වලු මම ලොකු වුණාම නිළියක් වෙනවා කියලා. ඒත් ලොකු පන්තිවලට එනකොට ඒ බලා‍පොරොත්තුව නැතිවෙලාම ගියා.

අපි ඉස්සර හිටියේ මීගමුවේ නිසා මම නිතරම අහසේ ප්‍ලේන් යනවා දැක්කා. එනිසා මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න.

බලා‍පොරොත්තු නොවී ලැබුණු ජනප්‍රියකම ගැන දැන් මොනවද හිතන්නේ?

හරි සතුටුයි. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. එක රැයින් ජනප්‍රිය වුණේ නැහැ. එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා. ඉතින් හෙමින් ජනප්‍රිය වුණ නිසා මම හිතන්නේ මම ජනප්‍රිය නැති වෙන්නෙත් හෙමින් හෙමින් කියලයි.

ශලිනි කවිකාරියක් වෙලා නේද?

කවි ලියන එක ‍පොඩි කා‍ලේ ඉඳලම කරනවා. ඒත් ලියන ලියන කවිය කාටවත් නොපෙනෙන්න හංග ගන්නවා. මෑතක මම කවියක් ලියලා අයියා කෙනකුට පෙන්නුවා. එයා තමයි කිව්වේ ලියලා හංගගෙන ඉන්නේ නැතිව ෆේස්බුක් එකේවත් පළ කරන්න කියලා.

එහෙනම් ඒ විශේෂ අයියා ගැන වෙන්න ඇති මේ කවි ලියන්නේ?

අ‍පෝ එහෙම කියන්න බෑ. මම කවි ලියන්නේ මගේ යාළුවන්ගේ ආදර කතා ගැන.

හැමදාමත් අනුන්ගේ ආදර කතා ගැන ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නේද?

මටත් ආදර කතා නම් තිබිලා තියෙනවා. ආදරේ කළේ නෑ කියනවා නම් මට ලෙඩක් තියෙනවා වෙන්න එපැයි. ඒත් මම හිතන්නේ නොගැළපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි ඒ අයගෙන් වෙන් වෙන එක.

විවාහය ගැන තියෙන හීන මොනවද?

හීන නැතුවා නෙමෙයි. ඒත් නොගැළපෙන මනුස්සයෙක්ව කසාද බැඳලා ඉක්මනට දික්කසාද වෙන්න මම කැමැති නෑ. බැඳලා විඳවන්න බැහැ. ඒ නිසා ගැළපෙනම කෙනා හමුවෙනකල් මෙහෙම තනියම ඉන්නවා.

ලස්සන ගැන ශලිනිට ලැබෙන ප්‍රතිචාර මොනවද?

සමහරු මම ලස්සනයි කියලා කියනවා. මම කතා කරන විදියට, යන එන, අඳින පලඳින විදියට ආස අය ඉන්නවා. ඒත් මට නම් මම ලස්සන නැහැ.

විලාසිතා කරන්නේ පරිස්සමෙන්ද?

ඔව්. සාමාන්‍යයෙන් අපි තැනකට ගියාම මිනිස්සු ටිකක් වැඩිපුර අපි දිහා බලනවා. ඒත් එහෙමයි කියලා වැඩිපුර රඟපාලා කැපී පේන්න මට වුවමනා නෑ. තරුවක් වගේ ලස්සනට පේන්න, ඒත් අසභ්‍ය නොවෙන්න මම ලස්සනට විලාසිතා තෝරා ගන්නවා.

ලස්සන සහ ජනප්‍රියකම නිසා ශලිනිට හුඟක් වැඩ වැඩි ඇති ?

ඔව්. ටෙලි නාට්‍ය කීපයකම වැඩ එකවර භාරගෙන රඟපානවා. ඒත් හෙම්බත් වෙන්නේ නැතිව ඉන්න පරිස්සම් වෙනවා. එකවර වැඩ ගොඩක් කළාට කවදාවත් කිසිම චරිතයකට අසාධාරණයක් කරන්නේ නෑ.

ගංජා පොවලා පොඩි කොල්ලෝ ඇඳට ගත්ත ඇන්ටි (Photos)

Amanda Tompkins

ඇමන්ඩා ටෝම්ප්කින්ස් නමැති කාන්තාව දරුවන් තිදෙනෙකු සිටින 39 හැවරිදි මවක් වන අතර ඇය මත්ද්‍රව්‍ය සහ මත්පැන් ලබා දී දරුවන් මත් කර ඔවුන් සමග ලිංගිකව හැසිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එංගලන්තයේ බකින්හැම්ශයර්හි ඇය ජීවත්ව තිබෙනවා.

ඇය පාසල් යන කුඩා දරුවන්ව මිල්ටන් කේන්ස්හි ඇති ඇයගේ නිවස වෙත ගෙන්වා ගෙන ඔවුන්ට මත්පැන් සහ කංසා පානය කිරීමට සලස්වා ඔවුන් සමඟ ලිංගිකව හැසිරීමට ප්‍රියතාවක් දක්වා තිබෙනවා. දිනක් ඇය තම කුඩාම දරුවාද නිවසේ සිටින අවස්ථාවේ පිරිමි දරුවන් කිහිපදෙනෙකු සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා.

අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇයගේ මනස විකෘති වී ඇති බවත් ඇය කුඩා දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර තමන්ගේ ගොදුර බවට පත්කරගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් අවුරුදු 13 – 16 අතර වයසේ පසුවන කුඩා දරුවන් ඇය තම නිවසට ගෙන්වා ගෙන තිබුණා.

එසේ පැමිණෙන දරුවන්ගේ වෙනත් මිතුරන් දෙදෙනෙකු තම මිතුරන් අදාළ නිවසේ සිදුකරන දේ දැන ගැනීමට හොර රහසේ පැමිණි සිටි අවස්ථාවකයි මේ සිද්ධිය දැනගෙන ඇත්තේ. පසුව ඔවුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 13 -16 ත් අතරේ පසුවන පිරිමි දරුවන් හය දෙනෙකු තම නිවස තුල තබාගෙන ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ඇමන්ඩාට වසර 7 ක සිර දඩුවමක් නියමව ඇති අතර ඇය මෙලෙස හැසිරීමට හේතුව ඇය කාම උන්මත්තකයෙකු වීම බවද අධිකරණය පවසා තිබුණා.

Amanda Tompkins-02

Amanda Tompkins-03