04 April, 2017

‘හතර දෙනෙක් දම්මලා මහ පාරෙ රේප් කරවනවා’ – ඇමති හරීන්ව විවේචනය කළ තරුණිය ඉතිහාසය මතක් කරවයි

Harin-Suhara-Maduka

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් පසුගියදා පුවත්පත් කලාවේදිනියක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.

පසුව ඇගේ විවේචනය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මාධ්‍ය ඒකකයෙන් බව පවසමින් ලැබුණු ඇමතුමක් සහ ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාල අතර වඩාත් කතාබහට ලක්ව තිබෙනවා.



ඒ සම්බන්ධයෙන් සුහාරා පෙරේරා නම් අදාළ මාධ්‍යවේදිනිය ෆේස්බුක් වෙත සටහනක් එක්කරමින් ඉතිහාසයද සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ ‘මහින්ද ගෙදර ගිය දවසෙ උදෙත් සමනල්ලෙක් කෝල් කරලා කිව්ව හතර දෙනෙක් දම්මලා මහ පාරෙ රේප් කරවනවා කියල’ යනුවෙනුයි.

මේවන විට අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ඩිජිටල් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මධුක ටී ප්‍රනාන්දු සිය ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ ඇමතුම දුන් එම තරුණයා මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙකු නොවන බවයි.







Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘හතර දෙනෙක් දම්මලා මහ පාරෙ රේප් කරවනවා’ – ඇමති හරීන්ව විවේචනය කළ තරුණිය ඉතිහාසය මතක් කරවයි"

    Post a Comment