03 April, 2017

“මම මේනකාව බඳින්න සූදානම්” රනිල් කුලසිංහ පළමු වරට මේනකා හා බැඳි ආදර කතාව දිගහරියි

Menaka-Ranil-02

රනිල් කුලසිංහ කියන්නේ දැන් හැමෝම දන්න චරිතයක්. තමන්ටම ආවේණික වූ පෙනුම සහ අපූරු රංගන විලාසයත් එක්ක රනිල් ගැන බොහෝ අය කතා කරන්න පටන් ගත්තා. හැබැයි මේ දවස්වල නම් ඔහුගේ නම උණුසුම් මාතෘකාවක් වෙලා. ඒ රනිල්ගේ ආදරය හින්දා. රනිල්ගේ ආදරවන්තිය සම්මානනීය නිළියක්. ඇය මේනකා පීරිස්. රනිල් මේනකා පෙම් කතාව එළියට ආවේ හිටිහැටියේ. මේ රනිල් සමග කළ සංවාදයක්.

රනිල් ඔබ මේනකා පීරිස් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තක් ද?

ඔව්. ඒක ඇත්තක්.

කැමතිද ඒ ආදර කතාව හැමෝටම කියන්න?

කැමතියි.

මුලින්ම රනිල්ට මේනකා හමු වූ තැනින්ම මේ කතා බහ ආරම්භ කරමු.

මම කාලයක ඉඳන් මේනකාව දන්නවා. හැබැයි ඒ නිළියක් විදියට. මම ඇගේ කුසලතා අගය කළ කෙනෙක්. ඒ වුණත් කවමදාකවත් අපි හමුවෙලා තිබුණෙ නැහැ. අපි දෙන්නා හා හා පුරා හමුවුණේ අහම්බෙන්.

ඒ අහඹු සිදුවීම දෛවෝපගත සිදුවීමක්.

ඔව්. මම මගේ මිතුරෙක් රක්ක ගමනක් යන අතර මේනකා අහම්බෙන් හමුවුණා. මගේ මිතුරා ඇයව හඳුනනවා. එතැනදී අපි කතා බහ කළා. මම ඇගේ රඟපෑම් අගය කළා. ඇයත් මගේ රඟපෑම් අගය කළා. ඊට පස්සේ අපි වෙන්වෙලා ගිය.

ඊට පස්සේ දුරකථනයෙන් හමු වුණා?

නැහැ නැහැ. එදා අපි දුරකථන අංක හුවමාරු කරගත්තේ නැහැ. එදා කතා බහ කරලා වෙන් වුණා. ඊට පස්සේ බෙල්ලන්විල පන්සලේ උත්සවයකදී අපි හමුවුණා. එදාත් අපි කළින් දවසටත් වඩා සුහදව කතා කළා. ඊට පස්සේ තමයි දුරකථන අංක හුවමාරු කරගන්න තරම් හිතවත්කමක් ඇති වුණේ.

ඒ හිතවත්කම ප්‍රේමයක් බවට පත්වුණේ කොහොමද?

අපි යාළුවෝ විදියට ඇසුරු කළා. කාලයත් එක්ක යාළුකම නොදැනීම ආදරයකට හැරුණා.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ කවු ද?

සාමාන්‍ය සම්ප්‍රදායික පෙම්වතුන් විදියට අපි ආදරේ කළේ නැහැ. කාලයක් යද්දී නොදැනීම දෙන්නා ආදරවන්තයන් වෙලා. ඒක ඉබේම සිදු වූ දෙයක්.

රනිල් ඇයි මේනකාට ආදරේ කළේ?

මම කැමති සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න. මේනකාත් එහෙමයි. ඇයත් හරිම සාමාන්‍ය ගැහැනියක්. ඒ හින්දා මට හිතුණා ජීවිත කාලයම ඇයත් එක්ක ගෙවන එක පහසුවෙයි කියලා.

නිළියක් විවාහ වූ පසු ඒ අයගේ සැමියන් තමන්ගේ බිරිඳට රඟපෑම් තහංචි පනවනවා?

මම නම් කිසිම දාක එහෙම කරන්නේ නැහැ. මම මේනකාගේ රංගන කුසලතා දැක්කේ ඇයව හඳුනාගන්නත් කලින්. ඒ හින්දා මම කැමතියි දිගටම ඇය රඟපෑමේ යෙදෙනවට.

රනිල්ගෙ රඟපෑම්වලටත් මේනකාගේ තහංචියක් නැද්ද?

මම ක්‍ෂේත්‍රයට ආපු දවස්වලත් මං ගැන පත්තර සාකච්ඡා කරදීදී මම කිව්වේ කවදාහරි අධ්‍යක්‍ෂණයට පිවිසීම මගේ හීනයක් කියලා. දැනටත් මගෙ හීනය නළුකම නෙමෙයි අධ්‍යක්‍ෂණය. මේනකා මගේ කලා දිවියට හැමවෙලාවෙම සහය දෙන කෙනෙක්.

දෙදෙනෙකු අතර ආදරයක් ඇති වුණාම විවිධ බාධා එල්ල වීම සාමාන්‍ය දෙයක්?

අපිට කිසිම බාධාවක් නැහැ.

දෙපැත්තේ වැඩිහිටියේ මේ සම්බන්ධයට විරුද්ධ වුණේ නැද්ද?

නැහැ දෙන්නගෙම දෙමාපියෝ අපි දෙන්නගේ ආදරේට ආශිර්වාද කරලයි තියෙන්නේ.

කලින් වතාවක පුවත්පත් සාකච්ඡාවකදී රනිල් පැවසුවා පෙම්වතියක් ඉන්න බව. මේනකා හමු වූ පසු අතීත පෙම්වතියට සමු දුන්නාද?

එදා ඒ කතාබහේදී මම කිව්වා පෙම්වතියක් ඉන්නවා ඉදිරියේ දී නම හෙළි කරන්නම් කියලා. ඒ කිව්වේ මේනකා ගැන තමයි. ඒ වෙද්දිත් අපි අතර ආදර සම්බන්ධය තිබුණා. සුදුසු අවස්ථාව එනකල් හෙළි කළේ නැහැ.

එතකොට මේනකාගේ අතීතය?

අතීතය අතීතයක් විතරයි. දැන් සියල්ල හරි. දැන් තියෙන්නේ විවාහය ? නුදුරු දිනකදී එය සිදුවේවි.



Menaka-Ranil-03

Menaka-Ranil-04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“මම මේනකාව බඳින්න සූදානම්” රනිල් කුලසිංහ පළමු වරට මේනකා හා බැඳි ආදර කතාව දිගහරියි"

    Post a Comment