03 April, 2017

“සංගීතාව මගෙන් ඩැහැගත්තා - වෙන නළුවො කාලා දැම්ම - මම තවමත් සංගීතාට ආදරෙයි” - කමල්

Kamal - Sangeetha

කමල් අද්දරආරච්චි කියන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ කතාබහක්.

මුලින්ම කතා කරමුද ඔබ පෙම් කළ රංගන ශිල්පිනියක් ගැන
මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්.

ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද?
ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි තිබුණෙ.

ඇය තුළ තිබුණු විශේෂතා මොනවද?
රමණි ඉතාමත් හොඳ ධෛර්යක් තියෙන ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් බොහොම නිහතමානී, අවංක ප්‍රතිපත්තිගරුක කෙනෙක්, මට අසීමිතව ආදරය කළා

ඇය ජීවිතෙන් සමුගත් දවසෙ මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
ඒක කියලා වැඩක් නෑ. මුළු ලෝකෙම නැතිවුනා වගේ තමයි හැඟුණෙ. මොකද ලෝකයක් කඩාගෙන වැටුණා. මගෙ ජීවිතේ අරමුණක් නැතිව හිස් බවක් එක්ක කාලයක් යනතුරුම ගෙවුණෙ.

ඔය හදවතට තවම ඒ දුක දැනෙනවද?
ඔව්, ඉතින් එහෙමයි කියලා දුක කියන එක කාලයක් යද්දි තමන්ට දුකක් වෙන්නෙ නෑ. ඒ දුකට පුරුදු වුණාම ඒවගේ අවස්ථාවන්වලට මුහුණදෙන්න පුළුවන්වෙනවා. ඇයගෙ පොඩි අතපසුවීමක් නිසා තමයි ඇයට ජීවිතෙන් සමුගන්න වුණේ ඇයගෙම වැරදි අනවබෝධයක් නිසා.

ඔබ මේ ක්ෂේත්‍රයට ආවට පසුව වැඩිපුරම ආදරවන්තිය වුණේ කවුද?
වැඩිපුරම ආදරවන්තිය වුණේ සංගීතා වීරරත්න

ඇය සමග රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම?
අසනි වර්ෂා චිත්‍රපටයට ගොඩක් කැමතියි. වසන්ත ඔබේසේකරගෙ.

කමල් – සංගීතා කියලා යුගයක් පවා බිහිවුණා නේද?
ඒ යුගය වෙන වෙන නළුවො ඇවිල්ලා කාලා දැම්මනෙ. සංගීතාව මගෙන් ඩැහැගත්තා.

ඇයත් එක්ක රඟපාද්දි ඇයට ආදරයක් ඇතිවෙලා නැද්ද?
මොකද නැත්තෙ, ඇයට කොයිතරම් පිරිසක් ආදරේ කළාද? මම තවමත් ආදරෙයි.

වර්තමානයේ රංගන ශිල්පිනියො ගත්තම රුව ලස්සන අතින් කැමති අය ඉන්නවද?
රූපය පැත්තෙන් හොඳ පෙනුම තියෙන අය ගොඩක් ඉන්නවා ඒ අතරින් මහේෂි, නදීශා, තාරුකා එයාලට හොඳ පෙනුමක් තියෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“සංගීතාව මගෙන් ඩැහැගත්තා - වෙන නළුවො කාලා දැම්ම - මම තවමත් සංගීතාට ආදරෙයි” - කමල්"

    Post a Comment