05 January, 2017

සංක්‍රාන්ති ලිංගිකයින්ටත් පාසලක්..! (Photos)


උපතින් තමාට හිමිවන ලිංගිකත්වය, වැඩිවියට පත්වද්දී ඇතිවන ශරීර ලක්ෂණ සහ සිතුම් පැතුම් නිසා තම ලංගිකත්වය මාරුකරගන්නා ඉති සුළු පිරිසක් ලෝකයේ ඇත. 

මෙවැනි තැනැත්තන්ට සමාජයේදී මුහුණ දෙන්නට සිදුවන නින්දා අපහාසද එමටය. ඒ නිසාම ඇතැම්විට ඔවුන් පසුවන්නේ සමාජයෙන් කොන්වූවන් ලෙස හෝ ඉතා සුළු කණ්ඩායම් ලෙසය.

මොවුන්ට බොහෝ රටවලදී සමාජයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේද නැත.

ඊට පිළියමක් ලෙස ඉන්දියාව මෙවන් සංක්‍රාන්ති ලිංගිකයින්හට පාසලක් අරඹා තිබෙනවා. 

කේරලයේ ත්‍රික්කකරහි පිහිටි සහාජ් ඉන්ටර්නැෂනල් නම් මෙම පාසලට අවුරුදු 25ත් 30ත් අතර සංක්‍රාන්ති ලිංගිකයින් බඳවාගනු ලබනවා.

මේ වනවිට සිසුන් 06 දෙනකු පාසලට ඇතුළත්වී ඇත් අතර ඉන් පස්දෙනකු පිරිමින් ලෙස උපතලබා පසුව කාන්තාවන් වූ අයයි.




ලංකාවෙන් හමුවූ ලොව වයස්ගතම පුද්ගලයාගේ “හැඳුනුම්පත“ මෙන්න



වාර්තා පොතට නොගිය ලොව වයස්ගතම මිනිසා පසුගිය දෙසැම්බර් 31දා තම 146 වැනි උපන්දිනය සමරන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 01දාම වාර්තාකර තිබුණි. 

ඒ අල්ලපනල්ලේ මහනුවර දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා වූයේ වයස අවුරුදු 169ක තැනැත්තකු බැංකුවක් වෙත ආ පුවතකි.

නමින් නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වා වන ඔහු දෙල්තොට වැටකේ‍පොත අංක 99 හි පදිංචි සුළු ව්‍යාපාරිකයෙකි.

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කර ඇතත් එය ප්‍ර‍මාද බැවින් වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත. 

ඒ අනුව 2016.12.23 වන දින මොහුට වැඩිහිටි හැඳුනුම්පතක් ලැබි ඇත. 

1946 සැප්තැම්බර් 30 දින උපත ලද නෙල්සන් සිල්වා ලද මෙම හැඳුනුම්පතේ උපන් දිනය සඳහන් කොට ඇත්තේ 1847.08.30 ලෙසය. 

ඒ අනුව මොහුට දැන් වයස අවුරුදු 169වේ.
 




_නෙත්ගොසිප්

ලංකාවේ පළමු වතාවට මරණීය දණ්ඩනය හිමිවූ අයෙක් උපාදියක් ලබා ගනී

first-time-person-sentenced-to-death-graduated-obtain1


first-time-person-sentenced-to-death-graduated-obtain2

බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

එම උපාධිය ලබාගෙන ඇත්තේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්.

බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහ නම්වූ ඔහු මරණීය දණ්ඩනයට ලක්වන විටශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියේ පළමු වසර අවසන් කර තිබූ බවද සඳහන්.

වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරුන්ගෙන් එම උපාධියේ දෙවැනි හා තෙවැනි වසර දේශන සඳහා සහභාගි වීමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එම දේශන සඳහා සහභාගි වීමෙන් පසුව ඔහු මෙම උපාධිය හිමි කරගෙන තිබෙනවා.

මේ ගැන බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගෙන් සිදුකළ විමසීමේදී කියා සිටියේ මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ මින් පෙර මෙවැනි දුර්ලභ සිද්ධියක් සිදුව නොමැති බවයි.

මෙරට පැවැති ප්‍රසිද්ධ නඩුවකින් මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකු සමස්ත ජීවිතයම කඩා නොගෙන ස්වෝත්සාහයෙන් මෙවැනි උපාධියක් ලබාගැනීම සෙසු සිරකරුවන්ටද වටිනා ආදර්ශයක් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මරණීය දණ්ඩන හිමිව තිබෙන ඉන්දික බමුණුසිංහගේ උපාධි ප්‍රදානෝත්සවය අද (5දා) පෙ.ව. 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ටයිටැනික් නෞකාව ගමන් ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියයයි



ටයිටැනික් නෞකාව ගමන්ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියගොස් ඇති බවට විද්‍යාඥයින් සැක පහළ කරයි.

මියයන විට ඔහු 105 වියේ පසුවූ බව වාර්තාවෙයි.

බොහෝ දෙනා මොහු හඳුන්වනු ලැබුවේ ‘ග්‍රැනි‘ යන සුරතල් නාමයෙනි.

විද්‍යාඥයින් ග්‍රැනිව අවස්න් වරට නිරීක්ෂණය කර තිබුනේ පසුගිය ඔක්තොම්බර් මස 12 දාය

1976 වසරේ සිට දශක හතරක් පුරාවට ‘ග්‍රැනි‘ විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
 






කතකගේ නිතඹ මිරිකූ වෙද සිසුවා සැමියාටත් පහර දීලා

සැණකෙළියකදී තෙරපෙන අතරතුර විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඒ ගැන ප්‍රශ්න කිරීම නිසා ඇයගේ සැමියාට පහරදී ඇති වෙද සිසුවෙකු මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු බව කියන හාලිඇල උඩුවර පදිංචි තරුණයෙකි.

බදුල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී තෙරපෙන අතරතුර මෙම පුද්ගලයා විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඇති අතර ඒ පිළිබඳ ඇය විසින් සැමියාට දැනුම් දීමෙන් පසු සැමියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.

මේ අවස්ථාවේදී සිදුවූ බහින්බස්වීමකින් සැකකරු කාන්තාවගේ සැමියාට ද පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ සැමියා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

a-womans-buttocks-wrung-medical-student-her-husband-attacked

04 January, 2017

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා ගේබර්”




හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා රූපවාහිනියේ ඇගේ රඟපෑම්වලටත් වඩා පෞද්ගලික ජීවිතය ආශ්‍රිත තොරතුරු හේතුවෙනි.

හෘදයාබාධයක් වැළඳී ලොස් ඇන්ජලීස් නගරයේදී මියයනවිට වයස අවුරුදු අනූනවයක්වූ ඇය තව මාස දෙකකටත් අඩු කාලයක් එනම් ලබන පෙබරවාරි හයවැනිදා තෙක් ජීවත් වූයේ නම් ඇයට වයස අවුරුදු සියයකි. 


නවවරක් විවාහවූ සා සාගේ සැමියන් අතරින් එක් අයෙකු හැර අනෙක් සියල්ලෝම කුමන හෝ අංශයකින් ප්‍රකට පුද්ගලයන්ය. සැමියන් අටදෙනෙකුම ඇයට පෙර මියගිය අතර ඇයට වඩා වැඩි කලක් ජීවත් වූයේ හා වැඩිම කලක් ඇය හා විවාහ දිවිය ගතකළේ නවවැනි හා අවසන් සැමියාවූ ෆේ‍රඩ්රික් වොන් ඔන්හොල්ට්ය.

ඇය හා විවාහවූ පුද්ගලයන් අතර සුප්‍රකට හිල්ටන් හෝටල් ජාලය හිමි කොන්රඩ් හිල්ටන්ද වෙයි. විවාහ නවයෙන්ම ඇයට සිටින එකම දරුවාද එම විවාහයෙන් ලැබූ දියණියයි. නිළියක වූ ෆ්රැන්සෙස්කා හිල්ටන්ද පසුගිය වසරේදී මිය ගියාය.

හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ සාරි ගේබර් ලෙස උපත ලැබූ සා සා ගේ අනාගත බලා‍පොරොත්තුව වූයේ පශු වෛද්‍යවරියකවීම වුවද රූමත් දියණියට ඊට වඩා තැනකට යන්නට හැකිවෙතැයි සිතූ ඇගේ මව සා සා ව නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුකළාය. 1936 වසරේදී හංගේරියානු රූ රැජින ලෙසද කිරුළුපළන් ඇයට හොලිවුඩයේ දොර විවරකරවා ගැනීම අපහසු කරුණක් වූයේ නැත.



මව හා දියණියන් තිදෙනා දෙවන ලෝක යුද සමයේදී ඇමෙරිකාවේ පදිංචියට පැමිණි අතර පනහ දශකය වනවිට රංගනය තුළින් මෙන්ම තම සමාජශීලී ජීවිතය තුළින්ද රට තුළ නම පැතිරවීමට ගේබර් සොයුරියෝ සමත්ව සිටියහ. 

මව ඇමෙරිකාවේ ආභරණ වෙළෙඳ ජාලයක් ආරම්භ කළ අතර ඇයද රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවක රඟපෑමෙන් ජනප්‍රිය වූවාය. හංගේරියානු හඬකින් ඉංග්‍රීිසි කතාකළ සා සා ඩාලින් යනුවෙන් ‍පොදුවේ සියල්ලන් ඇමතූ අතර එය ඇසුණේ “ඩාලින්ක්” ලෙසය. 

දියමන්ති හා මිල අධික ඇඳුම්වලට දැඩි ඇල්මක් දැක්වූ ඇය තම දික්කසාදයන් ගැන කියූ ප්‍රකට කතාවක් වන්නේ එයාලා දුන්න දියමන්ති ආභරණ ආපහු දීලා දාන්න තරම් මට මගේ හිටපු මහත්තුරුන්ව එපාවුණේ නැහැ” යන්නයි. 

හැම දික්කසාදයකින් පසුවම තමා සැමියා හා පදිංචිව සිටි ඔහුගේ නිවස තමාටම ලබාගැනීමට සමත්වීම ගැනද ඇය නිතර උදම් ඇනුවාය. සිනමාවේ හා රූපවාහිනියේදී පියයුරු පෙනෙන ලෙස කර පළල් ඇඳුම් ඇඳීම ගැනද ප්‍රකට සා සා තමාගේම චරිතයද ආරාධිත රංගනයක් ලෙස කිහිපතාවක්ම ඉදිරිපත්කොට තිබේ. 

තම සොයුරියන් වන ඊවා හා මැග්ඩා ද කලා ලොවට පිවිස සිටියද ඔවුන් අභිභවමින් ඉදිරියට ගිය ඇය, 90 දශකය වනවිටත් ඒ ජනප්‍රියත්වය රැකගන්නට සමත්ව සිටියාය. ගේබර් සොයුරියන් ලෙස ඔවුන් ප්‍රකටවූ අතර ඒ දෙදෙනාම මියගියේ ඇයට පෙරය. සා සා වරක් විවාහව සිටි ජනප්‍රිය නළු ජෝර්ජ් සෑන්ඩර්ස් පසුව විවාහවූයේ සා සා ගේ සොයුරියවූ මැග්ඩා සමගය.

“කෙල්ලෙක් කසාද බඳින්න ඕනෙ ආදරය කරන කෙනාව. ඒ ආදරය එයාගෙන් නොලැබුණොත් නියම ආදරය ලැබෙනතුරු කසාද බඳින්න ඕනෙ.” ඒ මාධ්‍ය අවධානය දිනාගත් සා සාගේ කියමන් අතරින් එකකි. 

තම මුල්ම පෙම්වතා වූ නූතන තුර්කියේ නිර්මාතෘ ඇය හා විවාහවූවන් අතර තුර්කි තානාපතිවරයෙකු, ජනප්‍රිය නළු ජෝර්ජ් සෑන්ඩර්ස්, අතිශයින් ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු, සෙල්ලම් භාණ්ඩ සැලසුම්කරුවෙකු, (සුප්‍රකට බාබි ඩෝල් බෝනික්කා ඔහුගේ නිර්මාණයකි) දික්කසාද සම්බන්ධයෙන් ප්‍රකට නීතිඥයෙකු හා මෙක්සිකානු නළුවෙකුද වෙයි. 

එක්දිනකට පමණක් සීමාවූ මෙක්සිකානු නළුවා සමග විවාහය පසුදිනම අවලංගු කරගත් බැවින් එය තම විවාහයක් ලෙස ගණන් ගතයුතු නැති බව සා සාම කියා තිබේ. විවාහ අතර කාලයේදී පෙම්වතුන් ඇසුරු කිරීම අතින්ද ඇය ප්‍රකට වූ අතර තම පළමු පෙම්වතා ලෙස ඇය පවසා ඇත්තේ නූතන තුර්කියේ නිර්මාතෘ කේමල් අටාතුර්ක්ය.


1989 වසරේදී සා සා අත්අඩංගුවට පත්වූයේ තමා වලංගු ගමන් බලපත්‍රයක් නොමැතිව හා මෝටර් රිය තුළ අඩක් පානය කළ වොඩ්කා බෝතලයක්ද අතැතිව ගමන් කරද්දි රිය නැවැත්වූ ‍පොලිස් නිලධාරියෙකුට කම්මුල් පහරක් දීම හේතුවෙනි. 

පැය හැත්තෑ දෙකක සිර දඬුවමක් විඳින්නට ඇයට සිදුවිය. හොලිවුඩ් නිෂ්පාදන වූ ඉතාලි, ප්‍රංශ, ජර්මානු හා ඔස්ට්‍රේලියානු චිත්‍රපටවලද රඟපෑ ඇගේ හොඳම රඟපෑම් ඇතුළත් වූයේ මවුලින් රූච් හා ලිලි යන චිත්‍රපටවල බව විචාරක මතයයි. 

තම අත්දැකීම් ඇසුරින් ‍පොත් හතරක් වෙනත් ‍ලේඛකයන්ගේ උදව්ද ඇතිව ලියා ඇති ඇගේ “සා සාස් කම්ප්ලිට් ගයිඩ් ටු මෙන්” (පිරිමින් සම්බන්ධ සා සා ගේ මාර්ගෝපදේශයන්) හා “හව් ටු කැච් අ මෑන්, හව් ටු කීප් අ මෑන්, හව් ටු ගෙට් රිඩ් ඔෆ් අ මෑන් (පිරිමියෙකු ග්‍රහණය කරගන්නා, ඔහු රඳවාගන්නා හා ඔහුගෙන් මිදෙන ආකාරය) යන ‍පොත් සුවිශේෂීය. 

තැපැල් මගින් ඇනවුම්කොට රූපලාවන්‍ය ආ‍ලේපන ගෙන්වා ගතහැකි සමාගමක්ද ඇය පවත්වාගෙන ගියාය. ඇය තරමක් වියපත්ව මුහුණේ රැලි නැතිකර ගැනීමේ ප්ලාස්ටික් සැත්කමකට මුහුණ දුන් බවට කටකතාවක් පැතිරිණි. ඒ බව ඔප්පුකරන කෙනෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දෙන බවට සා සා නිවේදනය කළාය.


අධි සුඛෝපගෝගී ජීවිතයක් ගතකළ සා සා සතුව විවිධ ඇඳුම් පන්දහසක් නිතර තිබූ බවද ඒවා දැමීම සඳහා විශේෂයෙන් සකස් කළ අල්මාරියක් ඇති බවද ප්‍රකටය. මේ ගවුම් අතරින් වඩා ප්‍රකටවූ ගවුම් ඇය වරින්වර වෙන්දේසිකරවා ඒ මුදල් සමාජ සේවා කටයුතුවලට දුන්නාය. 

2009 වසරේදී හෙළිවූ බර්නාඩ් මැඩොෆ් විසින් සිදුකරන ලද මූල්‍යමය වංචාවට ඔහුගේ සමාගමෙහි මුදල් තැන්පත් කළ ඇයද ගොදුරුවූ අතර මෙහිදී සා සා ට අහිමිවූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන දහයකට ආසන්නය. තම වයස සැඟවීමට නිරතුරු උත්සාහ කළ සා සා උපන් වසර නොකියා දිනය පමණක් කීමට නිතර කල්පනාකාරී වූවාය.

ගැහැනු ළමුන්ගේ හොඳම මිතුරා දියමන්ති බවට ප්‍රකට ඉංග්‍රීිසි කියමනක් වෙයි. 1987 වසරේ දිනක සාදයකට සහභාගිවූ අවස්ථාවේ කතාවක් පවත්වමින් සා සා මෙසේ කීවාය.

“මේ වෙනකොට මට තේරිලා තියෙනවා ගෑනු ළමයෙකුගේ හොඳම යාළුවා දියමන්ති නමෛයි දික්කසාද නීතිඥයො කියලා.”
ඇය එසේ කීවේ දික්කසාද නඩු සඳහා දක්ෂ නීතිඥයන්ගේ සහය ලබාගත් තමා දිනාගත් වස්තු සම්භාරය ගැන කල්පනා කරමිනි.

නිශානි දිසානායක

63 වසරක් තිස්සේ වැලි කන කුස්මාවතී – ‘‘මම ආසයි වැලි කන්න දවසකට කිලෝ 2ක් කනවා තාම වෛද්‍යවරයෙකු හමුවෙලාවත් නැහැ‘‘

 
ඉන්දියාවේ 78 හැවිරිදි කාන්තාවක් වසර 63ක පටන් දිනකට වැලි කිලෝග්‍රෑම් 2 පමණ ආහාරයට ගන්නා පුවතක් වාර්තාවේ

ඉන්දියාවේ වාරණාසි ප්‍රදේශයේ වාසය කරන ‘කුස්මාවති‘ නම් මෙම කාන්තාව ඇයට අවුරුදු 15 වූ කාලයේ පටන් වැලි ආහාරයට ගන්නා බව කියයි.

තමා කිසිදිනෙක කිසිවකට වෛද්‍යවරයෙකු ලවා කිසිවකට ප්‍ර‍තිකාර ගෙන නොමැති බවත්, වැලි යනු අද්වීතිය බොජුනක් බවත් හොඳ සෞඛ්‍ය තත්වයක් සඳහා එය උපකාරි වූ බව පවසයි

ඇයට ආහාර සඳහා වැලි සොයාගත නොහැකි වුවහොත් නිවසේ බිත්ති පහුරුගා හෝ වැලි සොයගන්නා බව කියයි

‘‘මම වසර 63 තිස්සේ වැලි කනවා,මම ආසයි වැලි කන්න ඒ වගේම මම හිතන්නේ නෑ වැලි වලින් හානිකර බලපෑම් තිබෙනවා කියා‘‘ කුස්මාවති පවසයි.

ඇයගේ මෙම අරුම පුදුම පුරුද්ද බොහොදෙනා මවිත කරවීමට සමත්ව තිබේ.

ඇය වැලි ආහාරයට ගැනීම ආරම්භ කළ අවධියේ බඩේ යම් යම් අපහුසුතායක් මතුවූ බවත් පසුව ඒවා මගහැරි ගිය බවත් ඇය කියයි.

ඇයගේ මුණුපුරන් මෙම පුරුද්ද නවත්වන යැයි තමාගෙන් ඉල්ලීම් කරන බවත් නමුත් එයට හේතුවක් තමාට සිතාගත නොහකි බවත් තමාට වැඩ කිරිමට සියලු ශක්තිය ලබාදෙන්නේ වැලි බවත් ඇය කියයි.




ජනපති මෛත්‍රී අසනීප වූ කතාවේ ඇත්ත නැත්ත

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි අද වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කර සිටිනවා.

අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවටයි එම වාර්තාවල දැක්වුණේ.

ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බව එම ප්‍රකාශකයා පවසනවා.

මේ හේතුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ බවත් තොරතුරු වාර්තා වනවා.

maithripala-sirisena-worried

දීපිකා ඩීසල් ව උස්සලා (PHOTOS)


ලබන ජනවාරි 20 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත "xXx: Return Of Xander Cage" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ සිදුකිරීමට එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන දීපිකා පදුකෝන් කටයුතු කරනවා.

ඒ වෙනුවෙන් ඇය එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සුපිරි බොලිවුඩ් නළු වින් ඩිසල් ඉන්දියාවට ගෙන ඒමට සූදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මේ වනවිටත් ඇය සල්මාන් ඛාන් මෙහෙයවන "බිග් බොස්" රියලටි වැඩසටහනකට වින් ඩිසල් සහභාගී කරවීමටද සූදානම් කර තිබෙන බවත් සඳහන්.

දීපිකා පදුකෝන් හොලිවුඩ් චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.






පෙම්වතා නවත්වගන්න බදුලු දුම්රියේ බෝම්බ තියනවා යැයි පැවසූ තරුණිය අත්අඩංගුවට

girl-who-called-to-stop-badulla-train-arrested


දුම්රියක සැක කටයුතු යමක් ඇති බවට පොලිසියට ඇමතුමක් ලබාදුන් තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණිය කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තරුණියක් විසින් ඇමතුමක් ලබාදී තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැඳවා පැය 2 කට ආසන්න කාලයක් එම දුම්රිය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත්, සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැහැ.

ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සඳහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.

ඒ අනුවයි අද පෙරවරුවේ 18 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කොටුව පොලිසිය වෙත කැඳවනු ලැබුවේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා අදාළ සිද්දිය වූ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් දුම්රිය පරීක්ෂා කළ අයුරු පහතින්.

කොටදෙණියාවේ සිදුවීමට ගිය තවත් අපරාධයක් අනූනමයෙන් වැලකෙයි

rape-kids

බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නිවෙසට පුද්ගලයකු පෙරේදා (2දා) රාත්‍රි ඇතුළු වී තියුණු ආයුධයක් බෙල්ලට තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක්කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු ඇයව පිහියෙන් කපා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් ඇත. 

පසුව අසල්වැසියන් විසින් ඇය අකරගම රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර පැය කීපයක ශල්‍යකර්මයක් සිදුකොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස බරපතළ කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් (44) ගුරුවරියකි.

සිද්ධිය වූ දින ඇය යම් කටයුත්තක් සඳහා මීගමුව නගරයට ගොස් පැමිණ නිවෙසේ තනිව සිටියදී ඇඟපත සෝදා ගැනීමට නිවෙසෙන් එළියට යෑමට පිටුපස ‍දොර අරිත්ම කළුවරේ සිටි අයකු නිවෙසට ඇතුළු වී ඔහු ඇඳ සිටි ටී ෂර්ටය ගලවා එයින් කාන්තාවන්ගේ මුහුණ වසා අපරාධයක් සිදුකිරීමට උත්සාහ කොට ඇත. 

සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයේ කුලියට පොල් කඩන්නකු බව හඳුනාගත් පසුව ඔහු සමඟ විනාඩි කීපයක් පොරබැදූ එම කාන්තාව සැකකරුගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන් වන සේ සපා කෑ නිසාවෙන් වියරු වූ සැකකරු කාන්තාවගේ බෙල්ලට සහ වම්පාදයේ කලව ප්‍රදේශයට පිහියෙන් ඇන කපා තුවාල සිදුකොට පලා ගොස් තිබූ බවත් ලේ ගලමින් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇය අසල්වැසියන් විසින් රෝහල් ගතකොට තිබූ බවත් බීමත්ව නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට තැත් කිරීම, පහරදී තියුණු ආයුධයකින් බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධකරුව අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය කියයි.

කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප.පො. ප. ලියනගේ, පො.කො. අතපත්තු (32796) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

කටුනායක - ලක්මාලි මුතුකුඩ

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් බුදු දහමට වැඩි නැඹුරුවක්

mark-zuckerberg-buddha-worship

මාර්ක් සකර්බර්ග් පසුගිය නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.


ඒ අවස්ථාවේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් බොහෝ දෙනා විමසා තිබුණේ ඔහු අනාගාමිකයකු නොවේද යන්නයි.

ඊට පිළිතුරු ලෙස ඔහු පවසා තිබුණේ ආගමක් ජීවිතයට ඉතා වැදගත් බවයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානය යොවූ තිබුණා.

අමෙරිකාවේ ෆොක්ස් නිවුස් වාර්තා කරන්නේ මාර්කගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් ඔහුගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

mark-zuckerberg-religion-importanat-1

mark-zuckerberg-religion-importanat-2