04 January, 2017

63 වසරක් තිස්සේ වැලි කන කුස්මාවතී – ‘‘මම ආසයි වැලි කන්න දවසකට කිලෝ 2ක් කනවා තාම වෛද්‍යවරයෙකු හමුවෙලාවත් නැහැ‘‘

 
ඉන්දියාවේ 78 හැවිරිදි කාන්තාවක් වසර 63ක පටන් දිනකට වැලි කිලෝග්‍රෑම් 2 පමණ ආහාරයට ගන්නා පුවතක් වාර්තාවේ

ඉන්දියාවේ වාරණාසි ප්‍රදේශයේ වාසය කරන ‘කුස්මාවති‘ නම් මෙම කාන්තාව ඇයට අවුරුදු 15 වූ කාලයේ පටන් වැලි ආහාරයට ගන්නා බව කියයි.

තමා කිසිදිනෙක කිසිවකට වෛද්‍යවරයෙකු ලවා කිසිවකට ප්‍ර‍තිකාර ගෙන නොමැති බවත්, වැලි යනු අද්වීතිය බොජුනක් බවත් හොඳ සෞඛ්‍ය තත්වයක් සඳහා එය උපකාරි වූ බව පවසයි

ඇයට ආහාර සඳහා වැලි සොයාගත නොහැකි වුවහොත් නිවසේ බිත්ති පහුරුගා හෝ වැලි සොයගන්නා බව කියයි

‘‘මම වසර 63 තිස්සේ වැලි කනවා,මම ආසයි වැලි කන්න ඒ වගේම මම හිතන්නේ නෑ වැලි වලින් හානිකර බලපෑම් තිබෙනවා කියා‘‘ කුස්මාවති පවසයි.

ඇයගේ මෙම අරුම පුදුම පුරුද්ද බොහොදෙනා මවිත කරවීමට සමත්ව තිබේ.

ඇය වැලි ආහාරයට ගැනීම ආරම්භ කළ අවධියේ බඩේ යම් යම් අපහුසුතායක් මතුවූ බවත් පසුව ඒවා මගහැරි ගිය බවත් ඇය කියයි.

ඇයගේ මුණුපුරන් මෙම පුරුද්ද නවත්වන යැයි තමාගෙන් ඉල්ලීම් කරන බවත් නමුත් එයට හේතුවක් තමාට සිතාගත නොහකි බවත් තමාට වැඩ කිරිමට සියලු ශක්තිය ලබාදෙන්නේ වැලි බවත් ඇය කියයි.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "63 වසරක් තිස්සේ වැලි කන කුස්මාවතී – ‘‘මම ආසයි වැලි කන්න දවසකට කිලෝ 2ක් කනවා තාම වෛද්‍යවරයෙකු හමුවෙලාවත් නැහැ‘‘"

    Post a Comment