04 January, 2017

කොටදෙණියාවේ සිදුවීමට ගිය තවත් අපරාධයක් අනූනමයෙන් වැලකෙයි

rape-kids

බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නිවෙසට පුද්ගලයකු පෙරේදා (2දා) රාත්‍රි ඇතුළු වී තියුණු ආයුධයක් බෙල්ලට තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක්කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු ඇයව පිහියෙන් කපා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් ඇත. 

පසුව අසල්වැසියන් විසින් ඇය අකරගම රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර පැය කීපයක ශල්‍යකර්මයක් සිදුකොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස බරපතළ කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් (44) ගුරුවරියකි.

සිද්ධිය වූ දින ඇය යම් කටයුත්තක් සඳහා මීගමුව නගරයට ගොස් පැමිණ නිවෙසේ තනිව සිටියදී ඇඟපත සෝදා ගැනීමට නිවෙසෙන් එළියට යෑමට පිටුපස ‍දොර අරිත්ම කළුවරේ සිටි අයකු නිවෙසට ඇතුළු වී ඔහු ඇඳ සිටි ටී ෂර්ටය ගලවා එයින් කාන්තාවන්ගේ මුහුණ වසා අපරාධයක් සිදුකිරීමට උත්සාහ කොට ඇත. 

සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයේ කුලියට පොල් කඩන්නකු බව හඳුනාගත් පසුව ඔහු සමඟ විනාඩි කීපයක් පොරබැදූ එම කාන්තාව සැකකරුගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන් වන සේ සපා කෑ නිසාවෙන් වියරු වූ සැකකරු කාන්තාවගේ බෙල්ලට සහ වම්පාදයේ කලව ප්‍රදේශයට පිහියෙන් ඇන කපා තුවාල සිදුකොට පලා ගොස් තිබූ බවත් ලේ ගලමින් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇය අසල්වැසියන් විසින් රෝහල් ගතකොට තිබූ බවත් බීමත්ව නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට තැත් කිරීම, පහරදී තියුණු ආයුධයකින් බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධකරුව අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය කියයි.

කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප.පො. ප. ලියනගේ, පො.කො. අතපත්තු (32796) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

කටුනායක - ලක්මාලි මුතුකුඩ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොටදෙණියාවේ සිදුවීමට ගිය තවත් අපරාධයක් අනූනමයෙන් වැලකෙයි"

    Post a Comment