04 January, 2017

පෙම්වතා නවත්වගන්න බදුලු දුම්රියේ බෝම්බ තියනවා යැයි පැවසූ තරුණිය අත්අඩංගුවට

girl-who-called-to-stop-badulla-train-arrested


දුම්රියක සැක කටයුතු යමක් ඇති බවට පොලිසියට ඇමතුමක් ලබාදුන් තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණිය කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තරුණියක් විසින්
ඇමතුමක් ලබාදී තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැඳවා පැය 2 කට ආසන්න කාලයක් එම දුම්රිය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත්, සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැහැ.

ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සඳහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.

ඒ අනුවයි අද පෙරවරුවේ 18 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කොටුව පොලිසිය වෙත කැඳවනු ලැබුවේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා අදාළ සිද්දිය වූ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් දුම්රිය පරීක්ෂා කළ අයුරු පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පෙම්වතා නවත්වගන්න බදුලු දුම්රියේ බෝම්බ තියනවා යැයි පැවසූ තරුණිය අත්අඩංගුවට"

    Post a Comment