04 January, 2017

දීපිකා ඩීසල් ව උස්සලා (PHOTOS)


ලබන ජනවාරි 20 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත "xXx: Return Of Xander Cage" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ සිදුකිරීමට එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන දීපිකා පදුකෝන් කටයුතු කරනවා.

ඒ වෙනුවෙන් ඇය එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සුපිරි බොලිවුඩ් නළු වින් ඩිසල් ඉන්දියාවට ගෙන ඒමට සූදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මේ වනවිටත් ඇය සල්මාන් ඛාන් මෙහෙයවන "බිග් බොස්" රියලටි වැඩසටහනකට වින් ඩිසල් සහභාගී කරවීමටද සූදානම් කර තිබෙන බවත් සඳහන්.

දීපිකා පදුකෝන් හොලිවුඩ් චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දීපිකා ඩීසල් ව උස්සලා (PHOTOS)"

    Post a Comment