03 November, 2016

වෙලාවක් කලාවක් නැතිව එක එක අය මගේ ළඟට ආවා, මම හොඳට සල්ලි හම්බ කළා - ජීවිතය වැරදුනු තරුණියකගේ සංවේදී හෙළිදරව්ව

බොරු ආදරේට රැවටිලා එහෙමත් නැත්නම් හැගීමට වහල්වෙලා ජීවිත වරද්දගන්න අය ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා.

ඒ වගේම අම්මා තාත්තගේ සෙනෙහස දුරස් වුණාම තරුණියකගේ ජීවිතයකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්න බොරු ආලවන්තකම්ද නැතුවාම නොවේ.

තරුණියකගේ ජීවිතේ එකම තැනකදි හෝ වැරදුනොත් එතැන හදාගන්න එක ගොඩක් අමාරුයි.

ඒ විදිහට තමන්ගේ කියලා කෙනෙක් ළඟ නැතිව ජීවිතේ වැරදිලා ලස්සන අනාගතය විනාශ කරගත්ත තරුණියකගේ සංවේදී හෙළිදව්වක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

ආදරෙන් කතා කරනවානම් ඕන කෙනෙක් කැමතියිනේ. ඒත් මට කවුරුවත් එහෙම කතා කරලා නැහැ. මම හැදමාම ඇහුවේ බැනුම්.

මගේ අම්මා මාව දාලා ගියේ මට අවුරුදු දෙකේදි.

එදා ඉඳදා මාව හදාගත්තේ තාත්තා. තාත්තට මාව බලාගන්න එකයි, රස්සාව කරන්නයි දෙකම බැරි නිසා තාත්තා මාව එයාගේ නංගිට බාර දුන්නා.

ඒ කියන්නේ නැන්දට. තාත්තා නැන්දට මගේ වියදම දුන්නා.

එතකොට මට අවුරුදු තුනක් විතර ඇතිලු. නැන්දා මාව ආදරෙන් බලාගත්තේ නැහැ.

ඒක මට හොඳටම දැනෙන්න ගත්තේ මට අවුඅරුදු හයක් විතර කාලෙදි.

ඒත් තාත්තා හිතුවා මම නැන්දා ළඟ හොඳින් ඉන්නවා කියලා.

ඔයාව නැන්දට බාරදීලා තාත්තා කොහෙද ගියේ..?

තාත්තා ඩුබායිවල රස්සාවකට ගිහිල්ලා හිටියේ. ඉස්සෙල්ලම රට ඉඳලා එනකොට මට අවුඅරුදු පහක් විතර ඇති.

තාත්තා මාව වඩාගත්තම මම බයවෙලා හොඳටම ඇඩුවා.

ඒත් එයා මගේ තාත්තා කියලා මම තේරුම්ගත්තේ දවසකට විතර පස්සේ. මගේ බය ඇරුණා. මම තාත්තා ළඟටම වෙලා හිටියා.

අම්මා ගැන ඇහුවේ නැද්ද..?

මම ඇහුවා.. එතකොට තාත්තා කිව්වා අම්මා මැරුණනේ දෝනි කියලා.

ඔයා නැන්දලගෙ ගෙදර ඉන්න. මම ආයෙත් ලංකාවට ආවම ඔයාව මගේ ළගට ගන්නම් කියලා තාත්තා මාස තුනකට විතර පස්සේ ආයේ යන්න ගියා. තාත්තා ලංකාවේ ඉන්න දවස්වලනම් නැන්දා මට ආදරයෙන් සැලකුවා.

නැන්දලාගේ ගෙදර තව කවුද හිටියේ. නැන්දගේ මහත්තයි පුතාලා දෙන්නයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මගේ වයසේ.

අනිත් කෙනා මට බාලයි. නැන්දා හුගක් වෙලාවට කළේ තාත්තා එවන සල්ලිවලින් ඒගොල්ලන්ගේ දේවල් කරගත්ත එක. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මට ගෙදර එයාලගේ වැඩත් කරන්න වුණා.

අයියගෙයි මල්ලිගෙයි දෙන්නගෙම රෙදි හෝදන්න වුණා. තාත්තා ආයෙම ලංකාවට ආවේ මං ලොකු ළමයෙක් වුණ දවසේ.

එතකොට මට අවුරුදු 14 යි. එදා තාත්තා මාව දැකලා ඇඩුවා.

දුවේ ඔයා හරි ලස්සනයි. ඔයාව බලන්න අම්මා නැහැනේ.. මගේ දූ හොඳට හැදෙන්න.

තාත්තා එහෙම කිව්වා. මගේ උත්සවයෙන් පස්සේ තාත්තා ආයෙම යන්න ගියා.

මට මහා පාළුවක් දැනුනා. උඹ මගේ කොල්ලෝ දෙන්නා එක්ක හෙම වැඩිය කතාවට දැගලිල්ලට එහෙම යනවා නෙවෙයි.

නැන්දා මට හැම වෙලාවෙම තරවටු කළා. මම ටික ටික ලොකු වුණා.

සමර වෙලාවට මම කණ්ණාඩිය ඉස්සරහ වරු ගණන් ගත කළා. මටම හිතුනා මම ලස්සනයි කියලා.

මම සාමාන්‍ය පෙල විභාගය ලිව්වා. ඊට පස්සේ ප්‍රතිඵල එනතුරු ගෙදර හිටියා. නැන්දගේ පුතාත් විභාගය ලිව්වා. එයා ඊට පස්සේ රස්සාවකට ගියා. නැන්දත් ඒ වෙනකොට පොඩි රස්සාවකට යනවා.

මල්ලි ඉස්කෝලේ යනවා. දවස තිස්සේ ගෙදර හිටියේ මම විතරයි.

ඒත් මාමා සමහර දවස්වල ගෙදර ඉන්න පුරුදු වුණා. මුලින් මුලින් මට මාමගේ වෙනසක් පෙනුනේ නැහැ.

ඒත් මට පස්සේ එයාගෙන් ගැලවිලා ඉන්න බැරිවුණා. මම හිතාගත්තා ගෙදරින පැනලා යන්න ඕනේ කියලා.

එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මම ලියුමක් ලියලා තාත්තට තැපැල් කරලා ගෙදරින් පැනලා ගියා.

ඒ වෙනකොට මට දරුවෙක් ලැබෙන්න හිටියා.

ඒත් ඒ දරුවා නැතිවුණා. මට නිදහස් බවක් දැනුනා. මම ගෙවල් කිහිපයකම වැඩ කළා. ඒ හැම ගෙදරකම මට ඉන්න පුළුවන් වුණේ ටික දවසයි.

ගෙදර ඉන්න කවුරුම හරි පිරිමියෙක් මට කරදර කරන්න ගත්තා. සමහර වෙලාවට මට හිතෙනවා මම ඒ දේට ඇබ්බැහි වුණාසද කියලා.

කොහොමත් එක ගෙදරක මාස දෙකකට වඩා ඉන්න මට බැරිවුණා.

අන්තිමට වට වයසක ආච්චි කෙනෙක්ව බලාගන්න ලැබුණා.

ඒ ගෙදර හිටියේ එයාගේ දුවයි පුතයි විතරයි. සල්ලිකාර පවුලක්. ගෙදර හිටියා තව ඩ්‍රයිවර් කෙනෙක්. මට හිතුනා එයා හරිම කාරුණිකයි කියලා.

අපි ආදරෙන් බැදුනා. ටික දවසක් යනකොට ඒක ගෙදර කාටවත් රහසක් වුණේ නැහැ.

මම මගේ ජීවිතේ ගැන සම්පූර්ණ ඇත්ත එයාට කිව්වා. ඒ කතන්දරය අහලා එයා වෙනස් වුණා කියලා මට දැනුනේ නැහැ. මම ඇත්තටම එයාට ආදරේ කළා. නෝනා කිව්වා එයත් එක්ක විවාහ වෙන්න කියලා. එහෙම වෙන්න ඔන්න මේන තියෙද්දි එයා එක පාරටම ගෙදරින් අතුරුදන් වුණා.

අපිට එයාව හොයාගන්න බැරිවුණා. ඔයා බයවෙන්න එපා.. මැරෙනතුරුම ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්.

නෝනයි දුවයි දෙන්නම මට එහෙම කිව්වා. මාසයක් විතර ගෙවිලා ගියා. දවසක් ඩ්‍රයිවර් අයියා ගෙදර ආවා.

කොහෙද මනුස්සයෝ උඹ ගියේ..?

නෝනගේ පුතා ඩ්‍රයිවර් අයියා ගෙදර ආව දවසේ ඇහුවා.

මම අම්මව බලන්න ගියා සර්.. ඩ්‍රයිවර් අයියා මහත්තයට එහෙම කිව්වා.

කාලය ගෙවිලා ගියා. දවසක් ඩ්‍රයිවර් අයියා මට කතා කළා එයා එක්ක යන්න. ඒත් මම කිව්වා නෝනලට නොකියා යන්න බැහැ කියලා.

එයා කිව්වා බදින්න ඉන්නවා නම් එයත් එක්ක යන්න එන්න බැරි මොකද කියලා. එතකොට මගේ වයස අවුරුදු 20 යි.

එදා මම එයත් එක්ක ගියා. දවසක් දෙකක් සුමානයක් සුමාන දෙකක් මම එයත් එක්ක ගෙදරක කාමරයක නතරවෙලා හිටියා. එයා කිව්වඓ් එයාගේ අක්කලගේ ගෙදර කියලා.

එතැන හරි හොඳයි. අක්කත් මට හොඳට සැලකුවා. දවසක් ඩ්‍රයිවර් අයියා ගමේ ගිහින් එන්නම් කියලා ගියා. ඒත් ගියා ගියාමයි එයා ආයේ ආවේ නැහැ. අර අක්කා මට කිව්වා එයාගේ ගෙදර ඉන්නවා නම් කුලීගෙවන්න කියලා. මම ඇහුවා මම කොහොමද එහෙම කරන්නේ කියලා. එයා මට බැන්නා. උඹ මෙහෙ ඉන්නවා නම් ඒ විදිහට හිටපන් කියලා.

මට ආයේ නෝනලගේ ගෙදර යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

මම එදා කාමරේට වෙලා කල්පනා කළා මොකද කරන්නේ කියලා. හැන්දෑවේ අක්කා ආවා මගේ කාමරේට. උඹ ගැන ඔක්කොම ඩ්‍රයිවර් සුමනේ මට කිව්වා. ඌ කසාද බැඳපු මිනිහෙක්. එයත් එක්ක උඹට යන්න බැහැ. උඹගේ ආයේ නැතිවෙන්න දෙයක් නැහැනේ. හැබැයි මම කියන විදිහට හිටියොත් උඹට මැරෙනතුරු මෙහෙ ඉන්න පුළුවන්. ආයෙත් පාරක් පාරක් ගානේ ගිහින් නන්නත්තාර වෙනවට වඩා ඒක හොඳයි. මම දැන් කෙනෙක්ව එවනවා. එයාව හොඳට බලාගනින්. මිනිදා දළකාරයා.

අක්කා එහෙම කියලා යන්න ගියා. එදා ඉඳලා ගෙවිච්ච හැම දවසකම වෙලාවක් කලාවක් නැතිව එක එක්කෙනා ආවා ගියා.මම සල්ලි හම්බකළා. දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මම පුංචි ගෙයක් හදාගත්තා.

රැපියල් පන්සීය, දාහට මිනිස්සුත් එක්ක යන එක මම අතහැරලා දැම්මා.

ඒ මොකද..?

මට මාගරට් කියලා කෙනෙක් හමුවුණා. එයා මගෙත් එක්ක නතර වුණා. අපි නම්බුකාර විදිහට රස්සාව කළා.

ඒ කියන්නේ..?

මම සුපිරිම විදිහට අඳින්න පළදින්න ගත්තා. අපි අපේ ගාණ වැඩි කළා. අපි ලොකු හෝටල්වලට යන්න පටන් ගත්තා.

සල්ලිකාර මහත්තුරු අපිව ගෙනිච්චා. ඒත් අපිව දෙතුන්වතාවක්ම පොලිසියට අහුවුණා.

කිහිපවතාවක්ම හිරේ ආවා. මාස දෙක තුනක් හිරේ ඉඳලා ආයෙත් එළියට ආවා. ආයෙත් පරණ රස්සාවම පටන් ගත්තා.

මේ වතාවේ හිරේ ආවේ වෙන දේකටනේ.

ඔව්.. මම කුඩුවලට ඇබ්බැහි වුණා. ඒක තමයි වගේ විනාශය. මට කුඩු නැතිව ඉන්න බැරිවුණා. මම ලැබුණු සල්ලි ඔක්කොම වියදම් කළේ ඒකට. අන්තිමට පොලිසියට අහුවුණේ කුඩු ග්‍රෑම් දෙකක් එක්ක.

එළියට ගියාම මොකද කරන්නේ.

බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ. මම දන්නවා මම ආයෙම කුඩුවලට පුරුදුවේවි කියලා. මට ඒ පුරුද්ද අතහරින්න බැහැ. මම ආයෙත් පරණ දේවල් පටන්ගනීවි.

ඒක ගැන තමයි දුක.

දැන් තාත්තා කොහොමද..?දැන්නේ නෑ.. මම ගෙදරින් පැනලා ආවට පස්සේ මම ආයෙත් ගෙදර ගියේ නැහැ. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ.. මම දැන් කාගැනවත් හිතන්නේ නැහැ.

prostitute-08

_හිරුගොසිප්

එකම රෝහලක එකම දිනයක උපන් මනාලයෙක් සොයා ලෝචනාගේ නැගණිය ගිය ගමන

රංගන ශිල්පිනි ලෝචනා ඉමාෂිගේ සහෝදරියවූ අමාලි සෙව්වන්දිගේ අතගත්තේ අමිල මධුසංඛ.

ඔවුන් දෙදෙනා උපත ලබා ඇත්තේ ද එකම දිනයක එකම රෝහලකදීයි.

ඔවුන්ගේ මංගල උත්සවයේ වීඩියෝව මේ වනවිට ලෝචනා ඉමාෂි සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එය පහතින් නැරඹිය හැකියි.


amila-amila-lochana-sister



_නෙත්ගොසිප්

ජනපති නව පක්ෂ බිහිවීම සහ පැවැත්ම ගැන බුදු දහමින් කළ විග්‍ර‍හය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍ර‍වර්ධන වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මහරගමදී අද (03) ඇරඹුණා. 

මෙහිදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතාවට සමීප වියහැකි පක්ෂයක් බිහිවීමට සුදුසු පසුබිමක් සහ සාධක නොමැති වකවානුවක බිහිවන පක්ෂයකට ජනතාවට සමීප විය නොහැකි බවය.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරන සමයේ නව පක්ෂයක් බිහිවීමට සුදුසු පසුබිමක් නිර්මාණය වී තිබූ බව ඔහු පවසනවා. අලුත් පක්ෂයක අවශ්‍යතාව ජනතාවට එකල දැනී තිබූ බවද ඔහු පැවසුවා.

සිදුහත් කුමාරයාද උපදින්නට පස්මහ බැලුම් බැලූ බව පවසන හෙතෙම කාලය, දේශය, දීපය, කුලය, මව යන සියල්ල සම්පූර්ණව ඇති සමයක සිදුහත් උපත සිදුවූ බව අවධාරණය කරනවා. 

හෙතෙම මේ බව පවසන්නේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නව පක්ෂයක්, මැතිවරණ කොමිසම විසින් ඊයේ (02) දිනයේ බිහිව තිබියදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමන් පසුවද, ඊට පෙරද මෙරට පක්ෂ රැසක් බිහිවුණත් ඒ කිසිවකට රට පාලනය කිරීමට තරම් ජනතා බලයක් ඒකරාශි නොවූ බව ඔහු පැවසුවා.

maithripala-sirisena-23


_නෙත්ගොසිප්

02 November, 2016

ශාරුක් ඛාන්ගේ වයස පෙනුන පින්තූර

පසුගිය සති අන්තයේ ශරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඡායාරූපායක් අන්තර්ජාලය පුරා පැතිර ගියා.

එහි ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පෑදී ආකාරය මනාව දර්ශනය වුණා

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ එම ඡායාරූපය වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතර තුර ලබා ගත් ඒවා බවයි.

අදාළ වීඩියෝව පහතින්.

shah-rukh-khan-old

දීපිකාගේ XXX වීඩියෝව එළියට

සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රංගනයන් දායකවන xXx The Return of Xander Cage චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය ඊයේ දිනයේ නිකුත් වුනා.

මෙම චිත්‍රපට මාලාවේ ආරම්භයේ සිටම ප්‍රධාන චරිතයට රංගනයන් දායක වූ හොලිවුඩ් සුපිරි නළු Vin Diesel මෙවරද xXx The Return of Xander Cage චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනවා.

Vin Dieselට අමතරව Nina Dobrev , Samuel L.Jackson , Donnie Yen , Tony Jaa වැනි සුපිරි නළු නිළියන් මෙම නිර්මාණයට රංගනයන් දයකවී ඇතැයි සදහන්.

හොලිවුඩ් අධ්‍යක්ෂ D.J. Carusoගේ අධ්‍යක්ෂනයෙන් නිමවූ මෙය 2017 ජනවාරි 20වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ වීමට කටයුතු සුදානම්කර ඇතිබවයි හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රක්ෂකයන්ගේ වැඩි අවදානයකට ලක්වෙතැයි විචාරකයන් පවසනවා.


deepika-padukone-xxx


_මිරර්ආර්ට්ස්

ඇමති සජිත් ක්‍රිකට් ගහපු හැටි මෙන්න

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පසුගිය කාළයේම කාගේත් කතාබහට ලක්වුණා.

ඒ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ  මාධ්‍ය හරහා පලවූ වීඩියෝවක් හේතුවෙන්.

කෙසේ වෙතත් සජිත් අමාත්‍යවරයා සිය දේශපාලන කටයුතු බොහෝමයක් නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධියට පත් කරනවා.

මේ පහතින් දැක්වෙන්නේ ඒ මහතා දෙබරවැව මධ්‍යමහ විද්‍යාලයේ සංචාරයක නිරත වූ අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩිකළ අයුරුයි.

sajith-premadasa-play-cricket


ශ්වේතාගේ තාත්තා ගැන නිල්මිණීගෙන් මින් පෙර නොඇසූ කතාවක්

ශ්වේතාගේ තාත්තා ගැන නිල්මිණීගෙන් මින් පෙර නොඇසූ කතාවක්

නිල්මිණී කියන්න හදන කතාව පටන්ගත්තෙ කොහොමද?

ශ්වේතා දුවට අවුරුද්දක් විතර කාලෙක මං ජීවත් වුණේ මාලිගාවත්තෙ නිවෙසක. මගෙ දියණියගේ පියාගේ මවගේ නිවසෙදි 2003 මාර්තු නව වැනිදා ලොකු අසාධාරණයකට ලක්වුණා. ඒ හින්දා මම එදා ඉන් එළියට බැස්සා.

ඒ සියල්ලටම වගකියන්න ඕනෑ ශ්වේතා දුවගෙ තාත්තා. එදා ඉඳන් මම මනාලියන්ට අන්දවල මගෙ දුවව උස් මහත් කරලා එයාව හොඳ ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා.

ඔය අසාධාරණකම් හින්දා නිල්මිණී තනි වුණාද?

තනි වුණා කියන්නෙ මම ඒ අසාධාරණකම් හිත් වේදනාවක් වෙලා මම කවුන්සිල් යන තත්ත්වයටම පත් වුණා. ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ලොකු කාලයක් ගියා. එහෙම තියෙද්දියි මේ ප්‍රශ්නෙ උඩට ආවෙ.

එහෙම අසාධාරණයකට ලක් වෙච්ච ඔබ නැඟිටිනවා.

ඔව්. ශ්වේතා දුවට දැන් අවුරුදු පහළොවක් වෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමයි ශ්වේතගෙ තාත්තා මේ දේ කරන්නෙ ඇයි කියලා. ඕනෑම ගෑනියෙක් එක විවාහයක් පතන්නෙ. කිසිම ගැහැනියෙක් දික්කසාදෙ පතන්නෙ නෑ. මගෙ අම්මා, තාත්තා නැති වුණාම තනියම හැදුණා. මාත් මගේ දරුවා එහෙම ඇතිදැඩි කළා. දැන් එක පාරටම ශ්වේතගෙ තාත්තා මට චෝදනා කරනවා.

ඔබ ඔහු හා විවාහ වෙන්නෙ ආදර සබඳතාවකින්ද?

ඔව්. මම ඔහුට අවුරුදු තුනක් ආදරේ කරලයි විවාහ වෙන්නෙ. මම ඒ ආදරයට ගරහන්නෙ නෑ. මම හොඳ හවුස් වයිෆ් කෙනෙක්. මම හැමදාම මගෙ ස්වාමියා වෙනුවෙන් කැප වුණා.

රංගන ශිල්පිනියක් ගායකයෙක් එක්ක ජීවිතය පටන් ගන්න එක හිතන තරම් ලේසි නෑ නේද?

ඇත්තටම නෑ. රංගන ශිල්පිනියක් විදියට මම ඔහු වෙනුවෙන් හැම දේම කළා. මම ෂූටින් යන්නෙ මගෙ අතින්ම කෑම උයලා. ඒ මදිවට දවල්ට රෑට උදේට කියලා නෝට් එකකුත් ගහලා. එයා රෑ නිදි මරලා ගෙදර ආවහම එයාගෙ බෙඩ්රූම් එකට අව්වවත් නොවැටෙන විදියට නිදාගන්න සලස්නවා. ගායකයෙක් විදියට මම ඒ සපෝට් එක දුන්නා.

නිල්මිණීට කොයි මොහොතෙද ඔහුව මඟහැරෙන්නෙ.

මම ඔහුගෙ බොරුවකට අහුවෙලා ඒ බොරුවට දැක දැකත් මම මේක කාටවත් කියන්නෙ නෑ. ඒ දේ මම කිව්වේ ඔහුගේ මවට විතරයි.

ඔහුගේ පවුලෙන් ඔබට ලැබුණෙ කොයි වගේ උත්තරයක්ද?

මේ කලා පවුර ඇතුළෙ ගායකයෙක්, ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඒ කලා පවුර සුණු විසුණු කළා. මං ඒ මවුපියන්ට දොස් කියන්නෙ නෑ.

ඔබේ කේන්තිය නිසා මෙහෙම දෙයක් වුණා කියන කතාව බොරුද?

නෑ. මම අහිංසක කෙනෙක්. මට කතා කරන්නත් බෑ ඇඬෙනවා. ඒත් මට බොරුවයි හොරකමයි පෙන්වන්න බෑ. ගේ ඇතුළෙදි මට අසාධාරණකම්වලට සියයට කෝටියක් අහුවුණා. කිසිම ගැහැනියක් කැමැති නෑ බීපු මිනිහෙක්ගෙන් ගුටිකන්න. මගෙ පෙම්වතා සෙට් එකට ඇවිත් ගහලා තියෙනවා. මං හිතුවා ඒ කෙයාරින් කියලා. හැබැයි මං රැවටුණා. ඒක මම තේරුම් ගත්තෙ නෑ.

අවසාන වශයෙන් නිල්මිණිට කියන්න දේකුත් ඇති?

දෙන්නෙක් විවාහ වෙනකොට නොගැළපෙනවා නම් වෙන් වෙනවා තමයි. හැබැයි මං ඒකට අකැමැති වුණා. මං කියන්නෙ ඔහුට ශ්වේතා ගැන හිතලවත් මේ පරණ සිදුවීම් අවුස්සන්න එපා කියලයි.

nilmini-thennakoon

නදීෂ නිර්මාණ හේරත්_මව්බිම

විසි වසරක වේදනාව සිර කරන් කිලෝමීටර් 700ක් ඇවිද්ද මහේල හැමෝම හඬවමින් කඳුලු සලමින් කළ සංවේදී කතාව (Video)

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කිරීම පිණිස පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පුරා පැවති ට්‍රේල් පා ගමන ඊයේ (01) අවසන් වුණා.

පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබීමද සිදුවුණා.

මෙම පා ගමනේ මූලකත්වය ගෙන තිබුණේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

මෙහිදී අදහස් දක්වමින් මහේල පවසා සිටියේ මෙම පිළිකා රෝහල ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කර ගැනීම පිණිස සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ස්තූතියි කරන බවයි.

මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව මහේල කඳුලු සලමින් සඳහන් කළේය.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, “මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුනා. උතුරේ පේදුරුතුඩුවේ ඉඳලා අපි මාතරට ඇවිල්ලා තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව ‘කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,” යැයි පවසද්දී ඉතා හැඟුම්බර විය.


mahela-jayawardene-crying



_නෙත්ගොසිප් (වීඩියෝ – BBC Sinhala – සංදේශය)

01 November, 2016

කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව

"මට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කරන්න ලැබුණොත් හදවතින්ම සතුටු වෙනවා."

"ලංකාවේ අය තේරුම් ගන්නේ නැහැ මෙහි වැදගත්කම"

ඇමරිකාවේ පැවති කායවර්ධන තරඟාවලිය නියෝජනය කරමින් බිකිණි අංශයෙන් තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන දිල්රුක්ෂි, එහිදී ජයග්‍රහණ 05ක් වාර්තා කිරීමට සමත්වුණා.

කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි දිල්රුක්ෂි, හිරු ගොසිප් අප සමඟ කළ කතා බහයි මේ.......

solaman-arachchige-dilrukshi-aka-iron-lady-female-bodybuilding


_හිරුගොසිප්

සිනමා නිළියක් කියලා මාව හඳුන්වනවටයි මං කැමැති

ඔයා හිතන විදියට අමීෂා කාවින්දි කිව්වම මිනිසුන්ට මතක් වෙන්නේ කාවද?

මම රඟපාපු චරිත වෙන්න ඇති නේද?. මම හිතන්නේ සුදුහංසි චිත්‍රපටයේ මලීෂාගේ චරිතය සහ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ජිනාගේ චරිතයට මිනිස්සු කැමැතියි.

ඔයා කැමැති ඔයාව කවුරු විදියට හඳුන්වනවටද?

මම කැමැතියි මාව සිනමා නිළියක් ලෙස හඳුන්වනවට. ඒ වගේම මම රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් ලෙස හඳුන්වනවටත් කැමැතියි.

ජීවිතයේ කළ තෝරා ගැනීම් ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඔව් සමහර තැන් තිබුණා. අවස්ථාව ආවා, ඒත් මම තෝරා ගත්තේ නැහැ. ඒ ගැන දුකයි. ඒ ඇරෙන්න මගේ තෝරාගැනීම් ගැන මම සතුටු වෙනවා.

ක්‍ෂේත්‍රයට එන්න දුක් වින්ද කාලයක් තිබ්බද?

ඇත්තටම කියනවා නම් මම කට්ටක් කෑවේ නෑ. මම නර්තන ශිල්පිනියක්නේ. ඉතින් මම චිත්‍රපට පසුබිම් නර්තනයට දායක වුණා. එතැනදි මාව දැකලා තමයි සුරේෂ් කුමාරසිංහගේ ඩබල් ගේම් චිත්‍රපටයට මාව තෝරා ගත්තේ.

සැමියා විදියට අර්ජුන් කමලනාත් තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

සීනි බෝල චරිතවලට මම කැමැති නැහැ. මට ඕන හොඳ පිරිමියෙක්. ස්වරූපයෙන් විතරක් නෙවෙයි එයා වැඩවලිනුත් හොඳ පිරිමියෙක්.

එයා කැමැතිම ඔයාගේ ගති ලක්‍ෂණ මොනවද?

මම අනුන්ගේ ඕපදූප හොය හොය එයා එක්ක කියන්නේ නෑ. ඒකට එයා හරිම කැමැතියි.

වැඩිපුරම චිත්‍රපටවල විතරක්ම දකින්න ලැබෙන්නේ ඇයි?

මම ආවේ ඩබල් ගේම් චිත්‍රපටයෙන්නේ. එතැනින් පස්සේ මට දිගටම චිත්‍රපට ලැබුණා. ඒ නිසා චිත්‍රපට නිළියක් වීම මට වටිනවා. ලොකු තිරයක කාලෙකින් දකින එක හොඳයි.

හැමෝම බර අඩුකර ගන්න හිතන කාලේ අමීෂා විතරක් මහත්වෙන්නේ මොකද?

මම හුඟක් කෙට්ටු වුණාම කැතයි. මහතට ඉද්දී ලස්සනයි කියලා සමහර අය කියනවා. ඒත් නොවැම්බර්වල පටන් ගන්න ෆිල්ම් එකට කෙට්ටු වෙන්න ඕන නිසා දැන් ජිම් යනවා.

හඳහන් විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම මගේ හඳහනේ තිබුණු හුඟක් දේවල් හරි ගියා. විශේෂයෙන් මගේ හඳහනේ කිව්වා මට ගැළපෙන්නේ කලා ක්‍ෂේත්‍රය කියලා.

ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන සතුටුයිද?

ඔව්, සතුටුවෙන්න පුළුවන්. මම හුඟක් ජනප්‍රිය නෑ. ගානට ජනප්‍රියයි. තරහකාරයෝ නෑ. මාධ්‍ය වුණත් මාත් එක්ක හොඳයි.

වැඩිපුරම මුදල් වියදම් කළේ මොනවටද?

මගේ රත්රන් ආභරණ ටික හදන්න තමයි. මම රඟපාලා ලැබුණු සල්ලි සැමියා දුන්නු සල්ලි, අම්මා තාත්තා දුන්නු සල්ලි සේරම දාලා මම ඒවා හැදුවා.

පවුලෙන් දුරස් වෙලා නිසා අම්මා, තාත්තා ගැන බලන්නේ කොහොමද?

අම්මෝ ඒ දෙන්නා මගේ ජීවිතේ. මම නිතරම එයාලව බලන්න යනවා. අඩුපාඩු සොයා බලනවා. දුරකතනයෙන් පවා කතා කරනවා. දරුවෙක් විදියට මම එයාලට යුතුකම් ඉටු කරනවා.

අර්ජුන්ගෙන් වැඩිපුරම බැනුම් අහන්නේ මොනවටද?

මට හැමදේම අමතක වෙනවා කියලා බැනුම් අහනවා. සමහර විට එයා පවරන වැඩ, ගමන් බිමන් යන දවස් පවා මට අමතක වෙනවා.

අමීෂා පොඩි කාලේ මොනවගේ චරිතයක්ද?

මම කතෝලික. ආගමට හරිම ළැදි දරුවෙක්. දහම් පාසල් ගියා. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. හුඟක් අය හිතුවේ මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා.

වැඩිවියට පත්වුණු දවස මතකද?

ඔව්. එතකොට මම නවය වසරේ. අම්මා බෞද්ධ නිසා ආච්චි අම්මලා මාව කාමරේ දාගෙන වහගෙන ඉඳලා පාන්දර නැව්වා. අම්මෝ එදා නම් මම ලොකු කට්ටක් කෑවා.

ඒ කාලේ ගෙදරින් තහංචි වැටුණද?

තහංචි දැම්මේ නැහැ. තහංචි දාන්න තරම් දේවල් මම කළෙත් නෑ. දාන සෙල්ලම් සේරම දැම්මේ ලොකු වුණාට පස්සේනේ.

ජනප්‍රිය වෙන්න මොනවද කළේ?

වැඩ කළා. මම ජනප්‍රිය වෙන්නේ හොඳින් වැඩ කරලා. මට ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. ඒවාගෙ ෆොටෝස් දාගෙන දඟලන්න මම ආස නෑ. මම ජීවත් වෙන්නේ ඉන්නවද නැද්ද නැති ගානට

බිරියක් විදියට මවක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේවල් මේ සිද්ධ වුණා වගේම සිද්ධ වෙයි. මම සුළු වැඩ ප්‍රමාණයක් කළ කෙනෙක්. ඒ නිසා තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා ඊට පස්සේ ඒ ගැන හිතනවා.




හංසි ආටිගල - මව්බිම
ඡායා - අශාන් ගමගේ

උපේඛා අමාරුවෙන් නහය විදගත්තු හැටි මෙන්න

උපේඛා නිර්මාණි කියන්නේ ලංකාවේ කවුරුත් දන්න ප්‍රසිද්ධි චරිතයක් නේ. 

ගොඩ දෙනෙක් ඇයගේ නිහතමානීකමට බොහෝ සෙයින් ආදරය කරනවා.

ඔන්න උපේඛා පසුගිය දවසක එයාගේ නහය විදින්න සැලෝන් එකකට ගිහින්. 

මේ පහතින් තියෙන්නේ අපේ උපේඛා බොහොම අමාරුවෙන් නහය විදගත්ත හැටි.

upeka-nirmani-piercing

නියම කළ දඩය ගෙවන්න සල්ලි නැති සෙබළාට සල්ලි දුන් උතුම් පොලිස් නිලධාරියා

පුහුණුව ලබන යුද හමුදා සෙබළකු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයක් පදවමින් සියටියදී පොලිස් නිලධාරියකු විසින් දඩ පත්‍රිකාවක් ලබාදී තිබෙනවා. 

එසේ නියම කළ දඩය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සෙබළා සතුව නොමැති නිසා අවශ්‍ය ඉතිරි මුදල අදාළ දඩය නියම කළ පොලිස් සැරයන් විසින් ලබා දීමේ පුවතක් තලාතුඔය පොලිසියෙන් වාර්තා වනවා.

අදාල සෙබළා මාරතුවෙල එලමුල්ල පදිංචිකරුවෙකි. 

පදියපැලැල්ලේ සිටින තම ඥාතියකුගේ නිවෙසට ගොස් එන අතර මෙම සිද්ධියට මුහුණ පා ඇත.

දඩ පත්‍රිකාව ලද පසුව ඔහු විසින් විමසා ඇත්තේ තමා ගිරාඳුරුකෝට්ටේ සඳුන්පුර පුහුණු කඳවුරේ පුහුණුව ලබන හමුදා සෙබළකු බවත් එදින නැවැත කඳවුරට යෑමට ඇති නිසාත් නැවැත දින 14ක් ඇතුළත පැමිණ මෙම දඩ මුදල් ගෙවීමට තමාට නිවාඩු නොලැබෙන හෙයින් අදම මෙම දඩ මුදල ගෙවා නිදහස් විය හැකිද යන්නයි. 

වෙලාව සවස 03 පමණ වී තිබූ බැවින් තැපැල් කාර්යාල වසානැති නිසා ඊට බාධාවක් නැතත් ඔහු අත අදාළ දඩ මුදල ගෙවීමට ප්‍රමාණවත් මුදල් තිබී නැත. 

ඔහුගේ අපහසුතාව තේරුම් ගත් තලාතුඔය පොලිසියේ පොලිස් සැරයන් (6065) අබේවික්‍රම තමාගේ මුදල් පසුම්බිය ගෙන ඉතිරි මුදල ඔහුට ලබා දී ඉක්මනින් තැපැල් කාර්යාලයට ගොස් දඩ මුදල් ගෙවා පැමිණෙන ලෙස පවසා ඇත.

police-station-thalathuoya

_නෙත්ගොසිප්