02 November, 2016

ශ්වේතාගේ තාත්තා ගැන නිල්මිණීගෙන් මින් පෙර නොඇසූ කතාවක්

ශ්වේතාගේ තාත්තා ගැන නිල්මිණීගෙන් මින් පෙර නොඇසූ කතාවක්

නිල්මිණී කියන්න හදන කතාව පටන්ගත්තෙ කොහොමද?

ශ්වේතා දුවට අවුරුද්දක් විතර කාලෙක මං ජීවත් වුණේ මාලිගාවත්තෙ නිවෙසක. මගෙ දියණියගේ පියාගේ මවගේ නිවසෙදි 2003 මාර්තු නව වැනිදා ලොකු අසාධාරණයකට ලක්වුණා. ඒ හින්දා මම එදා ඉන් එළියට බැස්සා.

ඒ සියල්ලටම වගකියන්න ඕනෑ ශ්වේතා දුවගෙ තාත්තා. එදා ඉඳන් මම මනාලියන්ට අන්දවල මගෙ දුවව උස් මහත් කරලා එයාව හොඳ ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා.

ඔය අසාධාරණකම් හින්දා නිල්මිණී තනි වුණාද?

තනි වුණා කියන්නෙ මම ඒ අසාධාරණකම් හිත් වේදනාවක් වෙලා මම කවුන්සිල් යන තත්ත්වයටම පත් වුණා. ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ලොකු කාලයක් ගියා. එහෙම තියෙද්දියි මේ ප්‍රශ්නෙ උඩට ආවෙ.

එහෙම අසාධාරණයකට ලක් වෙච්ච ඔබ නැඟිටිනවා.

ඔව්. ශ්වේතා දුවට දැන් අවුරුදු පහළොවක් වෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමයි ශ්වේතගෙ තාත්තා මේ දේ කරන්නෙ ඇයි කියලා. ඕනෑම ගෑනියෙක් එක විවාහයක් පතන්නෙ. කිසිම ගැහැනියෙක් දික්කසාදෙ පතන්නෙ නෑ. මගෙ අම්මා, තාත්තා නැති වුණාම තනියම හැදුණා. මාත් මගේ දරුවා එහෙම ඇතිදැඩි කළා. දැන් එක පාරටම ශ්වේතගෙ තාත්තා මට චෝදනා කරනවා.

ඔබ ඔහු හා විවාහ වෙන්නෙ ආදර සබඳතාවකින්ද?

ඔව්. මම ඔහුට අවුරුදු තුනක් ආදරේ කරලයි විවාහ වෙන්නෙ. මම ඒ ආදරයට ගරහන්නෙ නෑ. මම හොඳ හවුස් වයිෆ් කෙනෙක්. මම හැමදාම මගෙ ස්වාමියා වෙනුවෙන් කැප වුණා.

රංගන ශිල්පිනියක් ගායකයෙක් එක්ක ජීවිතය පටන් ගන්න එක හිතන තරම් ලේසි නෑ නේද?

ඇත්තටම නෑ. රංගන ශිල්පිනියක් විදියට මම ඔහු වෙනුවෙන් හැම දේම කළා. මම ෂූටින් යන්නෙ මගෙ අතින්ම කෑම උයලා. ඒ මදිවට දවල්ට රෑට උදේට කියලා නෝට් එකකුත් ගහලා. එයා රෑ නිදි මරලා ගෙදර ආවහම එයාගෙ බෙඩ්රූම් එකට අව්වවත් නොවැටෙන විදියට නිදාගන්න සලස්නවා. ගායකයෙක් විදියට මම ඒ සපෝට් එක දුන්නා.

නිල්මිණීට කොයි මොහොතෙද ඔහුව මඟහැරෙන්නෙ.

මම ඔහුගෙ බොරුවකට අහුවෙලා ඒ බොරුවට දැක දැකත් මම මේක කාටවත් කියන්නෙ නෑ. ඒ දේ මම කිව්වේ ඔහුගේ මවට විතරයි.

ඔහුගේ පවුලෙන් ඔබට ලැබුණෙ කොයි වගේ උත්තරයක්ද?

මේ කලා පවුර ඇතුළෙ ගායකයෙක්, ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඒ කලා පවුර සුණු විසුණු කළා. මං ඒ මවුපියන්ට දොස් කියන්නෙ නෑ.

ඔබේ කේන්තිය නිසා මෙහෙම දෙයක් වුණා කියන කතාව බොරුද?

නෑ. මම අහිංසක කෙනෙක්. මට කතා කරන්නත් බෑ ඇඬෙනවා. ඒත් මට බොරුවයි හොරකමයි පෙන්වන්න බෑ. ගේ ඇතුළෙදි මට අසාධාරණකම්වලට සියයට කෝටියක් අහුවුණා. කිසිම ගැහැනියක් කැමැති නෑ බීපු මිනිහෙක්ගෙන් ගුටිකන්න. මගෙ පෙම්වතා සෙට් එකට ඇවිත් ගහලා තියෙනවා. මං හිතුවා ඒ කෙයාරින් කියලා. හැබැයි මං රැවටුණා. ඒක මම තේරුම් ගත්තෙ නෑ.

අවසාන වශයෙන් නිල්මිණිට කියන්න දේකුත් ඇති?

දෙන්නෙක් විවාහ වෙනකොට නොගැළපෙනවා නම් වෙන් වෙනවා තමයි. හැබැයි මං ඒකට අකැමැති වුණා. මං කියන්නෙ ඔහුට ශ්වේතා ගැන හිතලවත් මේ පරණ සිදුවීම් අවුස්සන්න එපා කියලයි.

nilmini-thennakoon

නදීෂ නිර්මාණ හේරත්_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්වේතාගේ තාත්තා ගැන නිල්මිණීගෙන් මින් පෙර නොඇසූ කතාවක්"

    Post a Comment