02 November, 2016

විසි වසරක වේදනාව සිර කරන් කිලෝමීටර් 700ක් ඇවිද්ද මහේල හැමෝම හඬවමින් කඳුලු සලමින් කළ සංවේදී කතාව (Video)

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කිරීම පිණිස පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පුරා පැවති ට්‍රේල් පා ගමන ඊයේ (01) අවසන් වුණා.

පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබීමද සිදුවුණා.

මෙම පා ගමනේ මූලකත්වය ගෙන තිබුණේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

මෙහිදී අදහස් දක්වමින් මහේල පවසා සිටියේ මෙම පිළිකා රෝහල ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කර ගැනීම පිණිස සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ස්තූතියි කරන බවයි.

මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව මහේල කඳුලු සලමින් සඳහන් කළේය.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, “මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුනා. උතුරේ පේදුරුතුඩුවේ ඉඳලා අපි මාතරට ඇවිල්ලා තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව ‘කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,” යැයි පවසද්දී ඉතා හැඟුම්බර විය.


mahela-jayawardene-crying



_නෙත්ගොසිප් (වීඩියෝ – BBC Sinhala – සංදේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විසි වසරක වේදනාව සිර කරන් කිලෝමීටර් 700ක් ඇවිද්ද මහේල හැමෝම හඬවමින් කඳුලු සලමින් කළ සංවේදී කතාව (Video)"

    Post a Comment