05 September, 2016

වනගත හිමි නමකට දන් පිළිගන්වන ඇත් රංචුවක්..!



වනගතව භාවනායෝගීව වැඩ වසන හිමිනමකට දන් පිළිගන්වන ඇත් රංචුවක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා. 

අන්තර්ජාලය පිරික්සීමේදී මෙම ඡායාරූප තායිලන්තය වැනි රටකට සම්බන්ධ බව පෙනී ගියත්, මෙම ඡායාරූප කෙසේ, කොහිදී ලබාගත්තේදැයි මේ වනතෙක් අනාවරණ නොවේ.

කෙසේ වෙතත් මේ පුවත දුටු විට සිහියට එන්නේ මේ බුදුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වස් විසු සමයේ ඇත් රජෙකු බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ අයුරු පැවසෙන මේ බණ කතාවයි

"බුද්ධත්වයෙන් නව වැනි වසත් වැසි සාරමසක්‌ ගෙව් බුදුපියාණන් වහන්සේ තවදුරටත් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේම වැඩ විසූ සේක. එසමයෙහිම ඝෝෂිතාරාමයේ විනයධර හා ධර්මධර භික්‍ෂුන් දෙදෙනකු අතර වාදයක්‌ හට ගැනුණි. 


කල් යත්ම මේ විවාදය කෙළවර වනු වෙනුවට ඇදී ගොස්‌ ගිහි පැවිදි දෙපක්‍ෂයම බෙදී වෙන් වූ මහා වාදයක්‌ බවට පත් විය. අනර්ථ වූ මේ විවාදය නවතා දමා සමගි වන ලෙස බුදුරදුහු දෙවරක්‌ම අවවාද කළ ද නෑසූ බැවින් විවේකය ද කැමැති වූ උන්වහන්සේ පාරිලෙයළ්‍ය වනයට වැඩීමට අදහස්‌ කළ සේක.

කිසිවකුට නොකියා තනිව වඩින බුදුරජාණන් වහන්සේ දුටු අනෙක්‌ භික්‍ෂුන් ආනන්ද හිමියන් අමතා වහන්ස, බුදුරජාණන් වහන්සේ හුදෙකලාවම වැඩිසේක. 

අපිත් උන්වහන්සේ අනුව යමු යි යෝජනා කළහ. බුදුරජාණන් වහන්සේ මෙසේ කිසිවකුට නොකියා තනිව වඩින්නේ විවේකය කැමැති හෙයිනියි පැවසූ ආනන්ද හිමියෝ තව කිසිවකු උන්වහන්සේ පසුපස නොයා යුතු යි වදාළහ.

බුදුරදුන්ගේ ගමන නිම වුනේ කෝසල ජනපදයේ පාරිලෙය්‍ය වනයෙනි. ඒ වනයේ සල් රුකක්‌ මුල වැඩ හුන් බුදුරජාණන් වහන්සේ දුටු හස්‌ති රාජයෙක්‌ වහා අවුත් දෙදණ නවා සොඬ හකුළා කුංචනාද කර නමස්‌කාර කර උවටැන් කිරීමට පටන් ගත්තේය. 

තිරිසනකු වුවද බුදු මහිමය හඳුනා දිවා කල පවතින රස්‌නයේදී දාහය නිවීමට අත්තක්‌ කඩා පවන් සැලූ අතර රාත්‍රි කාලයේ දණ්‌ඩක්‌ සොඬින් ගෙන ඔබ මොබ ඇවැදිමින් උන්වහන්සේ ආරක්‍ෂා කළේය. 

එතකින් නො නැවතී මිහිරි ඵලවැල නෙලා කුම්බස්‌තලයෙහි තබා ගෙන අවුත් බුදුරදුනට දානය ලෙස පිළිගැන්වීය."





ගැජට් බැජට් සෙට් කරලා හදාගන්න ෆෝන් එකක්

ලෝකේ හැම නිර්මාණයක්ම එළියට එන්නේ මොකක් හරි ප්‍රශ්නෙකට විසඳුමක් විදියට. මේ මොඩියුලර් දුරකතනයත් එළියට එන්නේ ගැටලුවක විසඳුමක් ලෙසයි.

අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ ලෝකේ හොඳම ස්මාට් ෆෝන් එක මොකක්ද කියන එක. අපි හැම කෙනකුම කැමැතියි හොඳම දුරකතනය මිලදී ගන්න. ඒත් අපි හැමෝම ට්‍රයි කළත් අපිට ඒක හොයාගන්න බෑ.

අපි මෙහෙම හිතමුද? ඔයා ෆොටෝ ගන්න කැමැති කෙනෙක් නම් ඔයාට ඕනෙ වෙන්නේ හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක්. ඔයා එහෙම ෆෝන් එකක් හෙව්වත් ගොඩාක් දුරට ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කොලිටි එක අඩුයි.

නැත්නම් රැම් එකේ ප්‍රොෆෝමන්ස් අඩුයි. එහෙමත් නැති නම් බැටරි ලයිෆ් එක අඩුයි.

ඊට පස්සේ අපි ගේම් ගහන්න හොඳ ප්‍රොෆෝමන්ස් තියෙන ෆෝන් එකක් ගන්නවා. ඒ ෆෝන් එකේ කැමරා එක කොලිටි මදි වගේ බැටරි ලයිෆ් එක අඩු වෙන්නත් පුළුවන්.

ඉතිං ස්මාට් ෆෝන් ඩිවලප් කරන කම්පැනි එකින් එකට වෙනස්. අපිට අවශ්‍යම, කැමැතිම උපාංගය ඉහළ ගුණත්වයකින් තියෙන දුරකතනයක් තමයි අපි මිලදී ගැනීමට පෙලඹෙන්නේ. අපි එහෙම මිලදී ගැනීමට පෙලඹෙන්නේ අපි එහෙම මිලදී ගන්න ෆෝන් එක අරගෙන අවුරුදු 1-2 ගියාම ඒ ෆෝන් එකේම අලුත් වර්ෂන් එක එනවා.

ඒත් එක්කම ටෙක්නොලොජි එක වෙනස් වෙනවා. ඒ වෙලාවට අපිට පුළුවන් මුළු ෆෝන් එකම මාරු කරන්න විතරයි. හැබැයි මුළු ෆෝන් එකම මාරු කරන්නේ නැතිව කැමරා එක විතරක් මාරු කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඒ වගේම ෆෝන් එකේ එක කොටසක් හානි වුණාම ඉක්මනට කඩේට ගිහින් ඒ හානි වුණු කොටස අපිටම හයිකර ගන්න පුළුවන් නම් ඒක හුඟක්ම වටිනවා.

ඉතිං මේ ගැටලු සියල්ලටම විසඳුමක් විදියට තමයි මොඩියුලර් ෆෝන් ලෝකය අතරට ඇවිල්ල තිබෙන්නේ.

මේ වෙද්දී ලෝකේ ගොඩාක් කම්පැනි මේ මොඩියුලර් දුරකතනය නිර්මාණය කරන්න පෙලඹිලා ඉන්නවා.

මේ කියන මොඩියුලර් දුරකතනවල කන්සෙප්ට් එක අනිත් දුරකතනවලට වඩා වෙනස්. මේ දුරකතනය බෝර්ඩ් එකක් විතරයි. මේ දුරකතනයේ අනික් කොටස් අපිට හයි කරන්න පුළුවන් වෙනවා මොඩියුලර් විදියට. ෆෝන් එකට කැමරා එකක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් වෙනමම මොඩියුල් එකක් විදියට ඒක සවි කරන්න.

මේකට CPU, RAM එක වුණත් කොටස් වශයෙන් සවි කිරීමට හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් මේකට එඪටඪ, බ්ලූටූත් වුණත් සම්බන්ධ කරන්න. අපි හිතන නොහිතන මොඩියුල් ගොඩාක් මේ දුරකතනයට සම්බන්ධ කරන්න පුළුවන්.

මේ මොඩියුල් ඔයාගේ දුරකතනයට සම්බන්ධ කළාට පස්සේ මෙම මොඩියුල්වලට හැකියාව ලැබෙනවා දුරකතනය හා සන්නිවේදනය කරන්න. ඒ විතරක්ම නෙවෙයි මොඩියුල් 2ක් වුණත් ඒක දුරකතනයක් එක්ක සන්නිවේදනය කිරීමට හැකි වෙනවා.

මේ මොඩියුලර් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක එන්නෙත් මොඩියුල් එකක් විදියටයි. හදිසියේ ඩිස්ප්ලේ එකට හානි වුණොත් අපිට හැකියාව තියෙනවා කෙළින්ම ඩිස්ප්ලේ එක ගලවලා මොඩියුල් ඩිස්ප්ලේ එකක් දාගන්න. ඔහොම ඉද්දි ටික කාලයක් ගියාම හොඳ ටෙක්නොලොජි එකක් එක්ක ගොඩාක් රෙසලූෂන් තියෙන ඩිස්ප්ලේ එකක් ආවම අපිට ඩිස්ප්ලේ එක මාරු කරන්න පුළුවන්. මේ වෙද්දි ගූගල් ආරා කියන ප්‍රොජෙක්ට් එකෙන් ෆොටෝ ටයිට් කිහිපයක්ම එළියට නිකුත් කරලා තියෙනවා.

ඉතිං මේ අයට පුළුවන් වෙලා තියෙනවා මේන් බෝඩ් එකට මොඩියුලර්ස් කිහිපයක්ම සවි කරලා පියෝ ඇන්ඩේ‍රායිඩ් ෆෝන් එක රන් කරන්න. මේ වෙද්දි ගූගල් කම්පැනි එක මේ ෆෝන් එක කොයිතරම් දියුණු කරලද කියනවා නම් වොයිස් එක භාවිත කරලා ෆෝන් එකේ මොඩියුල් පාලනය කිරීමට පවා හැකියාව තියෙනවා.

මේ මොඩියුලර් කන්සෙප්ට් එක තවදුරටත් ඔයාගේ ඩ්‍රීම් ෆෝන් එක ඩ්‍රීම් එකක්ම කරන එකක් නම් නැහැ. එළැඹෙන 2017 වසරේදී මේ දුරකතනයේ ෆොටෝ ටයිප් එකක් විතරක් නෙවෙයි සාමාන්‍ය අයටත් පාවිච්චි කිරීමට හැකි දෙයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් විතරක් නෙවෙයි හාඩ්වෙයාර් විවෘතව පවතිනවා. මොඩියුලර් කන්සෙප්ට් එක ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්.

01. මොඩියුලර් (සම්පූර්ණයෙන්ම මොඩියුලර්වලින් නිර්මාණය වූ)

02. සෙමි මොඩියුලර් (විශේෂිත කොටස් කිහිපයක් පමණක් මොඩියුලර් වූ)

03. නන් මොඩියුලර් (දැන් භාවිතයේ ඇති දුරකතන)

මේ වෙද්දී සෙමි මොඩියුලර් දුරකතන කිහිපයක්ම වෙළෙඳපොළට නිකුත්ව ඇති බවට ආරංචි පවතිනවා. නුදුරු අනාගතයේදී මොඩියුලර් දුරකතන සුලබව අපි අතර අනිවාර්යයෙන්ම දක්නට ලැබෙයි.




සමාධි ඕබඩ ආරච්චි (මව්බිම)

04 September, 2016

මහරගම ටවුම මැද ළඳුන්ගේ පතිවත ඉල්ලන අමුතු හොරා අල්ලයි

සපත්තු අලෙවි සලකට ඇතුළු වී එහි සිටි සේවිකාවකගේ ජංගම දුරකතනයක් සොරා ගත් පුද්ගලයෙකු එම දුරකතනය නැවත ලබාදීම සඳහා ඇගෙන් ලිංගික අල්ලසක් හා රුපියල් දස දහසක මුදලක් ඉල්ලූ පුවතක් මහරගමින් වාර්තා වෙනවා.

අදාළ දුරකතනය රුපියල් දහඅට දහසක් වටිනා එකක්වන අතර ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තණමල්විල ප්‍රදේශයේ පදිංචි අයෙකු බව යි වාර්තා වන්නේ.

මොහු පසුගිය 29 දින පෙරවරුවේ සපත්තු මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසලට ඇතුළු වී එහි මේසයක් මත තිබූ සේවිකාවට අයත් ජංගම දුරකතනය සොරාගෙන ගොස් තිබෙන අතර තම දුරකතනය නොමැති බව දැනගත් සේවිකාව වහා ක්‍රියාත්මක වී එහි තිබූ CCTV කැමරා දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා තම දුරකතනය සොරා ගෙන යන අයුරු CCTV වීඩියෝව ඔස්සේ දැක ඇති ඇය වෙනත් ජංගම දුරකතනයක් මඟින් සොරාගත් දුරකතනයට ඇමතුමක් ලබා ගෙන ඇති බව පැවසෙනවා.

එම ඇමතුමට පිළිතුරු ලබා දී ඇති අදාළ පුද්ගලයා දුරකතනය ලබාදීමට නම් පසුදින පෙරවරුවේ තමන් හමුවන ලෙසට යි පවසා ඇත්තේ.

පසුදින එම පුද්ගලයා හමු වූ තරුණියට ඔහු පවසා ඇත්තේ ඇය සමග ලිංගිකව එකතුවීමට තමාට අවශ්‍ය බව යි.

එයට ඉඩ දුන් පසු දුරකතනය ලබා දීමට කටයුතු කරන බව ද මෙම පුද්ගලයා පවසා තිබෙනවා.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලබාදෙන ලෙසටත් ඔහු පවසා ඇති බව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

සැකකරුගේ එම ඉල්ලීමට එකඟතාව පළකළ ඇති තරුණිය ඔහු හමුවීමට පිළියන්දල ප්‍රදේශයට ගොස් ඇති අතර තරුණිය විසින් හොර රහසේම ඇගේ සොයුරන් දෙදෙනාට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ඇගේ සහෝදරයන් දෙදෙනා ද රහසිගතව එම ස්ථානයේ රැඳී සිට ඇති අතර අදාළ පුද්ගලයා විසින් තරුණියව ලැගුම්හලක් වෙත රැගෙන යන අතරතුර සොයුරන් විසින් ඔහුට පහර දී පොලීසියට භාර දී ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර ගත කර තිබෙනවා.





(ඒශියන් මිරර්)

දහසක් ඡායාරූප අතරින් හිතට දැනෙන, දහසක් දේ ගැබ් වූ ඡායාරූපය

අම්මාගේ සෙනෙහසත් තාත්තාගේ සෙනෙහසත් කිසිම දවසක මිල කරන්න බැහැ.

මොකද ඒ උතුම් ආදරණීය භව මේ ලෝකේ කිසිම කෙනෙක්ට දෙන්න බැරි නිසා.

ලේ කිරි කරලා මිනිසෙකුට දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් විඳලා මේ ලෝකෙට බිහි කරන තමන්ගේ පුංචි දරුවා තරම් වටිනා සම්පතක් ඒ අම්මටත් තාත්තටත් මේ ලෝකේ නැහැ.

ඒ සෙනෙහස, ආදරණීය බව, කරුණාව ගැන අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පපුවට හැඟීමක් එකතු කරන ඡායාරූපයක් නිසා.

මේ ඡායාරූපයේ තියෙන්නේ තමන්ගේ පුංචි දරුවව අම්මා අත්ලේ හොවාගෙන ඉද්දි සිදුරු කරපු පොල්කට්ටකින් වතුර දාලා තාත්තා විසින් නාවන දර්ශනයක්.

මවකගේ කුස තුල දරුවෙක් ගැබ් ගත් දා සිට ඒ මව වගේම තාත්තාත් ඒ දරුවා මෙලොවට බිහිකරන තුරු මොනතරම්නම් කැපකිරීම් කන්දක් ඉටුකරනවද..?

ඒ වගේම මේ ලෝකේ එළිය දකින දා ඉඳන් ගෙවෙන හැම තත්පරයක්ම වෙන්වන්නේ තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන්.

නෙලුම් මල් දහසක් පූජා කරලා ලබන ආශිර්වාදයට වඩා අම්මා සහ තාත්තගේ දෙපා වැදලා එයාලගෙන් ලැබෙන ආශිර්වාදය දස දහස් ගුණයකින් බලවත් කියලා කියන්නේ ඒ සෙනෙහස නිසාමයි.

වරදින හැමතැනකදිම, වැටෙන හැමතැනකදිම නැගිටින්න අත දෙන්න කිසිම අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු දෙපාරක් හිතන්නේ නෑ..

ඒ උතුම් සෙනෙහස සෑම ජීවිතයකම අඩිතාලම බව රහසක් නොවේ.

ඒත් ජීවිතේ ගොඩනගාගෙන ඉදිරියට යද්දි තමන්ගේ අම්මාවත් තාත්තාවත් අමතක කරනවානම් ඒ ජීවිතේ මොන තේ තිබුණත් වැඩක් නැති බවත් සිහියේ තබාගත යුතුම කරුණක්.


(හිරු ගොසිප්)

මිස් කෝල් ප්‍රේමය 20 හැවිරිදි තරුණියට උරුම කළ අවාසනාවන්ත ඉරණම

මම හිතුවේ නෑ මට මෙහෙම කරයි කියලා...

අවුරුදු 20 ක තරුණියක් පාලු නිවසකට රැගෙන ගොස් අතවර කළ පෙම්වතෙකු ගැන ගල්ගමුව පැත්තෙන් අහන්න ලැබුණා.

දුරකථනයට ලැබුණු ඇමතුමක් ඔස්සේ තරුණිය විසින් මෙම පෙම්වතාව හදුනාගෙන තිබෙනවා.

කාලයක සිට පැවති මේ ඇසුර දුරදිග ගොස් දෙදෙනා හමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය දිනක ගල්ගමුව නගරයේදී හමුවීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බව පැවසූ මෙම තරුණයා තම පෙම්වතියට පවසා ඇත්තේ තමන් දන්නා නිවසක් ඇති බවත් එහි කිසිවෙකුත් නැති නිසා නිදහසේ කතාකිරීමට හැකි බවත්ය.

එයට එකග වූ 20 හැවිරිදි පෙම්වතිය අදාල තරුණයා සමග මෙම පාලු නිවසට ගොස් තිබෙනවා.

එහිදී මෙම පෙම්වතා විසින් තරුණිය දූෂණයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇයට පහරදීම්ද සිදුකර ඇති බවත් මෙම පුද්ගලයා මීට පෙරද දූෂණ චෝදනාවන්ට ලක්වූ දරුවන් දෙදෙනෙකු සිටින පියෙකු බවද වැඩිදුරටත් හෙළිව තිබෙනවා.

තරුණියගේ කෑ ගැසීම නිසා ඒ අසලින් ගිය තරුණයන් දෙදෙනකු නිවසට ගොස් මෙම තරුණියව බේරාගෙන ඇති අතර සැකකාර පෙම්වතා පැනගොස් තිබෙනවා.

එහිදී අදාල තරුණිය පවසා ඇත්තේ " අනේ මම එයාව ගොඩක් විශ්වාස කළා" ඒ නිසයි බෑ නොකියා හම්බවෙන්න ආවේ.. මට මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ"යනුවෙනුයි.

මෙම තරුණියද ගල්ගමුව පැත්තේ පදිංචිෙ බවයි වාර්තා වුණේ.





(හිරු ගොසිප්)

සමහර ක්‍රීඩකයන් සමග 2007 ඉඳන් කතා කරන්නෑ - ඩිල්ස්කූප් මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් ලු

තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කර තිබෙනවා.

පුවත්පත් කලාවේදියෙකු සමග පැවති සාකච්ඡාවකදී කරන ලද මෙම හෙළිදරව්ව පහතින් කියවිය හැකියි.

මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා.

මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. 


මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා. අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. 

ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා.

දවල් 12.00ට නායකත්වයෙන් ඉවත් වෙන්න කිව්වා

නායකත්වයෙන් එපා වෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. 

එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා. 

තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා.

ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. 

ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා.

2007 සිට මම කතා කරන්නෙ නැහැ

කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි.

ඩිල්ස්කූප් පහර සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්

මගේ නමින් ඩිල්ස්කූප් පහර හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.

මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා “අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති කියල. 

ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.

“තොපි මොකක්‌ද මේ කරපු අපරාදෙ” – සුලේමාන්ගේ ඝාතනයන් ගංජා උරමින් කළ සැළසුම ගැන පාපොච්චාරණය මෙන්න



මොහොමඩ් ෆසීර් කෝටිපති ව්‍යාපාරික සුලේමාන්ගේ ඝාතනයේ සැලසුම් කරුවායි.

ඔහු සුලේමාන්ගේ ව්‍යාපාරයේ රැකියාවට එන්නේ මීට වසර 8 කට උඩදී වන අතර එම රෙදි ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳසැල තිබුණේ පිටකොටුව තුන්වැනි හරස්‌වීදියේය.

පසුගියදා කොළඹ නගරය ගංවතුරෙන් යටවෙද්දී මොහොමඩ් ෆසීර්ගේ ආදුරුප්පුවීදියේ තිබූ පුංචි නිවසද ගසාගෙන ගොස් ඇති අතර විවාහවීමට දින වෙන්කර තිබුණේද මේ කාලසීමාවේදීමයි.

ගංවතුරට තම නිවහන අහිමිවීම නිසා ෆසීර් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඒ අවස්‌ථාවේ ෆසීර්ගේ පිහිටට ආවේ තම ස්‌වාමියා වන සුලේමාන් ඔහුගේ පියා සහ පවුලේ සාමාජිකයන් බවයි පැවසෙන්නේ.

“ෆසීර් උඹ කිසි දේකට බයවෙන්න එපා වෙඩින් එක හොඳට කරමු. උඹේ ගේත් අපි හදලා දෙන්නම්. ඕනෙම දේකට අපි ඉන්නවා.”

ෆසීර් පත්ව සිටි අසරණ තත්ත්වය තේරුම් ගත් සුලේමාන් සහ ඔහුගේ පියා මංගල උත්සවය සහ විනාශවූ නිවස ඉදිකර ගැනීමට රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ ඒ මොහොතේම ලබා දී තිබෙනවා.

ෆසීර්ගේ මනාලියට ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා ද රුපියල් පනස්‌දහසක මුදල ලබා දී ඇත්තේ ද සුලේමාන් බවයි පැවසෙන්නේ.

“සර් මට ආසයි වෙඩින් එකට සර්ගෙ වාහනේ යන්න. පුළුවන්කමක්‌ තියෙනව නම් මට ඒ උදව්ව කරන්න.

ෆසීර් සිය මංගල ගමන යැම සඳහා සුලේමාන්ගේ මොන්ටේරෝ ජීප් රථය ඉල්ලා සිට ඇති අතර ඒ ඉල්ලීම ඉවත නොදැමූ සුලේමාන් මංගල උත්සවය සඳහා තම මොන්ටේරෝ ජීප් රථය ද ෆසීර්ට ලබාදී තිබෙනවා.

විවාහවී වැඩි දවසක්‌ ගතවන්නට පෙර ෆසීර්ගේ සිත වෙනස්‌ වන්නට පටන් ගෙන ඇති අතර මුදල් අවශ්‍යතා දිගින් දිගටම මතුවීම නිසා තමන් විශාල මුදලක්‌ එකවර ලබා ගන්නා ආකාරය ගැන සිතන්නට වූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

ආදුරුප්පුවීදියේ රස්‌තියාදු කාරයන් පිරිසක්‌ ඔහුගේ සමීපතම මිතුරන් වී ඇති අතර දිනපතාම සවස්‌ කාලයේ ඔවුන් සමඟ ගංජා සුරුට්‌ටු උරමින් මත්පැන් පානය කරමින් කාලය ගතකරන්නට ෆසීර් පුරුදුව සිටි බවයි පැවසෙන්නේ.

“උඹ වැඩකරන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ සල්ලිකාරයෙක්‌ ළඟ. අපි ට්‍රයි එකක්‌ දෙමු මිනිහගෙන් සල්ලි ටිකක්‌ ගන්න.”

ෆසීර්ගේ මිතුරකු අලුත් යෝජනාවක්‌ කර ඇත්තේ එවැනි අවස්ථාවකයි.

“අපි සුලේමාන්ව උස්‌සමු. දවසක්‌ දෙකක්‌ මිනිහව කොහේ හරි තියාගෙන හිටියහම තාත්තගෙන් සල්ලි ගන්න පුළුවන්. රුපියල් කෝටියක්‌ දෙකක්‌ කියන එක සුලේමාන්ගෙ පවුලෙ අයට ලොකු ගාණක්‌ නෙමෙයි.” ෆසීර් ද එයට කැමැත්ත පළ කර තිබෙනවා.

මීට මාස එකහමාරකට උඩදී ෆසීර් තමන් මිතුරන් දෙදෙනකුද සමඟ සුලේමාන්ගේ නිවස පිහිටි බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශය වෙත ගොස් සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු ලබා ගෙන ඇති බව පොලිසියට සඳහන් කර තිබෙනවා.

සුලේමාන්ගේ නිවස ඉදිරිපිට සීසීටීවී කැමරා සවිකර නොමැති බවත් රාත්‍රී කාලයේදී නිවස ඉදිරිපිට මාර්ගය අන්ධකාරයේ තිබෙන බවත් තහවුරු කර ගෙන ඇත්තේ එහිදීයි.

සුලේමාන් නිවස අසලටම පැමිණ මෝටර් රථය නතර කර සිය බිරිඳට දුරකථනයෙන් කතාකර දොර විවෘත කර ගැනීම පුරුද්දක්‌ ලෙස කරගෙන යන බව සොයා ගෙන ඇති අතර නිවස අසලට පැමිණ දොර විවෘත කරනතුරු රැඳී සිටින කාලසීමාවේදී ඔහු පැහැර ගැනීම වඩාත් සුදුසු බව ෆසීර් තීරණය කර තිබෙනවා.

සුලේමාන් පැහැර ගැනීම සඳහා මෝටර් රථයක්‌ කුලී පදනම මත ලබා ගැනීමට ෆසීර් සැලසුම් කර ඇති අතර මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් රුපියල් 45,000 ක මුදලකට මෝටර් රථයක්‌ කුලී පදනම මත ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කප්පම් සිද්ධියට සම්බන්ධවී සිටි තරුණයන්ට මෝටර් රථ පැදවීමේ හැකියාව නැති නිසා රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ද ෆසීර්ය.

“සුලේමාන්ගේ අම්මයි තාත්තයි ඉන්දියාවට ගියා. ඒ අය එන්නෙ 22 වැනිදා පාන්දර. අපි 21 වැනිදා රෑ සුලේමාන්ව උස්‌සමු. එතකොට 22 වැනිදා පාන්දර ලංකාවට එන සුලේමාන්ගේ තාත්තාගෙන් සල්ලි ටික ගන්න පුළුවන්.සුලේමාන්ගෙ තාත්තා එයාට ආදරෙයි. සුලේමාන්ගෙ සතුට වෙනුවෙන් එයා ඕනෙම දෙයක්‌ කරනවා. ඒ නිසා සුලේමාන්ව බේරාගන්න එයා අනිවාර්යයෙන්ම අපට සල්ලි දෙනවා.” ෆසීර් සිය මිතුරන්ට සඳහන් කර තිබෙනවා.

සිය සැළසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ෆසීර් සහ ඔහුගේ මිතුරන් සිවු දෙනෙකු බම්බලපිටිය කොතලාවල ඇවනිව් වෙත කුලී මෝටර් රථයෙන් පැමිණ ඇති අතර එදින රාත්‍රී 11.30 ට පමණ සුලේමාන් සිය නිවස අසලට පැමිණ තිබෙනවා.

“මම වාහනෙන් එළියට බහින්නෙ නැහැ. උඹල ගිහිල්ල සුලේමාන්ව කොහොම හරි අරගෙන වරෙල්ලා. වාහනයට ගේන්න ඉස්‌සර මිනිහගේ අත් දෙකයි ඇස්‌ දෙකයි බැඳලා දාන්න ඕනෙ. බැරිවෙලා හරි මිනිහා මාව අඳුනගත්තොත් අපේ ප්ලෑන් සේරම වතුරේ යනවා.” යැයි ෆසීර් සිය සගයන්ට සඳහන් කර තිබෙනවා.

සුලේමාන් සිය නිවස අසල මෝටර් රථය නවතා ඉන් බිමට බහිනවාත් සමඟම කඩු පිහි අමෝරාගත් සිවු දෙනෙකු ඔහු වෙත කඩා පැන ඇති අතර නාඳුනන සන්නද්ධ පිරිස දුටු සැණින් සුලේමාන් බියට පත්ව කොතලාවල ඇවනිව් මාර්ගය ඔස්‌සේ මුහුදු තීරය දෙසට දිවයන්නට වී ඇති බවයි අපරාධකරුවන් සඳහන් කර ඇත්තේ.

මීටර් සියයක්‌ පමණ දුර සුලේමාන් පසු පස පන්නාගෙන ගිය ෆසීර්ගේ සගයන් සුලේමාන්ගේ හිසට මන්නා පිහියේ මිට ප්‍රදේශයෙන් වේගවත් පහරක්‌ එල්ල කළේ ඔහු අඩපණ කරවන අරමුණෙන්ය.

හිසට එල්ලවූ ප්‍රහාරයෙන් අන්දමන්ද වූ සුලේමාන් බිම ඇද වැටී ඇති අතර මෝටර් රථයෙන් රැගෙන යන අතරතුරදී ඔහුට වමනය ගොස් තිබෙනවා.

“බලපල්ලා මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඔළුවට වැදිච්ච පාරෙන් මිනිහට සිහි නැති වෙලාද කොහෙද?

ෆසීර් සිය සගයන්ට පවසා ඇති අතර සුලේමාන්ගේ හිසේ ඇතිවී තිබූ තුවාලයෙන් ද ඒ වන විට දැඩි ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බවයි පැවසෙන්නේ.

“සුලේමාන් මැරිලා. දැන් ඉතින් මිනිහව අරගෙන ගිහින් වැඩක්‌ නැහැ” ෆසීර්ගේ මිතුරකු සඳහන් කර ඇති අතර එය ඇසීමෙන් ෆසීර් දැඩි ලෙස කෝපයට පත්ව තිබෙනවා.

“තොපි මොකක්‌ද මේ කරපු අපරාදෙ. මම කිව්වනේ මිනිහට මොකුත් අනතුරක්‌ කරන්න එපා කියලා. දැන් බලපල්ලා මම කොහොමද මේ මිනිස්‌සුන්ට මුහුණ දෙන්නේ කියලා……”

ෆසීර් කෑගහන්න පටන් ගෙන ඇති අතර මෝටර් රථයේ ගමන් කරන අතරතුර ඔවුන් අතර ගැටුමක්‌ද ඇතිව තිබෙනවා.

“දැන් කරන්න දෙයක්‌ නැහැ. මේ මිනිහ කොහෙට හරි දාලා අපි මාරුවෙමු. එහෙම නොවුණහොත් අපි සේරටම ගුටි කන්න වෙන්නේ”. 


කප්පම් කල්ලියට සම්බන්ධ වූ එකකු යෝජනා කර ඇති අතර හෙම්මාතගම ප්‍රධාන මාර්ග අසල වාහනය නතර කළ තමන් සිය සගයන් ද සමඟ එක්‌ව සුලේමාන්ගේ නිසල සිරුර හෙළකට තල්ලුකර දැමූ බව ෆසීර් පාපොච්චාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

“හෙට උදේ 9.00 වෙනකොට මම රෙදි කඩේ ඉන්න ඕනෙ. එහෙම නොවුණහොත් හැමෝම මා ගැන සැක කරනවා. මේ වාහනය අරගෙන යන්න කොළඹින් කාව හරි ගෙන්නගමු. මම වාහනය තියලා බස්‌ එකේ කොළඹට යනවා. උඹලා හෙට දවල් වෙද්දී කොළඹට වරෙල්ලා. සුලේමාන්ගේ තාත්තාට කෝල් එකක්‌ දීලා රුපියල් කෝටි දෙකක්‌ ඉල්ලලා බලමු. බැරිවෙලා හරි මිනිහා සල්ලි දෙන්න කැමති වුණොත් ඒ සල්ලි අරගෙන එන්න වෙන්නේ මටමයි. ඒ නිසා මම මේ වෙලාවෙ කඩේ ඉන්න ඕනෙ”. ඉදිරි සැලසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ෆසීර් සිය සගයන් දැනුවත් කර ඇත්තේ එලෙසයි.

තම ස්‌වාමියා ඝාතනය කර කිසිවක්‌ සිදුනොවූ අයුරින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්‌ව දුක බෙදා ගැනීමට කොළඹ පැමිණි ෆසීර් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.


(නෙත්)

සමිතාගේ දුව ගැන පැතිර යන කතාව ඇත්ත නැත්ත මෙන්න

සමිතා මුදුන්කොටුවගේ දියණිය වන ජනප්‍රිය යොවුන් ගායිකා කවින්ද්‍යා අධිකාරිගේ ආදර සම්බන්ධයක් පිළිබඳව මේ වන විට කටකතා පැතිර ගොස් තිබෙනවා.

ඒ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන සමග ඇගේ ඇති සම්බන්ධයක් පිළිබඳවයි.

මේ සම්බන්ධයෙන් පුවත්පතකට ඇය කරුණු පැහැදිලි කර තිබුණා.

ඔබ සහ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන පෙම්වතුන් බවට පත්වෙලා කියන්නේ ඇත්තද?

මං හිතන්නේ පිටවුණ ඡායාරූපවලින් තමයි ඔය කට කතාව පැතිරුනේ. ඒ වුණාට අපි දෙන්න හොඳ යාළුවෝ. සනුක, සර්ත, මම ගොඩක්‌ හොඳ යාළුවෝ. ඉතිං ඒ වගේම තවත් ගොඩක්‌ හොඳ යාළුවෙක්‌ තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.

මේ කට කතාව කවදාහරි ඇත්තක්‌ වෙයිද?

ලෝකේ හැමදේම වෙනස්‌ වෙනවා නේද.. ඉතිං ඒ හින්දා ඒ දේ මට දැන්ම කියන්න බැහැ.

එතකොට මේ වෙද්දි කවින්ද්‍යා පෙම්වතියක්‌ද නැද්ද?

නෑ … පෙම්වතියක්‌ නෙමෙයි.


අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කීවාද? - cricinfo නවතම හෙළිදරව්ව මෙන්න

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා.

පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා කළා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මැතිව්ස්ට මීළඟ තරඟ අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

පසුව මැතිව්ස් මීලඟ එක්දින හා විස්සයි විස්ස තරඟ වලට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ තම පාදයට CT ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකළ බව වාර්තාවනවා. එයට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

මැතිව්ස් MRI පරීක්ෂාවක් සඳහා පෙනීසිටි බවද පසුගියදා වාර්තා පළවුණා.

තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවත්, ඔහු නායකත්වය සිටි සමයේ අවුරුද්දක් පුරාවට මැතිව්ස්ට ආබාධයක් තිබූ බවත් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා.

ඩිල්ෂාන්ගේ තරඟයට පසු පැවති තරඟයේම මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුණා.

ඒ අනුව මැතිව්ස්ට ඩිල්ෂාන් තරඟ වදින අවසන් විස්සයි විස්ස තරඟ දෙක අහිමිවනු ඇතියි.





(නෙත්)

03 September, 2016

මට ට්‍රෙන්ඩ් එකක් නෑ - Chitral Somapala



"ඉසුරුමුණියේ," "උඩරට කඳුකර," "දඹුලු ගලේ," "සුකුමල බඳ නළවා" යන ගීතවලින් එදා යූත් ක්‍රවුඩ් එකේ ජනප්‍රිය ගායිකාව වුණු චිත්‍රා සෝමපාල නම් වූ ගායිකාවගේ පුතා, අද සිංහ භූමි, නදී ගංගා, "මිරිඟුව පරදා යන ගීත එක්ක අද කාලේ යූත් ක්‍රවුඩ් එක්ක Move වෙනවා. නමුත් අපි මේ කතා කරන්න යන්නේ චිත්‍රාල්ගේ මේ කාලේ වැඩ ගැන නම් නෙවෙයි, චිත්‍රාල් සෝමපාලගේ ඒ කාලේ යූත් ලයිෆ් එක ගැන. ඒ ගැන කතා කරන්න යං අපි චිත්‍රාල් සෝමපාල හමුවුණා.

1.ඒ කාලේ Youth Life අද කාලේ Youth Life ඔබ දකින්නේ කොහොමද?

අපේ කාලේ ඇත්තටම අපි පොත්පත් ඇසුරු කළා. යාළුවෝ, කොල්ලෝ, කෙල්ලෝ භේදයක් නැතිව ඒ කාලේ පිස්සු කෙළියා. ඒ වගේම Sports ඇතිවෙනකල් කළා. ඇත්තටම තරුණ කාලේ වින්දා. ඒත් අද කාලේ දැක්කම දුකයි. ඇත්තටම අපිට දකින්න තියෙන්නේ Online වුණු ජීවිත, එකම තැනක කොටුවෙලා අලුත් වෙලා තියෙන තාක්‍ෂණයට ඇඩික්ට් වෙලා ඉන්න ජීවිත.

2. චිත්‍රාල් ඒ කාලේ කොයි වගේ කෙනෙක්ද?

ඒ කාලේ දඟකාර කොල්ලෙක්. හැබැයි ලිමිට් එකට පිස්සු වැඩ කළේ. මොකද, හැමදේකම සීමා මායිම් තියෙනවා. ඒ නිසා දඟකාර වුණත් මගේ ලිමිට් එක මං දැනගෙන හිටියා.

3.මතකද ඒ කාලේ තාත්තාගෙන් ගුටි කාපු හැටි?

තාත්තාගෙන් ගුටි කාපු දවස් අනන්තයි. තාත්තා විතරක් නෙවෙයි, අම්මාගෙනුත් ඇති තරමක් ගුටි කාලා තියෙනවා. ලොකුයි කියලා වෙනසක් නෑ. ඒ දෙන්නම අපි දිහා හොඳට ඇහැ ගහගෙන හිටියා.

4.ඒ කාලේ ෆැෂන් දැක්කේ කොහොමද?

ෆැෂන් කියලා දැක්කේ එදා ඇත්තටම මං ආස කරන මට ගැළපෙන දේ.

5.ඒ නිසාද ඩෙනිමයි T shirt එකයි අඳින්නේ?

ඒ තමයි මගේ ෆැෂන් එක. මට සූට් වෙන දේ. මට ට්‍රෙන්ඩ් එකක් නෑ.

6.චිත්‍රාල් කියන්නේ තාමත් කොල්ලෙක් වගේ ඉන්න ආසා කෙනෙක්ද?

අනිවාර්යයෙන්. මම හිතන්නේ මං තාම තරුණයි. මොකද මං ගාව තියෙන්නේ පොසිටිව් අදහස්. නෙගටිව් හිතන මිනිස්සු තමයි ඉක්මනට නාකි වෙන්නේ.

7.ඒ කාලේ පෙම්වතියක් ඉඳලම නැද්ද?

අපොයි තියෙනවා. හිටපු අය දැන් මතකත් නෑ. ඒ තරමට පෙම්වතියන් ඉඳලා ඇති.

8.කී දෙනෙක් හිටියත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න නම් බැරිව ඇති.

ඔව්. ඒක හරි සුන්දරයි. ඒ කාලේ මේ වගේ Online පෙම්වත්තු නෑ. ලියුමක් තියන් හංගාගෙන එයා එනකල් කඩේ ළඟට වෙලා කැරකි කැරකි ඉන්නවා. ආයේ රිප්ලයි එනකල් නින්දක් නෑ ඉතින්.

9.කොණ්ඩේ වවද්දී ගෙදරින් තහන්චි දැම්මේ නැද්ද?

නෑ. මොකද ගෙදරින් දැන ගත්තා මං යන Path එක. ඒ නිසා අවුලක් වුණේ නෑ. දැන් මගේ කොණ්ඩේටත් වයස අවුරුදු 29යි.

10.මුදු මාල අතට වැටෙන්න පටන් ගත්තේ කොල්ලා කාලෙද?

මං ගිටාරය අතට ගත්තේ අවුරුදු 10න්. Sing කරන්න පටන් ගත්තේ 17දී. මගේ රොක් ස්ටයිල් එක්කම කොල්ලා කාලේම ඉබේම මුදු මාල අතට ආවා.

11.ඇහිබැම ළඟ කරාබුවක් දැම්මේ රොක් වෙන්නද?

මට ඒකට ලොකු ආසාවක් තිබුණා. ඉතින් Switzerland ගිය කොල්ලා කාලේදි කළා.

12.සාමාන්‍යයෙන් කොල්ලෝ වුණාම වාහනවලට හරි ආසයි. ඒ කාලේ වාහන පිස්සුවක් තිබ්බේ නැද්ද?

අම්මෝ වාහනවලට මං හරි බයයි. එදා ඉඳන් මං යන්නේ ටැක්සි නැත්නම් ට්‍රේන් එකේ. අදටත් මං වාහනවලට බයයි. විශේෂයෙන් ලංකාවේ මිනිසුන්ගේ ඩ්‍රයිවින් දැක්කම මට වාහන ඕනෙම නෑ. ලයිසන් එකක් වත් මට නෑ.

13.ඒ කාලේ 
job එක වුණේ Music ද?

නෑ. මගේ මුල්ම job එක වුණේ ට්‍රැවල් ෆීල්ඩ් එකේ. මං ඉස්කෝලෙන් out වෙද්දී ඒකට set වුණා. හැබැයි මාස 3ක් යද්දී දැන ගත්තා ඊට වඩා මට Music කරලා හොයන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ කාලේම ඒ තීරණය ගත්තා.

14.එදා තිබ්බ හීන මොනවද?

අද ඉන්න තැනට එන්න තමයි එදා දැක්ක එකම හීනේ.

ධනුෂ්ක කුමාරතුංග (මව්බිම)

චිචීගෙයි ටිටීගෙයි ලව් එක 'ළං වී' සිංදුවෙන් එළියට එයි...



කා ගැනද රෝහිත මේ කියන්නේ?

සින්දුවේ වීඩියෝ එකේ ඉන්න කෙනා ගැනම තමයි ඉතින්... ඒ වගේම මේක ලංකාවේ ඉන්න සියලුම දෙනාටම සමීප විය හැකි පද පෙළක් තියෙන ගීතයක් කියලා මම හිතනවා.

ගීතයෙන් කියැවෙන යුවතිය ගැන දැන් නම් රහසක් නෙවෙයි නේද?

එයා ටටියානා... එයාව මං අවුරුදු අටක් තිස්සේ දන්නවා. ඇත්තටම එයා දුකේදීත් සැපේදීත් අපි එක්ක ඉන්නවා. එයා මට ලොකු හයියක් වුණා. එයා ගැන අපේ පවුලේත් ලොකු පැහැදීමක් තියෙනවා. මං මුලින්ම එයා එක්ක කතා කරද්දීත් එයා මං කවුද කියලා දැනන් උන්නේ නැහැ. එයා එතකොට ගොඩක් පොඩියි. ඒ වගේම අපි බලයේ හිටියත් නැතත් ඒ ගැන එයාට කවදාවත් ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ සීමිත පිරිසක් විතරක් දැනගෙන හිටපු ආදර කතාවක් "ළං වී" හරහා එළියට ආවා නේද?

ඔව්. අපේ ප්‍රේම සම්බන්ධයට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මං එයාව මුලින්ම දැක්කේ නම් ජිම් එකේ සෙල්ලම් කර කර ඉද්දී. ටීවී එකේ එයාගේ කමර්ල්ෂල් එකක් විකාශය වුණා ඒක තමා එයාව මුලින්ම දැක්ක අවස්ථාව ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ හොයලා හොයලා තමයි හම්බ වුණේ.

ඊට පස්සේ ආයේ අවුරුදු දෙකක් විතර අපි හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කළා පස්සේ මං එයාට ආදරෙයි කිව්වත් එයා එක පාර කැමැති වුණේ නැහැ. කතා කළාට ආඩම්බරකම් පෙන්න පෙන්න හිටියා. හෙණ ගේමක් දීලා තමයි සෙට් කර ගත්තේ.

සින්දුවේ රූප රචනාවේ නම් කියැවෙන්නේ සංසාරේ පතාගෙන එන ආදරයක් ගැන. රෝහිතගේ ආදරයත් සංසාරේ පතාගෙන එන ආදරයක්ද?

එහෙම දෙයක් හිතාගෙන නෙවෙයි වෙනස් ආකාරයක මිනිස්සුන්ට වැලද ගන්න පුළුවන් විදියේ තේමාවක් යොදන්න හිතාගෙනයි ඒ වගේ කතන්දරයක් දැම්මේ... ඒත් මං පුනර්භවය විශ්වාස කරනවා. හැබැයි මගේ පෙම්වතියත් එහෙම පතාගෙන එන කෙනෙක් කියලා මට කවුරුත් කියලා නම් නැහැ.

කලින් විරහවෙන් පස්සේ ඇති වෙන ආදරය ගැන ගීතයක් කළා, ඊට පස්සේ ආදරයේ සුන්දරත්වය ගැන ගීතයක් කළා. ඊළඟ ගීතය විවාහයටද?

නැහැ. ඊළඟ සින්දුව කවුරුත් නොහිතන වෙනස් ආකාරයක එකක් වේවි. විවාහය ගැන නම් දැන්ම හිතන්නේ නැහැ. තව අවුරුදු 4ක් 5ක් යාවි. ඒක කාලයට භාර දීලා තියෙන්නේ.

ගායකයකුට නම් වෙනත් කෙනකුගේ පද රචනාවකට වුණත් ගායනා කළ හැකියි නේ. නමුත් පද රචකයකුට ගීතයක් රචනා කරන්න අත්දැකීමක් තිබිය යුතුයි කියලා රෝහිත හිතනවද?

ඇත්තම නැහැ. තමන්ට පෞද්ගලික අත්දැකීමක් තිබිය යුතු නැහැ. අවශ්‍ය වෙන්නේ හොඳ සිතිවිල්ල ඔස්සේ ලියන්න ඕනි අවස්ථාවට යන්න පුළුවන් වීමත් ඒ තුළ මොහොතකට ජීවත් වෙන්න පුළුවන් වීමත් විතරයි. මං කරන්නෙ නම් එහෙම. මං මිනිත්තු පහකින් විතර මට අවශ්‍ය පසුබිම හදාගෙන ගිහින් ඉතුරු ටික ලියනවා.

"ළංවි" ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ පළමුවැනි ගීතයට වගේම මේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ මීට කලින් කරලා නැති විදියේ විශේෂ කතාවක් තෝරාගෙන සිනමැටික් ලුක් එකක් දෙන්න අපි වීඩියෝ එක කරපු ටීම් එක ගොඩක් මහන්සි වුණා. සමහර දවස්වල පාන්දර 5.30 ඉඳන් රාත්‍රි 11.30ට විතර වෙනකම් වැඩ කරපු අවස්ථා තිබුණා. වීඩියෝ එකේ දවල් කාලේ වගේ පේන දර්ශන සමහර ඒවා රෑ කාලේ ෂූට් කළේම ඒ මහන්සියේ ප්‍රතිඵලය ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඇත්තටම.

රෝහිත සින්දු කියන්නේ පසන් ලියනගේ එක්ක විතරද?

ඇත්තටම මං පසන් අයියා එක්ක වැඩ කරන්න කැමැති. එයා එක්ක වැඩ කරන එක මට ලේසි නිසයි. අනික එයා ලංකාවේ ඉන්න දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම වෙන සංගීත අධ්‍යක්‍ෂවරු එක්කත් මං වැඩ කරනවා. එහෙම කරපු සින්දුවක් ළඟදි එන්න තියෙනවා.

රෝහිත දිගටම ගායකයෙක් විදියට ක්‍ෂේත්‍රයේ ඉදිරියට යනවද?

වෘත්තීමය විදියට නෙවෙයි. මං විනෝදාංශයක් විදිටයි සින්දු කරන්නේ... මං ළඟදි සින්දු කිහිපයක් කළා... ඒ අතරින් සජිත් වී චතුරංග ලියපු අතුල අධිකාරිගේ දුව කාවින්ද්‍යා අධිකාරි එක්ක ගායනා කරන ගීතයකුත් ළඟදි එන්න තියෙනවා.

ටටියානා සබන් ඇඩ් එක ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්‍ෂයක් වුණා නේද?

ඔව්. ඒ ඇඩ් එක කරද්දී මං ගොඩක් පොඩියි. මං එක්ක තව ගැහැනු ළමයින් 12 දෙනෙක් උන්නා. අපි ලංකාව වටේටම තියෙන තැන්වලට ගිහින් ඒ රූගත කිරීම් කළේ. ඒ වෙළෙඳ දැන්වීම අධ්‍යක්‍ෂණය කරේ ඉන්දියාවේ අධ්‍යක්‍ෂවරයෙක්.

මං හිතන්නේ ඒ අධ්‍යක්‍ෂණයේ තිබුණු ගුණාත්මකභාවය නිසා තමයි ඒක මතක හිටින වෙළෙඳ දැන්වීමක් වෙලා තියෙන්නේ තවමත් හැමෝටම. ඊට අමතරව තව වෙළෙඳ දැන්වීම් කීපයක් කරලා තියෙනවා. ඒ කළෙත් වෘත්තීමය දෙයක් විදියට නෙවෙයි. නිකම් විනෝදාංශයක් විදියට.නමුත් දිගින් දිගටම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න නම් මං කැමැති නැහැ. මේ සින්දුවේ ගීතයේ රූප රචනාවට වුණත් මං පෙනී සිටියේ රෝහිතගේ ඉල්ලීම නිසයි.

රෝහිතගෙයි ටටියානාගෙයි ආදර කතාව දැන් රටට රහසක් නෙවෙයි, මතකද රෝහිතව මුලින්ම හම්බවුණු දවස?

ඔව්. ඇත්තටම මට එයාව අඳුන්නලා දුන්නේ අපි දෙන්නාගෙම යාළුවෙක්. එහෙම අඳුරගත්තත් මං එයා එක්ක වැඩිය කතා කළේ නැහැ ඒ දවස්වල. පස්සේ අවුරුද්දක් දෙකක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා. අපේ එදිනෙදා වෙන දේවල් ප්‍රශ්න ගැන කතා කරද්දී එයා මට ළඟම සහෝදරයෙක් වගේ වුණා. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ අපේ යාළුකම ආදර සම්බන්ධයකට පරිවර්තනය වෙයි කියලා. සමහර වෙලාවට එයා මාව එයාගේ පුංචි නංගි කියලා කට්ටිය අදුන්නලා දුන්න අවස්ථා තිබුණා.

අවුරුදු දෙකක් යාළුවෝ වගේ ඉඳලා ආදරෙයි කිව්වම ටටියානා මුලින්ම අකැමැති වුණා කියලා රෝහිත අපිට කිව්වා?

ඔව්. ඇත්තම අපි ඒ වෙලාවේ ෆෝන්වලින් කතා කර කර හිටියේ. එයා එක පාර මට කැමැතියි කිව්වම මට මොනවද හිතන්න ඕනි කියලවත් හිතාගන්න බැරි වුණා. මං කොච්චර බය වුණාද කියලා කියනවා නම් ඇඳේ දිගා වෙලා උන්නු මං එක පාර ෆෝන් එකත් ඔෆ් කරලා ඇද උඩ ඉඳගත්තා. ඒ වෙලාවේ මට ඒක ලොකු කම්පනයක් වගේ වුණා.

ඒ වගේම රෝහිතට ආදරේ කරන්නටත් ටටියානාට විශේෂ හේතුවක් තියෙන්න ඇති නේද?

ඔව්. එයා අනිත් පිරිමි ළමයින් වගේ හරිම සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරුණේ. ඉතින් මට එයාව දැනුණෙත් සාමාන්‍ය කෙනෙක් වගේ. ඒ වගේම එයා ගොඩක් අවංකයි. එයාට බොරු කියන්න බැහැ.

අරුණි කළුපහන (මව්බිම)

රිතූ මේ දවස්වල රවුම් ගහන්නේ කා එක්කද..?



රිතූ ආකර්ෂා කියන්නෙ මේ දවස්වල හිට් කැරැක්ට් එකක්නෙ. රංගනයෙන් වගේම Presenting වලිනුත් තමන්ගෙ ගමන හෙමින් යන රිතූ දැන් පෙම්වතියක් කියලා ආරංචියක් ලැබුණා. ඉතින් ආරංචියෙ ඇත්ත නැත්ත බලන්න අපි රිතූට කතා කළා.

රිතූගෙ ආඩම්බරකම් දැන් අඩුවෙලාලු


ඇයි එහෙම කියන්නෙ. ඔන්න පටන් ගත්ත ප්‍රශ්නෙ.?

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හින්දා හැමෝම එක්ක කතා කරන්න වෙනවනෙ ඒකයි.


ආ ඒකද. කොහොමත් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න හිතුවෙ නෑ. හැබැයි දැන් නම් ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ.

ඒක නම් අපිටත් හිතුණා?


මොකක්ද ඒ කතාව. එකපාර අහන්නකො අහන දෙයක් මම කියන්නම්.

කාගෙ හරි පැටන් එකකට වැඩසටහන කරනව වගෙයි අපිට පේන්නෙ?


නෑ නෑ. ඕගොල්ලො වැඩසටහනේ දකින්නේ සාමාන්‍ය රිතූම තමයි. කාගෙවත් විදියට මම වැඩ කරන්නෙ නෑ.

කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරලා ටොප් මොඩල් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව දැන් නැති වෙලාද?


මම නිරූපණ ක්‍ෂේත්‍රයටයි මුලින් ආවෙ. පොඩි කාලෙ ඉඳන් හිතුවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. අන්තිමේට නතර වුණේ නිළියක් වෙලා.

ලේඩි ඩොක්ට කෙනෙක් වුණොත් දැන් වගේ යාළුවො ආශ්‍රය කරන්න බෑනෙ නේද?


වැඩ හින්ද සීමා නම් වැටෙයි. ඒත් මම ආසයි ඒ විදිහෙ නිදහසකට. කැමැති නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඇඟ ලස්සනට තියාගන්න ජිම් එකට යන්නත් අමතක කරන්නෙ නෑලු නේද?


ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න එපැයි. මං නිතරම මගේ ඇඟේ හැඩය ගැන හිතනවා. අනික් කාරණය අපි ගැන ගොඩක් අය අවධානයෙන්නෙ ඉන්නෙ.

රිතූ ලැබෙන අවධානයට වඩා තව අවධානය වැඩි කරගන්න දේවලුත් කරනව කියලා ආරංචියි?


මං නොදන්න දේවලුත් තියෙනවා එහෙනම්.

අපිට ආරංචියි රිතූගෙ ජීවිතේට සමීප කෙනෙක් එක්ක රවුම් ගහනව කියලා?


කවුරු හරි බොරුවක් කියලා. මට ඉන්නෙ යාළුවො විතරයි.

ෆේස්බුක් එකේ ලිමිටඩ් කරලා දාපු සෙල්ෆිවල ඉන්න කොල්ලා කවුද?


ආ මම නම් ෆේස්බුක් එකේ එහෙම දෙයක් කළේ නෑ. ඔය කියන්නෙත් මගෙ ළඟම යාළුවෙක් වෙන්න ඇති.

ඉතින් ඔය ඉන්න යාළුව කාලෙකදි පෙම්වතා කියලත් රිතූම කියයි?


නෑ නෑ මං යාළුවො විදියට විතරක් ඇසුරු කරන්නයි කැමැති. ඊට එහා දෙයක් ඇති වෙන්න ඉඩක් නෑ. යාළුවො යාළුවොන්ගෙ තැන තියන්න ඕනෑ.

මේ හැමදේම අතරේ නාට්‍ය කිහිපයක වැඩත් පටන් ගත්ත නේද?


ඔව් එයිනුත් චුට්ටෙ ටෙලි නාට්‍ය තමයි ගොඩක් ජනප්‍රිය.

දැන් නිවේදනයට ආව වගේ නාට්‍යවලින් චිත්‍රපටවලට හැරෙන්න කාලෙ හරි නේද?


කාලෙ නම් හරි තමයි ඉස්සරහට බලමුකෝ.

නදීෂ නිර්මාණ හේරත් (මව්බිම)