05 September, 2016

ගැජට් බැජට් සෙට් කරලා හදාගන්න ෆෝන් එකක්

ලෝකේ හැම නිර්මාණයක්ම එළියට එන්නේ මොකක් හරි ප්‍රශ්නෙකට විසඳුමක් විදියට. මේ මොඩියුලර් දුරකතනයත් එළියට එන්නේ ගැටලුවක විසඳුමක් ලෙසයි.

අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ ලෝකේ හොඳම ස්මාට් ෆෝන් එක මොකක්ද කියන එක. අපි හැම කෙනකුම කැමැතියි හොඳම දුරකතනය මිලදී ගන්න. ඒත් අපි හැමෝම ට්‍රයි කළත් අපිට ඒක හොයාගන්න බෑ.

අපි මෙහෙම හිතමුද? ඔයා ෆොටෝ ගන්න කැමැති කෙනෙක් නම් ඔයාට ඕනෙ වෙන්නේ හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක්. ඔයා එහෙම ෆෝන් එකක් හෙව්වත් ගොඩාක් දුරට ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කොලිටි එක අඩුයි.

නැත්නම් රැම් එකේ ප්‍රොෆෝමන්ස් අඩුයි. එහෙමත් නැති නම් බැටරි ලයිෆ් එක අඩුයි.

ඊට පස්සේ අපි ගේම් ගහන්න හොඳ ප්‍රොෆෝමන්ස් තියෙන ෆෝන් එකක් ගන්නවා. ඒ ෆෝන් එකේ කැමරා එක කොලිටි මදි වගේ බැටරි ලයිෆ් එක අඩු වෙන්නත් පුළුවන්.

ඉතිං ස්මාට් ෆෝන් ඩිවලප් කරන කම්පැනි එකින් එකට වෙනස්. අපිට අවශ්‍යම, කැමැතිම උපාංගය ඉහළ ගුණත්වයකින් තියෙන දුරකතනයක් තමයි අපි මිලදී ගැනීමට පෙලඹෙන්නේ. අපි එහෙම මිලදී ගැනීමට පෙලඹෙන්නේ අපි එහෙම මිලදී ගන්න ෆෝන් එක අරගෙන අවුරුදු 1-2 ගියාම ඒ ෆෝන් එකේම අලුත් වර්ෂන් එක එනවා.

ඒත් එක්කම ටෙක්නොලොජි එක වෙනස් වෙනවා. ඒ වෙලාවට අපිට පුළුවන් මුළු ෆෝන් එකම මාරු කරන්න විතරයි. හැබැයි මුළු ෆෝන් එකම මාරු කරන්නේ නැතිව කැමරා එක විතරක් මාරු කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඒ වගේම ෆෝන් එකේ එක කොටසක් හානි වුණාම ඉක්මනට කඩේට ගිහින් ඒ හානි වුණු කොටස අපිටම හයිකර ගන්න පුළුවන් නම් ඒක හුඟක්ම වටිනවා.

ඉතිං මේ ගැටලු සියල්ලටම විසඳුමක් විදියට තමයි මොඩියුලර් ෆෝන් ලෝකය අතරට ඇවිල්ල තිබෙන්නේ.

මේ වෙද්දී ලෝකේ ගොඩාක් කම්පැනි මේ මොඩියුලර් දුරකතනය නිර්මාණය කරන්න පෙලඹිලා ඉන්නවා.

මේ කියන මොඩියුලර් දුරකතනවල කන්සෙප්ට් එක අනිත් දුරකතනවලට වඩා වෙනස්. මේ දුරකතනය බෝර්ඩ් එකක් විතරයි. මේ දුරකතනයේ අනික් කොටස් අපිට හයි කරන්න පුළුවන් වෙනවා මොඩියුලර් විදියට. ෆෝන් එකට කැමරා එකක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් වෙනමම මොඩියුල් එකක් විදියට ඒක සවි කරන්න.

මේකට CPU, RAM එක වුණත් කොටස් වශයෙන් සවි කිරීමට හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් මේකට එඪටඪ, බ්ලූටූත් වුණත් සම්බන්ධ කරන්න. අපි හිතන නොහිතන මොඩියුල් ගොඩාක් මේ දුරකතනයට සම්බන්ධ කරන්න පුළුවන්.

මේ මොඩියුල් ඔයාගේ දුරකතනයට සම්බන්ධ කළාට පස්සේ මෙම මොඩියුල්වලට හැකියාව ලැබෙනවා දුරකතනය හා සන්නිවේදනය කරන්න. ඒ විතරක්ම නෙවෙයි මොඩියුල් 2ක් වුණත් ඒක දුරකතනයක් එක්ක සන්නිවේදනය කිරීමට හැකි වෙනවා.

මේ මොඩියුලර් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක එන්නෙත් මොඩියුල් එකක් විදියටයි. හදිසියේ ඩිස්ප්ලේ එකට හානි වුණොත් අපිට හැකියාව තියෙනවා කෙළින්ම ඩිස්ප්ලේ එක ගලවලා මොඩියුල් ඩිස්ප්ලේ එකක් දාගන්න. ඔහොම ඉද්දි ටික කාලයක් ගියාම හොඳ ටෙක්නොලොජි එකක් එක්ක ගොඩාක් රෙසලූෂන් තියෙන ඩිස්ප්ලේ එකක් ආවම අපිට ඩිස්ප්ලේ එක මාරු කරන්න පුළුවන්. මේ වෙද්දි ගූගල් ආරා කියන ප්‍රොජෙක්ට් එකෙන් ෆොටෝ ටයිට් කිහිපයක්ම එළියට නිකුත් කරලා තියෙනවා.

ඉතිං මේ අයට පුළුවන් වෙලා තියෙනවා මේන් බෝඩ් එකට මොඩියුලර්ස් කිහිපයක්ම සවි කරලා පියෝ ඇන්ඩේ‍රායිඩ් ෆෝන් එක රන් කරන්න. මේ වෙද්දි ගූගල් කම්පැනි එක මේ ෆෝන් එක කොයිතරම් දියුණු කරලද කියනවා නම් වොයිස් එක භාවිත කරලා ෆෝන් එකේ මොඩියුල් පාලනය කිරීමට පවා හැකියාව තියෙනවා.

මේ මොඩියුලර් කන්සෙප්ට් එක තවදුරටත් ඔයාගේ ඩ්‍රීම් ෆෝන් එක ඩ්‍රීම් එකක්ම කරන එකක් නම් නැහැ. එළැඹෙන 2017 වසරේදී මේ දුරකතනයේ ෆොටෝ ටයිප් එකක් විතරක් නෙවෙයි සාමාන්‍ය අයටත් පාවිච්චි කිරීමට හැකි දෙයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් විතරක් නෙවෙයි හාඩ්වෙයාර් විවෘතව පවතිනවා. මොඩියුලර් කන්සෙප්ට් එක ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්.

01. මොඩියුලර් (සම්පූර්ණයෙන්ම මොඩියුලර්වලින් නිර්මාණය වූ)

02. සෙමි මොඩියුලර් (විශේෂිත කොටස් කිහිපයක් පමණක් මොඩියුලර් වූ)

03. නන් මොඩියුලර් (දැන් භාවිතයේ ඇති දුරකතන)

මේ වෙද්දී සෙමි මොඩියුලර් දුරකතන කිහිපයක්ම වෙළෙඳපොළට නිකුත්ව ඇති බවට ආරංචි පවතිනවා. නුදුරු අනාගතයේදී මොඩියුලර් දුරකතන සුලබව අපි අතර අනිවාර්යයෙන්ම දක්නට ලැබෙයි.




සමාධි ඕබඩ ආරච්චි (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගැජට් බැජට් සෙට් කරලා හදාගන්න ෆෝන් එකක්"

    Post a Comment