05 September, 2016

වනගත හිමි නමකට දන් පිළිගන්වන ඇත් රංචුවක්..!



වනගතව භාවනායෝගීව වැඩ වසන හිමිනමකට දන් පිළිගන්වන ඇත් රංචුවක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා. 

අන්තර්ජාලය පිරික්සීමේදී මෙම ඡායාරූප තායිලන්තය වැනි රටකට සම්බන්ධ බව පෙනී ගියත්, මෙම ඡායාරූප කෙසේ, කොහිදී ලබාගත්තේදැයි මේ වනතෙක් අනාවරණ නොවේ.

කෙසේ වෙතත් මේ පුවත දුටු විට සිහියට එන්නේ මේ බුදුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වස් විසු සමයේ ඇත් රජෙකු බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ අයුරු පැවසෙන මේ බණ කතාවයි

"බුද්ධත්වයෙන් නව වැනි වසත් වැසි සාරමසක්‌ ගෙව් බුදුපියාණන් වහන්සේ තවදුරටත් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේම වැඩ විසූ සේක. එසමයෙහිම ඝෝෂිතාරාමයේ විනයධර හා ධර්මධර භික්‍ෂුන් දෙදෙනකු අතර වාදයක්‌ හට ගැනුණි. 


කල් යත්ම මේ විවාදය කෙළවර වනු වෙනුවට ඇදී ගොස්‌ ගිහි පැවිදි දෙපක්‍ෂයම බෙදී වෙන් වූ මහා වාදයක්‌ බවට පත් විය. අනර්ථ වූ මේ විවාදය නවතා දමා සමගි වන ලෙස බුදුරදුහු දෙවරක්‌ම අවවාද කළ ද නෑසූ බැවින් විවේකය ද කැමැති වූ උන්වහන්සේ පාරිලෙයළ්‍ය වනයට වැඩීමට අදහස්‌ කළ සේක.

කිසිවකුට නොකියා තනිව වඩින බුදුරජාණන් වහන්සේ දුටු අනෙක්‌ භික්‍ෂුන් ආනන්ද හිමියන් අමතා වහන්ස, බුදුරජාණන් වහන්සේ හුදෙකලාවම වැඩිසේක. 

අපිත් උන්වහන්සේ අනුව යමු යි යෝජනා කළහ. බුදුරජාණන් වහන්සේ මෙසේ කිසිවකුට නොකියා තනිව වඩින්නේ විවේකය කැමැති හෙයිනියි පැවසූ ආනන්ද හිමියෝ තව කිසිවකු උන්වහන්සේ පසුපස නොයා යුතු යි වදාළහ.

බුදුරදුන්ගේ ගමන නිම වුනේ කෝසල ජනපදයේ පාරිලෙය්‍ය වනයෙනි. ඒ වනයේ සල් රුකක්‌ මුල වැඩ හුන් බුදුරජාණන් වහන්සේ දුටු හස්‌ති රාජයෙක්‌ වහා අවුත් දෙදණ නවා සොඬ හකුළා කුංචනාද කර නමස්‌කාර කර උවටැන් කිරීමට පටන් ගත්තේය. 

තිරිසනකු වුවද බුදු මහිමය හඳුනා දිවා කල පවතින රස්‌නයේදී දාහය නිවීමට අත්තක්‌ කඩා පවන් සැලූ අතර රාත්‍රි කාලයේ දණ්‌ඩක්‌ සොඬින් ගෙන ඔබ මොබ ඇවැදිමින් උන්වහන්සේ ආරක්‍ෂා කළේය. 

එතකින් නො නැවතී මිහිරි ඵලවැල නෙලා කුම්බස්‌තලයෙහි තබා ගෙන අවුත් බුදුරදුනට දානය ලෙස පිළිගැන්වීය."





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වනගත හිමි නමකට දන් පිළිගන්වන ඇත් රංචුවක්..! "

    Post a Comment