03 September, 2016

රිතූ මේ දවස්වල රවුම් ගහන්නේ කා එක්කද..?



රිතූ ආකර්ෂා කියන්නෙ මේ දවස්වල හිට් කැරැක්ට් එකක්නෙ. රංගනයෙන් වගේම Presenting වලිනුත් තමන්ගෙ ගමන හෙමින් යන රිතූ දැන් පෙම්වතියක් කියලා ආරංචියක් ලැබුණා. ඉතින් ආරංචියෙ ඇත්ත නැත්ත බලන්න අපි රිතූට කතා කළා.

රිතූගෙ ආඩම්බරකම් දැන් අඩුවෙලාලු


ඇයි එහෙම කියන්නෙ. ඔන්න පටන් ගත්ත ප්‍රශ්නෙ.?

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හින්දා හැමෝම එක්ක කතා කරන්න වෙනවනෙ ඒකයි.


ආ ඒකද. කොහොමත් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න හිතුවෙ නෑ. හැබැයි දැන් නම් ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ.

ඒක නම් අපිටත් හිතුණා?


මොකක්ද ඒ කතාව. එකපාර අහන්නකො අහන දෙයක් මම කියන්නම්.

කාගෙ හරි පැටන් එකකට වැඩසටහන කරනව වගෙයි අපිට පේන්නෙ?


නෑ නෑ. ඕගොල්ලො වැඩසටහනේ දකින්නේ සාමාන්‍ය රිතූම තමයි. කාගෙවත් විදියට මම වැඩ කරන්නෙ නෑ.

කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරලා ටොප් මොඩල් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව දැන් නැති වෙලාද?


මම නිරූපණ ක්‍ෂේත්‍රයටයි මුලින් ආවෙ. පොඩි කාලෙ ඉඳන් හිතුවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. අන්තිමේට නතර වුණේ නිළියක් වෙලා.

ලේඩි ඩොක්ට කෙනෙක් වුණොත් දැන් වගේ යාළුවො ආශ්‍රය කරන්න බෑනෙ නේද?


වැඩ හින්ද සීමා නම් වැටෙයි. ඒත් මම ආසයි ඒ විදිහෙ නිදහසකට. කැමැති නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඇඟ ලස්සනට තියාගන්න ජිම් එකට යන්නත් අමතක කරන්නෙ නෑලු නේද?


ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න එපැයි. මං නිතරම මගේ ඇඟේ හැඩය ගැන හිතනවා. අනික් කාරණය අපි ගැන ගොඩක් අය අවධානයෙන්නෙ ඉන්නෙ.

රිතූ ලැබෙන අවධානයට වඩා තව අවධානය වැඩි කරගන්න දේවලුත් කරනව කියලා ආරංචියි?


මං නොදන්න දේවලුත් තියෙනවා එහෙනම්.

අපිට ආරංචියි රිතූගෙ ජීවිතේට සමීප කෙනෙක් එක්ක රවුම් ගහනව කියලා?


කවුරු හරි බොරුවක් කියලා. මට ඉන්නෙ යාළුවො විතරයි.

ෆේස්බුක් එකේ ලිමිටඩ් කරලා දාපු සෙල්ෆිවල ඉන්න කොල්ලා කවුද?


ආ මම නම් ෆේස්බුක් එකේ එහෙම දෙයක් කළේ නෑ. ඔය කියන්නෙත් මගෙ ළඟම යාළුවෙක් වෙන්න ඇති.

ඉතින් ඔය ඉන්න යාළුව කාලෙකදි පෙම්වතා කියලත් රිතූම කියයි?


නෑ නෑ මං යාළුවො විදියට විතරක් ඇසුරු කරන්නයි කැමැති. ඊට එහා දෙයක් ඇති වෙන්න ඉඩක් නෑ. යාළුවො යාළුවොන්ගෙ තැන තියන්න ඕනෑ.

මේ හැමදේම අතරේ නාට්‍ය කිහිපයක වැඩත් පටන් ගත්ත නේද?


ඔව් එයිනුත් චුට්ටෙ ටෙලි නාට්‍ය තමයි ගොඩක් ජනප්‍රිය.

දැන් නිවේදනයට ආව වගේ නාට්‍යවලින් චිත්‍රපටවලට හැරෙන්න කාලෙ හරි නේද?


කාලෙ නම් හරි තමයි ඉස්සරහට බලමුකෝ.

නදීෂ නිර්මාණ හේරත් (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රිතූ මේ දවස්වල රවුම් ගහන්නේ කා එක්කද..? "

    Post a Comment