03 September, 2016

4 වැනි අනියම් සැමියාට පොරොවෙන් කොටා මරා දැමූ හොර අඹුවකගේ බිහිසුණු කතාව

"මං කිව්වා මම ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා"

"හෑන්ඩ් බෑග් එකේ තිබ්බ පොරොවෙන් මාලකගේ ඔළුවට කෙටුවා"

මුල්ගම කැලෑවේ ඉතා අමානුෂික ලෙස ඝාතනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණේ පසුගියදායි. සැකකටයුතු ත්‍රි රෝද රථයක් ගැන පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ මිනිමැරුමේ සුලමුල සොයා ගන්නට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ කල්තොට පදිංචිව සිටි මාලක බණ්ඩා සෙනෙවිරත්න නමැති 35 හැවිරිදි විවාහක දෙදරු පියෙක්. 

මරණයට පත්වූ පුද්ගලයාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේ පරීක්ෂණ කළ පොලිසිය පසුව ඔහුගේ අනියම් බිරිඳව අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සුලමුල ඇය හෙළි කළේ මෙලෙසයි. 

'අනේ බුදු සර්... මම ඒ මනුස්සයව මැරුවා තමයි. අනේ මට සමාවෙන්න සර්'

'සර් ඔය නැතිවුණු මනුස්සයා මගේ හතරවැනි අනියම් සැමියා. මීට අවුරුදු ගාණකට කලින් මගේ මනුස්සයා මැරුණා. බෙල්ලේ වැල දාගෙන.

ඊට පස්සේ මං තව මනුස්සයෙක් එක්ක එකට හිටියා. ඒකත් වැඩි කාලයක් තිබුණේ නෑ. තව එකෙක් සෙට් වුණා. එහෙම සෙට් වෙච්ච එකක්වත් වැඩි කාලයක් තිබුණේ නෑ. ඊට පස්සේ තමයි මට ඔය මගේ අතින් මැරුම් කාපු මනුස්සයා මුණ ගැහුණේ. නම මාලක බණ්ඩා සෙනෙවිරත්න. එයත් බැඳලා. එක දරුවෙක් හිටියා. මේ වෙද්දී අනිත් දරුවා ලැබෙන්නයි ඉන්නේ එයාගෙ පවුලට...

'මාලක හිටියේ කල්තොට පැත්තේ. මාත් කලක් හිටියේ කල්තොට. ඒ කාලේ තමයි මාලකත් එක්ක මං අනියම් සම්බන්ධයක් පටන් ගත්තේ. කාලයක් ඒක තිබුණා. ඒ කාලෙ මාලකයි, මායි බළන්ගොඩ මුල්ගම කැලේට ගිහින් එකතු වෙනවා. ඒ සම්බන්ධය තාවකාලිකව නතර වුණේ මට මොනරාගල තවත් කෙනෙක් සෙට් වුණාට පස්සේ. මම එයත් එක්ක තණමල්විල වත්තක් බලාගෙන ඒ ගෙයි එයත් එකක් හිටියා. එයාටත් වෙන විවාහයක් තියෙනවා. අපි බැන්දෙ නෑ. ගෙදර එකට හිටියා.

මට ත්‍රීවීල් එකක් තිබුණා. ඒ ත්‍රීවීල් එක සල්ලි හදිස්සියකට උකස් තිබ්බා. ඒක සින්න වෙන්න ළං වෙලයි තිබුණේ. මගේ ඔළුව ගිනි අරන් හිටියේ. කොහොම හරි ත්‍රීවීල් එක බේරගන්න එකමයි මගේ ඔළුවේ තිබුණේ. ඒ ත්‍රීවීල් එකේ වැඩ කළෙත් මංමයි. මගේ දරුවො හතර දෙනාගෙන් එක දරුවෙක් මහණ වුණා. තව දරුවෙක් ඩිවෝස් වෙච්ච සැමියෙක්ගෙ අම්මල ළඟ. අනිත් දරුවො දෙන්න මගේ ළඟ හිටියේ. අනියම් සම්බන්ධතා තුනක් හතරක් විතර තිබුණා.

'එදා අගෝස්තු මාසෙ 16 වැනිදා. නිකිනි පෝයට කලින් දවසේ මම එයාට කෝල් කරලා කිව්වා බළන්ගොඩ, මුල්ගම අර කලින් ගිය කැලේට යන්න ඕන කියලා. එයා කැමැති වුණා. මගේ ත්‍රීවීල් එක එක්ලක්‍ෂ විසිදාහකට සින්න වෙන්න යන්න තිබුණේ. මට මතක් වුණා එයා ළඟ ලක්‍ෂ දෙකහමාරක විතර රත්තරන් බඩු තියෙනවා කියලා.

කතා කරගත්ත විදියට මාලකගෙ ත්‍රීවීල් එකෙන්ම අපි බළන්ගොඩ, මුල්ගම කැලේට ගියා. කවුරුත් පේන්න හිටියේ නැහැ. ත්‍රීවීල් එක පඳුරු ටිකකට කවර් වෙන්න නතර කරලා මම එයාව කැලේට එක්කරගෙන ගියා. එයා හිතුවා මම කලින් දවස්වල වගේම අදත් කැලෑවට එක්කන් ආවේ එයා එක්ක ඉන්න කියලා. කැලේ මැදට එක්කගෙන ගිහින් මං එයාට කිව්වා මම ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා. එයා ඒ ගැටේට අහු වුණා. 

එයා ඇස් දෙක හොඳටම වහගෙන ඉන්න පටන් ගනිද්දි මං මගේ හෑන්ඩ් බෑග්එක ඇරලා ඒකෙ දාගෙන ආව අත් පොරව එළියට අරගෙන මාලකගේ ඔළුවට අත් පොරොවෙන් පාරවල් කීපයක් ගැහුවා. එයා විලාප තියාගෙන මූණෙ ඔළුවෙ තුවාල ලේ පෙරාගෙන වැටුණා. වැටුණට පස්සෙ මරුවිකල්ලෙන් වගේ නැඟිටින්න හදද්දි මං පිට කොන්දටත් පොරොවෙන් කොටලා මරලම දැම්මා.‍

ඊට පස්සෙ මං මාලකගෙ ෆෝන් එකයි රත්තරන් බඩු ටිකයි බෑග්එකට දාගෙන එතැනින් පැන ගත්තා. එතනින් මම කෙළින්ම ආවේ බැංකුවට. 

රත්තරං බඩුවලින් මාලකගේ අතේ තිබුණු රත්තරන් බ්‍රෙස්ලට් එකයි, මාලයයි උකස් කරල මං එක්ලක්ෂ තිස් එක් දාහක් ගත්තා. ඒ ගාණෙන් එක්ලක්ෂ විසි දාහක් ගෙවල මගේ ත්‍රීවීල් එකත් සින්න වෙන්න ගිය එකෙන් බේර ගත්තා.

"මාලක මරන්න ගත්ත අත් පොරොව මගේ තණමල්විල වත්තෙ ගෙදර හිටපු අනියම් සැමියගෙ එකක්. ඉතුරු රත්තරං බඩු ටිකත් එයා ළඟ. ෆෝන් එක මං ගාව..."

සැකකාරියගේ මෙම පාපෝච්චාරණයෙන් ලද තොරතුරුවලට අනුව මෙම යකඩ ගැහැනියගේ තුන්වැනි අනියම් සැමියාවද පොලිසිය සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. 

ඔහු සතුව තිබූ මරණකරුට අයත් අනෙක් රත්රන් බඩුද, සැකකාරිය සතුව පැවැති මරණකරුට අයත් ජංගම දුරකතනයද ඝාතනයට යොදා ගත් අත්පොරොවද අත්අඩංගුවට ගත්තේය.


(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "4 වැනි අනියම් සැමියාට පොරොවෙන් කොටා මරා දැමූ හොර අඹුවකගේ බිහිසුණු කතාව"

    Post a Comment