03 September, 2016

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගයත්‍රීට ලිංගික අතවර..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ලේකම්වරියක ලෙස කලක් සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට එහි ප්‍රධානීන් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව හෙළිවී තිබෙනවා.

මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදීයි.

එහිදී තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව විනය පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේ ගයාත්‍රි පවසා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙළෙඳ අංශයේ අලෙවි නිලධාරිනියක ලෙස සේවය කළ නවුචලී නැමැති තරුණියගේ කොන්ත්‍රාත් කාලය දික් කිරීමට ක්‍රිකට් ප්‍රධානියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බව ඇය ක්‍රිකට් ආයතනය තුළ ප්‍රචාරය කර තිබුණා.

කෙසේවවුද ඇතිවී ඇති තත්ත්වයත් සමඟ වැඩතහනමට ලක්ව සිටි ගයාත්‍රි වික්‍රමසිංහගේ වැඩ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බවද වාර්තා වනවා.


(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගයත්‍රීට ලිංගික අතවර..?"

    Post a Comment