04 September, 2016

දහසක් ඡායාරූප අතරින් හිතට දැනෙන, දහසක් දේ ගැබ් වූ ඡායාරූපය

අම්මාගේ සෙනෙහසත් තාත්තාගේ සෙනෙහසත් කිසිම දවසක මිල කරන්න බැහැ.

මොකද ඒ උතුම් ආදරණීය භව මේ ලෝකේ කිසිම කෙනෙක්ට දෙන්න බැරි නිසා.

ලේ කිරි කරලා මිනිසෙකුට දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් විඳලා මේ ලෝකෙට බිහි කරන තමන්ගේ පුංචි දරුවා තරම් වටිනා සම්පතක් ඒ අම්මටත් තාත්තටත් මේ ලෝකේ නැහැ.

ඒ සෙනෙහස, ආදරණීය බව, කරුණාව ගැන අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පපුවට හැඟීමක් එකතු කරන ඡායාරූපයක් නිසා.

මේ ඡායාරූපයේ තියෙන්නේ තමන්ගේ පුංචි දරුවව අම්මා අත්ලේ හොවාගෙන ඉද්දි සිදුරු කරපු පොල්කට්ටකින් වතුර දාලා තාත්තා විසින් නාවන දර්ශනයක්.

මවකගේ කුස තුල දරුවෙක් ගැබ් ගත් දා සිට ඒ මව වගේම තාත්තාත් ඒ දරුවා මෙලොවට බිහිකරන තුරු මොනතරම්නම් කැපකිරීම් කන්දක් ඉටුකරනවද..?

ඒ වගේම මේ ලෝකේ එළිය දකින දා ඉඳන් ගෙවෙන හැම තත්පරයක්ම වෙන්වන්නේ තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන්.

නෙලුම් මල් දහසක් පූජා කරලා ලබන ආශිර්වාදයට වඩා අම්මා සහ තාත්තගේ දෙපා වැදලා එයාලගෙන් ලැබෙන ආශිර්වාදය දස දහස් ගුණයකින් බලවත් කියලා කියන්නේ ඒ සෙනෙහස නිසාමයි.

වරදින හැමතැනකදිම, වැටෙන හැමතැනකදිම නැගිටින්න අත දෙන්න කිසිම අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු දෙපාරක් හිතන්නේ නෑ..

ඒ උතුම් සෙනෙහස සෑම ජීවිතයකම අඩිතාලම බව රහසක් නොවේ.

ඒත් ජීවිතේ ගොඩනගාගෙන ඉදිරියට යද්දි තමන්ගේ අම්මාවත් තාත්තාවත් අමතක කරනවානම් ඒ ජීවිතේ මොන තේ තිබුණත් වැඩක් නැති බවත් සිහියේ තබාගත යුතුම කරුණක්.


(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දහසක් ඡායාරූප අතරින් හිතට දැනෙන, දහසක් දේ ගැබ් වූ ඡායාරූපය"

    Post a Comment