ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් වන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන සහ වීරකුමාර දිසානායක යන මන්ත්රීවරු පසුගියදා අගමැතිවරයා මුණ ගැසුනා.
ඒ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම ඇතුළු කාරනා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.
සාකච්ඡාව අතරේ අගමැතිවරයාගෙන් කෝපී සංග්රහයක් මන්ත්රීවරුන්ට ලැබුණි. එවිට ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ ,
(නෙත්)
සාකච්ඡාව අතරේ අගමැතිවරයාගෙන් කෝපී සංග්රහයක් මන්ත්රීවරුන්ට ලැබුණි. එවිට ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ ,
'සර්ගෙන් කෝපි බීල අපිට ප්රශ්නයක් වේවිද දන්නෑ' යනුවෙනි.
එවිට උදය ගම්මන්පිල පවසා ඇත්තේ,
එවිට උදය ගම්මන්පිල පවසා ඇත්තේ,
'මහින්ද ජනාධිපති තුමාට කෝපි දීලනම් ප්රශ්නයක් වුණේ නැහැ. හැබැයි ආප්ප දීලානම් පක්ෂයේ ලේකම් නැතිවුනා' කියාය.
ඊට මහ හඬින් සිනාසුනු අගමැතිවරයා පැවසූවේ
ඊට මහ හඬින් සිනාසුනු අගමැතිවරයා පැවසූවේ
'එදා ආප්ප හදපු කෙනා දැන් ඉන්නේ මගේ ළඟ.
අරලියගහ මන්දිරේ සේවකයින් හඳුනාගන්න දවසෙ එයාම මට හඳුන්වල දුන්නේ ජනාධිපතිතුමා ශ්රී ලංකා එකෙන් යන්න කලින් ආප්ප හැදුවෙ මම කියලයි.'








































