02 September, 2016

පාන්දර ජාමේ ගලේවෙලදී 3කට මරු කැඳවා 7ක් රෝහල් ගතකළ මාරක රිය අනතුර

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල - තොළඹගොල්ල ප්‍රදේශයේ අද (02) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අය අතර වෑන් රථයේ රියදුරු සහ කුඩා දරුවෙකු ද සිටින බව සදහන්.

කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ හලාවත සිට පොළොන්නරුව බලා ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටයි.

ඒ පිළිබදව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඔවුන් අතුරෙන් කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල බවයි ඇය සදහන් කළේ.











(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාන්දර ජාමේ ගලේවෙලදී 3කට මරු කැඳවා 7ක් රෝහල් ගතකළ මාරක රිය අනතුර"

    Post a Comment