02 September, 2016

දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව

අම්මා කෙනෙක් තම කුසට දරුවෙකු පිළිසිදගත් මොහොතේ සිට සෑම මොහොතක්ම කැප වන්නේ තම ආදරණීය දරුවා වෙනුවෙන්.

ඒ විදිහට මිහින්තලේ පැත්තේ අම්මා කෙනෙක් දරුවෝ 15 දෙනෙක් මෙලොවට බිහිකරලා දුක් මහන්සියෙන් ඒ අයගේ ජීවිතේ ලස්සන කරලා.

ඒත් ඒ දරුවෝ උස්මහත් වුණාට පස්සේ මේ අම්මව කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ තනි කරලා දාලා.

මිහින්තලේ කල්ලන්චින ප්‍රදේශයේ, ගෝනෑව ගම්මානයේ ජීවත්වන සීලවතී නම් 80 හැවිරිදි වියේ පසුවනවා.

ඇය විසින් මෙලොවට බිහිකර ඇති දරුවන් සංඛ්‍යාව 15 ක් වන අතර ඉන් 11 දෙනෙකුම වෙනම ජීවත්වන බව සඳහන්.

නමුත් මේ මහලු මව සිය දරුවන් කිසි කෙනෙකුගෙන් හෝ සැලකීමක් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව ඇති අතර හිසට නිසි ආකාර සෙවණක් හෝ නොමැතිව ගම්වැසියන් දෙන ආහාරවලින් යැපීමෙනුයි ඇය ජීවත් වන්නේ.

දරුවන්ගේ රැකවරණය ලැබිය යුතු වයසක සිටින මෙම මහලු මව කවරෙකුගෙන් හෝ පිහිටක් අපේක්ෂා කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.







(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව"

    Post a Comment