01 September, 2016

මියගිය පැටවාට රැකවරණය දුන් ඇතින්නගේ දරු සෙනෙහස – සංවේදී කතාවක්

වර්තමානයේ මිනිස් මවුවරුන් තම කුසෙන් උපන් දරුවන් වැසිකිළිවලවල් කාණුවලට දමා යන යුගයක තම කුසෙන් උපන් දරුවන්හට අසීමිත ලෙස ආදරය කරන සතුන් පිලිබඳව සත්ව ලෝකය තුළින් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.

ඒ ආකාරයෙන් තම කුසෙන් උපන් අලිපැටවා මියගොස් තිබියදීත් ඒ අසළ රැදී සිටිමින් ඔහුට රැකවරණය ලබාදුන් ඇතින්නක් ඊයේ(31) සවස අපට දැකගන්නට ලැබුනේ වැල්ලවාය දෙමලිය වැව ආශ්‍රීත ප්‍රදේශයකදීය.

ඇතින්නක දෙමලිය වැව අසල දවල් කාලයේ රැදී සිටින බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයට ගිය ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරින් හට දකින්නට ලැබුනේ පැටවෙකු ළඟ රැදී සිටින මවු ඇතින්නකි.

ඇතින්නගේ ශරීර ලක්ෂණ අනුව පැටවා එදිනම උපන් එකෙකු බව වන ජීවී නිලධාරින් පැවසිය නමුත් අලි පැටවා එම අවස්ථාවේ මියගොස් සිට ඇත .

දවල් කාලයේ අවු රශ්මිය අදික මොහොතක මේ අයුරින් මිනිසුන් ගැවසෙන ස්ථානකක වන අලියෙකු ගැවසීම දුර්ලබ සිද්දියක් වුවත් තම මියගිය පැටවා අතහැර නොයා එම ස්ථානයේ රැදී සිටිමින් පැටවාගේ ඇගට වසන මැස්සන් එලවමින් සිටින ඇතින්නගේ මවු සෙනෙහස වන ජීවී නිලධාරීන්ගේද දෙනෙතට කඳුළු ගෙන දෙන කාරණයක් විය .

වන ජීවී නිලධාරින් පැය තුනකට වඩා කාලයක් එම ස්ථානයේ රැඳී සිටියත් ඇතින්න පැටවා කෙරෙන් ඉවත් නොවූ බැවින් ඇතින්නගේ මවු සෙනෙහසට බදා නොකිරීමට නොසිතු වන ජීවී නිලධාරින් ඉන් ඉවත් විය .එම ප්‍රදේශයයට නොයන ලෙස ප්‍රදේශ වාසින්ද දැනුවත් කරන ලදී.







(වෙබ් ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මියගිය පැටවාට රැකවරණය දුන් ඇතින්නගේ දරු සෙනෙහස – සංවේදී කතාවක්"

    Post a Comment