01 September, 2016

තරංග නැතුව බෑ!

පසුගිය එංගලන්ත සංචාරයෙන් පසු නැවතත් ශ්‍රීලංකා කණ්ඩායමට එක්වීමට උපුල් තරංගට හැකිවී තිබෙනවා.

ඒ අනුව ලබන ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පස්වන එක්දින තරඟයට උපුල් තරංග එක්වනු ඇති.

පසුගිය එංගලන්ත සංචාරයේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූ තරංගට හේතුවක් නොමැතිවම ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු තරඟ හතර අහිමි වුණා.

පසුගිය තරඟයේ ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවූ ආබාධය සමගින් ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වය පැවරුණේ දිනේෂ් චන්දිමාල්ටයි.

උපුල් තරංග ශ්‍රී ලංකා සංචිතයට එක්කර ගන්නැයි ඉල්ලීමක් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල් බවයි ආරංචි මාර්ග පවසන්නේ.





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරංග නැතුව බෑ!"

    Post a Comment