02 September, 2016

පැත්තකට විසිකර සිටි උපුල් තරංග කළ හපන්කම් මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ලෝක වාර්තා රැසකට හිමිකම් කියන උපුල් තරංගට පසුගිය කාලයේදී පිත්ත අතට ගන්නට අවස්ථාව ලැබුණේ නැත. 

එහෙත් ඔහු අත පිත්ත වූ සමයේ ඔහු කළ හපන්කම් සමහරක් තවමත් නොබිඳුනු ලෝක වාර්තා ලෙස තිබේ.

පළමු ඉනිම සඳහා වැඩිම සබඳතාව වෙනුවෙන් වාර්තාවට හිමිකම් කියන්නේ සනත් ජයසූරිය සහ උපුල් තරංගයි. 

ඒ 2006 වසරේදී එංගලන්ත කණ්ඩායම සමග පැවති තරඟයකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 286ක සබඳතාවක් පවත්වා ගනිමිනි. 

ඒ පමණක් නොවේ මේ වාර්තාවේ දෙවැනිතැන රැඳෙන්නේද උපුල් තරංග සහ ටී.එම් ඩිල්ෂාන්ය. 

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 282ය.

ඒ පමණක් නොවේ උපුල් තරංග ද්විත්ව ශතක 7කටද හිමිකම් කියන්කු බව බලධාරීන් අමතක නොකළ යුතුය.







(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පැත්තකට විසිකර සිටි උපුල් තරංග කළ හපන්කම් මෙන්න"

    Post a Comment