31 August, 2016

අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරේරලා ඉන්නවා - ඩේමියන්

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟය මේ වන විට රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟය අතරතුරදී විස්තර ප්‍රචාර කරන රසල් ආර්නල්ඩ් සහ ඕස්ට්‍රේලියාවේ ඩේමියන් මාර්ටීන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳ යම් සංවාදයක් ඇති වුණා.

මැතිව්ස් හා චන්දිමාල් හැර ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් ඇති පිතිකරුවන් හෝ පන්දු යවන්නන් නොමැති බවයි මෙහිදී රසල් ආර්න්ල්ඩ් ප්‍රකාශකළේ.

මෙයට සිනාසී ප්‍රතිචාර දැක්වූ ඩේමියන් මාර්ටීන් පැවසුවේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා පෙරේරලා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බවයි.

තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා සහ නවක ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා අද තරඟයට ක්‍රීඩා කරනවා.

යතුරුපැදියක් මීගමුව මාර්ගයේ දී මුහුණ දුන් බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න

දිවුලපිටිය – මීගමුව මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් කුඩා ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වන විටත් රෝහල් ගතව සිටිනවා.

ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අපරීක්ෂාකාරී අයුරින් යතුරුපැදිකරු වෑන් රථයකට පසුකරමින් ගිය අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

එම අවස්ථාවේ CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.






(නෙත්)

මන්තර බලයෙන් වන අලි මෙල්ල කරන ලාංකිකයා

මන්තර බලයෙන් වන අලියන් අතින් මෙල්ල කරන ලාංකිකයෙක් ගැන පසුගිය කාළයේ පුවත් වාර්තා වුණා.

ඔහු විසින් අලියෙක් මෙල්ල කරන තවත් ත්‍රාසජනක වීඩියෝවක් පහතින්.




කොණ්ඩා මෝස්තරයක් නිසා කළු සුදු සිසුවියන් ගැටෙයි

මේ දකුණු අප්‍රිකාවේ පාසලක සිදුවුණු දෙයක්.

තරුණ සිසුවියන් ඉගෙනගන්න මේ පාසලේ සුදු ජාතික තරුණියන්ට කැමති ආකාරයේ, පාසලට ගැලපෙන හිසකේ විලාසිතාවක් කරන්න අවසර දීලා.

හැබැයි අප්‍රිකානු තරුණියන්ට අප්‍රිකාවේ සාම්ප්‍රදායික ඇෆ්රෝ හිසකේ තහනම් කරලා.

මේ හිසකේ විලාසිතාව අප්‍රිකාවේ පාරම්පරික හිසකේ විලාසිතාව වගේම, අප්‍රිකාවේ බහුතරයක් දෙනාගේ හිසකේ විලාසිතාවත් වෙනවා.

ඒ නිසා මේ හිසකේ විලාසිතාව තහනම් කිරිම හරිම අසාධාරණයි කියලයි මේ පාසලේ ඉගෙනගන්න කළු ජාතික තරුණියන් කියන්නේ.

මේ නිතිය නිසා තමන් තමන්ගේම රටේ අසාධාරණයට ලක්වෙනවා කියලත් ඔවුන් කියනව.




(gossipking)

අමුතු වළාකුලක් නිසා රුසියාවේ ඇති වූ මහ කලබලය

දුර්ලභ ගණයේ වළාකුලක් හේතුවෙන් රුසියාවේ විශාල නොසන්සුත් තාවයක් ඇතිවී තිබෙනවා.

බිම්මලක් ආකාරයට දර්ශණය වූ මෙම වළාකුල දුටු බොහෝ දෙනා සිතා තිබුණේ මෙය න්‍යෂ්ටික ප්‍රහාරයක් ලෙසයි.

කෙසේවෙතත් මෙය ඉහළ අහසේ ඇතිවන සුළු, සුළි කුණාටු තත්වයකින් ඇතිවූ දර්ශනයක් බව පසුව දැනගෙන තිබෙනවා.


බලධාරීන් විසින් එය තේරුම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව තත්වය පාළනය වී තිබෙනවා.



$ 399ට අන්තර්ජාලයේ විකිණුන JR රුපියල

පෙබරවාරි 04 යනු ශ්‍රී ලංකාවට සුවිශේෂී දිනයක්.

එදින ඉතිහාසයට එක්ව ඇත්තේ අප රට සුදු ජාතිකයින්ගෙන් නිදහස ලබා ගත් දිනය ලෙසයි.

මේ හේතුවෙන් 1978 වසරේ පෙබරවාරි මස 04 වන දින හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රුව සහිත රුපියලේ කාසිය නිකුත් කෙරුනා.

නිකුත් කර වසර 40 කටත් ආසන්න වන මෙම කාසිය අමෙරිකානු ඩොලර් 399.00කට අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට ඉදිරිපත් කර තිබුණා.


ශ්‍රී ලංකා මුදලින් රැපියල් 58071.16 ට ඊබේ වෙබ් අඩවියේ අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ මෙම කාසිය විකිණී අවසන් බවයි මේ වන විට එහි දැක්වෙන්නේ.


එම කාසියේ පින්තූර පහතින්.









පාසැල් යන ගමන් ‘අද පිටියට පිවිසෙන’ නවක තරුව මෙන්න

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු අද ශ්‍රී ලංකා එක්දින තරග වරම් දිනාගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

වීරහැන්දිගේ ඉනෝල් අවිශ්ක ප්‍රනාන්දු නම් වන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම් ලබන්නේ පළමුපෙළ තරගවලට සහභාගීවීමටත් පෙර වීම විශේෂත්වයක්.

1998 වසරේ අප්‍රේල්මස 05 දා උපන් දකුණත් පිතිකරුවෙක් වන ඔහු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙක් වනවා.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනේක පුදුම සහගත තෝරාගැනීම වූ වමතින් පා දගපන්දු යවන අමිල අපොන්සො එම විද්‍යාලයේම ඉගන ගනිමින් සිටි සිසුවෙක් වීමය.

අවිශ්ක පාසලේ 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වයස අවුරුදු 16 ක් පමණක් වූ අතර 2015 පාසල් ක්‍රිකට් වාරයේ ලකුණු 1000 ඉක්මවීමට ඔහු සමත්වුණා.

19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සිය දෙවන තරගයේදීම සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු 103 දී ලකුණු 127 ක් ලබා ගත්තා.

බංගලාදේශයේ පැවති 2016 වයස 19 පහළ අයිසීසී ලෝක ශුරතා තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 185 ක් හඹා යන්නට පිටියට පැමිණි කණ්ඩායමේ නායකයා ලෙස සිය වගකීම ඉටු කරමින් මෙම ක්‍රීඩකයා පන්දු 95 දී ලකුණු 96 ක් ලබා ගත්තා.

19 න් පහළ ක්‍රිකට් තරග වලදී අවිශ්ක ඉතාම ඉහළ දක්ෂතා පෙන්වා ඇත්තේ ඕස්ට්‍රෙලියානු හා එංගලන්ත කණඩායම්වලට එරෙහිවයි.

19 න් පහළ තරගාවලි වලදී ඔහු එංගලන්තය සමග තරග 6 ක්‍රීඩාකර ලකුණු 420 ක් රැස් කළ අතර තරගයක ලකුණු ගැනීමේ සාමාන්‍ය 70 ක්වුණා.

ඕස්ට්‍රෙලියාවට එරෙහිව තරග 5 දී ලකුණු 387 ක් ලබාගෙන ඇති ඔහුගේ ලකුණු ගැනීමේ සාමාන්‍ය 61.33 ක් ලෙස සටහන් ව තිබෙනවා.





(නෙත්)

මියගිය බිරිය කර මතින් ගෙනගිය ඉන්දියානුවාට හොඳ කලක්

රෝහල්ගතව සිටියදී මියගිය තම බිරියගේ සිරුර නිවසට ගෙනයාමට වාහනයක් කුලියට ගැනීමට වත්කමක් නැතිව කර මතින් සිරුර ගෙන ගිය තැනැත්තාගේ පවුලට උදව් උපකාර කිරීමට බහරේනයේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත්ව සිටිනවා.

ඉන්දියාවේ බහරේන තානාපති කාර්යාලය පවසා ඇත්තෙ, මේ පුවත දුටු බහරේන් අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු අදාල පුද්ගලයාගේ පවුලට ආධාර කිරීමට සූදානම් බව දන්වා ඇති බවය. 


කොපමණ මුදලක් ඒ සඳහා ලබාදෙන්නේද යන්න නිල වශයෙන් මෙතෙක් දන්වා නැති වුවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනා ලෙසට තමන් වෙත දන්වා ඇති බවයි ඉන්දියාවේ බහරේන තානාපතිවරයා පවසන්නෙ.



(නෙත්)

ජනපති හැක් කළ 'සිඟිති හැකර්' වැඩ ඉගෙන ගත්ත FB පිටුව මෙන්න



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී, දත්ත වෙනස් කළැයි සැකපිට කඩුගන්නාවේ පදිංචි පාසැල් සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිසුවා වෙබ් අඩවි හැක් කිරීම පිළිබඳව දැනුවත් වී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ පවත්වාගෙන යන 'යකඩයා ෆෝරම්' නැමැති ෆේස්බුක් පිටුවෙන් බවයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

එම ෆේස්බුක් පිටුව පවත්වා ගෙන ගොස් ඇත්තේ මොරටුවේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් විසින්.
වරදට අනුබල දීමේ චෝදනා මත ඔහු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙණවා.

අදාළ පිටුවේ ඡායාරූප පහතින්.




'සරණ' ට රඟපාන පූස් පැටියාගේ ඇත්ත නම 'පැටී' - මෙන්න විස්තරේ


මේ දවස් වල බොහොම ජනප්‍රිය චරිතයක්නේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන්නේ.

ඒත් එක්කම පොඩි හාමුදුරුවන්ගේ පූස් පැටියා සරණත් හරිම ජනප්‍රියයි.

ඉතින් මේ සරණ සිදු කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණු විදිය ගැන එහි පිටපත් රචක සමන් එදිරිමුනි මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන්කර තිබුණා.

සරණ සරණ වූනේ කොහොමද…?

මගෙන් ගොඩක් අය ඇහුව දෙයක් තමයි සිඳු එකේ පූසට සරණ කියන නම දැම්මෙ ඇයි කියලා. ඒක අහපු ප්‍රමාණය වැඩි නිසාත් සරණ දැන් ගොඩක් ජනප්‍රිය නිසාත් හේතුව කියන්නම්.

ගොඩක් ගෙවල් වල බුදු පිළිම කැඩුණාම මිනිස්සු ඒව ගිහින් දාන්නේ පන්සලේ බෝ ගහ යටට. පූසියෝ දාන අහඹු පැටව් රංචු පිටින් ගිහින් දාන්නේ පන්සල් ඉස්සරහට. නිකං නෙමෙයි පොලිතින් උර වල දාලා. සමහර පැටව් ඒ කවර ඇතුලෙම මැරෙනවා කාගෙවත් නෙත නොගැටී. මම දන්නවා සමහර මිනිස්සු එහෙම කරන්නෙ ඇයි කියලා. ඒත් එහෙම කරන අයගෙ හිත රිදුනොත් කියලා ඒ ගැන අපි කතා නොකර ඉමු.

සෝරත පොඩි හාමුදුරුවෝ දවසක් ගමනක් වැඩලා ආපිටට පන්සලට වඩිද්දී පන්සල ඉදිරිපිට පිවිසුම අසල කවරයක් සර සර හඬින් සෙලවෙනවා. සෝරත පොඩිනම බිය වුණත් ඒ වෙත ලං වෙලා බලනවා. එතකොට කවරෙන් බෙල්ල එළියට දාලා පූස් පැටියෙක් ඥාව් කියනවා. 

අනේ ඉතින් සෝරත පොඩි නමට හරි ආසා හිතෙනවා. පන්සලට අරන් ගිහින් හදාවඩා ගන්නවා. අසරණ වෙලා සරණක් හොයාගෙන ආපු පූස් පැටියෙක් නිසා සෝරත ඒ පූසට සරණ කියන නම දානවා. ඔන්න එහෙමයි සරණට නම වැටුනේ.

සරණට රඟපාන පූස් පැටියගේ නම පැටී. පැටීගේ අම්ම පැටිත් එක්ක පැටව් 4 ක් දැම්මා. අවාසනාවන්ත විදිහට ඉන් 3 ක්ම මැරුණා. ඉතිරි වුනේ පැටී විතරයි. ඒ නිසා පැටී 4 දෙනෙක්ගේ කිරි තනියම බීලා ඉක්මනට ලොකු වුණා. 

හොඳටම හුරතල් වුණා. එයාගේ වයස මාස පහක් විතර වෙනවා. මගේ පොඩි උන් දෙන්නට හුරතල් පෙන්නලා බත් කවපු පැටී දැන් ලංකාවෙම පොඩි උන්ට සතුටක් ගේනවා. තිරිසනෙක් වුනත් පැටීට තිබුණෙ මහ පුදුම දෛවයක්.

කොහොම හරි අන්තිම වුණේ මගේ පොඩි උන්දෙන්න හුරතල් කර කර ඉඳපු පූස් පැටියා ලංකාවෙම හුරතලේ වුණා. දැන් හැම සතියකටම දවස් දෙකක් මම ගිහින් එයාව අරන් එනවා. 

ආයි ගිහින් දෙනවා. ගෙදර ඉඳපූ පූස් පැටියා ෂුටින් ගියා. මේ වෙද්දි එයා පොල්පිතිගම ෂුටින්. ආයි එනකං පොඩි උන් දෙන්නා බලන් ඉන්නවා. මම හිතන්නෙ අපේ පැටී දැන් සරණ කියලා නමත් වෙනස් කරගෙන සෑහෙන්න කාර්යබහුල චරිතයක් වෙලා. 

මටත් හරි සතුටුයි පිට රට නයෙක්ට වඩා ලංකාවේ පූසෙක් වීරයෙක් වෙච්ච එක. සෝරත පොඩි හාමුදුරුවෝ ඇතුළු ළමා චරිත රඟදක්වන දරුවන් තමයි මේ හැම වර්ණයක්ම කදිමට නිර්මාණය තුල සිත්තම් කලේ. 

ඒ ගෞරවය ඒ දරුවන්ට සම්පූර්ණ ලෙස ලැබෙන්න ඕන. ඔවුන්ව ඒ විදිහට හසුරවන තිළිණවත් මතක් කරන්න ඕන. පොඩි දරුවන් සහ පූස් පැටියෙක් මේ විදිහට හසුරවන එක අභියෝගයක් තිලා. උඹලා සෙට් එක ඒ අභියෝගය ලස්සනට ගොඩ දැම්මා. ආසයි. ලස්සනයි. සුන්ඳරයි. ඉතින් ස්තුතියි.



සමන් එදිරිමුණි - සිඳු පිටපත් රචක

වොක්ස්වැගන් හඳුන්වාදෙන ඉලෙක්ට්‍රික් කාර් එක මෙන්න

වොක්ස්වැගන් සමාගම සිය නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පැරිස් මෝටර් ෂෝ හිදී එළිදැක්වීමට සැරසෙන බව එම සමාගමේ සභාපති Herbert Diess පවසනවා.

එළෙඹෙන ඔක්තෝබර් 01 සිට 16 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

ඉලෙක්ට්‍රික් මෝටර් රථය සාමාන්‍ය වොක්ස්වැගන් ගොල්ෆ් රථයක ප්‍රමාණය ගන්නා බවයි එම සමාගම පවසන්නේ.

මෙම නවතම රථය 2018 වසරේ අගභාගයේ දී හෝ 2019 වසරේ මුල භාගයේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

වොක්ස්වැගන් සමාගම හඳුන්වාදෙන මෙම නව මෝටර් රථය ඉන්ධන භාවිතා කරන මෝටර් රථයකට වඩා මිලෙන් අඩු වනවා.

මෙම රථය මිනිත්තු 15 ක් ආරෝපණය කිරීමෙන් අනතුරුව කිලෝමීටර් 300 ක් ධාවනය කළ හැකියි.



30 August, 2016

එක අකුණින් ‘මුවන් 300ක්‘ මිය යයි – ලොවක් කම්පා කරවූ අදහාගත නොහැකි සිදුවීමක් නෝර්වේ රාජ්‍යෙයන්

අකුණු පහරකින් පිනි මුවන් 300ට වඩා මිය ගිය පුවතක් නොර්වේන් වාර්තා වනවා.

පසුගිය සිකුරාදා නොර්වෙහි Hardangervidda නම් කන්දට එල්ලවූ මෙම අකුණු පහරින් මියගිය පිණි මුවන් 323ගේ සිරුරු මේ වන විට හමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අකුණු පහරින් මියෙනාගිය පිණිමුවන් පස් දෙනෙකු හමුව අැති අතර සිදුවූ තුවාල වලින් පසුව ඔවුන් මියගොස් තිබෙනවා.

සෘතු වෙනස් වීමත් සමග දහස් ගණනක පිනි මුවන් මෙම කන්ද අාශ්‍රිත ප්‍රදේශයට සංක්‍රමණය වන බවයි වාර්තා වන්නේ.

මෙවන් සිදුවීමක් මින් පෙර වාර්තා වී නොමැති බවයි නොර්වේ බළධාරීන් ප්‍රකාශ කළේ.

එමෙන්ම අකුණු පහරකින් මෙතරම් සතුන් ප්‍රමාණයක් මියගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මින් පෙර එවැනි සිදුවීමක් 2005 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ අතර එම අකුණු පහරින් හරකුන් 68 දෙනෙකු පමණ මියගොස් තිබුණා.





(නෙත්)

අනතුරේ CCTV දර්ශන දුන්නැයි හෙලුව පෙන්නා මරණ තර්ජන කළ හැටි

පසුගිය දිනෙක පාදුක්ක මලගල මාර්ගයේ කැබ් රථයක ගැටුණු යතුරුපැදි කරුවෙක් ලයිට් කණුවක වැදී මිය ගිය පුවතක් වාර්තා වුණා.

සාදයක් පැවති නිවසක සිට මාර්ග නීති උල්ලංගනය කරමින් මාර්ගය වෙත දමපු කැබ් රථයක ගැටී 19 හැවිරිදී තරුණයකු මියගියා.

අනතුරුව මෙම රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ සිදුවීම් සියල්ල සාදය පැවති නිවසට යාබද නිවසක තිබූ සිසිටීවී කැමරාවක් සටහන් වී තිබුණා.

පසුව මෙම දර්ශන ඔවුන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඉන්පසුව දිගින් දිගටම මෙම නිවසේ පුද්ගලයින්ට සාදය පැවති නිවසේ සිටි අයගෙන් තර්ජන ගර්ජන එල්ලවන බවයි වාර්තාවන්නේ.

පසුගිය ඉරිසා රාත්‍රියේ සිසිටීවී තිබු ස්ථානය පැමිණි මෙම පුද්ගලයින් පරුෂ වචනයෙන් බැණ වදිමින් නිරුවත් පෙන්වමින් හැසිරුණ බවයි එම නිවෙස් හිමියන් ප්‍රකාශ කරන්නේ..

ඔවුන් නිරුවත පෙන්වන මොහොතේ වීඩියෝව පහතින්.






(නෙත්)
(වීඩියෝ - ගොසිප් කින්ග්)

මත් ලෝලීන් මරා දමන පිලිපීනයේ 5 හැවිරිදි දැරියකුත් මරා දමලා

පිලිපීනයේ අරඹා ඇති මත්ද්‍ර‍ව්‍ය ලෝලීන් සහ ජාවාරම්කරුවන් මරා දැමීමේ මෙහෙයුමේදී Danica May Garcia නම් පස් හැවිරිදි දැරියක්ද මර දමා තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් තබනලද වෙඩි ප්‍ර‍හාරයකින් ඇය මියගොස් ඇති බවයි.

මත්ද්‍ර‍ව්‍ය ලෝලීන් සහ ජාවාරම්කරුවන් මරා දැමීමේ මෙම මෙහෙයුම පොලිසිය විසින් ක්‍රියාත්මක කළද, ඊට තවත් පිරිස්ද සම්බන්ධව සිටිනවා. එම පිරිස් නොහඳුනන තුවක්කු කරුවන් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එවැනි තුවක්කුකරුවන්, Danica May Garciaගේ සීයා ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍ර‍හාරයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.





(නෙත්)

ලෝකේ ලොකුම බයිසිකලේ මෙන්න

49 හැවිරිදි Frank Dose නමැති ජර්මානුවකු විසින් ලොව බරින් වැඩිම පාපැදිය නිපදවා තිබෙනවා.

මෙම පාපැදියේ බර කිලෝ ග්‍රෑම් 940ක් වන අතර Frank Dose විසින් මෙම පාපැදිය යාර 500ක් දුර පැද ගොස් ගිනස් ලෝක වාර්තාවක් ද තබා තියෙනවා.

බෙල්ජියම් ජාතික Jeff Peeters විසින් නිපදවන ලද කිලෝ ග්‍රෑම් 860ක් බර පාපැදිය මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.








අපේ ත්‍රීවීලරය කනපිට ගසා අමෙරිකාව හැදූ ත්‍රීවීලරය

අපිට හුරු පුරුදු ත්‍රීවීලරයට වඩා පෙනුමෙන් වෙනස් අලුත්ම ත්‍රිරෝද රථයක් අමෙරිකාව හඳුන්වා දී තිබෙනවා. අපිට හුරු පුරුදු ත්‍රිරෝද රථයේ ඉදිරිපස තනි රෝදය වෙනුවට මෙහි ඉදිරිපස රෝද දෙකක් වනවා. ඒ නිසාම මෙහි පෙනුම මෝටර් රථයකට සමානයි.

අමරිකානු ඩොලර් 7000 (රුපියල් මිලියන 01) ක් වැනි මුදලකට අලෙවි වන මෙම ත්‍රිරෝද රථය තුළ වරකට මගීන් දෙදෙනකුට ගමන් කළ හැකියි. තප්පර 9.6දී කිලෝමීටර් 60ක වේගයක් ලබාගතහැකි වීම විශේෂත්වයකි.

ඇමෙරිකාවේ eliomotors ආයතනය විසින් නිර්මාණය කර තිබෙන මෙම ත්‍රිරෝද රථය මාර්ග තදබදයට කදිම විසඳුමක් බව ඔවුන්ගේ අදහසයි.









(නෙත්)

වෙන ප්‍රශ්ණ එපා! හෙට තරඟය පමණයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ඕස්ට්‍රේලියානු තරගාවලියට සචිත් පතිරණ නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අද පස්වරුවේ දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

ඩිල්ෂාන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු මැතිව්ස් සහභාගී වූ පළමු මාධ්‍ය හමුව මෙයයි.

ඩිල්ෂාන් එහිදී පවසා තිබුණේ තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවකි.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවට පෙර එතැනට ආ ශ්‍රීලංකා ක්‍රිකට් බළධාරියෙකු පවසා ඇත්තේ හෙට තරඟය ගැන පමණක් ප්‍රශ්ණ විමසන ලෙසත් වෙන කිසිවක් හෝ සම්බන්ධව ප්‍රශ්ණ නොඅසන ලෙසත්ය.





(නෙත්)

ඩිල්ෂාන් තවත් දර්ශකයකින් ලෝකෙන්ම එකට ඇවිත්

ක්‍රීඩා පිටියෙන් සමුගත්ත ටී.එම්. ඩිල්ෂාන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා කවුරුත් දන්නවනේ.

ඩිල්ෂාන් තියලා තියන රෙකෝඩ් ගැන අපි කවුරුත් කතා කරන්නේ ආඩම්බරයෙන්.

මේ සුපිරි ක්‍රිකට් තරුව පිටියෙන් සමුගන්න කලින් තවත් රෙකෝඩ් එකක් තියල තමයි ගිහින් තියෙන්නේ.

ඒ වයස අවුරුදු 35 පැනලා එක්දින තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් වැඩිම ලකුණූ රැස්කළ ක්‍රීඩකයා කියන රෙකෝඩ් එක.

ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර තරඟ 116 කට ක්‍රීඩා කරලා තියනවා.

ඒ තරඟවලදී ලකුණු 4,674 ක් ලබා ගනීමින් මේ ලැයිස්තුවේ මුලටම ඇවිත්.

ඩිල්ෂාන් විතරක් නෙමෙයි මේ ලැයිස්තුවේ ඉන්නේ.

හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් වන සනත් ජයසුරිය, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පිළිවෙලෙන් මේ දර්ශකයේ 2-4-8 යන ස්ථාන වල ඉන්නවා.

එම සටහන පහතින් බලන්න…





දඹුල්ල මැච් එකේදි 'දේශපාලනඥයෙක් වාහනයකට මුත්‍රා කර' ගුටි කයි

පෙරේදා (28) දඹුල්ල ක්‍රීඩාංගනයේ තිබුණ ක්‍රිකට් මැච් එක බලන්න ගිහින් දේශපාල්‍ඥෙයක් ගුටි කාළා.

ගුටි කන්න හේතුව වෙලා තියෙන්නේ වාහනයක ටයරයකට මුත්‍රා කරන්න ගිය එක.

මැච් එක බලන්න ආපු මේ දේශපාලඥයා සුපිරි වෙළෙඳසලක් ළඟ නවත්තලා තිබුණ වාහනයක ටයර් එකකට මුත්‍රා කරළා.

එතකොට ඒකේ ඇතුලේ පොඩි දරුවෙක් එක්ක හිටිය කාන්තාවක් කෑගහන්න පටන් අරන්.

කාන්තාව කෑගහන සද්දෙට වටේ එකතු වුණ කට්ටියත් එක්ක ඒ වෙලාවේ මේ දේශපාලඥයා ගැටුමක් ඇති කරගෙන.

කොහොම හරි මේකෙන් තුවාල ලබපු මේ දේශපලඥයා දඹුල්ල රෝහලට ඇතුලත් කරා කියලා තමයි ආරංචිය.

මෙච්චර පිසුස්වක් කරන්න තරම් අවසිහි වුණේ ඇයි කියලා නම් හේතුවක් ආරංචි වුණේ නැහැ.

කියන්න බැහැ ඒ වෙලාවේ මෙයා පොඩ්ඩක් විතර මත්වෙලා හිටියද කියළ නම්.


ගල් ගසා මරන්න හිටිය ‘ලාංකික කාන්තාවට’ සෞදිය කරළා තියන දේ

සෞදි අරාබියේදී අපේ රටේ කාන්තාවක් කළ වරදකට ගල් ගහලා මරන්න නියම වුනා.

ඒ වෙනුවෙන් ලංකාවෙන් දැඩි විරෝධයක් එල්ල කළා.

අන්තිමේදි එ් දඬුවම ලිහිල් කරළා අවුරුදු තුනක සිර දඩුවමක් ඒ කාන්තාවට නියම කරන්න සෞදි රජයට සිද්ධ වුණා.

සෞදියේ පුවත් සේවයක් වාර්තා කරලා තිබුණේ එ් කාන්තාවගේ දඬුවම් කාලය පහුගිය ජූනි මාසෙන් ඉවරවෙලා කියලයි.

සිද්ධියට සම්බන්ධ මේ කාන්තාව පසුගිය දවසක ඒ රටෙන් පිටුවහල් කරළා කියලා තමයි ඒ පුවත් සේවය වාර්තා කරළා තිබුණේ.


29 August, 2016

ජනපති දවස් 05ක් නිවාඩු..!

රජයේ හෝ පුද්ගලික අංශයේ සේවකයන්ට නිල වශයෙන් වසරකට යම් නිවාඩු ප්‍ර‍මාණයක් හිමි වුවද, රටේ ප්‍ර‍ධාන මහජන සේවකයා වන ජනාධිපතිවරයාට එවන් හිමිකමක් නැත.

ජනාධිපතිවරයකුට නිවාඩු ලබාගත හැකි එකම ක්‍ර‍මය නම්, යොදාගෙන ඇති වැඩ අවලංගු කිරීමය.

පොළොන්නරුවට ගොස් කිරීමට වැඩ කටයුතු කිහිපයක්ම බ්‍රහස්පතින්දා (25දා) ට යොදාගෙන තිබුණද ඒ සියල්ල අවලංගු කර දැමීමට කටයුතු කළ ඔහු සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දවස්වල කිරීමට තිබූ වැඩ රාජකාරි පවා අවලංගු කර ඇතිබව සති අන්ත පුවත්පත් වාර්තා අනුව පෙනී යනවා.

මෙසේ සියලු වැඩ කටයුතු අවලංගු කර දමමින් සිටීම පිළිබඳ විමසූ සියලු දෙනාට ලැබී ඇති පිළිතුර වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ ශරීර සෞඛ්‍ය තරමක් අයහපත් නිසා විවේකයක් ලබා ගැනීමේ අදහසින් මේ ආකාරයට නිල කටයුතු අවලංගු කර දැමූ බවය. 


එහෙත් ජනාධිපතිතුමා ඒ නිවාඩුව තුළත් පක්ෂ සම්මේලනය ගැන වැඩකටයුතුනම් මගහැර නැත.




(නෙත්)

මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් පිලිපීනයේ “මත් ලෝලීන්“ මහ පාරේ මරාදමයි..!

පිලිපීනයේ ජීවත්වන මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් මරා දැමීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා. 

මේ වනවිට මත්ලෝලීන් 2000ක් පමණ මරාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ නව ජනාධිපති රොඩ්‍රිගෝ ඩස්ටර්ස්, තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍ර‍ධානම පොරොන්දුවක් වූයේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීමය.

මේ වනවිට පොලිස් මෙහෙයුම් හේතුවෙන් 750ට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මීට සහය දෙනු ලබන වෙනත් කණ්ඩායම් විසින් 1150ට වැඩි පිරිසක් මරා දමා තිබෙනවා. 

මත්ද්‍ර‍්‍ය සහ අපරාධ මැඩලීම සඳහා ගෙන ඇති මෙම පියවරට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එරට බහුතර ජනතාවක් තම කැමැත්ත පල කිරීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස්ද වනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ නිසි විනිශ්චයකින් තොරව මෙසේ මිනිසුන් මරා දැමීම යුක්තිසහගත නොවන බවය. 

ඇතැමුන් පවසන්නේ මත් මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් නොවන්නන්ද මින් මරණයට පත්වන බවයි.

මත්ද්‍ර‍ව්‍යන්ට ඇබ්බැහිවූවන් මෙසේ මරා දැමීම ඇරඹීමත් සමග, එවන් පිරිස් විශාල වශයෙන් ස්වකැමැත්තෙන්ම පුනුරුත්තාපනය සඳහා භාර වීමද දක්නට ලැබෙනවා. 

මේ හේතුවෙන් පුනුරුත්තාපන මධ්‍යස්ථානවල අනුමත පිරිසට වඩා වැඩි පිරිසක් මේ වනවිට රැඳී සිටිනවා.











(නෙත්)

තමාට කැපිල්ල දැමූ ‘ජ්‍යෙෂ්ඨයෝ‘ ගැන ඩිල්ෂාන් සියලු ඇත්ත වමාරයි!

තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (28) ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා

කෙසේ වෙතත් සමුගැනීමෙන් අනතුරුව ඔහු නායකත්වය දැරූ මාස 10ක සමයේ මුහුණ දීමට සිදූවු සිදුවීම් සම්බන්ධයෙන් ඩිල්ෂාන් අදහස් දක්වා තිබෙනවා.

ඩිල්ෂාන් එහිදී පවසා ඇත්තේ ඔහු නායකත්වය දුන් සමයේ ඇතැම් ක්‍රීඩකයෙන්ගේ තමාට කිසිදු සහයක් නොලැබුණු බවයි.

තවද තමා නායකත්වයෙන් ඉවත් කිරීම බොහෝ සිත් රිදුම් ගෙන දුන් බවද ඩිල්ෂාන් එහිදී පවසා තිබෙනවා.

මා නායකත්වය ඉල්ලුවේ නැහැ.නමුත් ශ්‍රීලංකා ක්‍රිකට් සභාපති වෙන කවුරුන් හෝ සොයාගන්නා තුරු මට මාස 6කට නායකත්වය භාරගන්න යැයි කීවා.


අවසානාවකට මේ සමයේ අපගේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනෙක් අහිමි වුනා.මුරලි ක්‍රීඩාවෙන් සමුගත්තා නුවන් කුලසේකර ආබාධයට ලක්වුණා මට හොඳ පන්දු යවන්නන් ඒ සමයේ හිටියේ නැහැ

ඇන්ජලෝටත් ඒ සමයේ ආබාධයක් තිබුණා. ඔහුට අවුරුද්දක පමණ කාලයක් පන්දු යැවීමට නොහැකි වුනේ මගේ අවාසනාව නිසා වෙන්න ඇති.

කෙසේ වෙතත් මම නායකත්වයෙන් ඉවත් වීමත් සමග අප ඔස්ට්‍රේලියාවේ සංචාරයක එක්වුණා.

මෙම තරඟාවලියේ නායකත්වය ගනු ලැබුවේ මහේල.මහේලගේ වාසනාවක් නිසාදෝ මම සමුගත් විටම මැතිව්ස්ට පන්දු යැවීමට හැකි වුණා.

ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවීම සම්බන්ධව ඩිල්ෂාන් මෙහිදී විශේෂ කොට කරුණු දක්වා තිබුණා.

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව මා නායකත්වයෙන් ඉවත් වුනා.පසුව අපි ඕස්ට්‍රේලියා සංචාරයට ගියා.

එම තරඟාවලියේ ලකුණු 500 වඩා ලබාගෙන මම තරඟාවලියේ වීරයා වුණා. මට වෙන කිසිම දෙයක් වැදගත් නැහැ.

මට රට පමණයි වැදගත්.නමුත් නායකත්වය දැරූ සමයේ සිදුවීම් මාගේ සිත් රිද වූවා.

තමා නායකත්වය භාරගෙන කළ පළමු සංචාරය වූ එංගලන්ත සංචාරයේ වූ සිදුවීමක් පිළිබඳවද ඩිල්ෂාන් මෙහීද අදහස් පලකරතිබුනා.

එම තරඟාවලියේ ලොඩ්ස් හි පැවිති තරඟයේදී ඩිල්ෂාන් ආබාධයකට ලක්වුණා.එම තරඟයේ ලකුනූ 192 ලබා ගැනීමටද ඩිල්ෂාන් සමත් වුණා.

එංගලන්ත සංචාරයේ ලොඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරඟයේදී මා ආබාධයකට ලක්වුණා.පන්දුවක් වැදී මාගේ ඇගිල්ලක් බිඳී ගියා. 

ඉතිරි තරඟ වලට නායකත්වය භාරගැන්නැයි හිටපු නායකන්ගෙන් ඉල්ලීමක් කළත් ඔවුන් එයට කැමති වූයේ නැහැ.

පසුව නායකත්වය භාර කළේ තිළිණ කන්ඩම්බිටයි.කොහොම වුණත් අතීතය ගැන කතා කොට දැන් පළක් නැහැ.

මා නාකත්වය දරණ සමයේ බොහෝ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නා.

ඔවුන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරමින් තරඟ දිනවන ක්‍රීඩකයන් බවට පත්වෙලා තිබෙනවා. හොඳම උදාහරණය දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින්.

මා මෙම තරඟවලිය ආරම්භ වීමට පෙර සමුගැනීමක් පිළිබඳ තීරණය කොට තිබුනේ නැහැ. 

මට තව අවුරුද්දක් හෝ දෙකක් පහුසවෙන් ක්‍රීඩා කරන්න පුලුවනි. මට ක්‍රීඩා කරන්න පුලුවනිද බැරිද යන්න කිසිවෙකු කියන දේවල් මට වැදගත් නැහැ.

මට වැදගත් මට දැනෙන දෙයයි. නමුත්25 වනදා උදේ අවදි වුවාට පසුව දැන් සමුගැනීමට වෙලාවයි කියා මා තීරනය කළා…යැයි ඩිල්ෂාන් පැවසුවේය.




(නෙත්)