30 August, 2016

එක අකුණින් ‘මුවන් 300ක්‘ මිය යයි – ලොවක් කම්පා කරවූ අදහාගත නොහැකි සිදුවීමක් නෝර්වේ රාජ්‍යෙයන්

අකුණු පහරකින් පිනි මුවන් 300ට වඩා මිය ගිය පුවතක් නොර්වේන් වාර්තා වනවා.

පසුගිය සිකුරාදා නොර්වෙහි Hardangervidda නම් කන්දට එල්ලවූ මෙම අකුණු පහරින් මියගිය පිණි මුවන් 323ගේ සිරුරු මේ වන විට හමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අකුණු පහරින් මියෙනාගිය පිණිමුවන් පස් දෙනෙකු හමුව අැති අතර සිදුවූ තුවාල වලින් පසුව ඔවුන් මියගොස් තිබෙනවා.

සෘතු වෙනස් වීමත් සමග දහස් ගණනක පිනි මුවන් මෙම කන්ද අාශ්‍රිත ප්‍රදේශයට සංක්‍රමණය වන බවයි වාර්තා වන්නේ.

මෙවන් සිදුවීමක් මින් පෙර වාර්තා වී නොමැති බවයි නොර්වේ බළධාරීන් ප්‍රකාශ කළේ.

එමෙන්ම අකුණු පහරකින් මෙතරම් සතුන් ප්‍රමාණයක් මියගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මින් පෙර එවැනි සිදුවීමක් 2005 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ අතර එම අකුණු පහරින් හරකුන් 68 දෙනෙකු පමණ මියගොස් තිබුණා.





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක අකුණින් ‘මුවන් 300ක්‘ මිය යයි – ලොවක් කම්පා කරවූ අදහාගත නොහැකි සිදුවීමක් නෝර්වේ රාජ්‍යෙයන්"

    Post a Comment