29 August, 2016

තමාට කැපිල්ල දැමූ ‘ජ්‍යෙෂ්ඨයෝ‘ ගැන ඩිල්ෂාන් සියලු ඇත්ත වමාරයි!

තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (28) ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා

කෙසේ වෙතත් සමුගැනීමෙන් අනතුරුව ඔහු නායකත්වය දැරූ මාස 10ක සමයේ මුහුණ දීමට සිදූවු සිදුවීම් සම්බන්ධයෙන් ඩිල්ෂාන් අදහස් දක්වා තිබෙනවා.

ඩිල්ෂාන් එහිදී පවසා ඇත්තේ ඔහු නායකත්වය දුන් සමයේ ඇතැම් ක්‍රීඩකයෙන්ගේ තමාට කිසිදු සහයක් නොලැබුණු බවයි.

තවද තමා නායකත්වයෙන් ඉවත් කිරීම බොහෝ සිත් රිදුම් ගෙන දුන් බවද ඩිල්ෂාන් එහිදී පවසා තිබෙනවා.

මා නායකත්වය ඉල්ලුවේ නැහැ.නමුත් ශ්‍රීලංකා ක්‍රිකට් සභාපති වෙන කවුරුන් හෝ සොයාගන්නා තුරු මට මාස 6කට නායකත්වය භාරගන්න යැයි කීවා.


අවසානාවකට මේ සමයේ අපගේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනෙක් අහිමි වුනා.මුරලි ක්‍රීඩාවෙන් සමුගත්තා නුවන් කුලසේකර ආබාධයට ලක්වුණා මට හොඳ පන්දු යවන්නන් ඒ සමයේ හිටියේ නැහැ

ඇන්ජලෝටත් ඒ සමයේ ආබාධයක් තිබුණා. ඔහුට අවුරුද්දක පමණ කාලයක් පන්දු යැවීමට නොහැකි වුනේ මගේ අවාසනාව නිසා වෙන්න ඇති.

කෙසේ වෙතත් මම නායකත්වයෙන් ඉවත් වීමත් සමග අප ඔස්ට්‍රේලියාවේ සංචාරයක එක්වුණා.

මෙම තරඟාවලියේ නායකත්වය ගනු ලැබුවේ මහේල.මහේලගේ වාසනාවක් නිසාදෝ මම සමුගත් විටම මැතිව්ස්ට පන්දු යැවීමට හැකි වුණා.

ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවීම සම්බන්ධව ඩිල්ෂාන් මෙහිදී විශේෂ කොට කරුණු දක්වා තිබුණා.

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව මා නායකත්වයෙන් ඉවත් වුනා.පසුව අපි ඕස්ට්‍රේලියා සංචාරයට ගියා.

එම තරඟාවලියේ ලකුණු 500 වඩා ලබාගෙන මම තරඟාවලියේ වීරයා වුණා. මට වෙන කිසිම දෙයක් වැදගත් නැහැ.

මට රට පමණයි වැදගත්.නමුත් නායකත්වය දැරූ සමයේ සිදුවීම් මාගේ සිත් රිද වූවා.

තමා නායකත්වය භාරගෙන කළ පළමු සංචාරය වූ එංගලන්ත සංචාරයේ වූ සිදුවීමක් පිළිබඳවද ඩිල්ෂාන් මෙහීද අදහස් පලකරතිබුනා.

එම තරඟාවලියේ ලොඩ්ස් හි පැවිති තරඟයේදී ඩිල්ෂාන් ආබාධයකට ලක්වුණා.එම තරඟයේ ලකුනූ 192 ලබා ගැනීමටද ඩිල්ෂාන් සමත් වුණා.

එංගලන්ත සංචාරයේ ලොඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරඟයේදී මා ආබාධයකට ලක්වුණා.පන්දුවක් වැදී මාගේ ඇගිල්ලක් බිඳී ගියා. 

ඉතිරි තරඟ වලට නායකත්වය භාරගැන්නැයි හිටපු නායකන්ගෙන් ඉල්ලීමක් කළත් ඔවුන් එයට කැමති වූයේ නැහැ.

පසුව නායකත්වය භාර කළේ තිළිණ කන්ඩම්බිටයි.කොහොම වුණත් අතීතය ගැන කතා කොට දැන් පළක් නැහැ.

මා නාකත්වය දරණ සමයේ බොහෝ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නා.

ඔවුන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරමින් තරඟ දිනවන ක්‍රීඩකයන් බවට පත්වෙලා තිබෙනවා. හොඳම උදාහරණය දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින්.

මා මෙම තරඟවලිය ආරම්භ වීමට පෙර සමුගැනීමක් පිළිබඳ තීරණය කොට තිබුනේ නැහැ. 

මට තව අවුරුද්දක් හෝ දෙකක් පහුසවෙන් ක්‍රීඩා කරන්න පුලුවනි. මට ක්‍රීඩා කරන්න පුලුවනිද බැරිද යන්න කිසිවෙකු කියන දේවල් මට වැදගත් නැහැ.

මට වැදගත් මට දැනෙන දෙයයි. නමුත්25 වනදා උදේ අවදි වුවාට පසුව දැන් සමුගැනීමට වෙලාවයි කියා මා තීරනය කළා…යැයි ඩිල්ෂාන් පැවසුවේය.




(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තමාට කැපිල්ල දැමූ ‘ජ්‍යෙෂ්ඨයෝ‘ ගැන ඩිල්ෂාන් සියලු ඇත්ත වමාරයි!"

    Post a Comment