31 August, 2016

අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරේරලා ඉන්නවා - ඩේමියන්

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟය මේ වන විට රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟය අතරතුරදී විස්තර ප්‍රචාර කරන රසල් ආර්නල්ඩ් සහ ඕස්ට්‍රේලියාවේ ඩේමියන් මාර්ටීන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳ යම් සංවාදයක් ඇති වුණා.

මැතිව්ස් හා චන්දිමාල් හැර ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් ඇති පිතිකරුවන් හෝ පන්දු යවන්නන් නොමැති බවයි මෙහිදී රසල් ආර්න්ල්ඩ් ප්‍රකාශකළේ.

මෙයට සිනාසී ප්‍රතිචාර දැක්වූ ඩේමියන් මාර්ටීන් පැවසුවේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා පෙරේරලා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බවයි.

තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා සහ නවක ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා අද තරඟයට ක්‍රීඩා කරනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරේරලා ඉන්නවා - ඩේමියන් "

    Post a Comment