29 April, 2017

අවුරුද්දක් යනතුරු රඟපෑම තහනම් වූ නිළියක්

Denny Kwan-00

කාම්බෝජයේ ඉන්න නිළියකට අවුරුද්දක් යනකම් රඟපාන්න එපා කියල තහනමක් පනවා තිබෙන බව වාර්තා වෙනවා.

මේ තහනම පනවා ඇත්තේ කාම්බෝජයේ සංස්කෘතික ක්‍රියාකාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

ඩෙනී ක්වාන් (Denny Kwan )නමැති මේ 24 හැවිරිදි නිළිය, අඟ පසඟ පෙනෙන විදිහේ ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙසට ඡායාරූපවලට පෙනී සිටම මේ තහනමට හේතුව වී තිබෙන බව සඳහන්.

මේ නිළිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක්. ඒ වගේම සම සුදු කරගන්නත් ඇය විශාල වශයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙක් බව සඳහන්. ඒ හැමදේටම අධික මුදලක් යන නිසා තමන්ට රඟපාන්න බැරි වීම ලොකු ප්‍රශ්නයක් කියල ඇය පවසා තිබේ. (mirrorarts)

මු ආතායි ලංකාවට ගෙනා සටන් කලාකරුවා

mu athayi

මු ආතායි සටන් කලාව‍ නොහොත් සන්ධි 8 සටන් කලාව ශ්‍රී ලංකාවට නවමු ක්‍රීඩාවක් වුවද, එය තායිලන්ත දේශයට ප්‍රධාන හා එහි ජාතික ක්‍රීඩාවය.

එහෙත් මු ආතායි සටන් කලාව ප්‍රගුණ කර, ඉන් දස්කම් පෙන්වන තරුණ ක්‍රීඩකයින් රැසක්ම ශ්‍රී ලංකාවේ ද සිටින අතර, ඉන් එක් ක්‍රීඩකයෙකු මුළු රටටම හඳුන්වාදීමට දිනමිණ ගත් උත්සාහයේ ප්‍රතිඵලය මෙසේ සටහන් කරමු.

ඔහු කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දෲවී නිසුලේෂය. මහානාම විදුහලේ අධ්‍යාපනය කරනා අවධියේ දෲවී නිරතවී ඇත්තේ රගර් ක්‍රීඩාවේය. පසුව විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරුන්ගේ උපදෙසින් ඔහු බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරතව, ඉන් විද්‍යාලයට මහා කීර්තියක් අත්කරදීමට සමත්ව ඇත.

මේ කාලය තුළදී කරාතේ ක්‍රීඩාව ද ප්‍රගුණ කළ දෲවී, අනතුරුව කොළඹ ක්‍රීඩා සමාජයකට සම්බන්ධවී ඒ අතරතුරදී මු ආතායි සටන් කලාව පිළිබඳව මූලික දැනුමක් ලැබගෙන ඇත.

දෲවී බර ඉසිලීමේ ක්‍රීඩාවේදී ද ප්‍රබල දස්කම් දක්වා ඇත. කායවර්ධනය පිළිබඳව වඩා සැලකිලිමත්ව කටයුතු කර ඇති ඔහු නිරෝගී දේහධාරී පුද්ගලයෙකි.

හෙතෙම පවසන්නේ මු ආතායි සටන් කලාව බොක්සිං ක්‍රීඩාව හා ළඟින්ම යන්නාවූ ක්‍රීඩාවක් බවය.

ප්‍රවීණ මු ආතායි ක්‍රීඩා උපදේශක අශෝක ජයරත්නයන් යටතේ සන්ධි 8 සටන් කලාව ප්‍රගුණ කළ දෲවී, මේ විෂයටම සම්බන්ධ සංගමයකට බැඳී මේ සටන් කලාව පිළිබඳව ගුරුවරුන් කීපදෙනකු යටතේ හොඳින් හදාරා ඇත.

මු ආතායි සටන් කලාවට ශ්‍රී ලංකාවේ එතරම් පිළිගැනීමක් නොමැති බව සඳහන් කරන දෲවී, ඒ නිසාම තරගයන්හි අඩුවක් ඇති බව ද පවසයි.

එහෙත් තායිලන්ත රාජ්‍යයේ ජාතික ක්‍රීඩාව මු ආතායි සටන් ක්‍රීඩාව බව පවසන ඔහු, මේ ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් පිටව යන ක්‍රීඩකයන්ට එම රටේ ක්‍රීඩකයන් දක්වනුයේ පුදුමාකාර ගෞරවයක් බව ද පවසනුයේ තම අත්දැකීම් තුළිනි.

තමාගේ ගුරුතුමාගේ අධිෂ්ඨානය මෙම ක්‍රීඩාව ශ්‍රී ලංක‍ාවේ ප්‍රචලිත කිරීම බව පවසන දෲවී, මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය ද මේ වනවිටත් දැනුවත් කර ඇති බව ද පවසයි.

මු ආතායි ක්‍රීඩාවේ නියැළෙන අප රටේ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනකු මේ වනවිට ලෝක ශූරතා තරගාවලියකට සහභාගිවී මේ සටන් කලාවෙන් සම්මාන ලබා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවනීය නාමයක් සනිටුහන්කර ඇති බව ඔහු පැවසුවේ සතුටු සිතිනි.

දැනට මාස කීපයකට පෙර මෙම ක්‍රීඩාව, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති බව පවසන දෲවී වඩාත් ක්‍රියාශ්‍රීලී ක්‍රීඩා අමාත්‍යවරයකු සිටිනා අප රටේ මෙම ක්‍රීඩාවට ද ඉමහත් ස්ථානයක් ලබාදීමට එතුමා යුහුසුළු වන බවට තදබල විශ්වාසයක් තමා ඇතුළු කණ්ඩායමට ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවේ 63 වන ක්‍රීඩාව ලෙස මු ආතායි සටන් ක්‍රීඩාව ඉදිරියේදී රටටම ගෞරවයක් ගෙනෙනා ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වේ යැයි දෲවී විශ්වාසය පළකර සිටී.

තමා ශ්‍රී ලංකාවේදී බර ඉසිලීමේ තරග රැසක් ජයග්‍රහණය කර ඇති බව පවසන හෙතෙම, පසුගිය සතියේදී තමා ඇතුළු කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් මු ආතායි සටන් ක්‍රීඩා තරග රැසකට සහභාගිවී ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදුන් බව පැවසුවේ සතුටු සිතිනි.

විශේෂයෙන් තායිලන්ත වැසියන් සේම එරට රාජ්‍යය ද මෙම ක්‍රීඩාව දේවත්වයෙන් සලකනා බව පවසනා ඔහු අප රටේ ද එය එසේම සිදුවේවායි ප්‍රාර්ථනය කරයි.

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ (dinamina)

28 April, 2017

නගරාන්තර තරගාවලියේ අවසන් තරගය හෙට

Internal Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර හෙට (29 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත.

ගාල්ල කණ්ඩායම උපුල් තරංග විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.

ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම තරග හයකදී ලකුණු 314 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ රැඳී සිටින අතර තරග හයකදී ලකුණු 310 ක් රැස්කළ ගාල්ල කණ්ඩායමේම දිමුත් කරුණාරත්න දෙවැනි ස්ථානයේ පසුවන්නේය. සධීර සමරවික්‍රම ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබාගෙන ඇති අතර දිමුත් කරුණාරත්න අර්ධ ශතක තුනක් ලබාගැනීමට සමත්වී ඇත.

තරග හයකදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 285 ක් රැස්කරගෙන ඇති දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන්නේය.

තරග පහකදී කඩුලු 12 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇති අතර තරග හයකදී කඩුලු 10 ක් දවාගත් කොළඹ කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ගාල්ල කණ්ඩායම

උපුල් තරංග (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, චතුරංග ද සිල්වා, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, මිනෝද් භානුක, සම්මු අශාන්, සුරංග ලක්මාල්, චාමික කරුණාරත්න, අකිල ධනංජය, මාලින්ද පුෂ්පකුමාර, විකුම් සංජය.

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ශාන් මුණවීර, වනිඳු හසරංග, අශාන් ප්‍රියංජන්, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ ජයසිංහ, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, සචිත්‍ර සේනානායක, නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රී වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර.

රොෂාන් ගුණරත්න (wisdensrilanka)

ඔතුත් බැලූ ලිමාන් ගිලෙයි

Liman Sink

රුසියාවට අයත් ඔත්තු බල ලිමාන් නෞකාව, තුර්කියට ආසන්න මුහුදේ ගිලී තිබෙනවා.

අනතුර සිදුවුණේ එම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටීමෙන්. නෞකාව අනතුරට ලක්වීමට පෙර එහි සිටි සියලුදෙනා බේරා ගැනීමට තුර්කි වෙරළාරක්ෂක බලකාය සමත් වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ 78 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ. නෞකාව කළු මුහුද ආශ්‍රිත මෙහෙයුම්වල නිරත වෙමින් සිටියා. නෞකාව ගිලී ඇත්තේ තුර්කියේ කිල්යෝස් නගරයට කිලෝ මීටර 29ක් දුරින් මුහුදේදී.

නෞකාව අයත් රුසියානු කළු මුහුදේ බලඇණිය සදහන් කරන්නේ අනතුරට ලක්වන විට තම නෞකාව සියලු නාවික නීනි අනුගමනය කරමින් සිටි බවයි. (rupavahininews)

ප්ලාස්ටික් කන දළඹුවෝ - පරිසර දූෂණයට විසඳුමක්

Plastic eating caterpillar-02

ඉවත දමන ප්ලාස්ටික් වලින් ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට ඇති විසඳුම කුමක්ද යන පැනයට පිළිතුර ඒවා ආහාරයට ගන්නා දළඹු වර්ගයක් විය හැකි බව විද්‍යාඥයෝ පවසති.

සලබයන් බවට පරිවර්තනය වන දළඹු විශේෂ මී ඉටි ආහාරයට ගනු ලබන අතර එම දළඹු විශේෂයට ප්ලාස්ටික් ආහාරයට ගෙන දිරවීමේ හැකියාව පවතින බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයක් මෙහෙය වූ විද්‍යාඥයන් කණ්ඩායමක්පෙන්වා දෙති.

මී ඉටි ආහාරයට ගන්නා දළඹු විශේෂයන්ගේ ආහාර ජීරණ පද්ධතියට ප්ලාස්ටික් වල රසායනික සංඝටක වෙන් කිරීමේ හැකියාවක් ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

ලෝකයේ වසරකට ටොන් කෝටි අටකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගත වේ.

කෙසේ වෙතත් පැයක කාලයක් ඇතුළත ආහාරයට ගන්නා ප්ලාස්ටික් කොටස් ජීර්ණය කිරීමේ හැකියාව දළඹුවකු සතු බව නව පර්යේෂණ දත්ත මගින් පැවසෙයි.

"මෙම දළඹු විශේෂයට ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි බව හඳුනා ගැනීම අපේ පළමු පියවරයි. නමුත් අපි අධ්‍යනය කළ යුතුයි - කුමන තත්ත්ව යටතේ ද මේ ක්‍රියාවලිය නිසි අයුරින් සිද්ධ වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා - ඉවත දමන ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දුෂණය අවම කර ගැනීමට මේ දළඹුවන් මගින් පිළිතුරක් සොයා ගන්න" කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය පවුලෝ බොම්බෙල්ලි සිය පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියි.

ජෛවරසායන විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ ඔහුට සහය දුන් ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ සහ සමීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ඉහත කී විද්‍යාත්මක සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.

ප්ලාස්ටික් ජීර්ණය කරන එම දළඹුවන්ගේ ආහාර ජීර්ණ පදධතියේ සිදු වන රසායනික ක්‍රියාකාරිත්වය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් ප්ලාස්ටික් දිරාපත් කිරීමේ රහස හෙළිදරව් කර ගැනීමට සිය පරීක්ෂණ කඩිනම් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

එම දළඹු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ක්‍රියාවලියේ විශාල කර්තව්‍යයක් ඉටු කරන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ප්ලාස්ටික් ජීර්ණ ක්‍රියාවලියේ රසායනික ක්‍රියාකාරිත්වය හෙළි කර ගැනීමට හැකියාව ලැබුනොත් එය පරිසරයට මුදා හරින ඉවත දමන ප්ලාස්ටික් හිතකර අයුරින් කළමනාකරණය කිරීමට ඉවහල් වනු ඇත.

'අපි සැලසුම් කරන්නේ මේ නව විද්‍යාත්මක සොයා ගැනීම ඉවත ලන ප්ලාස්ටික් ද්‍රව්‍ය දිරාපත් කිරීමේ ක්‍රියාවලියකට පෙරලීමටයි. එමගින් අපට පුළුවන් ප්ලාස්ටික් නිපදවීමේ නොවැලක්විය හැකි අතුරු ප්‍රතිපලයක් වන පරිසර දූෂණය වලක්වා ගැනීමට විසඳුමක් ලබා දෙන්න. සාගර , ගංගා, විතරක් නෙවෙයි මුළුමහත් පරිසරයම ප්ලාස්ටික් වලින් ආරක්ෂා කර ගන්න අපට හැකි වේවි. විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් ප්ලාස්ටික් පොලිතින් ආදිය හිතුමතේ පරිසරයට මුදා හැරීම කිසිසේත් යුක්ති සහගත නොවන බව විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි පෙන්වා දෙන්නීය.

'කරන්ට් බයොලොජි' (Current Biology) නම් විද්‍යා සඟරාවේ විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි විසින් සිදු කළ ඉහත කී නව විද්‍යාත්මක සොයා ගැනීමේ තොරතුරු පළ කොට තිබේ.

Plastic eating caterpillar-01

(BBC)

කළු ජාතික තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් (අති සංවේදී දර්ශණ ඇතුලත්)

young black woman being tortured

කළු ජාතික තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට එක්කොට තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව පිළිබඳ කිසිඳු නිළ පුවතක් වාර්තා වන්නේ නැහැ.

සමාජ ජාල කිහිපයකම මෙම වීඩියෝව ප්‍රසිද්ධ කර තිබුනේ විවිධ අදහස් සමඟයි.

ඉන් එකක් වනුයේ අප්‍රිකාණු තරුණියන් මැදපෙරදිග රටවල් වලදී මෙලෙස අමානුෂිකල ලෙස මරණයට පත්කොට ඔවුන්ගේ අවයව ලබාගන්නා ජාවාරම් කෙරෙන බවයි.

තවත් අයෙක් පවසා තිබුනේ මෙය වර්ගවාදී ක්‍රියා හේතුවෙන් කල අමානුෂික පහරදීමක් ලෙසයි.

එමෙන්ම තවත් වෙබ් අවඩියක සඳහන් වූයේ කිසියම් හේතුවක් උඩ ඇයගෙන් පළිගැනීමේ අරමුනින් අරාබි, චීන හෝ ඉන්දියානු ජාතිකයින් පිරිසක් විසින් මෙය සිදුකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් එම වෙබ් අඩවියම පසුව සඳහන් කොට ඇත්තේ එම වීඩියෝවට අදාළ සිද්ධිය පිළිබඳව තම වෙබ් අඩවිය සත්‍ය සොයාගත් බවත් එය බ්‍රසීලයේ සිදුවූ සිදූවීමක් බවයි.

එම වීඩියෝවේ සිටින පුද්ගලයින් කතා කරන්නේ බ්‍රසීලියානු පෘතුගීසි භාෂාව බවත්, ඔවුන් පවසන්නේ "නුඹ වරද්දගත්තා" "නුඹ මැරෙන්න යන්නේ මේ විදියටයි" යන වදන් බවයි.

අවසානයේ "හුස්ම ගන්න, සන්සුන් වෙන්න", "එච්චරයි, දැන් ඉවරයි. අපි කළේ අපට කරන්න තියන දේ" යනුවෙන්ද පවසන බවත් එහි සඳහන්.

කෙසේ වෙතත් මනුෂ්‍යත්වය මෙලෙස අන්ත පරිහාණියට පත්වෙමින් තිබෙන් යුගයක අප ජීවත්වන බව මෙම වීඩියෝවෙන් අපට වැටහෙන කරුණකි.

අප වෙබ් අඩවියේ මෙය ප්‍රචාරය කිරීමටද තීරණය කලේ  ඔබ සැමවිටම ඉතා විමසිල්ලෙන් සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන නිසායි.

තාක්ෂණයේ දියුණුවත් සමඟ අප විවිධ පුද්ගලයින් හා විවිධ සම්බන්ධතා ඇති කරගන්නා හෙයින් ඒ හැමකෙනෙක් ගැනම ඉතා විමසිල්ලෙන් සිටිය යුතු බව ද අප තරයේ සිහියේ තබාගත යුතුයි.

අදාළ වීඩියෝව පහතින්. (අති සංවේදී දර්ශණ ඇතුලත්)



ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

Gampaha-Tuition-Students-Sex-Kurunegala-1

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම් ප්‍රමාණයක් පාසල් සිසුන් බව පසුගිය දා අනාවරණය විය. ඒ කුරූණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා කළ ප්‍රකාශයකිනි. 

පසුගිය වසරේ එම ඒකකයට පැමිණි රෝගීන් ගෙන් 1560 දෙනකු නිශ්චය ලෙසම සමාජ රෝග ආසාදිතයන් බව තහවුරු වූ අතර එම පිරිසෙන් සුලු ප්‍රමාණයක් හෝ පාසල් සිසුන් වීම සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් මීට වඩා සංවිභාගශීලී විය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

අප මෙම ප්‍රවෘත්තිය ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ ‘ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්’ යන මැයෙන් පසුගිය කාලය පුරා ලක්බිම ඔන් ලයින් මගින් අප ඉදිරිපත් කළ ලිපි පෙළ සඳහා “ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?” යන මැයෙන් යොමුවූ ප්‍රතිචාරයක් මුල් කර ගනිමිනි. ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විසින් යොමු කර තිබූ එම එම ලිපිය ඉතා සංයමයෙන් යුතුව සකසා තිබීම පිළිබඳව මම පළමුව ඔවුන් වෙත මගේ ගෞරවාදරය පුද කරමි.

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් ගේ එම ලිංගික උප සංස්කෘතිය පිළිබඳ විමසුමකට අප යොමු වූයේ ගම්පහ හිටපු නගාරාධිපති එරංග සේනානායක මහතා කළ සුවිශේෂ අනාවරණයකට අනුවය. ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල්වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජක පෙති වර්ග බහුලව විකිණෙන බවත් ඊට හේතුව ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ සිසුන් අතරේ ඒවා භාවිතා වීම නිසා බවත් තමන්ට අනාවරණය කර ගත හැකි වූ බව හිටපු නගරාධිපති වරයා කීය.

එමෙන්ම සෑහෙන කාලයක්, ශ්‍රමයක් සේම මුදලක් ද වැය කරමින් අප සිදු කළ මෙම ගවේෂණය සඳහා විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්යවරයකුගේත්, ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය වරයකුගේ උපදේශකත්වය ලබා ගැනීමට ද අපට හැකිවිය. එමෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා උපාය දූතයන් ලෙස ගම්පහ ටියුෂන් අධ්‍යාපනය ලබා සරසවියට තේරුණු පෙම් යුවලක් යොදා ගැනීමට ද අපට හැකිවිණි. 

තවද අපගේ මෙම සමීක්ෂණයේ අධීක්ෂණ කටයුතු කරන ලද්දේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසිනි. මේ සියළු කරුණු අපගේ එම ගවේෂණයේ සාර්ථකත්වයට එක සේ බලපාන්නට ඇත.

එමෙන්ම අපගේ එම අනාවරණය ලක්බිම ඔන් ලයින් මගින් ප්‍රචාරය වීමත් සමඟ තවත් වෙබ් අඩවි කිහිපයක් මගින් මෙම ලිපි පෙළ උපුටා‍ පළ කිරීම නිසා මීට අතිරේක ප්‍රසිද්ධියක් ද ලැබිණි. ඒ පසුබිම යටතේ ගම්පහ ප්‍රදේශවාසීන් ම පවසන අන්දමට ‘මතක ඇති කාලයකින්’ ගම්පහ නගරයේ අවිනීත ලෙස හැසිරෙන තරුණ පෙම්වතුන් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදා හැරීමට අවස්ථා දෙකකදීම ගම්පහ පොලිසිය කටයුතු කර තිබිණි. ඒ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ගේ උපදේශකත්වයෙන් සහ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ අධීක්ෂණයෙනි.

මෙහි මුලින් සඳහන් ප්‍රවෘත්තිය හා සම්බන්ධ කුරුණෑගල ද ගම්පහ මෙන්ම ශ්‍රී ලංකාවේ නම් දැරූ ටියුෂන් පුරවරයකි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වුවද මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත් වලින් ද විශාල සිසුන් සංඛ්‍යාවක් නිතිපතා කුරුණෑගලට ඇදී එති. 

ඒ අනුව ගම්පහ ටියුෂන් අශ්‍රිත ලිංගික උප සංස්කෘතියට අතිශයින් සමාන ලිංගික උප සංස්කෘතියක් කුරුණෑගල ද නිර්මාණය වීමට කිසිදු නොහැකියාවක් නැත. ඒ අනුව ඉහත සඳහන් කළ කුරුණෑගල පාසල් සිසුන් අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිර යාමට එම ටියුෂන් ලිංගික උප සංස්කෘතිය සැලකිය යුතු අයුරකින් බලපා ඇති බව නිසැකය. 

එමෙන්ම එම උප සංස්කෘතිය පැන නැඟීමට ඉවල්වන සාධක සියුම් ලෙස විමසා බැලීමේ දී පෙරවරුවේ පාසල් ගොස් යළි පස්වරුවේ නිවස බලා යාම වෙනුවට, ටියුෂන් අධ්‍යාපනය උදෙසා නිවෙසින් බැහැරව සිටීමට සිසුන්ට ලැබෙන අමතර කාල පරාසය අපගේ අවධානයට යොමුකළ යුතුය. 

විශේෂයෙන් සති අන්ත දිනයන් හි කුරුණෑගල ටියුෂන් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැරවන බොහෝ සිසු සිසුවියන්ට ඕනෑම දෙයක් කර කියා ගත හැකි හෝරා දෙක තුනක නිදහස් කාල සීමාවක් වෙන් කර ගැනීමේ කිසිදු අපහසුවක් පැන නොනගී. පාසල් සිසු සිසුවියන් අතරට ලිංගික සම්ප්‍රේෂණ රෝග වර්ධනය වීමට මෙම තත්ත්වය ද හේතු පාදක වූ බවට සැක නැත.

කුරුණෑගල මෙවන් තත්ත්වයක් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකය මගින් එවැනි අනාවරණයක් සිදු කොට නැත්තේ මන්දැයි යමකුට හැ‍‍ගෙනු ඇත. ඒ ඇතැම් විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ සායනවලට එක් වන රෝගීන් අතරට පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එක් නොවීම මත විය හැක. නොඑසේ නම් එසේ පැමිණෙන රෝගීන් ගේ පෞද්ගලික වතගොත පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා නොවීම මතද මෙවන් තත්ත්වයක් ඉස්මතු වීමට පුළුවන.

මෙහි දී අප විශේෂයෙන් සලකා බැලිය යුතු තවත් කරුණක් ද වෙයි. කුරුණෑගල මහ රෝහල යනු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ශ්‍රී ලංකාවේ සුවිසල් ග්‍රාමීය කලාප රැසක් මධ්‍යයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් එලෙස විශාල ප්‍රදේශයක් ආවරණය නොකෙරේ. 

අගනුවරට තරමක් සමීපව පිහිටි ගම්පහ රෝහලට කිලෝමීටර් කිහිපයක් නොදුරින් උතුරු කොළඹ (රාගම) මහ රෝහල ද පිහිටා ඇත. එමෙන්ම ටියුෂන් අධ්‍යාපනය සඳහා ගම්පහට පැමිණෙන සිසු සිසුවියන් ගෙන් වැඩිපිරිසක් පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන්නවුන්ය. එනිසා හදිසි රෝගාබාධයකදී හෝ අනතුරක දී හැරුණු කොට ඔවුන් ගම්පහ රෝහලින් ප්‍රතිකාර ගැනීමේ සැලකිය යුතු සම්භාවිතාවක් නැත.

ඒ කෙසේ හෝ ටියුෂන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් ගම්පහට හිමි වී ඇති “කීර්ති නාමය” මෙවන් අනාවරණයන් ගෙන් යම් තරමකට හෝ පළුදු විය හැකි බව අපිදු අවංකවම පිළිගනිමු. එහෙත් ඒ ‘හොඳ නම’ තුළින් තමන්හට අත්කර ගත හැකි මුදල්මය වාසි තකා හෝ විවිධ තර්ක ගෙනහැර දක්වමින් සත්‍යය වසන් කරලීම කෙසේවත් අනුමත කළ හැක්කක් නොවේ. 

අප ඒ බව ලක්බිම ඔන් ලයින් වෙතින් අප වෙත ප්‍රතිචාර දැක්වූ ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් කිහිපපොළ වෙත පවසා සිටිනුයේ ගම්පහ ටියුෂන් සම්බන්ධ ‘හොඳ නම’ සහ තම ‘මුදල්වාසි’නොතකා මෙම ‘තිත්ත ඇත්ත’ වටහා ගැනීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ වැදගත්කම හුවා දැක්වීමටය. නමුදු ඔවුන් එසේ නොකොට තව දුරටත් නිහඬව සිටිය හොත් ගම්පහ ටියුෂන් සම්බන්ධ මීට වඩා අතිශය ඛේදනීය පුවත් රට පුරා පැතිර යාම වැළැක්වීමට කිසිවකුටත් නොහැකිවනු ඇත.


සබැඳි -

ප්‍රසංග පෙරේරා - ජා ඇල (lakbima)

ලිංගික ආශාවන් පසුපස හඹාගොස් අවසානයේ නොසිතූ ලෙස ජීවිතය වරදවාගත් තරුණයෙකුගේ කතාව - Video

sexy-couple-in-bed

"රෑට රෑට මට හැමෝටම හොරෙන් කතාකරනවා"

"දකින දකින කෙල්ලෝ පස්සේ ගියොත් ලෙඩ බං"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත රිෂ්වාන්ගේ කතාවයි මේ.

තරුණ ජීවිත හැමවෙලාවෙම ආශාවෙන් පිරිලා. ඒ නිසාම විනාශය පෙනෙන්නෙත් සුන්දරයි වගේ.

ඒ වගේම හිතක් එකතැනක තියෙන්නේ නැහැ. එකතැනකින් තවත් තැනකට අපටත් හොරෙන් අපේ හිත් ගමන් කරනවා.

තරුණ කාලයේදී ආශාවන් පිටුපස හඹා ගිහින් ජීවිතය වරදවාගත් තරුණයෙන් තමයි රිෂ්වාන් කියන්නේ.

පුංචි කාලයේම රිෂ්වාන්ගේ දෙමව්පියන් දික්කසාද වෙනවා. ඔහු හැදෙන්නෙ වැඩෙන්නෙ අත්තම්මා ලඟ. රිෂ්වාන් ගැන දෙමව්පියන් හොයලා බැලුවෙත් නැති නිසා හුඟක් දුකෙන් තමයි ජීවත්වුනේ.

කාලයක් ගතවෙලා ඔහු කොළඹට ඇවිත් ගාමන්ට් එකක රැකියාව කරනවා. පසුව එතනින් අස්වෙලා බේකරියකත්, පසුව ගැරේජ් එකකත් වැඩකරනවා. ඔය ඉන්න අතරතුර ඔහු විවාහක කාන්තාවක් සමග සම්බන්ධයක් පටන් ගන්නවා. තැන් තැන් වල වැඩකරන ගමන් තව තවත් කාන්තාවන් ආශ්‍රය කරන රිෂ්වාන් පසුව ලෙඩ වෙනවා. මේ ඔහුගේ කතාවයි.

ලිංගික ආශාවන් පසුපස හඹාගොස් අවසානයේ නොසිතූ ලෙස ජීවිතය වරදවාගත් රිෂ්වාන්ගේ ජීවිත කතාව පහතින් බලන්න.

වෙනත් තරුණයෙකු සමග නිදියහනේ සිටි පෙම්වතියට අපූරූ දඩුවමක් දුන් පෙම්වතා

Girlfriend caught in bed with anothe guy-01

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබෙනවා.

අදාල තරුණයා නිවසට පැමිණෙනවිට ඔහුගේ පෙම්වතිය මත් පැන්ද පානයකර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇතිබවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපයක්ද ලබාගෙන ඇති ඔහු එවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබවයි විදෙස් වාර්තාවල වාර්තා කර තිබෙන්නේ.

Girlfriend caught in bed with anothe guy-2017-04-28-14-03-08

දුමින්දගේ හිටපු බිරිය සමඟ මහින්දානන්ද අද යුග දිවියට යද්දි දී.මූ. මාමණ්ඩි වුන හැටි

Mahindananda married duminda es wife

හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමග හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (28) යළිත් යුග දිවියට පිවිසෙනවා.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු. ජයරත්න යන මහත්වරුන් සාක්ෂි සඳහා අත්සන් කිරීමට නියමිතයි.

දී.මූ. ජයරත්න මහතාගේ දියණිය කලින් විවාහ වී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාත් සමඟයි.

ඇය මෙලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ පෙර විවාහයෙන් දික්කසාද දික්කාසාද වීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

දවසේ කාටූන් – 2017.04.28

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.


















ඉවසගන්න බැරිම තැන ආදරය හිතුණු කෙල්ලට කෙළ ගහලා

spittle

දිනපතා සේවය නිමවී යන තරුණියක පිළිබඳ පෙම් සිතිවිලි පහල වුවද ඇයට ප්‍රේමය ප්‍රකාශ කළ නොහැකිව ලත වෙමින් සිට ඇයට පදික වේදිකාව මතදී කෙල ගැසූ බව කියන තරුණයා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප තුනක්‌ මත මුදාහරින ලෙස මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ඊයේ (27 දා) නියම කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුයේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයකු වන අතර ඔහුගේ බිරිඳ ගැබිනියක බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

වැරදීමකින් කෙල පිඩ තරුණියගේ සිරුරට වැටෙන්නට ඇතැයි විවෘත අධිකරණයේදී මූලික කරුණු දක්‌වා සිටියද, විත්තිකරු පසුව කියා සිටියේ, කලක සිට ඇය සේවය නිමවී යන අයුරු දැක ඇති බවත්, ඇය වෙත ප්‍රේම කිරීමට සිත් පහල වුවද එවැන්නක්‌ සිදුකළ නොහැකි බව තමාට වැටහුන බවත්ය. එහෙත් තරුණිය දකින සෑම අවස්‌ථාවකදීම ඇය පිළිබඳ ඊර්ෂ්‍යාවක්‌ හටගන්නා බවද, එදින ඉවසුම් නැතිව ගොස්‌ ඇය වෙත කෙල ගැසූ බවද විත්තිකරු කියා සිටියේය.

ඉකුත් 25 වැනි දා සවස 6.00 ට පමණ මහනුවර දළදා වීදියේ, සුපිරි වෙළඳ සංකීර්ණයක්‌ අසලදී මෙය සිදුවී ඇත. මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මැදිහත් වීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමුකරනු ලැබිණි.

සමන්තී වීරසේකර (දිවයින)