28 April, 2017

නගරාන්තර තරගාවලියේ අවසන් තරගය හෙට

Internal Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර හෙට (29 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත.

ගාල්ල කණ්ඩායම උපුල් තරංග විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.

ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම තරග හයකදී ලකුණු 314 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ රැඳී සිටින අතර තරග හයකදී ලකුණු 310 ක් රැස්කළ ගාල්ල කණ්ඩායමේම දිමුත් කරුණාරත්න දෙවැනි ස්ථානයේ පසුවන්නේය. සධීර සමරවික්‍රම ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබාගෙන ඇති අතර දිමුත් කරුණාරත්න අර්ධ ශතක තුනක් ලබාගැනීමට සමත්වී ඇත.

තරග හයකදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 285 ක් රැස්කරගෙන ඇති දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන්නේය.

තරග පහකදී කඩුලු 12 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇති අතර තරග හයකදී කඩුලු 10 ක් දවාගත් කොළඹ කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ගාල්ල කණ්ඩායම

උපුල් තරංග (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, චතුරංග ද සිල්වා, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, මිනෝද් භානුක, සම්මු අශාන්, සුරංග ලක්මාල්, චාමික කරුණාරත්න, අකිල ධනංජය, මාලින්ද පුෂ්පකුමාර, විකුම් සංජය.

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ශාන් මුණවීර, වනිඳු හසරංග, අශාන් ප්‍රියංජන්, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ ජයසිංහ, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, සචිත්‍ර සේනානායක, නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රී වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර.

රොෂාන් ගුණරත්න (wisdensrilanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නගරාන්තර තරගාවලියේ අවසන් තරගය හෙට"

    Post a Comment