28 April, 2017

ඔතුත් බැලූ ලිමාන් ගිලෙයි

Liman Sink

රුසියාවට අයත් ඔත්තු බල ලිමාන් නෞකාව, තුර්කියට ආසන්න මුහුදේ ගිලී තිබෙනවා.

අනතුර සිදුවුණේ එම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටීමෙන්. නෞකාව අනතුරට ලක්වීමට පෙර එහි සිටි සියලුදෙනා බේරා ගැනීමට තුර්කි වෙරළාරක්ෂක බලකාය සමත් වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ 78 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ. නෞකාව කළු මුහුද ආශ්‍රිත මෙහෙයුම්වල නිරත වෙමින් සිටියා. නෞකාව ගිලී ඇත්තේ තුර්කියේ කිල්යෝස් නගරයට කිලෝ මීටර 29ක් දුරින් මුහුදේදී.

නෞකාව අයත් රුසියානු කළු මුහුදේ බලඇණිය සදහන් කරන්නේ අනතුරට ලක්වන විට තම නෞකාව සියලු නාවික නීනි අනුගමනය කරමින් සිටි බවයි. (rupavahininews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔතුත් බැලූ ලිමාන් ගිලෙයි"

    Post a Comment