28 April, 2017

කළු ජාතික තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් (අති සංවේදී දර්ශණ ඇතුලත්)

young black woman being tortured

කළු ජාතික තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට එක්කොට තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව පිළිබඳ කිසිඳු නිළ පුවතක් වාර්තා වන්නේ නැහැ.

සමාජ ජාල කිහිපයකම මෙම වීඩියෝව ප්‍රසිද්ධ කර තිබුනේ විවිධ අදහස් සමඟයි.

ඉන් එකක් වනුයේ අප්‍රිකාණු තරුණියන් මැදපෙරදිග රටවල් වලදී මෙලෙස අමානුෂිකල ලෙස මරණයට පත්කොට ඔවුන්ගේ අවයව ලබාගන්නා ජාවාරම් කෙරෙන බවයි.

තවත් අයෙක් පවසා තිබුනේ මෙය වර්ගවාදී ක්‍රියා හේතුවෙන් කල අමානුෂික පහරදීමක් ලෙසයි.

එමෙන්ම තවත් වෙබ් අවඩියක සඳහන් වූයේ කිසියම් හේතුවක් උඩ ඇයගෙන් පළිගැනීමේ අරමුනින් අරාබි, චීන හෝ ඉන්දියානු ජාතිකයින් පිරිසක් විසින් මෙය සිදුකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් එම වෙබ් අඩවියම පසුව සඳහන් කොට ඇත්තේ එම වීඩියෝවට අදාළ සිද්ධිය පිළිබඳව තම වෙබ් අඩවිය සත්‍ය සොයාගත් බවත් එය බ්‍රසීලයේ සිදුවූ සිදූවීමක් බවයි.

එම වීඩියෝවේ සිටින පුද්ගලයින් කතා කරන්නේ බ්‍රසීලියානු පෘතුගීසි භාෂාව බවත්, ඔවුන් පවසන්නේ "නුඹ වරද්දගත්තා" "නුඹ මැරෙන්න යන්නේ මේ විදියටයි" යන වදන් බවයි.

අවසානයේ "හුස්ම ගන්න, සන්සුන් වෙන්න", "එච්චරයි, දැන් ඉවරයි. අපි කළේ අපට කරන්න තියන දේ" යනුවෙන්ද පවසන බවත් එහි සඳහන්.

කෙසේ වෙතත් මනුෂ්‍යත්වය මෙලෙස අන්ත පරිහාණියට පත්වෙමින් තිබෙන් යුගයක අප ජීවත්වන බව මෙම වීඩියෝවෙන් අපට වැටහෙන කරුණකි.

අප වෙබ් අඩවියේ මෙය ප්‍රචාරය කිරීමටද තීරණය කලේ  ඔබ සැමවිටම ඉතා විමසිල්ලෙන් සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන නිසායි.

තාක්ෂණයේ දියුණුවත් සමඟ අප විවිධ පුද්ගලයින් හා විවිධ සම්බන්ධතා ඇති කරගන්නා හෙයින් ඒ හැමකෙනෙක් ගැනම ඉතා විමසිල්ලෙන් සිටිය යුතු බව ද අප තරයේ සිහියේ තබාගත යුතුයි.

අදාළ වීඩියෝව පහතින්. (අති සංවේදී දර්ශණ ඇතුලත්)



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කළු ජාතික තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් (අති සංවේදී දර්ශණ ඇතුලත්)"

    Post a Comment